උල්කාපතවලින් පාත්වන මාරක රෝග


වියළී ගිය අහස්‌ කුස කළු කරමින් දින ගණනාවකින් පොද වැස්‌සක්‌ ඇද හැලෙන්නට විය. "අන්න පොඩි දරුවා අලුත් වැස්‌සට තෙමෙනවා. ඉක්‌මනට ගෙට ගන්න" නිවස තුළ සිටි ආත්තම්මා කෑමොර දෙන්නට වූවාය. ඒ සැනින් දොරකඩට පැමිණි අම්මාද පොද වැස්‌සට තෙමෙමින් සිටි දරුවා ගේ තුළට කැ`දවා ගත්තාය. 

"වැස්‌සට පොඩ්ඩක්‌ තෙමුණට මොකක්‌ද වෙන්නේ අම්මේ මම දිය වෙනවද ?" පොඩිඑකා අමනාපයෙන් මෙන් අම්මාගෙන් ඇසුවේය. 

"ඇයි ළමයෝ... අලුත් වැස්‌සට තෙමුණාම ඉක්‌මනින් ලෙඩ වෙනවා කියන එක දන්නේ නැද්ද."

කාමරයේ සිටි අත්තම්මා එයට පිළිතුරු දුන්නාය.


මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ
අපේ බොහෝ වැඩිහිටියන් අලුත් වැස්‌සට තම දරුවන් හට තෙමෙන්නට නොදෙන ලදී. කාලාන්තරයක සිට මේ ආකාරයට තම දරුවන් හට අලුත් වැස්‌සට තෙමෙන්නට නොදෙන්නේ කුමන හේතුවක්‌ නිසාදැයි බොහෝ දෙනකුට ගැටලුවක්‌ වන්නට ඇත. ලෙඩ වීමත් අලුත් වැස්‌සත් අතර තිබෙන සම්බන්ධකම කුමක්‌ද යනුවෙන් මතු වෙමින් පවතින ගැටලුවට ලොව පුරා විද්‍යාඥයෝ හේතු සොයන්නට වූහ. 

එයට හේතු වන්නේ උල්කාපාතයන්ද? මේ ලෙඩරෝගවලට මුල උල්කාපාත විය හැකි බවට වන අතීත දැනුමක්‌ද තිබිණි. 1970 දශකයේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත් තාරකා ජීව විද්‍යාඥයෙකු වන දැනට එංගලන්තයේ බකිංහැම් විශ්වවිද්‍යාලයේ අධ්‍යක්‌ෂකවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය චන්ද්‍රd වික්‍රමසිංහයන් සහ ආචාර්ය පේඩ් හොයිල් යන විද්වතුන් උල්කාපාත හා බැ`දුණු ලෙඩ රෝග පිළිබඳව තොරතුරු අනාවරණය කරන්නෝ අතර ඉදිරියෙන්ම වූහ.

අභ්‍යවකාශයෙන් පැමිණෙන දුවිලි අංශු රාත්තල් මිලියන 02 ක්‌ පමණ පෘථීවියට දිනපතාම පතිත වන බව මේ වන විට අනාවරණය වි තිබේ. මේ ආකාරයට විශ්වයේ තිබෙන දුවිලි අංශුවල කාබනික දේවල් තිබෙන බවත් බැක්‌ටීරියා ජීවි අංශු තිබෙන බවත් එය ඇතැම් ලෙඩ රෝග වලට හේතු වන බවත් බොහෝ විද්වත්හු පිළිගනිමින් සිටිති. ඒ අනුව උල්කාපත සහ වල්ගා තරු වලින්ද බලපෑම් සිදුවන බවට අනාවරණය වී ඇත. 

ලොව පුරා ලක්‌ෂ සංඛ්‍යාත ජනතාවක්‌ මරු තුරුළට යවන ලද වසූරිය රෝගය ලොවෙන් තුරන්ව ගිය බව ලෝකය සිතා සිටියේය. එහෙත් මේ වන විට මාරාන්තික වසූරිය රෝගය නැවත හිස ඔසවා ඇත. මේ වන විටත් එංගලන්තයෙන් වසූරිය රෝගීන් කිහිප දෙනෙක්‌ හමුව තිබේ. 

වසර මිලියන 65 කට පෙර ලොවෙන් ඩයිනෝසරයන් ව`දව ගියේ කිලෝ මීටර 10 ක්‌ දිග උල්කාපාතයක්‌ වැටිමෙන් බව ඉතිහාසඥයින්ගේ මතයයි. එසේම වසර ගණනකට පෙර තුරන් කරන ලද බරපතල වෛරස්‌ රෝගයක්‌ වන පෝලියෝ රෝගයද මේ වන විට නැවත් හිස ඔසවා ඇත. දකුණු අප්‍රිකාවේ ජනයා මරණයට පත් කරවන එබෝල වෛරසයද ජනයාට මහත්වූ හානි ගෙන එඑමට සමත්ව තිබේ. මෙය ව`දුරන්ගෙන් මිනිසුන්ට බෝවුණ රෝගයකි. 

මැද පෙරදිග රටවල දක්‌නට ඇති කොරොනා වෛරසයද (MERS) ජනයා හට විපත් ගෙන දෙන්නක්‌ බවට පත්ව ඇත. 2012 දී සොයා ගත් මෙය මුලදී ඔටුවන්ගෙන් බෝවන බව සිතුවත් පසුව එය වවුලන්ගෙන් බෝවන බව සොයා ගන්නා ලදී. 2009 දී ඌරු උණ යනුවෙන් ජනයා මරණයට ගොදුරු කරගත් රෝගය පසුව කුරුළු උණ ලෙස පැතිරෙන්නට විය. ලෝකය පුරා බෝහෝ රටවලින් මේ ආකාරයේ වෛරස්‌ පිළිබඳව වාර්තා වෙමින් තිබේ. මෙම වෛරස්‌ රෝගයන් සඳහා හේතුවී ඇත්තේ අහසේ පියාසර කරනා පක්‌ෂීන්ය. එසේම ගස්‌ උඩ සැරිසරන ව`දුරන්ය. මෙම සතුන් පොළොවෙන් ඉහළ නිරන්තරවම ගැවසෙන නිසා අභ්‍යවකාශයෙන් එන වෛරස්‌ වලට ගොදුරුව ඊට පසුව මේවා මිනිසුනුට බෝවීමට පටන් ගෙන ඇති බවට මතයක්‌ වේ. මෙවැනි රෝග අභ්‍යාවකාශයේ සිට ගෙනෙන්නේ උල්කාපාත බවට මහචාර්ය චන්ද්‍රd වික්‍රමසිංහයන් සහ ආචාර්ය පේඩ් හොයිල් යන විද්වත්හු පවසා සිටිති. එම අදහස ලොව ජනයාගේ අවධානයද දැඩි ලෙස යොමු වෙමින් පවති.

මේ විද්වතුන්ගේ අර්ථ දැක්‌වීමට අනුව සාගරයේ ජල බිංදුවක ආසන්න වශයෙන් වෛරස්‌ මිලියනක්‌ පමණ ඇත. මෙම වෛරස්‌ අංශූ සෑම දිනකම පෘථිවියට පතිත නොවන්නේ නම් ඒවා විනාශවී යයි. නමුත් මෙම වෛරස්‌ අංශූ දිනතාම පෘථිවියට පතිත වෙමින් තිබේ. ඒ නිසා ඒවා නිරන්තරයෙන් සාගර ජලයෙහි දක්‌නට ලැබෙයි. මෙලෙස ඇති ඇතැම් වෛරස්‌ වර්ගයන් මිනිස්‌ සිරුරට වැටී මිනිසාට හුරුවේ. ඉන්ප්ලුවන්සා වැනි වෛරසයක්‌ සිරුරකට එක්‌වූ විට දුර්වල කෙනා මිය යැම සිදුවේ. එයට ඔරොත්තු දිය හැක්‌කාගේ දිවි බේරේ.

අතීතයේ විවිධ කාල වකවානුවල වසංගත රෝගයන් පැතිරි දහස්‌ ගණනින් ජනයා මරණයට ගොදුරු වූහ. 1618 දී මේ ආකාරයෙන් යුරෝපය සහ ආසියානු කලාපය හරහා වසංගත රෝගයක්‌ පැතිර ගියේය. ක්‍රි.ව. 10 - ක්‍රි.ව. 20 කාල සීමාවේදී ග්‍රීසියේ විසූ වෛද්‍යවරුන් විසින් ලියු සටහන් පත්වලින් කියවෙන්නේ අහසින් පැමිණි එළි වලින් පෘථීවිය ගිනි ගෙන විනාශ වූ බවයි. 1910 දී හැලිගේ වල්ගා තරුව දිස්‌විය . අධික දුවිලි අංශූ සමගින් ගමන් කරන මෙම හැලිගේ වල්ගා තරුව නිසා ඊට වසර කිහිපයකින් පසු එනම් 1917- 1919 කාල සිමාවේදී ඉන්ප්ලුවන්සා වෛරසය හේතු කොට ගෙන භයානක වසංගතයක්‌ ඇති වූයේය. මෙයින් මිලියන 30 ක්‌ 40 ක්‌ පමණ අති විශාල ජනකායක්‌ මිය ගියහ. මෙලෙස ලොව පුරා වසංගතයන් ඇතිව ලක්‌ෂ ගණනින් මිය යැමට හේතුවත් මෙම උල්කාපාත සහ වල්ගා තරුවලින් එන දුවිලි අංශු වල අපි නොහිතන බැක්‌ටීරියා සහ වෛරස්‌ තිබීම බව ද මේ විද්වත්හු පවසා පවසා සිටිතිs. 

මේ පිළිබඳව අදහස්‌ දක්‌වන චන්ද්‍රd වික්‍රමසිංහ මහාචර්යවරයා මෙසේ පැවසීය.

මුලින්ම වහිද්දී වැටෙන පොඩි පොඩි වැහි බි`දුවල අවදානමක්‌ තිබෙනවා. මේ වැහි බි`දුත් සමග එන ඝනීභවනිය වූ වෛරස්‌ අංශු අපේ සිරුර තුළට යැමට තිබෙන හැකියාව වැඩියි. ඒවාට හසු උනොත් ලෙඩ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලෙඩක්‌ එක්‌ කෙනෙකුට හැදිලයි අනෙක්‌ අයෙකුට බෝවෙන්නේ. පිටතින් එන වෛරස්‌ අංශුවලිsන් විශාල වශයෙන් වසංගත ඇතිවී මිනිස්‌ ජිවිතවලට හානි වෙන්න පුqළුවන්. ඒවාට අනුවර්තනය වෙන්න හැකි අයට සහ ප්‍රතිශක්‌තිකරණය නිසි ලෙස තිබෙන අයට එයින් ගැලවී යැමට හැකියාව තිබෙනවා. අනාගතයේදී කෙනකුට වැළ`දිය හැකි ලෙඩ රෝග පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මෙය පැහැදිලිවම අතීතයේ සිට පැවති වසංගතවලින් මැනවින් පෙනී යන කරුණක්‌. පසුගිය කාලයේ ඇද වැටුණු රතු වැසිවල රතු සෛල සෙන්ටිග්‍රේඩ් අංශක 300 ට රත් කරන විට දෙගුණයක්‌ වන්නට වුණා. නමුත් එවැනි උෂ්ණත්වයකදී පෘථිවියේ ජීවින් මුළුමනින්ම විනාශව යනවා. නමුත් රතු සෛල වර්ධනය වීමෙන් පෙනී යන්නේ ඒවා පිටතින් පැමිණි ආගන්තුක ඒවා බවයි. මේ වන විට ලෝකය පුරා කලින් කලට පැමිණෙන වසංගතයන් පිළිබඳව උල්කාපාත වැනිදේ සම්බන්ධ බවට මේ ආකාරයෙන් තොරතුරු අනාවරණය වන විට බටහිර ලෝකයේ ඇතැමෙක්‌ මෙය නොදැක්‌කා සේ සිටිනවා. 

වර්ෂ 2013 වසරේදී අපි මීටර 35000ක්‌ ඉහළට බැලුන් යෑවුවා. අපිට සොයා ගන්න හැකි වුණා පෘථිවියට ආවේණීක නොවෙන වෛරස්‌ සහ බැක්‌ටිරියා වැනි දේවල්. ජීවය විශ්වය පුරාම හැම තැනම විසිරිලා තියෙනවා. එවැනි දේ එක්‌ක පෘථිවියට ලෙඩ රෝග එනවා. මා මේ වසරේ අගෝස්‌තු මාසයේදී මහාචාර්ය මිල්ටන් වේල් රයිස්‌ සමගින් නැවතත් ඉහළට බැලුන් යවලා පරික්‌ෂණ කරන්න බලාපොරොත්තු වෙනවා. 

මුහුදේඑඑ වතුර බි`දුවක වෛරස්‌ ආසන්න වශයෙන් මිලියනයක්‌ තිබෙනවා. ඒවා බහුතරයක්‌ මිනිස්‌ සිරුරට හානිකර නැහැ. අනාගතයේදී මේ ආකාරයෙන් මිනිස්‌ සිරුරට ඇතුළු වන වෛරස්‌ ඇතුළු දේට එරෙහිව ඒවා ගුවනේදීම හ`දුනාගන්න ඒවාට එරෙහිව වෛරස්‌ චිපයක්‌ නිර්මාණය කළ යුතුයි. එවිට රෝගය සෑදීම ආරම්භයේදීම වන හානිය වලක්‌වා ගැනිම කළ හැකියි. ඒ ආකාරයෙන් පිටතින් පැමිණෙන වෛරස්‌ වැනිදෑ පිළිබඳව අවධානය යොමු කළහොත් පෘථිවියේ වෙසෙන ජීවීන්ට වන හානිය අවම කර ගත හැකියි" මහාචර්ය චන්ද්‍රd වික්‍රමසිංහ මහතා ඉරිදා දිවයිනට අදහස්‌ දක්‌වමින් පවසා සිටින ලදී.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරනු ලබනා විද්වතෙකු වන බ්‍රිතාන්‍ය ජාතික විලියම් ස්‌මිත් අදහස්‌ දක්‌වන්නේය. '1945 දී ආතර් සී. ක්‌ලාක්‌ චන්ද්‍රිකා තාක්‌ෂණය ගැන අදහස්‌ දක්‌වා වසර 50 කින් එම තාක්‌ෂණය ලෝකයා භාවිතා කරන බව පැවසුවා. එදා ලෝකය එය පිළිගත්තේ නැහැ. නමුත් 1965 වන විය ඔහු හිතුවාටත් පෙර මුළු ලොවම විශ්ව ගම්මානයක්‌ වෙමින් එම තාක්‌ෂණය භාවිතා වුණා. මෙම වෛරස්‌ චිපය පිළිබඳව මහාචාර්ය චන්ද්‍රd වික්‍රමසිංහ මහතා දක්‌වන අදහසද ඉදිරියේදී යථාර්ථයක්‌ වනවා.

විලියම් ස්‌මිත් අදහස්‌ දක්‌වමින් පවසයි.

සුසන්ත අමර බන්දු

Post a Comment

0 Comments