බන්ධනාගාරගත වූ හෝ පිළිකා වැනි බියකරු රෝග වලට භාජන වූ සිය ගණනකගේ කේaJද්‍රවල පිහිටි, එකී තත්ත්වය මතු කිරිමට හේතු වූ ග්‍රහ පිහිටීම් මොනවා දැයි විමසා බැලීමට මම කාලයක් මිඩංගු කෙළෙමි. එදා වරහමිහිර ආචාරීන් විසින් ඒ පිළිබඳව යම් සිද්ධාන්තයක් දුන්නේ නම් එය අකුරටම නිවැරැදි බව අපට පෙනී ගියේය.ජ්‍යෙdතිෂය මැනැවින් ඉගෙනීමට නම් ඒ හා බැඳුණු ශ්ලෝක ලක්‍ෂයකට ටිකක් වැඩි ගණනක් වන පොත් කළ යුතුය. නැත්නම් අර්ථාවබෝධ කර ගත යුතුය. ඒ සඳහා කෙනකුට මුළු ජීවිත කාලයම යෙදුවත් එයින් කොටසක්‌වත් ග්‍රහණය කළ නොහැකිය.
පාසල් අධ්‍යාපනය සඳහා වයස 20 ක් වන තුරුවත් අත්හලොත්, විවාහ කටයුතු, රැකියා කටයුතු ආදී දහසක් පමණ කටයුතු සඳහා තවත් වසර විස්‌සක් විසිපහක් වෙන් කළොත් වසර 80 ක් පමණ ජීවත් වන කෙනකුට ජ්‍යෙdතිෂය වැනි ගුප්ත, ගැඹුරු ශාස්‌ත්‍රයක් ඉගෙනීමට ඉතිරිව ඇත්තේ වර්ෂ කෙටි කාලයකි. එකී කෙටි කාලය තුළ ජ්‍යෙdතිෂයට අයත් ශ්ලෝක ලක්‍ෂ සංඛ්‍යාවකින් දැක්‌වෙන අරුත ග්‍රහණය කළ නොහැකිය.
එහෙත් මේ රටේ හයමාසයක් වැනි අංශු මාත්‍ර කාලයක් තුළදී (ජ්‍යෙdතිෂ පන්තිවලින්) ජ්‍යෙdතිෂඥයෝ දහස් ගණනක් පිටවෙති. එසේ පිටවන්නෝ සුළුපටු අය නොවෙති. ආධ්‍යාත්මවේදී, ජ්‍යෙdතිෂ ගවේෂක ජ්‍යෙdතිෂ විශාරද, ජ්‍යෙdතිෂ ප්‍රවීණ වැනි බරපතළ හනිවරයක් ද සහිතවය. මේ හැම කෙනෙක්‌ම ජ්‍යෙdතිෂ ගංගාවේ තොටුපළ අද්දරට පමණක් ගිය අය වෙති. එහෙයින් ජ්‍යෙdතිෂ දැනුම පිළිබඳ රජයේ ප්‍රමිති සහතිකයක් නැති නිසා කවුරුත් ජ්‍යෙdතිෂඥයෝ ය. විශාරදයෝ ය. ප්‍රවීණයෝ ය. ප්‍රසිද්ධ පුවත්පතකට හෝ මාසික සංග්‍රහයකට සාර්ථක ජ්‍යෙdතිෂ ලිපියක් ලබා ගැනීම දුෂ්කර කටයුත්තක්‌ව ඇති බව හැම කතුවරයෙක්‌ම දනිති.
මේ වන විට ජ්‍යෙdතිෂ පන්තිවලින් නොව ගුරු ඇසුරින් ජ්‍යෙdතිෂය තරමක් දුරට හෝ අධ්‍යයනය කරන ලද දහපහළොසක් පමණ වූ වයෝවෘද්ධ සුළු පිරිසක් අප අතර වෙති. ඒ අයගේ හස්‌තසාර දැනුම ලබා ගැනීමට රට අපොහොසත් වුවොත් ඉතා වටිනා ජ්‍යෙdතිෂ ශ්‍රාස්‌ත්‍රය නැත්තටම නැති වී යයි.
ජ්‍යෙdතිෂයට අත්වැලක් විශ්ව විද්‍යාලයකින් හෝ වෙනත් අධ්‍යාපන පීඨයකින් සපයන්නේ නැති නිසා මූලික ජ්‍යෙdතිෂ දැනුම හෝ ලබා දීමට වෙහෙසෙන ජ්‍යෙdතිෂ පන්ති ගුරුවරුනට පැසසිය යුතුය. ප්‍රශංසාව අහිමි වන්නේ දැනුම එහෙන් මෙහෙන් තවරා ගෙන මාස කිහිපයකින් ජ්‍යෙdතිෂවේදීන් වශයෙන් පෙනී සිටින පිරිසටය.
මා පසුපස එන්නැයි පැරැණි ගුරුවරයා සිය ශිෂ්‍යයනට කීවේය. නැත මා පසුකර යන්නැයි වත්මන් ජ්‍යෙdතිෂ ගුරුවරයා සිය ශිෂ්‍ය පරපුරට කියයි. එසේ ගුරුවරයා පසුකර යන්නට නම් යටත් පිරිසෙයින් වසර 20 ක් වත් හොඳ ගුරුවරයකු යටතේ ජ්‍යෙdතිෂය හදාළ යුතුය. අප්‍රමාණ වූ පොත් අතරින් හැකිතාක් කියවා නව දැනුම සපුරා ගත යුතුය. එසේ වෙතොත් වසරකට ජ්‍යෙdතිෂවේදීන් හතරපස් දෙනකුවත් බිහිවනු නියති. වරක් විදෙස්‌ගතව සිට මාස කීපයක නිවාඩුවක් සඳහා මෙරටට පැමිණි කෙනෙක් අප හමු වී මෙබඳු ආයාචනයක් කළහ.
"මම ඔබතුමාට රුපියල් දහස් ගණනක් ප්‍රමාණවත් නොවේ නම් ලක්‍ෂයක් වුවත් ගෙවන්නම්. මට මාසයක් තුළදී ඔය ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රය උගන්වන්න බැරිද? ඉතිරි දැනුම මම පත පොත කියවා ලබා ගන්නම්.
එක මාසයකින් එක ග්‍රහයකු පිළිබඳ පැතිරී ගිය ශක්‌තිය ගැන උගන්වන්න නම් පුළුවන් වෙයි. සාමාන්‍ය දැනුමක් ලබා ගැනීම සඳහා නම් වසර දෙක තුනක් නැතිව බැරි බව මම කීමි.
ඔහුගේ අභිප්‍රාය වූයේ ජ්‍යෙdතිෂ දැනුම තෙම්පරාදු වශයෙන් දැන ගෙන විදෙස් රටක ජනතාවට ජ්‍යෙdතිෂවේදියකු වශයෙන් පෙනී සිටීමය. ඔහුගේ ඉල්ලීම අපෙන් ඉටු නොවුනත් වෙනත් කෙනකුගෙන් ඉටු කර ගන්නට ඇතැයි සිතමි.
හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ හඳහන බැලුවේ නයිදු නමැති ද්‍රවිඩ ජාතිකයෙකි. උසින් මහතින් වැඩුණු එක් කණක කරාබුවක් දමා ගෙන උත්තර සාටකයක් ද සහිත ඇඳුමකින් සැරසී සිටි හෙතෙම කායික වශයෙන් එළාර රජු වැනි කෙනෙකි. දැනුමෙන් අග්‍රගන්‍ය ජ්‍යෙdතිෂවේදියෙකි. මා ඒ මහතා හඳුනාගත්තේ ගායක සුනිල් එදිරිසිංහගේ වැඩිමහලු සහෝදර එදිරිසිංහ මහතා නිසා ය.
රත්නපුරයේ මැණික් ව්‍යාපාරික දහ පහළොස්‌දෙනකුගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ හඳහන බලවා ගැනීමට නයිදු නමැති ජ්‍යෙdතිර්වේදියා එදිරිසිංහ මහතා මගින් කැඳවා ගත හැකි විය. මම ද එවකට ආධුනිකයකු වශයෙන් ඒ අය සමඟÊඑහි ගියෙමි.
හොඳට සැරසී එකම ශාලාවක මැණික් ව්‍යාපාරික පිරිසකුත් ඒ අයගේ පවුලේ අයත් එහි වූහ. ඒ අය පළමුවෙන් ම එක් අයකුගේ හඳහනක් නයිදු අතට පත් කළේය.
හෙතෙම හඳහන දිග හැර උපන් දිනය ගෙන පංචාංග ලිතක් පෙරළා (ඔහුට සිංහල බැරි නිසා) අලුතින් හඳහන නිර්මාණය කර, පිරිස දෙස බලා මේ හඳහන අයිති පුද්ගලයා මේ පිරිස අතර සිටින බවක් නොපෙනෙන බව කීය.
මේ ඉන්නේ ඔය හඳහන අයිතිකාරයා බව ව්‍යාපාරිකයෝ කීහ.
එහෙනම් මේ හඳහන වැරදි ඇති. මන්ද මේ හඳහන ගස් නගින, වත්ත පිටිය උදළුගාන, අනුන් යටතේ වැඩ කරන කම්කරුවකු වැනි කෙනකුගේ යෑයි නයිදු ජ්‍යෙdතිෂවේදියා කීය.
මැණික් ව්‍යාපාරිකයන් කළේ ඔවුන් සමඟ සිටි සේවකයකු ව්‍යාපාරික බලවතකු සේ ඉදිරිපත් කර ජ්‍යෙdතිෂවේදියාගේ දැනුම පරීක්‍ෂා කිරීමේ උපායකි. එතැන සිට එදින රෑ බෝ වන තුරුම බොහෝ පිරිසකගේ හඳහන් නයිදු ලවා බලවා ගන්නට ඔවුහු උනන්දු වූහ.
ඒ නිර්දේශය මා ඉදිරිපත් කළේ හඳහනක් තුළ කිසියම් රාශියක පතිත ග්‍රහයකුගේ ග්‍රහ බලය, නැකැත් බලය, දෘෂ්ටි බලය, සංයෝග බලය, ආපෝ තේජෝ ආදී පංච මහා භූත බලය, දෙර්කාණ අයිsතිය, ආරූඪ ශක්‌තිය, ආදී අප්‍රමාණ සිද්ධාන්ත හරහා කේන්ද්‍රය බලා පුද්ගලයා කෙබඳු කෙනකු දැයි හඳුනාගෙන පලාඵල කීමය.
විශේෂයෙන් ම වෘත්තීය බලය පැවැසීම සඳහා ජන්ම කේන්ද්‍රයේ සැඟවුණු ධන ශක්‌තියත්, කර්ම පාලන ග්‍රහයන් දෙදෙනාගේ තත්ත්වයත්, දශාංශක කේන්ද්‍රයේ දහ වැන්නාධිපතිත් අවධානයට ලක් කළ යුතු බව මම නයිදු ඇදුරුගෙන් එදා උගතිමි.
සෙනසුරා තුලා රාශිගත වුණේය යි හෝ ගුරු කටක රාශිගත වුණේ ය යි කීමෙන් ජ්‍යෙdතිෂය ටිකක් හෝ දන්නා කෙනකුට යමක් කිව හැකි වෙතත් තවත් ගැඹුරට කිමිදී බොහෝ අනාවැකි කිව හැක්‌කේ ඒ විෂය ගැඹුරට හදාළ කෙනකුට පමණි. ඒ ශක්‌තිය ඇති අය අතීතයේ වූහ. අදත් නැත්තේ නොවේ. එහෙත් ඒ අය අප්‍රසිද්ධියේ නිහඬව සිටිති. ලේඛන කලාව හෝ වාග් ශක්‌තිය නැති හෙයින් සැඟවී, දන්නා දැනුමෙන් ප්‍රයෝජනය ගන්නවා විය හැකිය.
මගේ තරුණ අවදියේදී (මෙයට වසර 50 කට පමණ පෙර) තවත් වැඩිහිටියකු සමඟ මම කහතුඩුව පැත්තේ දක්‍ෂ ප්‍රකට ජ්‍යෙdතිෂ්‍යවේදියකු හමුවීමට ගියෙමි. ඒ ගියේ අවශ්‍යතාවක් සඳහා තත්කාල නිමිත්තක් බලා ගැනීමටය.
ජ්‍යෙdතිෂවේදියා තත්කාල කේන්ද්‍රයක් ගොඩනගා අප පැමිණි ගමන් මඟ ද, ඉදිරියට හමු වූ අය ගැන ද පවසා මේ තත් කාලය අහන්නේ ඉඩමක බිමක් ගැනය. එතැන ලොකු කළුගලක් හා ගැට ගැට සහිත පූජනීය වෘක්‍ෂයක් ද ඇති බවත් තමා විමසන්නේ ඒ ගස (එය නුග ගසක් විය හැකිය) කපා දමා එතැන ගොඩනැඟිල්ලක් හදන්න හොඳ ද යන ප්‍රශ්නය බවත් කීය. මගේ වැඩිහිටි ඥාතියාගේ අරමුණ ද එයම විය. තත්කාල කේන්ද්‍රයෙන් ඒ තත්ත්වය පැවැසීමට හෙතෙම ධාතු - මූල, ජීව යන පිහිටීමත්, ආපෝ, තෝජෝ ආදී පංච මහා භූත ශක්‌තියත් තත්කාල කේන්ද්‍රයේ 4 වැනි රාශිය ප්‍රමුඛ 7 සහ ලග්නය උපයෝගී කර ගත් අයුරු මම අද මනසින් දකිමි.
නිදසුන් දෙකක්‌ම ඉදිරිපත් කළේ ජ්‍යෙdතිෂය යනු මහත් පුදුම තොරතුරු අනාවරණය කළ හැකි ගුප්ත ශාස්‌ත්‍රයක් බව පෙන්වා දීම සඳහාය.
ලිපිය දීර්ඝ වෙතත් මෙයට වසර දෙක තුනකට පමණ පෙර මා ලද අත්දැකීමක් ද මෙහි ලා සඳහන් කිරීම වැදගත් යෑයි සිතුණි.
වයස අවු. 35 - 40 ක පමණ කෙනෙක් හඳහනක් බලවා ගැනීමට මා වෙත පැමිණියේය. කලින් අප හමුවට පැමිණ නැති කෙනකු පැමිණි බොහෝ විට හෙතෙම මා ඉදිරියේ අසුන් ගත් සැනින් තත් කාල කේන්ද්‍රයක් මනසේ ගොඩනගා ගෙන හෙතෙම කෙබඳු කෙනෙක් ද, පැමිණියේ කුමන කරුණක් අරභයා ද යන පූර්ව විනිශ්චයකට එළඹීම ජ්‍යෙdතිෂඥයන්ගේ සිරිතකි. ඒ මොහොතේ එදා තත්කාල කේන්ද්‍රයේ ආයුධ කාරක, එසේම ගිනි කාරක 16 වන දෙර්කාණාධිපතියා ලග්නයෙහි විය. එහෙයින් ඔබ ළඟ ආයුධයක් වේ දැයි මම ඇසුවෙමි. ඉස්‌සර මගේ ආරක්‍ෂාව සඳහා ආයුධයක් පාවිච්චි කළ බව ඔහු කියා නැත. දැනට පරිහරණය කරනවා නොවේ දැයි ඇසූ විට මගේ මෝටර් රථයේ ආයුධයක් ඇති බව කීය. දැනටත් ළඟ එවැන්නක් ඇති බව පෙනෙන බව කී මා මෙයට පෙර සිරබන්ධනගත වීමක් වූයේ දැයි යළි ප්‍රශ්න කළේය. ඔහු එය පිළිගත්තේය. මංකොල්ලයක් නිසාද නැතහොත් වෙනත් අපරාධයක් නිසා දැයි ප්‍රශ්න කළ විට ඒ කාරණා දෙකටම අදාළ බවක් ඔහු කීය.
ඔහු කේන්ද්‍රය බැලීමට පැමිණියේ ඊළඟÊවැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවස්‌ථාව හොඳ දැයි නිගමනය කර ගැනීමට බවත් මට හැඟී ගියේය. ඒ අවස්‌ථාවෙන් මොහු මුදා ගත යුතු බවත් මට හැඟුණි.
වහාම පදිංචි පෙදෙසින් ඈත් ව කලක් නොසිටියොත් යළිදු එබඳු අවදානම් අත්දැකීමකට ඉඩ ඇති බව මා කී පමණින්, ඇති මට දැන ගන්නට වුවමනා එපමණ යෑයි කී හෙතෙම ලොකු මුදල් නෝට්‌ටුවක් මේසය මත තබා ඉවත් විය. ඒ මොහොතේ මගේ කාර්යාලයේ සිටි සහායකයා ඔහු කෙරෙහි අවධානය යොමු කරමින් සිට කෝටියක් පමණ වටිනාකමක් ඇති වාහනයකින් පැමිණි කෙනකු බව මට කීය.
පැරැණි පොත පතේ සඳහන් ග්‍රහ පිහිටීම්වල ප්‍රතිඵල අදත් එසේම වුවත් කාලීන වශයෙන් වෙනස්‌කම් දක්‌නා ලැබේ. ඔබ ඔටුවකුගේ පිටින් වැටී මිය යතැයි පරණ පොතේ කී දෙය අද ඔබ මෝටර් බයිසිකලයකින් වැටී යන අයුරින් වෙනස් විය යුතුය. එසේ නොවුණු විට අනාවැකිය උපහාසයට ලක් විය හැකිය.
මගේ මිත්‍ර ජ්‍යෙdතිෂවේදියකුට එබඳු අවස්‌ථාවකට මුහුණ දෙන්නට සිදුÊවිය. ඔහු වෙත තත්කාල නිමිත්තක් බලන්නට පැමිණි කෙනකුට ඔබේ ගන්ඨාරයක් හොරුන් විසින් පැහැර ගෙන ඇති බවක් කීවේය. ඇත්ත වශයෙන්ම ඔහුගේ නැති වී ඇත්තේ සිය මෝටර් රථයේ ශබ්ද සංඥා දෙන උපකරණයකි. පැරැණි ජ්‍යෙdතිෂවේදින් අපූරු අනාවැකි හෝ ලත් අත්දැකීම් ගැන පලාපල කීවේ පැරැණි පොත පතේ එන සිද්ධාන්ත අනුවය. වත්මන් පොත පත කියවා නැති අය බොහෝ විට ග්‍රහයකුගේ හෝ රාශියක ස්‌වභාවය හඳුනා නොගෙන දශාව ලබා ඇති ග්‍රහයාගේ කාරක ගුණය පමණක් මුල් කර පලාපල කීම නිසා බොහෝ වැදගත් කරුණු මඟහැරී යයි. ගොළු රාශි, අන්ධ රාශි, ශබ්ද රාශි, වඳ රාශි හෝ ග්‍රහයකුගේ මුඪ බව නැකතකින් හෝ දෘෂ්ටියකින් ඒ ග්‍රහයා දූෂණය වී ඇති බව වැනි කරුණු කෙරෙහි යොමු වන්නට ගුරු ඇසුරට යොමු විය යුතුය. ප්‍රවීණ ගුරුවරයකු ගේ ඇසුරක් මඟ පෙන්වීමක් නැතිව කෙනකුට සාර්ථක ජ්‍යෙdතිෂවේදියකු විය නොහැකිය. බොහෝ විට හස්‌තසාර දැනුම ඇත්තේ පරිණත ජ්‍යෙdතිෂවේදියාගේ මනසේය. ඔහු එය හැම දෙනාටම නොදෙයි. තමාගේ ඉතා හිතවත් ගුරු බැතිය ඇති ගෝලයාට හෝ තම දරුවකුට පමණක් එය ලබා දෙන සම්ප්‍රදායක් සමාජයේ පවතී. නිදසුනක් වශයෙන් සියපත් හෝරාව පිළිබඳවත්, ආරූඪ ලග්නයේ ග්‍රහයන් පිහිටුවන අයුරු පිළිබඳවත් පත පොතේ දැක්‌වෙන අරුතට වඩා වෙනස් විග්‍රහ කිරීම් ඇතැම් ශාස්‌ත්‍ර වන්තයන් කෙරෙහි වෙයි. පියාගෙන් පුතාට පමණක් ලබා දෙන ගුරු මුෂ්ටි ක්‍රම නිසා බොහෝ සිද්ධාන්ත සමාජයට නොලැබී ගියේය.
හැම කරුණක් සඳහා ම පර්යේෂණ මධ්‍යස්‌ථානයක් ඇති අපේ රටේ ජ්‍යෙdතිෂයට පමණක් පර්යේෂණ මධ්‍යස්‌ථානයක් නැත. ඒ නිසා කාලීන සිදුවීම් රැස්‌කර එම වාර්තා ගබඩා කර ගෙන තබා ගන්නා ක්‍රමයක් නැත. නිදසුනක් වශයෙන් සුනාමිය වැනි සිදුවීමක් හා එයට පෙර එවැන්නක් සිදු වූ අවස්‌ථාවක් ගැන වාර්තා ගබඩා කර ගෙන නැති නිසා නැවත එවැන්නක් සිදු විය හැකි වකවානුවක් ගැන ග්‍රහචාරය ඔස්‌සේ පරීක්‍ෂා කර බැලීමට පුළුවන්කමක් නැත. අපේ පැරැණි රජවරුන්ගේ ජන්ම කේන්ද්‍ර පවා පරණ පුස්‌කොළ පොත්වල කෞතුකාගාරයේ ඇත. ඒවා සංරක්‍ෂණය කිරීමට හෝ ග්‍රන්ථගත කිරීමට උනන්දුවක් කාටවත් නැත්තේ ජ්‍යෙdතිෂ පර්යේෂණාගාරයක් අපට නැති නිසාය. විදේශිකයන් අපෙන් පැහැර ගෙන ගිය බොහෝ ජ්‍යෙdතිෂ පුස්‌කොළ පොත් අදත් ඔවුන්ගේ කෞතුකාගාරවල හිර වී ඇත. ඒවා ආපසු ලබා ගැනීමට කිසිවකුට උනන්දුවක් ද නැත. ජ්‍යෙdතිෂය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්‌ථානයක් පවත්වා ගෙන යැමේ වගකීම ඇත්තේ සංස්‌කෘතික අමාත්‍යංශයට යෑයි සිතමි.
වත්මන් ජ්‍යෙdතිෂවේදියා, කෙනකුගේ හඳහනක් බලා ප්‍රතිඵල කීමට හෝ නැකතක් හදා දීමට පමණක් සීමා නොවී යම් යම් පර්යේෂණවලට ද නැඹුරු වන්නේ නම් මහත් ප්‍රතිඵල ලබා ගත හැකි වෙයි.
බන්ධනාගාරගත වූ හෝ පිළිකා වැනි බියකරු රෝග වලට භාජන වූ සිය ගණනකගේ කේaJද්‍රවල පිහිටි, එකී තත්ත්වය මතු කිරිමට හේතු වූ ග්‍රහ පිහිටීම් මොනවා දැයි විමසා බැලීමට මම කාලයක් මිඩංගු කෙළෙමි. එදා වරහමිහිර ආචාරීන් විසින් ඒ පිළිබඳව යම් සිද්ධාන්තයක් දුන්නේ නම් එය අකුරටම නිවැරැදි බව අපට පෙනී ගියේය. ඒ දැනුම ජ්‍යෙdතිෂවේදියා ප්‍රගුණ කර ගන්නේ නම් රෝගයක් හෝ අනියම් ආපදාවක් සිදු වන්නට කලින් එය හඳුනා ගැනිමේ ශක්‌තියක් ජ්‍යෙdතිෂවේදියාට ලැබෙනු ඇත. ඒ කාර්යය එකී පුද්ගලයකුට හෝ දෙතුන්දෙනකුට පමණක් කළ හැකි එකක් නොවේ. ජ්‍යෙdතිෂ පර්යේෂණය පිළිබඳ ඒකකයකින් පමණක් කළ හැකි එකකි.
ජ්‍යෙdතිෂයට පමණක් නොව දේශීය ආයුර්වේදයට ද අසාධාරණකම් සිදු වූ අවස්‌ථා බොහෝය. බටහිර වෙදුන්ගේ බෙහෙත් කරල විකුණා ගැනීමට අවශ්‍ය නිසා අප දිගු කාලයක් ප්‍රයෝජනයට ගත් රත කල්කයට අරියාදුÊකිරීම එයට හොඳ එක් නිදසුනකි. ජ්‍යෙdතිෂය අනාගතය උදෙසා රැක ගත යුතුය. එසේම ජ්‍යෙdතිෂවේදියාත් රැක ගත යුතුය. අපේ පැරැණි ජ්‍යෙdතිෂ පත පොතත් රැක ගත යුතුය. ජ්‍යෙdතිෂය අනාගත විශ්වවිද්‍යාල විෂයක් විය යුතු හෙයින් එය පාසලට ඇතුළු කළ යුතුය.
යටත් පිරිසෙයින් ජ්‍යෙdතිෂය ඉගෙනීමට කැමැත්තක් ඇති අයගේ ප්‍රයෝජනය සඳහා සියල්ලන්ටම පොදු ජ්‍යෙdතිෂ පාඨමාලාවක් හෙවත් පාඨ මාර්ගයක් සකස් කර තැබීමට සංස්‌කෘතික අමාත්‍යංශය වග බලා ගත යුතු යෑයි සිතේ. දැනට ජීවතුන් අතර සිටින වයෝවෘද්ධ පරිණත ජ්‍යෙdතිෂවේදීන් දැයෙන් සමු ගැනීමට පෙර එය කර නොගතහොත් ජාතික උරුමකම්වලින් කොටසක් ජාතියට අහිමි විය හැකිය.
ආචාර්ය පියසේන රතුවිතාන
0 Comments