හදිසි අනතුරුවලින් බුරුතු පිටින් මැරෙන විපරිත ග්‍රහචාරය මෙන්න


මේ එකම දවසක (11වැනිදා) 'දිවයින' පුවත්පතේ පළවූ ආරංචි කීපයකි. එසේම එයට පෙර දිනක එම පුවත්පතේම පළවූ ශෝචනීය ප්‍රවෘත්ති දෙකකි.

 සැමියා බිරිඳට ගිනිතබා මරයි.

පවුල් දෙකක අටක්‌ තෙල්ගමුව ඔයේ සැඟවී යති. දහඅටේ කණුවේ අනතුරින් තිදෙනෙක්‌ මියයති. වයස්‌ගත වූ අයගේ මළ සිරුර දියගොල්ල රක්‍ෂිතයෙන් හමුවේ. පුතා පැදවූ කැබ්රියට යට වී මව මිය යයි. යතුරුපැදියේ ගැටුණු පාපැදිකරු මරුට ලංගම බසයට යටවී යතුරුපැදිකරු මියයයි. ගේට්‌ටු කණුවක එල්ලී දිවිනසාගෙන. දරුවා මරන්න ඇළට දැමුවා. සිසුවාගේ මළ සිරුර ප්‍රපාතයට.

 මේ එකම දවසක (11වැනිදා) 'දිවයින' පුවත්පතේ පළවූ ආරංචි කීපයකි. එසේම එයට පෙර දිනක එම පුවත්පතේම පළවූ ශෝචනීය ප්‍රවෘත්ති දෙකකි.

 සැමියා බිරිඳට ගිනිතබා මරයි.

සැමියා බිරිඳගේ අත් දෙකම කපයි.

 මේ අයුරින් මේ දිනවල පුවත්පත් වල බොහෝ ප්‍රවෘත්ති ළය කම්පා කරවන ඒවාය. පුවත්පත් කියවන හැම දෙනාම මෙබඳු පුවත් කියවා මෙහෙම වන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු සොයාගත නොහැකිව පසුතැවෙති. තවත් සමහරු දන්නා හඳුනන ජ්‍යෙdතිෂවේදියකුට දුරකථනයෙන් අමතා පෙර සිදුනොවූ මෙබඳු ෙ€දනීය සිදුවීම්වලට හේතුව කුමක්‌දැයි අසති. සොබා දහමට අරියාදු කිරීමත්, සොබා දහමට පටහැනි දේ කිරීමත් සාහසික අපරාධයකි. එවිට මහ පොළොව මත වෙසෙන ජීවීන්ට විපත් පැමිණේ. ගංගා ඇළ දොළ ගලා යන්නේත්, සුළඟ හමන්නේත් එක්‌තරා සොබා දහමේ රීතියකට එකඟවය. අපට වුවමනා පරිදි සොබා දහම වෙනස්‌ කරන්නට උනන්දු වන විට සොබාදහම මිහිතලය කුපිත කරයි. වෙනස්‌ කරයි. එහි වන්දිය මිනිස්‌ වර්ගයාට ගෙවන්නට වෙයි.

 සොබා දහම මෙහෙය වන නියමුවන් පිරිසකි. ඉර - හඳ දෙදෙන එහි නායකයෝ ය. අනෙක්‌ පරිවාර ග්‍රහයන් සමඟ ඉර - හඳ දෙදෙන ශක්‌ති පහක්‌ විසින් විශ්වය පාලනය කෙරෙයි. ඒ ශක්‌ති පහ පංචමහා භූත ශක්‌තිය යන නමින් හැඳින්වේ. එය ජ්‍යෙdතිෂයේදී ප්‍රමුඛ කොට සැලකේ. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, හා ආකාශ යනු ඒ පංච භූත ශක්‌තීන් ය.

 ආපෝ යනු ජලයයි. තේජෝ යනු ගින්දර හෙවත් උණුසුම් බවයි. වායෝ යනු වායුවයි. පඨවි යනු මහ පොළොවයි. ආකාශ යනු අහසයි. ග්‍රහයන් පස්‌දෙනකු විසින් මේ පංච භූත ශක්‌තිය භාරගෙන ඇත. මෙය නවීන විද්‍යාව විසින් දැනට සොයාගෙන ඇති මූල ද්‍රව්‍ය 90 ක්‌ පමණ අතරින් විශේෂ වූ මූලද්‍රව්‍ය 05 කට සමාන වේ. එනම් විකිරණශීලී මූලද්‍රව්‍ය වන

 ඡේඩියම් ඒ, ඡේඩියම් බී, ඡේඩියම් සී, ඡේඩියම් ඩී, ඡේඩියම් එන් වේ. මෙය ආපෝ, තේජෝ, වායෝ, පඨවි හා ආකාශ යන පංච භූත ශක්‌තියට සමාන ය. එය පිළිවෙලින් සිකුරු, කුජ, ශනි, බුධ, ගුරු යන පංච ග්‍රහයන්ට අයත් වේ. මෙවැනිම විශේෂ වූ තවත් මූලද්‍රව්‍ය දෙකක්‌ ඇත. එය රවි - සඳු දෙදෙනාට අයත් වන ශක්‌ති දෙකකි. මිහිපිට ඇති ජීවීන්ගේ ප්‍රාණය රවිගෙන් හා චිත්තය සඳුගෙන් ඇතිවන බව ජ්‍යෙdතිෂයේ සඳහන් වේ. එසේ නම් එම රවි - චන්ද්‍ර දෙදෙනාට අයත් එම විශේෂ වූ මූල ද්‍රව්‍ය දෙක නවීන විද්‍යාව විසින් සොයා ගතහොත් පරීක්‍ෂණාගාරය තුළදීම ජීවියකු නිර්මාණය කළ හැකි ය. යට කී පංච භූත ශක්‌තිය හා රවි චන්ද්‍ර දෙදෙනාගේ ශක්‌තීන් එකතුවීමෙන් ජීවියකු නිර්මාණය වීමෙන් එම ජීවීන්ට එකී ග්‍රහයන්ගේ බලපෑම ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

 වායෝ භූතය සෙනසුරුගේ පාලනයට යටත් ය. තේජෝ යනු ගින්නටත්, සූර්යාටත් භාරය. පොළොව බුධට භාරය. මේ ආදී වශයෙන් වූ ග්‍රහයන්ගේ ස්‌වභාවය අනුව මිනිස්‌ සිත විවිධ ස්‌වරූප ගනී. පංච මහා භූතයන් කිපුණු විට මිනිස්‌ සිත වෙනස්‌ වෙයි. අසීමිත කෝපය කැළැඹෙයි. සිත වියරු වෙයි. අවිචාර සිතුවිලි උපදී. බුද්ධිය මොට වෙයි. එවිට මිනිස්‌ සිත උන්මන්තක ස්‌වභාවයට පත් වේ. අකල් මරණ, අපරාධ, පලිගැනීම ඇති වීම ස්‌වභාවික ය.

 පංච මහා භූතයන් කෝප වූ විට සොබා දහම වෙනස්‌ වෙයි. කඳු නාය යයි. ගංගා මුහුදු කැළැඹෙයි. අකල් රෝග මතුවෙයි. ඒ සියල්ලේම ප්‍රතිඵල මිනිස්‌ වර්ගයා කෙරෙහි බලපෑම් කරයි.

 වනාන්තරයේ ගස්‌ කපා හෙලන මිනිහා රුපියල් ශතවලට මිස සොබා දහමට ආදරය නොකරයි. විවෘත ආර්ථික පෙරැලියේ ප්‍රබලතම ප්‍රතිඵලය රුපියල් ශත පිළිබඳ උමතුවයි. කලිසම් කබා හා ටයි පළඳනාවෙන් සැරසී සිටින්නාගේ ඒ ඇඳුම් කට්‌ටලය තුළ සැඟවී සිටින්නා දැවැන්ත හොරකු වූ විට සාමාන්‍ය ජනතාව කෝප සිතුවිලි වලින් ඔත්පල වේ. එතැන සිට පිස්‌සකු මෙන් ක්‍රියා කරයි. ඒ සියල්ල සාරාංශ කොට දක්‌වතොත් සියලු ග්‍රහයන්ගේ ගමන් රටා හැසිරීම් හා සංයෝගවීම් වෙනස්‌ වෙයි. Rතු විපර්යාසයන් දක්‌නට ලැබෙයි. සොබාදහම වෙනස්‌ වෙයි.

 මනුෂ්‍ය ශරීරය ද සියලුම ජීවීන් හා ප්‍රාණීන් ද ගස්‌ වැල්ද ඉහත සඳහන් කළ පංච මහා භූතයන්ගේ සංකලනයෙන් නිර්මිත වූවකි. එවිට විවිධ අන්දමේ ග්‍රහ ගමන් හේතුවෙන් යට කී පස්‌මහා භූතයන්ගේ සමතුලිත බව කුපිත වීමෙන් කැළැඹීමකට, අවුල්වීමකට, බිඳ වැටීමකට හෝ යම් වික්‌ෂිතභාවයකට ලක්‌ වුවහොත් එහි ප්‍රතිඵලය වන්නේ මිනිස්‌ සිත හා සිsරුර වෙනස්‌ වීමකි.

 යම් කිසිවකු මෙලොවට බිහිවන අවස්‌ථාවේදී, දුර්වලව හෝ සතුරු අවස්‌ථාවක සිටි ග්‍රහයන්ගේ දශා කාලය ලබන විට එම ග්‍රහයා විසින් නිරූපනය කරනු ලබන (පංච මහා භූතයන් අතුරෙන්) මූලික බලවේග හෙවත් මූලික ධාතුව කැළැඹීමෙන් මිනිස්‌ සිත වියරුවේ. හෙවත් මනස රෝගී වේ. එය එක්‌තරා උමතුවකි.

 සැමියා බිරිඳගේ අතපය කපා දමන්නේත් ඒ උමතුව මත ය.

 පුද්ගලයකුගේ ජන්ම පත්‍රයේ ඉතාම බලවත් අයුරින් යෙදී ඇති ග්‍රහයාහට කාරකත්වය හිමිවන මූල ධාතුවට මූලික බලවේගයට හෙවත් ආවේනික ගුණාංගයන් වැඩිපුර දක්‌නා ලැබේ. එනම් ඔහු කෙරෙන් ඉතා ප්‍රබලව මතුවී පෙනෙන්නේ එම ගති ලක්‍ෂණ වේ. ඒ අතුරින් පඨවි ධාතුව බලවත්වීම ප්‍රබල ලක්‍ෂණයන් ය.

 ග්‍රහයන්ගේ ගමන් රටාව අනුව විශ්වයේ වෙනස්‌කම් ඇතිවේ. මේ වෙනස්‌වීම යනු

 කැළැඹීම හෝ සමනය වීමයි. ග්‍රහයකුගේ ගමන් රටාව යනු ආරෝහණ ගමන, අවරෝහණ ගමන, සතුරු - මිතුරු රාශි හරහා ගමන ආදී වශයෙනි. නිදසුනක්‌ වශයෙන් සෙනසුරු වායො ග්‍රහයෙකි. පරිසරයේදී එම සෙනසුරාට ගස්‌ පෙරළා දැමිය හැකියි. ඒ සුළඟට ආරෝපණය වූ විට සුළි සුළං ඇති කළ හැකිය. එම සෙනසුරුම මිනිස්‌ සිරුරට ආරූඪ වූ විට මනස හා සිරුර විපරිත කළ හැකිය. මිනිසකුට තමාගේම වර්ගයේ මිනිසකු මරා දමන තරමට සිත් සැහැසි වන්නේ එවිටය. තේජෝ රාශියට අයත් කුජ ගිනි රාශියක්‌ හරහා ගමන් කරන විට කෝපාග්නිය උත්සන්න විය හැකිය. එවිට හොඳ නරක ගැන වැටහීමක්‌ නැත. යම් ක්‍රියාවක ආදීනවය සිතා ගත නොහැකි ය. මිනිසකු මරා දමන්නට තරම් සැහැසි වන්නේ එවිට ය.

 ග්‍රහයකුගේ ආරෝහණ - අවරෝහණ ගමනක්‌ ගැන මෙහි සඳහන් විය. ආරෝහණ යනු නැඟී යන ගමනයි. අවරෝහණ යනු ගිලිහී යන හෙවත් බැස යන ගමනයි. අප මේ කථා කරන නොවැම්බර් මාසය තුළ රවි නීචව ගමන් කරන කාලයකි. කුජ හෙවත් අඟහරු ආරෝහණ ගමනේ ය. ගුරුත් අවරෝහණ ගමනේ ය. සිකුරු ආරෝහණ ගමනේය. සෙනසුරු අවරෝහණ ගමනේය. ග්‍රහයන්ගේ මේ විවිධ ගමන් රටාව සුක්‌කානම අතට ගත් රියෑදුරකුගේ ස්‌වභාවය බඳුය. එය අඩමාන ගමනක්‌ විය හැකිය. නැත්නම් ආරක්‍ෂිත ගමනක්‌ විය හැකි ය.

 අප කවුරුත් ගමන් කරන්නේ අහස්‌ තලය යට බවට අමතක කළ යුතු නැත. හිසට උඩින් ඇති ග්‍රහයන්ගේ පාලනය යටතේ බව අමතක නොකළ යුතු ය. තරගකාරී ගමනක බව අමතක නොකළ යුතුය. මිනිස්‌ බලවේග වටා විශ්ව බලවේග හැසිsරෙන බව අමතක නොකළ යුතුය. මේ නොවැම්බර් මාසය තුළ කන්‍යා රාශියේ ගමන් කරන අඟහරුගේ දෘෂ්ටිය ධනු රාශියේ ගමන් කරන සෙනසුරු වෙත එල්ල වේ. ශනි - කුජ යන දෙදෙනාම මැරකම්වලට පසුනොබසින ග්‍රහයන් දෙදෙනෙකි. රාහු ජල රාශියක්‌ වූ කටකයේ ගමන් කරන්නේ ජලය විකෘති කරමිනි.

 මේ කිසිවක්‌ ගැන සාමාන්‍ය වැටහීමක්‌වත් ජනතාව තුළ නැත. ඒ හැම කෙනකුම අරගලයකට මැදිව සිටිති. පොළොව සතු ප්‍රාණය ටිකෙන් ටික මිය යද්දී පොල් ගෙඩිය රුපියල් 100/- නැග ඇත. තෙල් අර්බුදය නිසා මිනිස්‌සු තෙල් ගබඩා ඉදිරියේ කෝප සිතුවිලි වපුරමින් සිටිති. එවිට මේ සමාජය ජීවත් වීමට අහිතකර දරුණු පරිසරයකට පරිවර්තනය වෙයි. පාලකයෝ සත්‍ය සඟවා ගෙන වෙනත් යමක්‌ ගැන කතා කරති. බඩ පුරවාගත් අය ඒ 'යහපාලන' බණ කතාවලට අත්පොළසන් දෙති. බඩගින්නේ සිටින අයගේ නිරායුධ අත්, ආයුධ බවට පරිවර්තනය වේ.

 එදා 1789 දී වූ ප්‍රංශ ආණ්‌ඩු විප්ලවය මතකයට නැගෙන විප්ලවකාරී යුගය (වත්මන් තරුණයන්ට නොව) ඉතිහාසය කියෑවූ පරිනතයනට මතක්‌ වේ. ඇතැම් දේශපාලනඥයකු මේ සමාජක්‍රමය ගැන කිපී බෝම්බ ගැසිය යුතු කතාවක්‌ කියන්නේ ඉවසීමේ සීමාව ඉක්‌මවා ගිය නිසා විය හැකි ය.

 කුමන හෝ වරදක්‌ නිසා නොවේ නම් කාගේ හෝ වරදක්‌ නිසා සමාජය උමතු සහගත වෙතොත් අනාගතය භයානක ය. බඩගින්න නිසා රජ ගෙදර වටලා අපට බඩගිනියි, අපට පාන් දීපල්ලායි ප්‍රංශ ජනතාව කෑගසද්දී ඇයි උඔලා පාන් ඉල්ලන්නේ උඔලාට කේක්‌ කන්න බැරි දැයි එදා 16 වැනි ලූවී රජුගේ ආර්යාව මිනිසුන්ගෙන් ඇසූ බවක්‌ අප කියෑවූ ඉතිහාසයේ වෙයි. එසේම අපට පොල් ගෙඩියක්‌ දීපියව් කියා කෑ ගසන තරමට මිනිසුන් බැරිකම් දැනෙන්නට වූවොත් කොහොම වෙයිද?

 ආචාර්ය පියසේන රතුවිතාන

Post a Comment

0 Comments