හෙරොයින් බී මත්වෙන ගෑනු


කාන්තාවන් මත්වන සමාජයක්‌ ගැන අදහස අපට එතරම් සමීප නැත. ගැහැනිය පිළිබඳව පෙරදිග සමාජයේ පවත්නා මිනුම "බේබදු කාන්තාව" පිළිබඳ අදහසට නොගැළපේ.

එහෙත් මේ වන විට කාන්තාවන් මතට හුරුවීමේ බිහිසුණු විලාසිතාවක්‌ සමාජය තුළ නිර්මාණය වී තිබේ. දැන් මත්පැන් පානය කරන කාන්තාවෝ අපට කොතෙකුත් හමුවෙති. ඉතා විරලව ගංජා දුම් ඉරීමෙන් මත්වන කාන්තාවන්ද දක්‌නට ලැබේ. එහෙත් වසර 2600 ඉහත බුදුන් වහන්සේ මත්වීම බෞද්ධයන්ට අකැප දෙයක්‌ යෑයි දේශනා කළ සේක. නාලාගිරි ඇතාට රා පෙවූ පුවතක්‌ බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. බුදුහු ධරමාන සමයෙත් ඉන්දියාවේ බේබද්දන් වූහ.

ෙ-සුස්‌ වහන්සේ මීට වසර දෙදහසකට පෙර උන්වහන්සේගේ අවසාන භෝජන සංග්‍රහය අවස්‌ථාවේ මිදි යුෂ වයින් බෙදාදීම සිදු කළහ. එය සංකේතවත් කරමින් අද දවසේද කිතුනු බැතිමතුන්ගේ විශේෂ උත්සව අවස්‌ථාවන්වලදී වයින් භාවිතා කෙරේ.

කාන්තාවන් මතට හුරුවීම

කාන්තාවන් මත්වීමට හුරුවන අවස්‌ථා වීමසීමේදී නීති විරෝධී කසිප්පු පෙරීමට යොමුවීම එක්‌ සාධකයකි. කසිප්පු ජාවාරමට නම් දැරූ ප්‍රදේශවල "පත්තෙන් පෙරීම" සිය මුළුතැන් ගෙයි සිට කරනු ලබන කාන්තාවාන් මත්පැන් පානයට යොමුවූ අවස්‌ථා දැක ගත හැකිය.

කාන්තාවන් සඳහා විශාල රැකියා අවස්‌ථාවන් සපයන නිදහස්‌ වෙළෙඳ කලාප නැතහොත් ඇඟලුම් කම්හල් ආශ්‍රිතව සේවය කරන තරුණියන් උත්සව අවස්‌ථාවන්වලදී මත්පැන් පානය කිරීම විලාසිතාවක්‌ බවට පත්කරගෙන ඇත.

රාත්‍රී සමාජශාලාවල සේවයේ නියුතු විශේෂයෙන්ම 'කැරෝකේ' සමාජශාලාවන් වල සේවයට එක්‌වන තරුණියන්ට මත්පැන් පානය කිරීම තම රාජකාරියේ කොටසක්‌ බවට පත්කරගැනීමට සිදුවී තිබේ.

Dස්‌ජැඑහක පදරචයසබැ ඩයිඇස්‌ටයිල් මෆීන් නොහොත් හෙරොයින් පානය කරන කාන්තාවන් පිළිබඳව කතාව ඉහත සියල්ලට වඩා ශෝචනීය වේ. බොහෝ කාන්තාවන් හෙරොයින්වලට ඇබ්බැහි වීමට මූලික හේතුව වන්නේ සැමියාගේ හෝ පෙම්වතාගේ බලපෑම හා මත්කුඩු අලෙවිය හේතුකොටගෙනය. පියා හෝ සැමියා කුඩු අලෙවි කිරීම නිසා දියණියට හෝ බිරිඳට මේ රැකියාව අරුම පුදුම දෙයක්‌ වන්නේ නැත. පිරිමින් නිවසේ නොමැති අවස්‌ථාවන්වල කාන්තාවන් කුඩු අලෙවියට හුරුවන මොවුන් නොදැනුවත්වම මෙම ව්‍යාපාරයේ සාමාජිකාවන් බවට පත්වේ. 

එතැන් පටන් කහවනු රස සොයන ඔවුන් අවසානයේ නතරවෙන්නේ කුඩු ඉරීමට ඇබ්බැහිවීමෙනි. මේ තත්ත්වය දැන් දැන් කොළඹට පමණක්‌ සීමා නොවී දිවයිනේ ඈත පළාත්වලට පවා ව්‍යාප්තවී හමාරය. මීට කදිම උදාහරණයක්‌ සපයන්නේ අත්තනගල්ල උසාවියේ විභාග වන හෙරොයින් පිළිබඳ නඩුවක්‌ සලකා බැලීමේදිය. මේ වන විටත් රස පරීක්‍ෂක වාර්තාව ලැබෙනතුරු දින නියමයක්‌ නොමැතිව වැලිකඩ රිමාන්ඩ් සිරකුටියක කල්ගෙවන ඇය පිළිබඳව දුක්‌බර තොරතුරු රැසක්‌ අනාවරණය කර ගැනීමට හැකිවිය.

ඇය දරු දෙදෙනකුගේ අම්මා කෙනෙකි. ලොව පැරණිම වෘත්තිය කරගෙන යන අතර ඇය සැමියකු දිනාගත්තාය. ඔහු හෙරොයින් ලෝලියකු වූ නිසා ඇයටද අවසානයේ සිදු වූයේ හෙරොයින් විකිණීමට පමණක්‌ නොව දෛනික අවශ්‍යතාවන් අතර පළමුවැන්න කුඩු ඉරීම බවට පත්කර ගන්නටය. දින සති මාස ගෙවීයද්දී පොලිස්‌ උසාවි පසුකරමින්a කාලය ඇයගේ පිරිමි දරුවන් දෙදෙනා යෞවනය කරා රැගෙන විත් තිබිණි.

අහස පොළව නුහුලන සිදුවීම් රැසක්‌ ඇරඹෙන්නේ එතැන් සිටය. මවගේ පියාගේ ඇවෑමෙන් මේ තරුණ දරුවන් දෙදෙනා ද හෙරොයින් පානයට යොමුවිය. අවසානයේ මේ ගැහැනිය සැමියා සහ දරුවන් දෙදෙනා සමග එකට කුඩු පැකට්‌ටුව පානය කිරීමට තරම් සැහැසි වූවාය. පුතා කුඩු කංහැන්දක්‌ දමාගත් ඊයම් කොළය අතැතිව සිටී. පියා කුඩු දුම පුතාට පෙනෙන්නට ඊට ඉහළින් දැල්වූ ඉටිපන්දමක්‌ ඔසවද්දී කුඩුදුම රත්වන්නට මව ඊයම් කොළය යටින් දැල්වූ ගිනි කූරක්‌ අල්ලාගෙන කුඩු දුම් උරන්නට පුතාට සහය වෙයි. මේ ලියෑවෙන්නේ ප්‍රබන්ධයක්‌ නොවේ. සාක්‌කි සාධක සහිතව ඔප්පු කළ හැකි සත්‍ය කතාවකි.

දියුණු යෑයි සම්මත සමාජයේ ඇස නොගැටුණු අඳුරු අහුමුලු තුළ විකෘති වූ උප සංස්‌කෘතීන් පැවතිය හැකිය. ඓශ්චර්යමත් කොළඹ නගරයේ සැඟවී ඇති එවන් උප සංස්‌කෘතියක තෝතැන්නක්‌ වූ පැල්පත් පේළියක ඇය ජීවත්වන්නීය. හිරිමල් යෞවන වයසේ පසුවන ඇය රූමත්ය. අම්මා නැති ඇයගේ තනි නොතනියට සිටි එකම නෑයා සිය පියා පමණි. මේ තාත්තාගේ රැකියාව වන්නේ දන්නා නොදන්නා කාමාතුරයන්ට සිය දියණිය අලෙවි කිරීමයි. එසේ උපයා ගන්නා මුදල් වියදම් වන්නේ හෙරොයින් පානය සඳහාය. මේ තාත්තා පමණක්‌ නොව දියණියද ඇඟ විකුණා ලබා ගන්නා මුදලින් හෙරොයින් දුමෙන් මත්වීමට ඇබ්බැහි වී ඇත. දියණිය මත් රකුසාට බිලිදීමේ වගකීමද බැරවන්නේ මේ පාපතර පියාගේ ගිණුමටය.

ගැහැනියක්‌ සිටිනා නිවසක එක වේලක්‌ හෝ කෑමක්‌ ඉදෙනු ඇත. එහෙත් මේ පැල්පත තුළ කහට උගුරක්‌ බොන්නට හෝ දර ඉපලක්‌ ලිප ගිනි ගන්නේ නැත. තුන්වේලටම කඩෙන් ආහාර ගන්නා උප සංස්‌කෘතිය තුළ රාත්‍රී කාලය එළඹෙද්දී බොහෝ දේ වෙනස්‌ වෙයි.

මිතුරුකම් වෙනස්‌ විය හැකි නමුදු නෑදෑකම් වෙනස්‌ නොවේ. ඒ ගෙවෙන සෑම රාත්‍රියකම වෙනස්‌ වන්නේ වෙනසක්‌ නොවිය යුතු නෑදැකමයි. පියා සැමියා බවට පත්වී දියණිය බිරිඳ බවට පත්වන අදහාගත නොහැකි මේ වෙනස සිදුවන්නේ හෙරොයින් නමැති භයානක මත් ද්‍රව්‍යයට පින්සිදු වෙන්නටය.

සම්මත සමාජයෙන් වෙන්ව මත්වීමට ලොල් වූ කාන්තාවන්ගේ ජීවන තොරතුරු සුන්දර සුමට වචනවලින් සටහන් කළ නොහැක. සමාජ විරෝධී බව දැන දැනත් මතින් මිදිමට මතට ඇබ්බැහිවූවන්ට නොහැකි වන්නේ ඇයි. එය වචනවලට පෙරළන්නට කොතෙක්‌ උත්සාහ කළද පලක්‌ නොවනා දෙයකි. හෙරොයින් නොමැති වූ විට මත්ලෝලියකුට දැනෙන අපහසුතාව කොතරම් ශෝචනීය දැයි සංවේදි හදවතක්‌ ඇති අයකුට වටහාගන්නට තවත් එක්‌ දුක්‌බර කතාවක්‌ කඳුළුවලින් සටහන් කරන්නෙමි.

කුරුණෑගල නගරාසන්නයේ ජීවත්වූ මෙම කාන්තාවගේ සැමියා හෙරොයින් විකිණීමේ වරදට බන්ධනාගාරගත වෙයි. සැමියා නිසා හෙරොයින් පානයට හුරුවී සිටි මෙම ගැහැනියට අවසානයේ ජීවත්වීම සඳහා කළ හැකි වන්නේ සැමියාගේ රැකියාව වූ හෙරොයින් වෙළෙඳාමයි. ඇය සිතන්නේ ඒ රැකියාව නිසා තමන්ට අවශ්‍ය මුදල් මෙන්ම දිනපතා පානය සඳහා අවශ්‍ය හෙරොයින් ලබාගැනීමට පහසුම ක්‍රමය මේ වෙළෙ¹ම බවයි. නමුත් වැඩිකාලයක්‌ ඇයට මේ වෙළෙ¹මේ නිරතවීමට අවකාශ නොලැබේ. මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් හෙරොයින් වෙළ¹ම සහ පානය කිරීම යන වරදට ඇය අත්අඩංගුවට ගනී. සම්මත නීතිය තුළ වරදට දඬුවම් විඳින්නට තනිවම පොලිස්‌ ජීප්රථයකට නැගීමට ඇයට අවසර නොමැත. ඒ ඇයගේ වයස මාස හතරක කිරිදරුවා තනිකර නීතිය ඉදිරියට යන්නට නොහැකි නිසාය. අම්මාගේ කිරිවලින් පමණක්‌ යෑපෙන මේ කිරිසප්පයා වරදක්‌ නොකළද ඔහුගේ ලේ කිරි අයිතියට එරෙහි වන්නට නීතිය පසිඳලන්නට ආ නිලධාරීන් ට හැකියාවක්‌ නැත. දිනක්‌ ගෙවී තවත් දිනයක්‌ උදාවේ. ඇය සිටින්නේ විනිසුරුවරයා ඉදිරියේ සිටගෙනය. හයක්‌ හතරක්‌ නොතේරෙන දරුවා හඬයි. නීතිය පසිඳලන්නට ඒ මාරාන්තික හැඬුම බාධාවකි. දරුවකුගේ හැඬුම ඉදිරියේ උණුවෙන හිතිවිලි ඇති විනිසුරු තැන ඇගෙන් අසන්නේ සංවේදී පැනයකි.

ඇයි මේ දරුවා අඬන්නේ. "දරුවා කිරි බොන්නේ නෑ." ඇයි කිරි බොන්නේ නැත්තේ?" 

"මම කුඩු බිව්වෙ නැත්නම් දරුව කිරි බොන්නෙ නෑ."

ඒ කුඩු කොතරම් ප්‍රබල මත්ද්‍රව්‍යයක්‌ දැයි හිතාගන්නට ඇති හොඳම සාධකයකි. අම්මා කුඩු පානය කරන නිසා මව් කිරි සමග මෙලෝ හසරක්‌ නොතේරෙන මාස හතරක දරුවාද ඊට ඇබ්බැහිවෙලාය. දැන් ඔහුටද කුඩු නැතිව දැනෙන අපහසුතාවට මුහුණදීමට සිදුවී ඇත. මව් කිරිවලට සමකළ හැකි තවත් දෙයක්‌ මේ ලොව නොමැති නමුදු මේ දරුවාට ඒ කිරිවලට හෙරොයින් එකතුවී නැත්නම් මව්කිරි ප්‍රතික්‍ෂේප කිරීමට සිදුව තිබේ.

දරුවාට කිරිදෙන්නට නම් අම්මාට කුඩු ලබා දිය යුතුයි. ඩයි ඇස්‌ටයිල් මෆීන් නොහොත් හෙරොයින් වෙනත් මත්ද්‍රව්‍ය මෙන් අපේ රටේ වැවෙන්නේද නැත. නිෂ්පාදනය කරන්නේද නැත. කිසිවක්‌ නොදැන මීට ඇබ්බැහි වූ මේ පුංචි දරුවාට මෙන්ම සියලුම මත්ලෝලීන්ට අවශ්‍ය හෙරොයින් ගුවන් මගින් හෝ නාවික මාර්ග හරහා වෙනත් රටකින් ගෙන්වාගත යුතුමය.

ඒ කටයුත්ත මේ මොහොත වන විටත් සිදුවෙමින් තිබේ.

සුදත් සමරදිවාකර 

Post a Comment

0 Comments