ඔක්‌තෝම්බර් සිට දෙසැම්බර් මැද භාගය දක්‌වා කාල සීමාවේ දී ශ්‍රී ලාංකික අප මුහුණ දෙන අයහපත් කාලගුණ තත්ත්වයක් වන අකුණු පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
ඉතා සරලව සඳහන් කළ හොත් කැටි වැහි වලාකුළක අභ්‍යන්තරයේ සිදුවන විවිධ ක්‍රියාවලි හේතුවෙන් වලාකුළ තුළ විද්යුත් ධන (Ý) සහ විද්යුත් සෘණ (-) ආරෝපන ඇතිවීමෙන් හට ගන්නා විද්යුත් විසර්ජනයක් (විද්යුතය ගමන් කිරීමක්a) අකුණක් ලෙස හැඳින්විය හැක. මෙම විද්යුත් විසර්ජනය සිදුවිය හැකි ආකාර කිහිපයකි. වලාකුළ තුළ, වලාකුළු දෙකක් අතර, වලාකුළ සහ පොළව අතර.
මෙම විද්යුත් විසර්ජනය වලාකුළු දෙකක් අතර ඇතිවන විට වලා අකුණු ලෙසද වලාකුළ සහ අවකාශය අතර ඇතිවන විට වා අකුණු ලෙසද වලාකුළ සහ පොළව අතර ඇතිවන විට පෘථිවි අකුණු ලෙසද හැඳින්වේ. මේ අනුව අප සලකා බලන අකුණු අනතුරුවලට සම්බන්ධ වන්නේ පෘථිවි අකුණු බව පැහැදිලිය.
පෘථිවි අකුණු පහරක් හේතුවෙන් අපට අනතුරු සිදුවන ප්‍රධාන ආකාර පහක් දැක්‌විය හැක. (මීට අමතරව ඉතා කළාතුරකින් අත්දැක ඇති අවස්‌ථා ද පවතී.)
1. Rජු ගැටුම - අකුණු පහර සෘජුවම යම් වස්‌තුවක් (පුද්ගලයෙක්, ගසක් හෝ ගොඩනැගිල්ලක් වැනි) වෙත ගමන් කිරීම.
2. ස්‌පර්ශ වෝල්ටීයතාවය - අකුණු පහරකට ලක්‌වූ යම් වස්‌තුවක් (ගසක්, කම්බියක් හෝ යම් ලෝහමය සැකිල්ලක් වැනි) ස්‌පර්ශ වී ඇතිවිට අකුණු පහරේ බලපෑම දෙවන වස්‌තුවට දැනීම. සමහර අවස්‌ථා වලදී මෙය සන්නයනය ^Conduction) ලෙසද හැඳින්වේ.
3. අංශ -වලනය - අකුණු පහරකට ලක්‌වූ යම් වස්‌තුවකින් එය සමග ස්‌පර්ශ වී නොමැති ආසන්නයේ ඇති වෙනත් වස්‌තුවකට වාතය හරහා අකුණු පහර ගමන් කිරීම.
4. පියවර වෝල්ටීයතාවය - උස ගසක්, කුලුනක් හරහා හෝ සෘජුවම පොළවට පතිත වන අකුණු පහර පෘථිවිය ඔස්‌සේ විවිධ දිශා වලට විද්යුත් ධාරාවක් ලෙස ගමන් කරයි. පාද අතර යම් පරතරයක් සිටින සේ යම් පුද්ගලයෙක් හෝ සතෙක් එම ප්‍රදේශය තුළ සිටින විට පාද අතර ඇති වන විද්යුත් විභව අන්තරය නිසා අකුණේ ප්‍රබල විද්යුත් ධාරාව එම ජීවියා තුළින් ගමන් කිරීම. බොහෝ විට සිවුපා සතුන් අකුණු අනතුරු වලින් මිය යන්නේ මේ හේතුවනි.
5. අධිවෝල්ටීයතා සම්ප්‍රේෂණය - මෙය සර්- සම්ප්‍රේෂණය ලෙස ද හැඳින්වේ. අකුණු ඇතිවීමට බලපාන සාධක පිළිබඳව සලකන විට එය ප්‍රධාන කරුණු තුනක් යටතේ පැහැදිලි කළ හැක. අකුණු ඇතිවීම සඳහා,
1. වායුගෝලය උණුසුම් විය යුතුය
2. වායුගෝලය අස්‌ථායි විය යුතුය
3. වායුගෝලයේ සාපේක්‌ෂ ආර්ද්‍රතාව (වාතයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය) වැඩි විය යුතුය.
මෙය වෙනත් ආකාරයකින් දැක්‌වුවහොත් අකුණු ඇතිවීම සඳහා වායුගෝලයේ සංවහන ක්‍රියාවලිය එනම් ජලය වාෂ්ප ලෙස ඉහළ යාමේ ක්‍රියාවලිය හොඳින් සිදුවිය යුතුය.
ශ්‍රී ලංකාව සැලකුවිට ඉහත අවශ්‍යතා හොඳින් සපුරාලන්නේ අන්තර් මෝසම් කාල සීමා වන මාර්තු සිට අප්‍රේල් දක්‌වා සහ ඔක්‌තෝබර් සිට නොවැම්බර් දක්‌වා කාල වල බැවින් අපට අකුණු අවදානම බහුලව ඇති වන්නේ ඉහත කාල සීමා වලදීය. නමුත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව අඩු පීඩන කළාප හෝ සුළි සුළං හෝ පවතින විට මෙන්ම ජුලි සිට සැප්තැම්බර් අතර කාලයේ දී නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහය දුර්වල වනවිට දී ද කැටි වැහි වලාකුළු වර්ධනය විය හැකි බැවින් අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක් පවතී. පොළව සහ ඒ ආශ්‍රිත වායු කළාපයට වැඩි සූර්ය තාපයක් ලැබෙන විට රත්වූ ද්‍රව සහ වායු අංශු වායුගෝලයේ ඉහළට ගමන් කරමින් සංවහන ධාරා ඇතිකරයි. සංවහන ධාරා මගින් ඉහළ යන ජල වාෂ්ප ක්‍රමයෙන් සිසිල් වන අතර ඉහළ වායුගෝලයේ ඇති දූවිලි අංශු වැනි කාරකයක් වටා ඝනීභවනය වෙමින් වලාකුළු සෑදීම ආරම්භ කරන අතර හිතකර තත්ත්ව යටතේ කැටි වැහි වලාකුළක් දක්‌වා වර්ධනය වේ. උදය කාලයේ සිට මධ්‍යහ්නය පමණ වන තෙක් හොඳින් ලැබෙන හිරු එළිය යටතේ සිදුවන සංවහන ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස දිනයේ අපරභාගය (පස්‌වරු 2 පමණ) වනවිට කැටි වැහි වලාකුළු වර්ධනය වී අකුණු සහිත වැසි ඇති වීම ආරම්භ වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ හෙවත් ලංකාවේ නිරිතදිග ප්‍රදේශවල අකුණ ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
සාමාන්‍යයෙන් අන්තර් මෝසම් කාල සීමාවේ දී කැටි වැහි වලාකුළක් වර්ධනය වීම ආරම්භයේ සිට එහි බලපෑම පහව යාම සඳහා විනාඩි 30 සිට 45 දක්‌වා කාල අන්තරයක් ගත වේ. නමුත් අපට අකුණු අවදානම පවතින්නේ එහි වර්ධන අවධියේ සිට විනාඩි 15 සිට 20 දක්‌වා කාලය තුළ පමණි. ලිපිය මුලදී සඳහන් කළ ආකාරයට අකුණක් යනු විද්යුත් විසර්ජනයකි. කැටි වැහි වලාකුළ අභ්‍යන්තරයේ සිදුවන විවිධ රසායනික සහ භෞතික ක්‍රියාවලි හේතුවෙන් විද්යුත් ධන (Ý) සහ සෘණ (-) ආරෝපන වෙන්වීමක් සිදුවන අතර කැටි වැහි වලාකුළෙහි ඉහළ කොටසේ ධන ආරෝපන ද පහළ කොටසේ සෘණ ආරෝපන ද පවතිනසේ ස්‌ථානගත වේ. එවිට විද්යුත් ප්‍රේරණය නම් ක්‍රියාවලිය යටතේ පොළව මතුපිට ස්‌ථරයෙහි විද්යුත් ධන ස්‌ථරයක් ඇතිවේ. පෘථිවි අකුණක් යනු මෙම ආරෝපිත වලාකුළ සහ පොළව අතර විභව වෙනස හේතුවෙන් ඇතිවන විද්යුත් විසර්ජනයයි.
හොඳින් ආරෝපනය වූ කැටි වැහි වලාකුළක් සහ පොළව අතර විභව වෙනස වෝල්ට් මිලියන සියයක් (108 ඪ) පමණ ඉතා ඉහළ අගයකි. මෙවැනි අවස්‌ථාවක ඇතිවන අකුණක් සන්නයනය කරන විද්යුත් ධාරාව ඇම්පියර් 25000 (25000 A) පමණ වේ. මේ අනුව ඉතාමත් විශාල විද්යුත් ප්‍රමාණයක් (ශක්‌ති ප්‍රමාණයක්) ගමන් කරයි.
විද්යුත් ප්‍රමාණය මනින්නේ කුලෝම්බ් (C) නම් ඒකකයෙන් වන අතර ශක්‌තිය මනින්නේ ජූල් (J) නම් ඒකකයෙනි. කුලෝම්බ්a පහක (5 C) විද්යුත් ප්‍රමාණයක් ගෙන යන අකුණක් ජුල් මිලියන පන්සියයක (5Ù108 J) පමණ අති විශාල ශක්‌තියක් ගෙන යයි. සාමාන්‍යයෙන් 25000A ධාරාවක් ගෙනයන අකුණක් සතුව 10C විද්යුත් ප්‍රමාණයක් ඇති බව සොයාගෙන ඇති අතර එහි අන්තර්ගත මුළු ශක්‌තිය ජුල් මිලියන දහසක් (109J) තරම් සුවිශාල ශක්‌ති ප්‍රමාණයකි. මේසා සුවිශාල ශක්‌ති ප්‍රමාණයක් පොළව කරා ළඟාවීමට ගතවන්නේ තත්පරයෙන් දහසෙන් පංගු විස්‌සක් හෙවත් මිලිතත්පර 20 ක් තරම් ඉතාමත් කුඩා කාලයකි. නමුත් ක්‍රියාවලිය ක්‌ෂණයකින් ජීවිත කිහිපයක් වුවද විනාශ කිරීමට තරම් ව්‍යසනකාරී බව ප්‍රත්‍යක්‌ෂ සත්‍යයකි. ඉහතින් සඳහන් කළ කරුණු වලාකුළේ ස්‌වභාවය අනුව යම් ප්‍රමාණයකින් වෙනස් විය හැක.
අකුණු යනු ස්‌වභාවික ක්‍රියාවලියක් වන බැවින් එය නැවැත්වීම සඳහා අපට කිසිවක් කළ නොහැකි නමුත් අවධානයෙන් සිටීම මගින් අකුණු අනතුරු වලින් ආරක්‌ෂාවීම බොහෝ පහසුවෙන් කළ හැක. ඒ සඳහා මූලික පියවරක් ලෙස අප අවට පවතින වායුගෝලීය තත්ත්ව යටතේ අකුණු ඇතිවීමේ හැකියාවක් පවතී ද යන්න හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත් වේ.
* අන්තර් මෝසම් කාල සීමාවලදී උදය කාලය තුළ සැලකිය යුතු තරම් වැඩි උණුසුමක් පවතින අතර මධ්‍යහ්නය වන විට කැටි වලාකුළු (Cumulus) වර්ධනය වීම (ගෝවා ගෙඩි වල හැඩය සහිත) ආරම්භ වේ නම් අපරභාගයේ දී හෝ සවස් කාලයේ දී අකුණු ඇති විය හැක.
කැටි වලාකුළු
Ö අහස වලාකුළින් බරව පවතින අතර ක්‌ෂණිකව කෙටි කාලීන ඉතා ප්‍රබල සුළං ධාරා (Gusting Winds) සමග වැසි හෝ කුඩා අයිස් කුට්‌ටි සහිත වැසි ඇතිවීම. මෙවැනි තත්ත්වයක් අකුණු ඇතිවීමට ඉවහල් වන කැටි වැහි වලාකුළු හේතුවෙන් ඇති වන අතර අදාල කාලසීමාවේ දී අකුණු අපේක්‌ෂා කළ හැක. (ඉහත සඳහන් ප්‍රබල සුළං ධාරාව යටි සුළං පහර (Down draft) ලෙස හඳුන්වයි. සමහර අවස්‌ථා වලදී මෙම යටි සුළං පහර ගස් හෝ ස්‌ථිර ගොඩනැගිලි වලට වුවද හානි කිරීමට තරම් ප්‍රබල විය හැක)
Ö අහසේ පමණක් විවිධ දිශා වලට විහිදී යන අකුණු ආලෝකය දැකීම. මෙම අවස්‌ථාවේ දී අපට අකුණු අවදානම සැලකිය යුතු තරම් ඉහළ වේ. කැටි වැහි වලාකුළක් වර්ධනය වී එය තුළ ඉහළ කොටසේ ධන සහ පහළ කොටසේ සෘණ ලෙස විද්යුත් ආරෝපන පවතින විට එම ප්‍රදේශ දෙකෙහි ඇති විද්යුත් විභව වෙනස නිසා මුලින්ම වලාකුළ තුළ විද්යුත් විසර්ජන හෙවත් වලා අකුණු ඇති වේ. පොළව දක්‌වා ගමන් කරන පෘථිවි අකුණු ඇතිවන්නේ ඊට පසුව බැවින් වලාකුළ තුළ අකුණු ආලෝකය දකින විට ඉදිරියේ දී අපට අකුණු අවදානමක් ඇති බව පැහැදිලි වේ.
ඔබ සිටින ස්‌ථානයට යම් දිශාවකින් අකුණු ආලෝකය පෙනේ නම් එම අවස්‌ථාවේ සිට ගිගුරුම් හඬ ඇසීමට ගතවන කාලය (තත්පර වලින්) මැන එය 3 න් බෙදූවිට ඔබ සිටින ස්‌ථානයේ සිට අකුණු ඇතිවන ස්‌ථානයට දුර කිලෝමීටර වලින් ලබාගත හැක. නමුත් මෙහිදී ඇති වැදගත් කරුණක් වන්නේ අවට පවතින සුළං හේතුවෙන් එම වලාකුළ වෙනත් ස්‌ථානයකට තල්ලු වී යා හැකි වීමයි. ශ්‍රී ලංකාව ආශ්‍රිතව මෙසේ සුළඟ මගින් වලාකුළු තල්ලු වී යාමේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර විස්‌සක් (20 නපරැය) පමණ වේ. අකුණු වලාකුළක් ප්‍රබලව පවතින්නේ විනාඩි 15 ක් පමණ වන බැවින් එම කාලය තුළ සුළං බලය යටතේ තල්ලුවීමකට භාජනය වුව හොත් වලාකුළක් කිලෝමීටර 5 ක් (5 නප) පමණ ගමන් කළ හැක. මේ නිසා කැටි වැහි වලා නොමැති දුරින් පිහිටි ස්‌ථනයකට වුවද අකුණු පහර ළඟාවිය හැක. ප්‍රබල ලෙස අකුණු ඇති බව ඈතින් පෙනෙන විට අප රූපවාහිනිය නැරඹීමට හෝ ගුවන්විදුලියට සවන් දීමට හෝ අකුණු ඇති අවස්‌ථාවල නොකළයුතු යම් කාර්යයක් කිරීමට පෙළඹුනද මේ තත්ත්වය යටතේ එය අවදානම් සහගත ක්‍රියාවක් බව හොඳින් තේරුම් ගත යුතුය.
අකුණු මගින් සිදුවන හානිය විවිධ ආකාර වලින් සලකා බැලිය හැකි වුවද මෙහිදී පහත දැක්‌වෙන ප්‍රධාන අවස්‌ථා හතරක් යටතේ ඒ පිළිබඳව සකච්ඡා කෙරේ. මූලිකව සලකා බැලූවිට අකුණු අනතුරු,
1. මිනිසා ඇතුළු ජීවීන්ට
2. ශාක පද්ධතිය සහ භෝග වගාවට
3. ගෘහ විද්යුත් උපාංග වලට
4. රථවාහනවලට
මිනිසා ඇතුළු ජීවීන්ට අධිවෝල්ටීයතා සම්ප්‍රේෂණය හැර පෘථිවි අකුණු පොළව කරා ළඟාවන අනෙක් ක්‍රම හතරෙන්ම හානි සිදුවිය හැක. සෘජු ගැටුම මේවා අතරින් වඩාත්ම හානිදායක බව ඉහත දී ද සඳහන් කළ අතර සාමාන්‍යයෙන් මෙම අකුණු පහරකට ලක්‌වන පුද්ගලයින් දහ දෙනෙකුගෙන් අට දෙනෙකුම මාරාන්තික හෝ ඉතා අසාධ්‍ය තත්ත්වයට පත්විය හැක. මෙහිදී ප්‍රබල කම්පන තත්ත්වවලට ලක්‌වීම නිසා ස්‌නායු ආබාධ, මානසික දුර්වලතා මෙන්ම බරපතල තුවාල වුවද ඇතිවීමේ හැකියාව පවතී. මීට අමතරව වනාන්තර වල ජීවත් වන සිවුපා සතුන් අකුණු මගින් මිය යන්නේ පියවර වෝල්ටීයතාවයේ බලපෑමෙනි.
ශාක පද්ධතිය සැලකු විට අකුණු පහර සෘජුවම පතිත වීම නිසා කොස්, අඹ, පොල් වැනි වටිනා ශාක පිළිස්‌සී විනාශ වීම බහුලව සිදුවන්නකි. එසේම ලැව් ගිනි වුවද ඇති වීමේ හැකියාවක් පවතී. මේ ආකාරයටම සෘජු අකුණු පහර හේතුවෙන් භෝග වගාව විනාශ වන අවස්‌ථා ද දැකිය හැක. අකුණු හේතුවෙන් භෝග වගාව විනාශ විය හැකි තවත් ක්‍රමයකි අම්ල වැසි. අම්ල වැසි ඇති වීමට ප්‍රධාන වශයෙන් කම්හල් වලින් පිට වන සල්µර් ඩයොක්‌සයිඩ් (Sධ2) සහ නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් (භධ2) යන වායු වර්ග බලපායි.
නමුත් වායුගෝලයේ බහුලවම ඇති වායුව වන නයිට්‍රජන් (N2) අකුණකින් ලැබෙන ප්‍රබල විද්යුත් ක්‌ෂේත්‍රය හමුවේ වාතයේ ඇති ඔක්‌සිජන් (O2) වායුව සමග නයිටි්‍රක් ඔක්‌සයිඩ් (NO) වායුව සාදන අතර එම භධ වායුව නැවත වාතයේ ඇති O2 වායුව සමග නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් (NO2) වායුව සාදයි. මෙම NO2 වැසි ජලය (H2O) සමග ප්‍රතික්‍රියා කර නයිටි්‍රක් අම්ලය (HNO3) බවට පත්වන අතර HNO3 ජලයේ දිය වීමෙන් ස්‌වභාවිකව වැසි ජලය ආම්ලික වේ.
වැසි ජලයේ ච්‍ය අගය 5.6 ට වඩා අඩු වූ විට එය අම්ල වැස්‌ස ලෙස හැඳින්වේ.
මෙම ජලයේ ආම්ලිකතාවය නිසා භෝග වගාව විනාශ වීමේ හැකියාවක් ඇති අතරම පාංශු ජීවීන් විනාශ වීමද සිදුවේ. මෙහි තවත් අනිටු විපාකයක් වන්නේ පසෙහි ඇති විවිධ පෝෂක කොටස් ආම්ලික ජලයේ දියවී පස නිසරු වීම සහ එම ජලය ජලාශ වලට එකතුවීමෙන් ජලජ ජීවීන් සහ ජලජ පැලෑටි විනාශවීමයි. අම්ල වැසි මගින් මෙසේ සිදුවන හානිය එතරම් ප්‍රබල නොවේ. (නමුත් ඉතා වැදගත් වන්නේ අකුණු භෝග වගාවට හිතකර වන ආකාරයයි. ඊට හේතුව මුදල් වියදම් කර කෘතිම පොහොර මගින් සැපයිය යුතු නයිට්‍රජන් ප්‍රමාණය පසට ලබාදෙන ස්‌වභාවික ක්‍රමයක් ලෙස අකුණු ක්‍රියා කිරීමයි.)
අධිවෝල්ටීයතා සම්ප්‍රේෂණය හේතුවෙන් අකුණ මගින් ලබාදෙන ප්‍රබල වෝල්ටීයතාවය නිවසේ විදුලි උපකරන තුළින් ගමන් කිරීම නිසා එම උපකරණවල විද්යුත් පරිපථ (විද්යුත් උපාංග) පිලිස්‌සී යාමක් සිදුවේ. මෙය බහුලව සිදුවන අතර බෝහෝ අවස්‌ථා වල විවිධ ජනමාධ්‍ය ඔස්‌සේ ඒවා ප්‍රචාරය වී ඇත.
රථ වාහන වලට වන හානිය සැලකු විට විවෘත වාහන ලෙස ගැනෙන බයිසිකළ්, මෝටර්සයිකළ්, සියලුම වර්ග වල ට්‍රැක්‌ටර් ආදිය පරිහරණය කරන පුද්ගලයින් සෘජුවම අකුණු පහරට ලක්‌වීමේ සම්භාවිතාව ඉතා ඉහළවේ. නමුත් සංවෘත වාහන අකුණු වලින් ආරක්‌ෂාකාරී වන අතර විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වන්නේ අකුණු ඇතිවන අවස්‌ථාවක වාහන වලට ඉන්ධන පිරවීම අනතුරකට අතවැනීමක් බවයි. ගුවන් යානා සඳහා ඉන්ධන පිරවීමේදී මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය. අකුණු හමුවේ ඉන්ධන ගිනිගැනීමකට ලක්‌විය හැකි වීම ඊට හේතුවයි. මීට අමතරව ධාවනය වන ගුවන් යානාවක් සැලකුවිට අභ්‍යන්තරයේ සිටින පුද්ගලයින් අකුණු අනතුරකින් ආරක්‌ෂිත වුවත් අකුණු හේතුවෙන් ගුවන් යානාවේ තටු වලට හානි සිදුවුව හොත් එමගින් ගුවන් අනතුරක් සිදුවිය හැක.
කාලගුණ විද්‍යාඥ
චමින්ද ද සිල්වා
0 Comments