ඉස්‌සර මිනිසුන් විශ්වාස කළ ආකාරයට බෝදිලිමා ගැහැනු යක්‌ෂණියකි.එබැවින් බෝදිලිමා යනු ගම්වල උදවිය අතර බොහොම බරසාර කතා උපදවන්නට සමත් වූ සතෙකි. ගැමි වහරට අනුව බෝදිලිමා ලෙස එන යක්‌ෂණිය කලින් ආත්මයක ගැහැනියකි. මේ ගැහැනිsය මැරෙන්නේ දරුවෙක් ලැබෙන්නට යැමේදීය. ප්‍රසව වේදනාව වි`දිමින් සිටිනා ඇය මිය යන්නේ ස්‌වාමි පුරුෂයා ගැන උපන් මහා වෛරයකිනි. බෝදිලිමා වේශයෙන් පැමිණෙන්නේ වෛරයෙන් මැරුණු ගැහැනු යක්‌ෂණියක් බවට පත්වූ මෙම ගැහැනිsයගේ අවතාරය බව ගැමියෝ ඇදහූහ.
ගැමි විශ්වාසය මෙසේය. බෝදිලිමා යක්‌ෂණියගෙන් ගැහැනුන්ට විනයක් නැත. වින කරන්නේ පිරිමින්ටය. උන්දෑ කරන්නේ පිරිමි අයව බය කරනා එකය. බෝදිලිමා යකින්න තමන්ගේ වෛරය සංසි`දවා ගන්නේ ඒ ලෙසය. බෝදිලිමාගේ සද්දය ඇසුනොත් ගැහැනු -තොට ගන්නද බොල ඉදල ගන්නද කියලා කෑ ගසන්නේය. එවිට බෝදිලිමා යක්‌ෂණිය අතුරුදන් වන්නේය. රෑට තනිපංගලමේ පැල් රකින පිරිමින් ඉන්නා ඉසව්වට පැමිණෙනා බොදිලිමා හීන් හ`ඩින් පටන් අරගෙන මහා අෙ`දාaනා ඇ`ගට පැන හූරා පිරිමින් බය කරන්නේය. එබැවින් තට්‌ට තනියම පැලට යන පිරිමි බොදිලිමාගෙන් බේරෙන්නට කෙම් ක්‍රම පාවිච්චි කරන්නෝය. මේ ගැන කදිම විස්‌තරයක් පූජ්‍ය හොරොව්පතානේ පඤ්ඤානන්ද හිමියන්ගේ හල්පෙ කෝරලේ ඇදහිලි හා පුදසිරිත් පොතේ තිබෙන්නේය.
මේ ජන විශ්වාස වලට පදනම කෙසේ හැදුනාදැයි අපට තේරුම් ගන්නට බැරිය. අප දන්නේ බෝදිලිමා යනු ඉතා වටිනා මේ මොහොත වනවිට ව`දවී යැමේ අවදානමකට ගොදුරු වී ඇති සතෙක් බවය. එහෙත් අප මේ සටහන තබන්නට පෙළඹෙන්නේ මෙම බෝදිලිමාගේ ඇටකටු මීට අවුරුදු හතළිස් දහසකට එපිට පැවති ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ජනාවාස වලින් හමුවන ආකාරය සත්ත්ව පුරාවිද්‍යාඥයන් විසින් නිරීක්‌ෂණය කර ඇති නිසාය. ලංකාවේ මෙම පැරණිම කටුස්‌සා ගැන මේ තොරතුරු හමුවූයේ බුලත්සිංහල පාහියන් ලෙනෙනි.
මෙසේ ලංකාවේ තෙත් කලාපයේ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස වල අවුරුදු හතළිස් දහස දක්‌වා පස් ස්‌ථර අතර ඇති අලුගොඩවල් වලින් කටුස්‌සන්ගේ අවශේෂ බහුල වශයෙන් හමුවූයේය. මේ ආකාරයෙන් හමුවන කටුස්‌සන්ගෙන් වැඩි වශයෙන් හමුවන්නේ කරමල් බෝදිලිමා හෙවත් යක් කටුස්‌සාගේ අවශේෂය. ඉතා අලංකාර වර්ණ රටාවකින් හා අපූරු හැඩයකින් යුතු කරමල් බෝදිලිමා ඉංග්‍රීසි බසින් හ`දුන්වනු ලබන්නේ Hump Nased Lizard iy Hump Snont Lizard යන නම් වලිනි. උගේ විද්‍යාත්මක නාමය Lyricerta scutalu ය. කරමල් බෝදිලිමා ලංකාවට ආවේනික කටුසු විශේෂ අතර ඉන්නා ලොකුම කටුස්‌සාය. මේ කටුස්‌සා ආචාර්ය පී. ඒ. පී දැරණියගලයන් විසින් Lyricephalinae උප කුලටයට ඇතුළත් කළේය. දැනට ලංකාව ආවේනික කටුසු විශේෂ අටක් පමණ හ`දුනාගෙන තිබේ.
මේ කටුස්‌සා ගැන මේ විස්‌තරය කළේ කාරණාවක් කියන්නටය. දැනට ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස වලින් සත්ත්ව විශේෂ 170 වැඩි සංඛ්‍යාවක අවශේෂ සත්ත්ව පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙන්නේය. මේ අතර කටුස්‌සන්ගේ ඇටකටු හමුවීම විශේෂත්වයක් ඇති කරවන බව පෙනුනේය.
ප්‍රාග් ඓතිහාසික මිනිසාගේ දඩයමට මුල් වුයේ ආහාර සපයා ගැනීමය. එහෙත් මිනිසෙකුට කන්නට දෙයක් නැති කරමල් බෝදිලිමා වැනි සතෙකුගේ ඇටකටු හමුවීම විමර්ශකයන්ට කුහුලක් ඉපදවීය. කිතුල්ගල බෙලි ලෙන, බුලත්සිංහල පාහියන් ලෙන අවට අදත් ඉතා සුලූ වශයෙන් හමුවන කරමල් බෝදිලිමා, අතීතයේ උගේ අවශේෂ බහුලව හමුවූ අත්තනගල්ල අලවල පොත්ගුල් ලෙන, කෑගල්ල අළු ලෙන, කූරගල ලෙන අවට පරිසරයෙන් මුලුමනින්ම වාගේ ව`දව ගොස් තිබේ. දැන් මෙම සත්ත්වය ව`දවීමේ අවදානම සහිත සතෙක් බව සත්ත්ව විද්‍යා පරීක්‌ෂකයෝද කියති.
දැන් අපට අසන්නට තිබෙන්නේ මෙතරම් කටුසු ඇට කැබලි හමුවන විට ප්‍රාග් ඓතිහාසික මිනිස්‌සු කටුස්‌සන් ඇති පමණ කන්නට ඇති ද යන්නය. එහෙත් ආහාරයට ගැනීම ස`දහා කිසිම දෙයක් ඉතිරි නැති කටුස්‌සන්ගේ ඇට කැබලි ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස වල තිබෙන්නේය. තෙත් කලාපයට අයත් කුරුවිට බටදොඹ ලෙන, කිතුල්ගල බෙලි ලෙන, පාහියන් ලෙන, කෑගල්ල අලුලෙන, අත්තනගල්ල අලවල පොත්ගුල් ලෙන, යන ලෙන් වලද, අන්තර් කලාපයට අයත් බලංගොඩ කූරගල ලෙන, ආදී ලෙන් වල ද ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස වලින් මේ කටුසු සාධක හමුවුයේය. වැඩිපුරම හමුවන්නට වුයේ කටුස්‌සන්ගේ හනු පද්ධතියේ අස්‌ථීන්ය.
විවිධ ගැටලු ඇතිවන විට අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දී වෝහාරික විද්‍යාව ඇසුරින් විද්‍යාත්මක නිගමන වලට එන්නාක් මෙන් සත්ත්ව පුරාවිද්‍යාවේදී taphonmic නැමැති ක්‍රමවේදයක් භාවිත කරයි. එම ක්‍රමවේදය මගින් මෙම අවස්‌ථා නිරීක්‌ෂණය කිරීමෙන් නිවැරදි තීරණ වලට එළඹෙන්නට පුළුවන.
ශිලා යුගයේ මිනිස්‌සුන්ගේ ජීවිතය බොහෝ සෙයින් රළු එකක් වූයේය. ඔවුන් සටන් වැදුනේ මහා දුර්ග පරිසරයක් එක්‌කය. ඒ පරිසරයේදී ඔවුන්ට හමුවන ආහාරයට ගත හැකි ඕනෑම සතෙක් දඩයම් කිරීම ඔවුන්ගේ ක්‍රමවේදය වූ බව පෙනේ. එහෙත් මේ බහුලව හමුවන කටුස්‌සන් මරන්නට ඇත්තේ මේ මානවයන් නොව ඔවුන්ගේ දරුවන් බව සිතිය හැකිය. කුඩා දරුවෝ බොහෝවිට තම වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම් අනුගමනය කරති. මනුෂ්‍ය ස්‌වරූපය එයය.
කටුස්‌සන්ගේ චර්යා රටාව අධ්‍යයනයේදී මේ අදහස සනාථ වන කරුණු කීපයක් ඉදිරිපත් කළ හැකිය. කටුස්‌සෝ අභිජනන කාලවලදී වැඩිපුරම වනාන්තරවල ඇති ගල් ලෙන් අසල ගැවසෙති. මක්‌නිසාද යත් කටුස්‌සා බිත්තර දමන්නේ හො`දින් ඉර එළිය වැටෙන වියළි බිම් වල බැවිනි. නිරන්තර වර්ෂාපතනය සහිත තෙත් කලාපික වනාන්තර වල එවැනි පරිසරයක් ඇත්තේ බොහෝවිට ගල් ලෙන් ආශ්‍රිතවය. එබැවින් ගැහැනු කටුස්‌සෝ බිත්තර දැමීමට එම ස්‌ථාන ඇසුරෙහි ගැවසෙති. එවැනි අවස්‌ථාවල මෙම ජනාවාස වල සිටි දරුවන් මෙම කටුස්‌සන් මරා දමන්නට ඇත.
මෙසේ උපකල්පනය කරන්නට හැකි සිද්ධියක් මීට දශක දෙකකට පමණ පෙර කුච්චවේලියේදි අත් වින්දෙමි.
කුච්චවේලි වෙරළේ ධීවරයෝ පිරිසක් දැල් අදිමින් උන්හ. උන්ගේ පොඩි උන් පොලු කැබලි ගෙන වෙරළේ රැ`දී සිටියහ. දැලත් සමග කලපුවේ සිටි කුඩා කකුළු විශේෂයකින් විශාල ප්‍රමාණයක් ගොඩට ආවේය. වයස අවුරුදු තුන හතරේ දරුවෝ වැටෙමින් ගොස් කලපුව දෙසට දිවයන කකුළුවන් පොඩි කරන්නට වූහ. උන් මහත් ආශ්වාදයක් ලබමින් සිටිනු පෙනිණි. මම ගොස් වැඩිහිටි ධීවරයෙකු විමසුවෙමි.
ඇයි මේ දරුවන්ට කකුළුවො මරන්න දෙන්නෙ... කවුරුත් උන් කන්නෙත් නෑ... අපරාදෙ සත්තු ටික නේද?.
වැඩිහිටි ධීවරයා සිනාසෙමින් මා දෙස බැලුවේය.
මක් වෙනවද මහත්තයො... පොඩි උන්ගෙ විනෝදෙනෙ... කලපුවෙ මේ ජාතියෙ කකුළුවො ඕන තරම් ඉන්නවා.
පොඩි උන් වැඩිහිටියන් අනුකරණය කරන්නේ එසේය. උන්ට වැඩිහිටියන්ගේ අනුබලය ලැබෙන්නේත් එසේය. අවුරුදු හතළිස් දාහකට එපිට පැවති මානව සංස්‌කෘතික ලක්‌ෂණ මේ සමාජයේත් ශේෂ වී තිබෙන්නේය. ඒ සිදුවීම් ඔස්‌සේ ප්‍රාග් ඓතිහාසික මානව සමාජය තේරුම් ගන්නට හැකිය . අවශ්‍ය වන්නේ විමර්ශන බුද්ධිය පමණය.
සත්ව පුරාවිද්‍යාඥ
ජුඩ් පෙරේරා
0 Comments