මිනිසුන් තේරුම් ගැනීමට ඉතාමත් අපහසුය. දීර්ඝ කලක් ඇසුරු කළ අයෙකු ගැන වුවද අප වටහාගෙන ඇත්තේ මොන තරම් සුළුÊප්‍රමාණයක්‌දැයි තේරෙන්නේ එබඳු අය නිසා අපගේ ජීවිතයට කිසිදා පියවිය නොහැකි අති විශාල හානියක් සිදු වූ පසුවය. අශ්වයා පැන ගිය පසු ඉස්‌තාලය වැසීමේ අර්ථයක් නොමැත.
පළමුව වටහාගත යුතු දේ කිසියම් සිදුවීමක් වීමෙන් පසුව අවබෝධ කරගනු ලැබුවද ප්‍රතිඵලයක් නොමැත.
සාරධර්ම පිළිබඳව සාමාන්‍ය සමාජයේ මිනිසුන් අතර ඇති වැටහීම කෙබඳු වුවද එය විද්‍යාත්මකව සාකච්ඡා කරන විට නොයෙකුත් මූලධර්ම ඔස්‌සේ පෘථුලව ගොනුවී ඇති බව වටහාගත හැක. කිසියම් අයකු මෙබඳු සාරධර්ම ක්‌ෂේත්‍රයක යම් දැනීමක් ලබාගත් විටක ඉතා නිවැරැදිව තමාගේ, අනුන්ගේ සිත්හි ඇතිවන සිතිවිලි වටහා ගැනීමට තරමක ඉඩ ප්‍රස්‌ථාවක් ලැබේ. සමහරු තුළ සාරධර්ම මෙන්ම මතුපිටින් පෙනෙන දේ තිබුණද අභ්‍යන්තරගතව කිසිදු ගුණ ධර්මයක් නොමැති බව වටහාගත හැක. මෙසේ වනුයේ කිසියම් පුද්ගලයකු තුළ තිබෙන මනෝගතික බව නිවැරැදිව වටහා ගැනීමට අපහසුවීම නිසාය. චර්යා, හැඟීම්, සංජානන ලක්‌ෂණ නිරීක්‌ෂණය කිරීම මගින් කෙබඳු අයකු වුවද පහසුවෙන් වටහා ගැනීමට පිළිවන්කම ලැබේ. මිනිසුන් තේරුම් ගැනීමට ඉතාමත් අපහසුය. දීර්ඝ කලක් ඇසුරු කළ අයෙකු ගැන වුවද අප වටහාගෙන ඇත්තේ මොන තරම් සුළුÊප්‍රමාණයක්‌දැයි තේරෙන්නේ එබඳු අය නිසා අපගේ ජීවිතයට කිසිදා පියවිය නොහැකි අති විශාල හානියක් සිදු වූ පසුවය. අශ්වයා පැන ගිය පසු ඉස්‌තාලය වැසීමේ අර්ථයක් නොමැත. පළමුව වටහාගත යුතු දේ කිසියම් සිදුවීමක් වීමෙන් පසුව අවබෝධ කරගනු ලැබුවද ප්‍රතිඵලයක් නොමැත.
සාරධර්ම සෑම අයකුටම මෙලොව ජීවත් වීමේදී අවශ්‍ය වේ. ඒ නිසා සාරධර්මවලට ප්‍රිය නොවන අය නොමැත. විවිධ ජන සමාජවලට ඔවුන්ට ආවේණික සාරධර්ම ගොඩනැඟී ඇත. මේ නිසා සෑම ජන සමාජයකම එකම සාරධර්ම පවතිතැයි උපකල්පනය නොකළ යුතුය. සමහරු සාරධර්ම සම්බන්ධ විවිධ ගැටලු ඇති කරගන්නේ මෙම කරුණ නිසි ලෙස නොවටහාගෙනය. සාරධර්ම විද්‍යාත්මකව හැදෑරීම මෙබඳු ගැටලු අවම වීමට හේතුවකි. සාරධර්ම පිළිබඳව සඳහන් කරන සෑම අයකුම ඒවා විද්‍යාත්මකව හදාරන ලද අය යෑයි උපකල්පනය කිරීම අසීරුය.
හේතුව ඔවුන් විසින් සාරධර්ම යන වචනය බොහෝ විට සාවද්‍ය අර්ථයෙන් භාවිත කර තිබීමයි. ඇතැම් විටක සාරධර්ම යන පදය මෙලෙස වරදවා භාවිත කිරීම සාරධර්ම නොතකා ක්‍රියාකාරී වීමටද වඩා බරපතළ ප්‍රතිවිපාක ඇතිවීමට හේතුවිය හැක. මක්‌නිසාද යත් සමහර අවස්‌ථාවලදී සාරධර්මයක් සේ හැඳින්වෙනුයේ කිසිසේත් මනුෂ්‍යත්වයට නොගැළපෙන දෙයක් විය හැකි හෙයිනි. හින්දුන් අතර පවත්නා සති පූජාව හා කුල භේදය එවැනි දේට නිදසුන් සේ දැක්‌විය හැකිය.
රටේ ක්‍රියාත්මක නීතිය යටතට අයත් මරණ දඬුවම ගතහොත් එය නෛතික රාමුවට අයත් දෙයකි. සාපරාධී ෙච්තනාව සහිතව තවත් අයකුගේ දිවි තොර කිරීම සැකයෙන් තොරව ඔප්පු වූ අවස්‌ථාවකදී මෙම දඬුවම නියම කරනු ලබයි. එය නීති ව්‍යවස්‌ථාව අනුව නෛතික සාරධර්මයකි. මක්‌නිසාද යත් ජන සම්මතව පැනවූ නීතියක් බැවිනි. නමුත් කෙබඳු ආකාරයේ වුවද මනුෂ්‍ය දිවියක් තොර කිරීම සාමාන්‍ය ලෝක ව්‍යවහාර සදාචාරයට අනුව සාවද්‍යය, අශිෂ්ටය, ම්ලේච්ඡය. ඈත අතීතයේ දී මෙබඳු ම්ලේච්ඡ දඬුවම් ක්‍රම මානව ශිෂ්ටාචාරයේ තිබූ බව සත්‍යය වුවද වර්තමාන ජන සමාජය ශිෂ්ට සම්පන්නව ඇති බැවින් වර්තමානයට එබඳු ම්ලේච්ඡ දඬුවම් ක්‍රම නොගැළපේ. මේ මරණ දඬුවම අර්ථකථනය කළ හැක්‌කේ වැදගත් උගත් පිරිසක් එක්‌වී සාමූහිකව සිදු කරන සැලසුම්ගත මිනීමැරුමක් ලෙසය. සමහර විටක මිනීමරුවා එම වරද වූ මිනීමැරීම සිදුකර ඇත්තේ ක්‌ෂණික කෝපය නිසා හෝ නූගත්කම නිසා වන්නට ඇත. වරදකට දෙන දඬුවම මගින් වරදකරු පුනරුත්ථාපනයට අවැසි ඉඩකඩ මරණ දඬුවම තුළ නොවීමද මෙහි ඇති අශිෂ්ට බව කැපී පෙනීමට හේතුවකි. කෙනකුගේ ජීවිත කාලය තීරණය කරනුයේ කර්ම ඵල විපාකයයි. ඒ හැර මෙලොව ජීවත් වන ටික දෙනකුට එය තීරණය කිරීමට කිසිදු බලාධිකාරමය අයිතියක් හෝ මානුෂික සදාචාරයක් නොමැත.
එසේ මිනීමැරුමක් කළ අයකුට හෝ අපරාධ දණ්‌ඩ නීති සංග්‍රහය අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදි සඳහා මරණීය දණ්‌ඩනය පැනවීමේ වරද කුමක්‌දැයි අයකුට සිතෙන්නට පුළුවන. මිනීමැරුමක් සිදුකළ අයකුට හෝ වෙනත් එබඳු වැරැදි කළ අයෙකුට දඬුවම ලෙස මරණීය දඬුවමට යටත් කිරීමෙන් සිදු කරනුයේ ශිෂ්ට සමාජය විසින් එම වරදම වෙනත් ස්‌වරූපයකින් අදාළ පුද්ගලයාට සිදු කිරීමයි. මෙය එක් අතකින් පළිගැනීමකි. මෙය සමාජයේ ශිෂ්ට බවට නොගැළපේ. අපරාධ සඳහා ලබාදෙන දඬුවම් වඩාත් දැඩි, රළු, දරුණු, ම්ලේච්ඡ කිරීමෙන් පමණක් අපරාධ අඩු කළ හැකි බවට පිළිගත හැකි සාක්‌ෂියක් කිසිදු සමීක්‌ෂණ හෝ පර්යේෂණ වාර්තාවකින් මේ දක්‌වා සනාථ කර නොමැත. අනෙක් අතට නූතනයේ මානව හිමිකම් පිළිබඳ ලෝකයේ සෑම ශිෂ්ට සම්පන්න සමාජයකම විශාල සමාජ පිළිගැනීමක් ඇත. මේ නිසා සුළු වරදකට පවා අත්පා අඟ පසඟ කැපීම වැනි ම්ලේච්ඡ දඬුවම් ලබාදෙන ඉස්‌ලාම් නීතිය බල පවත්වන රටවල හැරෙන්නට ලෝකයේ සෙසු දියුණු යෑයි සම්මත ශිෂ්ට රටවල මරණ දඬුවම අහෝසි කර තිබේ.
ජීවිතය යනු කුමක්‌දැයි නිතර මිනිස් සිතට නැඟෙන කරුණකි. ඉතා දුර ඈත අතීතයේ සිටි මානවයා පවා මේ ගැන කල්පනා කරන්නට ඇත. සැබැවින්ම මිනිස් ශිෂ්ටාචාරයේ අභිචාර විධි පහළව ක්‍රමික සංවිධිත ආගම් දක්‌වා පරිණාමය වීමට මෙබඳු සිතිවිලි ඉවහල් වී තිබේ. ජීවිතය, මරණය, පරලොව, හොඳ, නරක වැනි ප්‍රස්‌තූත පිළිබඳ ආදි කාලීන මිනිසා සිතන්නට පෙළඹී තිබූ බව පුරාණ ගල්ලෙන්වල ඇඳි විවිධ සිතුවම් මගින් සනාථ වේ.
ශිලා යුගයේ වාසය කළ මානවයා ගල්, මැටි, ඇට කැබැලි වැනි භෞතික ද්‍රව්‍යවලින් තනන ලද විවිධ සංකේත අභිචාර විධි කෙරෙහි තිබූ නැඹුරුව මූර්තිමත් කර පෙන්වයි. චිහ්න, මූර්ති, ශිලාමය සංකේත මෙබඳු ඉතිහාසයක් මිනිසාට පැවැති බවට පුරාවිද්‍යාත්මක සාධකයි.
ජීවිතය යනු සසර භව ගමන සිදුවන අතරතුර ලබන තාවකාලික අම්බලමක් වැනි නැවතුම් පළක් පමණි. එම තාවකාලික නැවතුම්පළින් නික්‌මී යැම මරණයයි. මරණයෙන්ද භව ගමන අවසන් නොවේ. එයද එක්‌තරා යළි ඇරැඹුමකට අවශ්‍ය තාවකාලික නික්‌ම යැමක් පමණි. මේ ආකාරයට සසර යළි යළිත් ඉපදෙමින් මරණයට පත්වෙමින් කෙදිනක හෝ නිවන් දකින තෙක් දිගු චාරිකාවක් සෑම දෙනෙක්‌ම යති. මේ හේතුව නිසා මරණය යනු නව ජීවිතයකට අත්තිවාරම් දැමීමක් ලෙසද හැඳින්විය හැකිය.
මෙය චක්‍රාකාර ප්‍රවාහයකි. මේ චක්‍රාකාර ප්‍රවාහය නම් ජීවිතයයි. එය ඉපදීම හා මරණය අතර පරස්‌පරයක් නොවන සමාන අවස්‌ථා ජනිත කරවන අඛණ්‌ඩ දාමයක් සේ සැලකිය හැක. මෙම උපත හා මරණය අතර ඇති සම්බන්ධතාව අවසන් වන්නේ යම්කිසි පුද්ගලයකු නිවන් දැකීම නිසාය. නිවන ප්‍රත්‍යක්‌ෂ අවබෝධයකි. එය ශාන්තය. ප්‍රණීතකරය. එසේම දුරවබෝධය. තර්කයෙන් දත නොහැකි සියුම් බවින් යුතුය. යථාභූත ඥන දර්ශනය උපදවා ගන්නා භාවනානුයෝගීහුq අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය මගින් දුක සේ නිර්වාණ අවබෝධය ලබා ගනිති. නිර්වාණය වචනයෙන් විස්‌තර කළ නොහැකි තරම් ප්‍රණීතය. එසේම එය සතර මහා භූතයන් ද ඉක්‌මවා සිටින්නකි. ලෝ දුකින් එතෙර වූ හෙයින් ලෝකෝත්තරය.
සුජිත් නිශාන්ත හේවගේ
0 Comments