රූමත් දියණියක ලෙසින් ‘සාරා සාරාජි බාට්මන්’ 1789 වසරේ උපත ලැබුවාය. ඇගේ උපන් දේශය වූයේ දකුණු අපි‍්‍රකාවේ කේප් කොළනියේ ගැම්ටු ගංගාව අසල ගම්මානයයි. Khoikhoi ගෝති‍්‍රක ඇය අයත් ගොපලූ කණ්ඩායම හඳුන්වන ලද්දේ කොනාකියුසබ් Gonaquasub යන නමින්ය. මෙම ගම්මානයම වහලූන් ලෙසින් සේවය කළ අතර සාරාද එහි එක් සාමාජිකාවක වූවාය.
සාරාගේ උපතෙන් වසර දෙකක් ගෙවෙත්ම ඇගේ මව මියගිය අතර පියා විසින් මෙම ගොපලූ දැරිය රැකබලා ගෙන ජීවත් වුවත් දෛවය ඊටත් හරස් විය. පියාද මියගියෙන් සාරා යාන්තම් වයස අවුරුදු දහහතර වෙත්ම ඇය මෙම ගෝති‍්‍රකයෙක් සමග විවාහ වූවාය. විවාහයෙන් ලද පළමු දරුවාද උපන්ගෙයිම මිය ගියෙන් ඔවුන්ට තවත් දරුවෙක් ගැන හිතන්නත් පෙරාතුව කේප් කොළණිය යටත් කර ගත් ලන්දේසින් විසින් සාරාගේ සැමියා ඝාතනය කරන ලදී.
ලන්දේසින් එතැනින් නැවතුනේ නැත. ඔවුන් සාරා බාට්මන් නැමැති ලන්දේසි ජාතික ‘‘පීටර් විලියම් සීසර් ’’ (Pieter Willem Cezar) ශල්‍ය වෛද්‍යවරයාගේ වහල් සේවය වෙනුවෙන් අලෙවි කරන ලදී. මෙම වෛද්‍යවරයා සාරා ඔහුගේ සහෝදරයාගේ වහල් සේවය වෙනුවෙන් ලබා දුන් අතර එතැන් පටන් ඇගේ නම ලන්දේසියට ගැලපෙන ලෙසින් Saartjie ව්‍යවහාර කරන ලදී.
1810 වසරේ සාරාට ලැබුනේ අමුතුම අන්දමේ යෝජනාවකි. එනම් ඉංගි්රසි ජාතික නාවික ශල්‍ය වෛද්‍ය William Dunlop සමග එංගලන්තයේ වහල් සේවාව වෙනුවෙන් යෑමටයි. ඔහු මුලින්ම සාරා සේවය වෙනුවෙන් සම්බන්ධ කර ගත් පීටර් විලියම් සහ ඔහුගේ සහෝදර හෙන්ඞ්රික් ගේ සහෝදරයාය. ඔවුන් සාරාට කියා සිටියේ මේ සංචාරය වහල් සේවයට අමතරව මෝස්තර ප්‍රදර්ශනය වෙනුවෙන් වූ ගමනක් බවයි. ඔවුන් ඇයට කරාබු කුට්ටම් දෙකක්ද ලබා දුන් අතර 1810 වසරේ ඔක්තෝබර් 29 වැනි දින ඇයව ගිවිස ගත්තේ වසර පහකින් නැවත ඇගේ මව්බිම වූ කේප්ටවුන් වෙත පැමිණීමට අවසර ලැබෙන බවත් සඳහන් කරමින්ය. කෙසේ වුණත් සාරා අකුරු දැන සිටියේ නැත. ඇය අත්සන් තැබුවත් එහි වූ වගන්ති කියවා තේරුම් ගැනීමේ හැකියාවක් සාරාට නොවීය. ඒ අතරම ‘සීසර්’ වෛද්‍යවරයා ඇතුලූ පිරිස මුදල් ඉපයීමේ අරමුණු හමා ගිය පිරිසක් විය. එහෙත් සාරා ඔවුන්ගේ ගොදුරක් බවට ඉවකුදු ඇයට තිබුණේ නැත.
![]() |
සාරාගේ ශරීර සෝබාවත් ඊටම ඉනි මං තැබුවා කිවහොත් නිවැරැදිය. ඇය කාමුක පිරිස්ගේ ආකර්ශනය ඇති වෙන නිතඹ සහ පිරුණු කලවාවන්ගෙන් හෙබි කාන්තාවක් වූවාය. ඩන්ලොප් වෛද්‍යවරයාට ඇය කදිම ආදායම උපයා දෙන භාණ්ඩයක් වූවාය. ඉතා ආමානුෂිකව මෙම වෛද්‍යවරයා විසින් සාරා කූඩුවක සිරගත කරනු ලැබුවේ සත්වයෙකුගේ තැනට ඇය පත් කරමින්ය. එපමණක් නොව ඔහු ඇයව සිරගත කරනු ලැබුවේ නිරුවතින්ය. සුදු ජාතිකයන්ට සාරාගේ මසින් පිරුන දේහය ඉතා අපූරු නිමිත්තක් විය. ඔහු සාරා නිරුවතින් ප්‍රදර්ශනය කරනු ලැබුවේ ඇයට විවිධ විරුදාවලිත් එක් කරමින්ය.
* හොටන්ටෝට් වීනස් දෙව්දුව
* ලෝකයේ වටිනාම විකෘතිය
මේ සාරා හැඳින්වීමට වෛද්‍ය ඩන්ලොප් විසින් යොදා ගත් ආකර්ශණීය වගන්තිය. ඒ අතරම වහල් සේවය වෙනුවෙන් වූ විරෝධතාවයන් ඇති වෙත්ම මෙම වෛද්‍යවරයා විසින් සාරා ‘බාට්මන්’ යනුවෙන් හැඳින්වූ ප්‍රංශයේ සත්ව ප්‍රදර්ශකයෙකු වෙත අලෙවි කරන ලදී. 1814 වසරේ පටන් ඇය ප්‍රංශයේ Reaux ගේ සත්ව ප්‍රදර්ශන කුටියේ සිරකාරියක වූවාය. Reaux ද ඇය සත්ව කූඩුවේ තැබුවේ සම්පූර්ණ නිරුවතින්ය. ඒ සමගම කුඩා රයිනෝවන්ද ඇය සමග එකට කූඩුවේ තබා එම සතුන්ගේ හැසිරීම් රටාවන් ගොඩ නගා ගැනීමේ කටයුතුද සාරාගෙන් අපේක්ෂා කරන ලදී.
මේ අතර නිරුවතින් හැසිරෙන යෝධ එහෙත් ආකර්ශණීය කාන්තාව තමාගේ අධ්‍යයනයන් වෙනුවෙන් ඉතා කදිම අමුද්‍රව්‍ය සපයන්නියක් බැව් ඒත්තු ගිය ස්වභාවික විද්‍යාව පිළිබඳ වෛද්‍ය විශේ්ෂඥ ජෝර්ජ් කූරියර් ඔහුගේ ඉදිරි අධ්‍යයනයන් වෙනුවෙන් සාරා යොදා ගත හැකි බැව් අවබෝධ වූයෙන් Reaux ගෙන් ඇය මිලට ගත්තේය. එහෙත් ඇයට නම් සාධාරණයක් ඉෂ්ට වූයේ නැත.
වෛද්‍යවරුන් වුණත් ඔවුන්ගෙන් සාරාට මනුෂ්‍යත්වයේ නාමයෙන් සැලකීමක් හෝ පිළිගැනීමක් නොවීය. 1815 වසරේ පටන් ඇය ප්‍රංශයේ මනෝවෛද්‍යවරුන්ට, සත්ව විiාඥයින්ට, පර්යේෂණයන්ට පමණක් නොව විකෘති කාමාශාවන් සන්තර්පනය කිරීම පිණස වූ කාන්තාවක් වූවාය. ඔවුන් කියා සිටියේ සාරා යනු අදිකාමුකත්වයේ අපි‍්‍රකානු ආකෘතිය බවයි.
1816 වසරේ සාරා මියයන විට ඇයගේ වයස අවුරුදු 26 ක් විය. ඇය මියගියේ කෙසේද යන්නත් තවම අබිරහසකි. ඇතැමුන්ගේ අදහස අනුව සාරා පැපොල රෝගයෙන් මිය ගොස් ඇත. තවත් අදහස් අනුව ඇය අධික ලෙස මද්‍යසාර ශරීරගතවීම හෝ නිව්මෝනියා රෝග තත්වයත් නිසා බවටත් සැක තිබේ. මියගිය සාරාට සමාදානයේ සැතැපෙන්නටවත් නිදහසක් නොවීය. ඇගේ මොළය සහ ජනේන්ද්‍රිය කල්තබා ගැනීමේ දියරයේ බහා Musée de l'Homme කෞතුකාගාරයේ තැන්පත් කරන ලදී.
19912 වසරේ නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ ජනාධිපති බවට පත් වීමෙන් පසුව ඔහු ප්‍රංශ බලධාරීන්ට දන්වා සිටියේ සාරා බාටිමන්ගේ සිරුරු කොටස් තම රටට අවශ්‍ය බවයි. එහෙත් ප්‍රංශ බලධාරීන් ඒ වෙනුවෙන් එක්වරම කැමැත්ත දැක්වූයේ නැත තම රටේ තිබෙන කෞතුක වස්තූන් නැවත ඒ ඒ රටවල් වෙත ලබා දීම තුළ ඔවුන් බොහෝ දේ සාකච්ඡාවට භාජනය කළත් නෙල්සන් මැන්ඩෙලාද ප්‍රංශයට ඇවැසි සේ සාරාගේ සිරුරු කොටස් තබා ගැනීමට එකඟ නොවීය. මේ නිසා ප්‍රංශය අවසානයේ සාරාගේ සිරුරේ කල් තබා ගත් කොටස් නැවත අපි‍්‍රකාවට ලබා දීමට එකඟ විය. 2002 වසරේ මාර්තු 6 වැනි දින සාරාගේ සිරුරු කොටස් දකුණු අපි‍්‍රකාවට ලබා දුන් අතර එම වසරේ මාර්තු 8 වන දා පැවැති ජාත්‍යන්තර කාන්තා දිනයේදී ඇයට අවසන් බුහුමන් දක්වමින් ‘හැන්කි’ ප්‍රදේශයේදී භුමදාන කටයුතු සිදු කරන ලදී.
මේ අතර ජනපි‍්‍රය ගායිකා ‘සාරා බාටිමන්’ ගේ චරිතය ඇසුරින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට පිලිබඳව වූ අදහසක් ඉදිරිපත් කළ විට සාරාගේ Khoikhoi ගෝති‍්‍රක කණ්ඩායමේ ප්‍රධානි ‘ජීන් බර්ජර්ස්’ කියා සිටියේ බියොන්සේගේ හිතේ මිනිසුන් වෙනුවෙන් දයාවක් හෝ ගරුත්වයක් නැති බවයි. ඒ අතර දකුණු අපි‍්‍රකානු සිනමාවේදීන්ගේ සංගමයේ African Guild of Actors, සභාපති ‘ජැක් දෙව්නාරියන්’ සඳහන් කරන්නේ අපි සිනමාකරුවන් විදිහට ලෝකයට ආකර්ශණීය නිමිති ඉදිරිපත් කළ යුතුයි. එහෙත් අපි ඉදිරිපත් කළ යුතු සහ නොකළ යුතු දේ අතර නිතරම සැලකිලිමත් වීම වැදගත්. යැයි සඳහන් කරයි.
රියැලිටි තාරකාවක් වන ‘කිම් කාර්ඬේසියන්’ ඇගේ නිතඹ ප්‍රදේශය විශාල ලෙසින් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ දරණ නිලියක ලෙසින් ප්‍රසිද්ධත්වයට පත්ව සිටින්නියෙකි. 2014 වසරේ ඇය ෂැම්පේන් වීදුරුවක් නිතඹ ප්‍රදේශයේ සමබරව තබා ගැනීමේ ඡායාරූපයක් සඟරාවක ප්‍රසිද්ධ කිරීම නිසා දෝෂාරෝපන එල්ල විය. බොහෝ දෙනෙක් කියා සිටියේ මෙම ඡායාරූපය මගින් ඇය සාරා බාටිමන්ට සමානකම් ලබා ගැනීමට උත්සාහ කිරීමක් වන බවයි. මෙහිදී කාර්ඬේසියන් කියා සිටියේ ඇගේ ඡායාරූපය ලබා ගත් ශිල්්පියාම වන ‘ජීන් පෝල් ගවුඞ්’ විසින් 1976 වසරේදී කළු ජාතික නිරූපන ශිල්පිනියක වන ‘‘ කැරොලොයිනා බියුමොන්ට් ’ගේ මෙම ඉරියව්වෙන්ම නග්න ඡායාරූපයක් ගෙන ඇති බවයි.
පුන්‍යා චාන්දනී ද සිල්වා
0 Comments