යාචකයෝ සහ සංචාරකයෝ


මෑත කාලය තුළ ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ සමස්‌ත ආර්ථිකයම ප්‍රබල බලපෑමක්‌ කළ විදෙස්‌ ජාතියක්‌ වී නම් ඒ චීන්නුය. ආසියාකරයේ මහා බලවතා මෙන්ම අනාගත ලෝකයේ බලවත්ම රාජ්‍ය වන බවට ඉඟි පළකරන චීනය පසුගිය කාලයේ පැවැති රජය සමග පැවැත්වූ සමීප සබඳතාව නිසාම ඉන්දියන් සාගරය තරණය කර මෙරටට ගොඩබෑ චීන නිෂ්පාදන මෙන්ම යුවාන් ප්‍රාග්ධනය බොහෝ වෙති. ඒ සබැඳියාවේ අෙච්තනික වස්‌තූන් අහස උසටද භූ සිතියම් වෙනස්‌ කළ සමුදුරු නගර ලෙසද ගොඩනැගෙන විට ඊට සාපේක්‍ෂව සිදුව ඇති වෙනසක්‌ නිතර අපේ නෙත ගැටෙති.

ඒ අල්පෙනිත්තෙ සිට "මේඩ් ඉන් චයිනා" බඩු භාණ්‌ඩ අපේ වෙළෙඳපොළ ආක්‍රමණය කළ තරමට චීන ජාතිකයන්ගෙ පැමිණීම ඉහළ ගොස්‌ ඇති බවය. මෙලෙස රටකට සංචාරක විදේශිකයන්ගෙ වර්ධනයක්‌ පෙන්නුම් කිරීම රටේ ආර්ථිකයට සුබදායී පණිවුඩයක්‌ වුවත් කිසිදු ආබාධයකින් තොරව ආගන්තුක සංස්‌කෘතීන්වලට අයත් ජාතීන් පැමිණ මේ සමාජයේ හැසිරෙන ආකාරය එකී සමාජයේ අනන්‍යතාව උඩුයටිකුරු කිරීමට පවා හේතු වන්නට පුළුවන. 

නමුත් මේ ලිපියේ නිමිත්ත වූයේ එවැනි දීර්ඝකාලීන සමාජ විපර්යාසයක්‌ පිළිබඳ හෙළිදරව් කිරීම නොව විදෙස්‌ සංචාරකයන් සම්බන්ධව පෙර නොවූ විරූ සිදුවීමක්‌ හෙළිදරව් කිරීමය.

ඔවුහු චීන ජාතික යාචකයෝය. නගරයේ වීදියකදී හෝ දකුණේ මුහුදු වෙරළකදී විදේශිකයන් පසුපස ගොස්‌ කීයක්‌ හෝ සොයා ගැනීමට උත්සාහ කරන මිනිසුන් දැක ඇතත් මහමගදී විදේශිකයන් අපෙන් සිඟමන් යෑදීම නුහුරුය. නමුත් ඉකුත් සතියේ කොටුව දුම්රියපළ ඉදිරිපිට හෝ කොල්ලුපිටිය ප්‍රදේශයේ මහමග ගමන් කළ බොහෝ දෙනකුට මේ දුලභ සිදුවීම අරුමයක්‌ ලෙස දැකගත හැකි විය. කිහිළි කරුවකින් වාරුව ගත් ඒ විදේශිකයා තමන් ඉදිරියේ යනෙන ස්‌වදේශිකයන්ට අතපාමින් සිටියේය. වයස අවුරුදු 60 පමණ වන මේ වියපත් චීන ජාතික යාචකයා කොටුව පොලිසියේ නිලධාරීන්ගේ ඇස ගැටෙන විට පැය ගණනක්‌ වෙහෙසීමෙන් රුපියල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක්‌ එකතු කරගෙන තිබී ඇත. මේ විදේශිකයා පොලිසිය සොයා ගත්තේ ඔහු සමග පැමිණි ඔහුගේ සඟයකුද සමගය. ඔහුද චීන ජාතිකයෙක්‌ය. මාස තුනක්‌ සඳහා සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ ඇති මේ දෙදෙනා සමග තවත් චීන ජාතිකයන් තිදෙනකු ඔවුන් ලැගුම් ගෙන සිටින කොල්ලුපිටිය සිග්නේචර් හෝටලයේ සිටින බව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසිය සොයාගත්තේය. 

එහෙත් ඒ වන විට මේ පිළිබඳ විමර්ශනය කළ පොලිස්‌ නිලධාරීන්ට විස¹ගත නොහැකිව තිබුණේ ඔවුන් සැබැවින්ම සංචාරය සඳහා ලංකාවට පැමිණ කිසියම් හේතුවක්‌ මත මේ තත්ත්වයට පත්වූවාද, නැතිනම් අධික ගුවන් වියදමක්‌ දරා ඔවුන් ලංකාවට පැමිණියේ කුමක්‌ සඳහාද යන්නය. එය දැනගැනීමට පොලිසියට බොහෝ වෙහෙසක්‌ දැරීමට සිදුවුණේ ඉංග්‍රීසි භාෂාව හෝ මේ විදේශිකයන් දෙදෙනාට නොවැටහීමය. අවසානයේ චීන භාෂා පරිවර්තකයකු සොයාගෙන පොලිසියට එම අවුල ලිහා ගැනීමට හැකිවිය.

මුලදී මේ චීන ජාතිකයන් ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ගෙ පවතින විවිධ ආබාධවලට දේශීය ප්‍රතිකර්ම ලබාගැනීමේ අරමුණෙන් ලංකාවට පැමිණි බවය. නමුත් සංචාරක වීසා මත පදනම්ව ඔවුන් ලංකාවට ගෙන්වා ඇත්තේ තවත් චීන ජාතිකයන් දෙදෙනෙක්‌ බව පසුව අනාවරණය විය. ඒ නිසා ඔවුන් යාචකයන් ලෙස හැසිරීම සැලසුම් සහගතව සිදුවූවක්‌ද යන්න සැකයට තුඩුදී ඇත.

නමුත් ලෝක ආර්ථික බලවතා වීමේ මාර්ගයට පිවිස සිටින ලෝක ආර්ථිකය තුළ රුපියලට වඩා යුවාන් වලට වටිනාකමක්‌ හිමිවන විට ඒ මුදල් ඒකකයට හිමිකම් කියන රටවැසියන් ගුවනින් පැමිණ මෙහි සිඟමන් යදින්නේ කුමකටද?

එය අද සමාජයේ භාෂාවෙන් කියතොත් ස්‌වදේශිකයන් වන අපට එය පොඩි "ත්‍රිලක්‌" ගෙන දෙන කරුණක්‌ වුවත් මේ පිළිබඳ සොයා බැලීමට අන්තර්ජාලය පිරික්‌සීමේදී අවබෝධ වන්නේ දේශ සීමා මායිම් කුමක්‌ වුවද සෑම රටකම දුප්පතුන්ගෙ ලෝකය තවමත් ෙ€දවාචකයක්‌ බවය.

කොතරම් වේගවත් දියුණුවකට පැමිණ සිටියත් බිලියන එක්‌දහස්‌ හැටකට ආසන්න ජනගහනයක්‌ ජීවත් වන චීනයේ මිලියන අසූ දෙකක්‌ ජීවත් වන්නේ දිනකට ඩොලරයක්‌වත් උපයාගත නොහැකි මට්‌ටමකය. ඒ හේතුව නිසාම බීජිං නුවරට බොහෝ දුර පිටිසරබද ගම්මානවල උපදින ඇතැම් දරුවන්ගේ අනාගතය එකම එක ශෝකාලාපයක්‌ය.

චීනයේ යාචකයන් පිළිබඳ සොයා බැලීමට අන්තර්ජාලයේ සැරිසරන්නෙකුට එරට පිටිසරබද පළාත්වල දෙමාපියන්ට ජීවත් වීමේ අරගලයට මුහුණදිය නොහැකිව ළමුන් නන්නාදුනන පුද්ගලයන්ට විකිණීම පිළිබඳ දුක්‌බර පුවත් ඕනෑ තරම් සොයාගත හැකිය. වඩා දුක්‌ඛදායක තත්ත්වය නම් එවැනි නන්නාඳුනන පුද්ගලයෙක්‌ට විකිණෙන කුඩා දරුවෙක්‌ට යළි ජීවිතයේ කිසි දිනෙක තම දෙමාපියන්ගේ මුහුණවත් ඇස ගැටෙන්නෙ නැත. මුදල් පොරොන්දු පිට දරුවන් ලබා දුන්නද ඒ දෙමාපියන්ට කිසි දිනක පොරොන්දු මුදල නොලැබෙන අවස්‌ථාද එමටය.

කුඩා වයසේදීම තැරැව්කරුවන්ට විකිණෙන මේ දරුවන් බොහොමයක්‌ රැගෙන යන්නෙ සංවිධානාත්මක සිඟමන් යෑදීම සඳහා බව සවුත් චයිනා මොනින් පෝස්‌ට්‌ වෙබ් අඩවිය අනාවරණය කරන්නේය. එම වෙබ් අඩවියට අනුව චීනයේ තදාසන්න නගරවල ඈත පිටසරබද පළාත්වලින් පැමිණ තවකෙකුට අතපාන චීන යාචකයන්ගේ සංඛ්‍යාව විසි දහසකට වඩා වැඩිය.

මහජනයා නිතර ගැවසෙන චීනයේ දුම්රිය ස්‌ථානවල මෙවැනි යාචකයන් නිතර දැකිය හැකි අතර බීජිං නුවර නාගරික සම්මේලනය මේ හිසරදයෙන් සාමාන්‍ය ජනතාව බේරා ගැනීම සඳහා 2014 මැයි 15 ප්‍රසිද්ධ ස්‌ථානවල සිඟමන් යෑදීම සම්බන්ධව අලුත් නීතියක්‌ සම්මත කරගත්තේය. ඒ අනුව එම නීතිය කඩකරන යාචකයන්ට යුවාන් 50 සිට 1000 දක්‌වා දඩයක්‌ නියම කළ හැකිය. ඇත්තෙන්ම "ඔµa බ්‍රිµa" චයිනා වෙබ්" අන්තර්ජාල අඩවියට අනුව මේ දඩ මුදල නාගරික චීන යාචකයෙකුට නම් එතරම් මුදලක්‌ වන්නේ නැත. ඔවුන් සඳහන් කරන ආකාරයට නාගරික යාචකයකුගේ දවසක සාමාන්‍ය ආදායම යුවාන් දස දහසක්‌ පමණ වන්නේය. බීජිං නුවර බටහිර දුම්රියපළ අසල සිටින එවැනි පිටිසරබද පළාතකින් පැමිණි යාචකයෙකු සතියකට වරක්‌ තමා සිඟාකන ආදායම රැගෙන ඒ අසල පිහිටි තැපල්හලට එන්නේය. ඒ ඔහුගේ ගම් පළාත වන ජෙන්ඩු පළාතේ ලිපිනයකට මනිඕඩරයක්‌ යෑවීම සඳහාය. තැපැල්හලේ නිලධාරීන් ඔµa බ්‍රිµa වෙබ් අඩවියට සඳහන් කර තිබුණේ ඒ ඇතැම් අවස්‌ථාවක ඔහු අතැති මුදල ගණන් කිරීමට වෙනම නිලධාරියකුට උදව් වීමට සිදුවන බවය. නමුත් චීන උපාධිධාරි පුද්ගලයෙක්‌ගෙ සාමාන්‍ය ආදායම යුවාන් 2400 පමණ බව එහිම සඳහන් කර ඇත.

දැන් අප හමුවේ එන ප්‍රශ්නය වන්නේ චීන යාචකයෙක්‌ට එවැනි සුපිරි ආදායමක්‌ ඉපයිය හැකිනම් ඔවුන් ලංකාවේ සිඟාකෑමට එන්නෙ මොන කෙන්ගෙඩියක්‌ සඳහාද යන්නය. එය එසේ වන්නේ සීමා මායිම් බාධක බිදී වේගයෙන් එකම මිනිස්‌ යායක්‌ බවට පත්වෙමින් තිබෙන ගෝලීයකරණය වූ ලෝකයේ සෙසු සියල්ලට මෙන්ම සිඟමනටද දේශසීමා, සංස්‌කෘතිය, ජාතිය තවදුරටත් බාධාවක්‌ නොවන නිසා වන්නටද පුළුවන.

තිස්‌ස ගුණතිලක

Post a Comment

0 Comments