ශ්‍රී ලංකාව මෙම මත් උවදුරට හා මත් ප්‍රවාහනයට ගොදුරු වන ප්‍රබල ස්‌ථානයක පිහිටා ඇත. මෙයට හේතු වී ඇත්තේ අපේ රට භූගෝලීය වශයෙන් පිහිටා ඇති ස්‌ථානයයි. ලොව බහුල වශයෙන් මත්ද්‍රව්‍ය නිපදවන රන් ත්‍රිකෝණය හා රන් චන්ද්‍රවංකය ලෙස හඳුන්වන රටවල් අතර ලංකාව පිහිටා ඇති නිසා, මෙකී මත්ද්‍රව්‍ය ගොදුරට පත්වීමේ වැඩි අවදානමක් ඇති වී තිබේ. රන් ත්‍රිකෝණය යනු තායිලන්තය, බුරුමය හා ලාඕසයයි. රන් චන්ද්‍රවංකය යනු ඉරානය, ඇප්ගනිස්‌ථානය හා පකිස්‌ථානයයි. එසේම ඉහත කී මත්ද්‍රව්‍ය නිපදවන රටවල් අතර පිහිටි ඉන්දියාව මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන්ගේ සංක්‍රමණ රටක් නිසාත්, ලංකාව ඊට ආසන්නයේ පිහිටා තිබීමත් මෙයට හේතුවයි. ලොව මත් වෙළෙඳපොළට මරිජුවානා හා හෂීෂ් සපයන නේපාලය මේ රටවල් අසල පිහිටීම මෙම උවදුරට ලක්‌වීමට තවත් හේතුවකි.
මත්ද්‍රව්‍ය සම්බන්ධව නිශ්චිත අර්ථකථනයක් සැපයීම දුෂ්කර කාර්යයක් වී තිබේ. විශේෂයෙන්ම මත්ද්‍රව්‍යයන්හි දක්‌නට ලැබෙන සංකීර්ණත්වය මේ සඳහා බලපා ඇත. ඉතිහාසය පටන් ගත් කාලයේ පටන්ම මිනිස් වර්ගයා සිත විකෘති කරන හා මත්කරන ද්‍රව්‍ය පාවිච්චි කිරීමට පුරුදු වී සිටියහ. ආදිවාසීන් තම ආතතිය හෝ වේදනාව අඩුකරන හෝ සතුට දනවන පැළෑටි ද්‍රව්‍ය භාවිත කොට තිබූ බව පෙනේ. උදාහරණයක් වශයෙන් ක්‍රි. පූ. 4 වැනි සියවසේදී පැරණි ඉරානයේ විසූ සුමේරියන්වරු අබිං වගා කළහ. ඔවුන් මෙය හැඳින් වූයේ zප්‍රමෝදය ගෙන දෙන පැළෑටියZ වශයෙනි. වසර 5000 කට පමණ පෙර චීන ජාතිකයන් විසින් මරිජුවානාවල ඇති වෛද්‍යමය ප්‍රයෝජනය ගැන ලියා ඇත. මෙකී බොහෝ ද්‍රව්‍යවලට විෂ සහිත මට්‌ටමක් තිබූ අතර, ඒවා බොහොමයකට විශාල වශයෙන් ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් තිබිණි.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අද ලෝකයේ බහුල වශයෙන් කතා බහට ලක්‌වන මාතෘකාවක් බවට පත්වී ඇත. ගුවන්තොටුපලේදී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම පිළිබඳ නිතර නිතර කතා බහට ලක්‌වේ. මේ වන විට විශාල වශයෙන් ලොව තරුණ පරපුර මෙම භයානක උවදුරට ඇබ්බැහිවීමට පටන් ගෙන ඇත. නූතන ලෝකය මෙතෙක් නොවූ විරූ ලෙස ව්‍යසනයන් දෙකකට මුහුණ දී තිබේ. එකක් නම් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයයි. අනික නීතිවිරොAධී මත්ද්‍රව්‍ය භාවිතයයි. ලෝකයේ ජනප්‍රියතම හා ලාබදායකම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර දෙක ලෙස නීතිවිරෝධී අවි ආයුධ වෙළෙ¹ම හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය දක්‌වා තිබේ. නීතිවිරෝධී අවි ආයුධ වෙළෙ¹ම ලොව ඉතා ජනප්‍රියතම වෘත්තිය වන අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ලොව දෙවැනි ඉතා ජනප්‍රියතම වෘත්තිය බවට පත්වී ඇත. මත්ද්‍රව්‍ය යනු එය භාවිතා කරන ඕනෑම මිනිසකුගේ ශාරීරික සහ මානසික ගති පැවතුම්වල යම්කිසි වෙනසක් ඇති කරන රසායනික ද්‍රව්‍යයකි. එමෙන්ම ස්‌නායු පද්ධතියේ අවපීඩනයක් ඇති කරන සහ මනුෂ්‍ය ශරීරයේ යම්කිසි උත්තේජනයක් ඇති කිරීමට සමත්වන ද්‍රව්‍ය මත් ඖෂධ හෙවත් මත්ද්‍රව්‍ය ලෙස හඳුන්වයි.
යමෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට බලපාන හේතුන් ගණනාවක් දක්‌නට ලැබේ. සමාජයේ මත්ද්‍රව්‍ය සුලභව පැවතීම, පුද්ගලයාගේ සමාජ ආර්ථික තත්ත්වයන් වෙනස් වීම, නාගරීකරණය වීම, පවුල, ආගම හා සදාචාරය ආදී සමාජය දෙසට යොමු වූ ආකල්ප සහ වටිනාකම්වල තත්ත්වයන් වෙනස්‌වීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් අතර දුප්පත්කම වැඩිවීම, බන්ධනාගාරවල ඉඩ කඩ මදවීම, සමාජ හා පවුල් ආරවුල් තත්ත්වයන්, පුද්ගලයාගේ මානසික අසහනකාරී තත්ත්වය ආදිය මේ සඳහා බලපාන හේතුන් සමහරකි.
මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදිවලට පමුණුවන දඬුවම මරණීය දණ්‌ඩනය හෝ ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් නියම කිරීම වේ. හෙරොයින්, කොකේන්, මෝපීන් හෝ අබිං නිෂ්පාදනය කිරීම හෝ ප්‍රවාහනය, ළඟ තබාගැනීම, ආනයනය හෝ අපනයනය මෙම වරදට අයත් වේ. මේ සඳහා අබිං ග්‍රෑම් 500 ක්, මෝපීන් ග්‍රෑම් 3 ක්, කොකේන් ග්‍රෑම් 2 ක්, හෙරොයින් ග්‍රෑම් 2 ක් යන ප්‍රමාණය ප්‍රමාණවත් වේ.
ශ්‍රී ලංකාව මෙම මත් උවදුරට හා මත් ප්‍රවාහනයට ගොදුරු වන ප්‍රබල ස්‌ථානයක පිහිටා ඇත. මෙයට හේතු වී ඇත්තේ අපේ රට භූගෝලීය වශයෙන් පිහිටා ඇති ස්‌ථානයයි. ලොව බහුල වශයෙන් මත්ද්‍රව්‍ය නිපදවන රන් ත්‍රිකෝණය හා රන් චන්ද්‍රවංකය ලෙස හඳුන්වන රටවල් අතර ලංකාව පිහිටා ඇති නිසා, මෙකී මත්ද්‍රව්‍ය ගොදුරට පත්වීමේ වැඩි අවදානමක් ඇති වී තිබේ. රන් ත්‍රිකෝණය යනු තායිලන්තය, බුරුමය හා ලාඕසයයි. රන් චන්ද්‍රවංකය යනු ඉරානය, ඇප්ගනිස්‌ථානය හා පකිස්‌ථානයයි. එසේම ඉහත කී මත්ද්‍රව්‍ය නිපදවන රටවල් අතර පිහිටි ඉන්දියාව මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන්ගේ සංක්‍රමණ රටක් නිසාත්, ලංකාව ඊට ආසන්නයේ පිහිටා තිබීමත් මෙයට හේතුවයි. ලොව මත් වෙළෙඳපොළට මරිජුවානා හා හෂීෂ් සපයන නේපාලය මේ රටවල් අසල පිහිටීම මෙම උවදුරට ලක්‌වීමට තවත් හේතුවකි.
සාමාන්‍යයෙන් හෙරොයින් ප්‍රවාහනය කරන මාර්ග අතර පකිස්‌ථානය, ඉන්දියාව, තායිලන්තය, බංගලාදේශය, ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව එක් ආකාරයකි. එසේම පකිස්‌ථානයේ සිට අප්‍රිකානු රටවල්, එනම් නයිජීරියාව, ගිනියා, අයිවරි කෝස්‌ට්, දකුණු අප්‍රිකාව ආදිය වේ. අනිත් මාර්ගය නම් පකිස්‌ථානයේ සිට එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය වේ. මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව හෝ බංග්ලාදේශය හරහා කෙරෙන ගමන් මාර්ගය නිසාය. චීනයේ සිට මැකාඕ රටටත් මියන්මාරයේ සිට චීනයටත් තවත් ගමන් මාර්ග දෙකක් පවතී.
ගංජා ප්‍රවාහනය කරන මාර්ග නම් ඉන්දියාවේ සිට බංග්ලාදේශයටත් හොංකොං හෝ චීනයේ මැකාඕ රටටත්, තායිලන්තයේ හෝ කොරියාවේ සිට ජපානයටත්, තායිලන්තයේ සිට හොංකොංවලටත්, ජැමෙයිකාවේ සිට එක්‌සත් ජනපදය හරහා ජපානයටත්, නයිජීරියාවේ සිට ජපානයටත් වේ.
කෝකේන් ප්‍රවාහනය කරන මාර්ග වන්නේ දකුණු ඇමෙරිකානු රටවල්වල (එනම් කොලොම්බියාව, පේරු, චිලි හා ආර්ජෙන්ටිනාව) සිට ඕස්‌ටේ්‍රලියාවටත්, ඉන්දුනීසියාවේ සිට ඕස්‌ටේ්‍රලියාවටත්, දකුණු ඇමෙරිකානු රටවල්වල (කොලොම්බියාව, බ්‍රසීලය, බොලිවියාව) සිට ජපානයටත්, දකුණු ඇමරිකානු රටවල්වල (පේරු, කොලොම්බියා) සිට හොංකොංවලටත්, චීනයේ සිට හොංකොංවලටත් වේ.
වෙනත් කෘත්‍රිම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේ චීනයේ සිට හොංකොං හා ජපානයටත්, චීනයේ සිට කොරියාවටත්, චීනයේ සිට පිලිපීනයටත් වේ. මියන්මාරයේ සිට චීනයටත්, තායිලන්තය හා මැලේසියාවේ සිට සිංගප්පූරුවටත්, තායිලන්තයේ සිට චීනයට හා හොංකොංවලටත් මෙතාඇම්පෙටමින් ප්‍රවාහනය කරනු ලැබේ.
චීනයේ සිට හොංකොං හා මැකාඕවලටත්, එක්‌සත් රාජධානියේ සිට ඕස්‌ටේ්‍රලියාව හා නවසීලන්තයටත්, බෙල්ජියමේ සිට ඕස්‌ටේ්‍රලියාව හා නවසීලන්තයටත්, එම්ඩීඑම්ඒ නම් කෘත්‍රිම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලැබේ.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයාගේ චරිත ලක්‍ෂණ හෝ හැසිරීම් රටා අනුව ඔහු අත්අඩංගුවට ගැනීමේ අවස්‌ථා උදාවී තිබේ. ඕනෑම අපරාධකරුවෙක් යම් චකිතයකින් පෙලෙන්නා සේම මත්ද්‍රව්‍ය ප්‍රවාහකයා හෝ ඊට සම්බන්ධ වන්නා පවා පළපුරුදු නිලධාරියකුට පහසුවෙන් හඳුනාගත හැකිය. ඔහු කතා කරන විට කටහඬ වරින් වර වෙනස් වේ. කතා කරන අතරේ එක්‌වරම උච්ච ස්‌වරයකින් කතා කරන අතර, බය දැනුණු විට තදින් කතා කිරීමත් එසේ නොවුණ විට මෘදු ලෙස කතා කිරීමත් සිදුවේ. ස්‌වරය වැඩිවන ආකාරයෙන් කතා කරන අතර, අමාරු ප්‍රශ්නවලදී නොඇසෙන ලෙසට උත්තර දෙයි. බලපෑමක් ඇතිවිටදී කටහඬ ශබ්දය වැඩිවී, බිය වූ විට කටහඬ මෘදු වේ. කටහෙŒ වේගය වරින් වර වෙනස් වේ. ඇත්ත නොකියන විට හෙමින් කතා කරයි. තමාගේ අදහස හෝ මතයට බලපෑම් කිරීමට උත්සාහ කරයි. බඩු පරීක්‍ෂා කරන අතරතුර කාලගුණය ක්‍රීඩා, ගමන් තොරතුරු ආදී සාමාන්‍ය කතා බහට යොමු වෙයි. පරීක්‍ෂා කරන නිලධාරියාගේ අවධානය වෙනත් ආකාරයට යොමුවන ලෙස කතා බහ වෙනත් පැත්තකට යොමු කරයි. ප්‍රශ්නවලට උත්තර විස්‌තරාත්මකව පවසයි. නිලධාරියාගේ අදහසට බලපෑම් කරයි. අසනීප බව හෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට ඉඟි කරයි. ඉක්‌මන් පරික්‍ෂාවට බල කරයි. අතිශයෝක්‌තියෙන් තොරතුරු පවසයි.
ඕනෑම ක්‍රියාවකට තම ශරීරය සූදානම් බවට ඉඟියක් ලෙස තම ශරීරය නිලධාරියාගේ පැත්තට විරුද්ධ පැත්තට හරවයි. ශරීරය තද බවක් දැනේ. අත් ශරීරයෙන් ඉවතට යෑවේ. කෙනෙකුගේ අවධානය යොමු වීමට අත් ඉවතට විහිදුවයි. කතා කරන විට අත මුඛය අසලට ගනියි. කතා කරන විට නාසය පිරිමදී. කතා කරන විට තමා පැළඳ ගෙන සිටින ස්‌වර්ණාභරණ හෝ ඇඳුම් පිරිමදියි. අත් දෙක එකට බැඳ ගනී. කෙස් අතගායි. කන අදියි. ඇඟ කසයි. කකුල් දෙකට වරින් වර බර මාරු කරයි. කකුල් එහාට මෙහාට කරයි. දනිස් නමයි.
ඇස් වෙනතකට යොමු කරයි. ඇස් ලොකු කරයි. ඉක්‌මනින් ඇස් පිල්ලම් ගසයි. තොල් තෙමයි. ඇහි බැම හකුලුවයි. මුහුණේ පාට නැතිවෙයි. ඈණුම් අරියි. හිස පහතට හරවයි. නිකට පිරිමදියි. හිස පැත්තකට හරවයි. හිස වරින් වර පැත්තකට හරවයි. මුහුණ, ඇහි බැම හා අත් වෙව්ලයි. වැරදි වෙලාවට හිනාවෙයි. සිනාව බොහෝ කල් තබා ගනී. වැඩියෙන් හිනාවෙයි. ශරීරයේ රහස් ප්‍රදේශවල අසාමාන්‍ය ලක්‍ෂණ පෙන්වයි. අසාමාන්‍ය වැගිරීම් පෙන්වයි. දාඩිය දැමීම සිදුවේ. අසනීප ගතියක් පෙන්වයි. සැහැල්ලු ඇඳුම් අඳියි. ඇවිදීමේ අපහසුවක් ඇතිවේ. ප්‍රශ්නවලට උත්තර දීමට අපහසු වේ. මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ විවිධ උපක්‍රම භාවිතා කරති. ගමන් බඩු තුළ රඳවා ගෙන ඒම, පෞද්ගලික ගමන් බඩු තුළ රැගෙන ඒම, ශරීරය තුළ සඟවා ගෙන ඒම, තැපැල් මගින් එවීම, වාහනවලින් ගෙන ඒම, නැවෙන් ගෙන ඒම, භාණ්‌ඩ අතර සඟවා ගෙන ඒම හා යම් ස්‌ථානවල රැඳවීම ආදී විවිධ වූ ක්‍රමෝපායයන් භාවිත කරති. මේවායින් වඩාත් ප්‍රචලිත ක්‍රමය ශරීරයේ සඟවා ගෙන ඒමත්, ගමන් බඩු තුළ සඟවා ගෙන ඒමත් වේ.
මත්ද්‍රව්‍ය ජාවාරම හා වැරදි ස්‌වරූප කිහිපයකින් පවතී. පෞද්ගලික පාවිච්චිය සඳහා මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ළඟ තබා ගැනීම, කුඩා ප්‍රමාණයන්ගෙන් විකිණීම, මධ්‍යම ප්‍රමාණයන්ගෙන් විකිණීම, විශාල ප්‍රමාණයෙන් විකිණීම, මත්ද්‍රව්‍ය වැවීම හා නිෂ්පාදනය කිරීම, මත්ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබඳ රසායනාගාර පවත්වා ගෙන යැම, රසායනාගාර පවත්වාගෙන යන්නවුන්ට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සැපයීම, නීති විරෝධී ප්‍රවාහනය, මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම, ගබඩා පහසුකම් සැපයීම, මත් ද්‍රව්‍ය ජාවාරම මගින් මුදල් පිරිසිදු කිරීම, මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් මේ සම්බන්ධ කටයුතුවලට ආධාර උපකාර කිරීම, මෙයින් උපයන ධනය ත්‍රස්‌තවාදී හා සන්නද්ධ කණ්‌ඩායම් ආදී විවිධ ස්‌වරූපයේ පුද්ගලයන්ට සහාය දැක්‌වීම සඳහා යෙදවීම දැක්‌විය හැකිය.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය තුළ වඩාත් ප්‍රචලිත වූ මත්ද්‍රව්‍ය වර්ග ගණනාවක් ඇති අතර, හෙරොයින් හා කොකේන් ඉන් ප්‍රධාන තැනක් ගනී. මෙම පුද්ගලයන් විටින් විට විවිධ ආකාරයේ කූට උපක්‍රම හා ප්‍රවාහනය කිරීමේ ක්‍රමෝපායන්, කාලයෙන් කාලයට රටින් රටට, පුද්ගලයාගෙන් පුද්ගලයාට ආදී වශයෙන් වෙනස් කර ගන්නා අතර බලධාරීන්ගේ ඇස් වසා මෙම ජාවාරම හොඳින් පවත්වා ගැනීමට හැකි සෑම උත්සාහයක්‌ම ගැනීමට ඔවුන් සූදානම්ය.
ශ්‍රී ලංකාව හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම බොහෝ විට සිදුවන්නේ ගුවන් මගිනි. සාමාන්‍ය මගියකු විසින් රැගෙන එන හෙරොයින් ප්‍රමාණය සාමාන්‍යයෙන් කිලෝ හතරකට අඩු ප්‍රමාණයකි. නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ වඩා ජනප්‍රිය ක්‍රමය ගමන් බෑගයේ පැත්තේ හෝ පතුලේ සඟවා ගෙන ඒමයි. කෙසේ වෙතත් මේ ක්‍රමය වරින්වර වෙනස් වන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා තම ක්‍රමෝපායයන් වෙනස් කරති.
මේ නිසා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ විවිධාකාර අපරාධ ක්‍රියාවන් ඇති බැවින් මත්ද්‍රව්‍ය වැටලීම් හා නීති ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ මානව සංවර්ධනය ඇති කිරීම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සංවිධාන අකර්මන්‍ය කිරීම සඳහා වඩාත් සුදුසු හා ඵලදායී උපක්‍රම තෝරා ගෙන බුද්ධිමත්ව හා කාර්යක්‍ෂමව කටයුතු කළ යුතුය.
පී. ඒ. ලෙස්‌ලි ගාමිණි
රේගු අධ්‍යක්‍ෂ (සමාජ ආරක්‍ෂණ)
0 Comments