ආසියාවේ විශාලතම විශ්වවිද්‍යාලය ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබූ භාරතයේ නාලන්දා විශ්වවිද්‍යාලයේ නෂ්ටාවශේෂ දකින ඕනෑම අයෙකුගේ හදවත කම්පාවීම නොවැළැක්‌විය හැකිය.බිහාර් ප්‍රාන්තයේ රජගහනුවරට කි. මී. 10 ක් උතුරු දෙසින් මෙම විශ්වවිද්‍යාල භූමිය දැකගත හැකිය.
ක්‍රි. පූ. 3 වැනි සියවසේ ආරම්භ වූ නාලන්දා විශ්වවිද්‍යාලය භාරතයට පමණක් නොව සමස්‌ත ආසියාවටම ඉමහත් මෙහෙවරක් ඉටුකර තිබේ. එදා ඉන්දියාවේ බෞද්ධ අධ්‍යාපනය ඉතා දියුණු මට්‌ටමක පැවැති අතර ඒ සඳහා විශ්වවිද්‍යාල පහක් බිහිව තිබිණි. නාලන්දාව, තක්‌ෂිලාව, වික්‍රමශීලා ඒ අතුරින් ප්‍රධාන ස්‌ථානයක් ගත්තේය. ඒ සියල්ල අතුරින් සෑම අංශයකින්ම වඩාත් දියුණු මට්‌ටමක පැවතියේ නාලන්දා විශ්වවිද්‍යාලයයි. මෙය විවිධ ක්‍ෂේත්‍රයන්ට අදාළ විෂය රැසක් සඳහා කැපවූ ආයතනයක් විය.
මහා දාර්ශනිකයන් වූ නාගර්ජුන, වසුබන්ධු. ශීල භද්‍ර ඇතුළු ශ්‍රේෂ්ඨ විද්වතුන් එහි ආචාර්යවරුන් වූහ. චීන ජාතික දේශාටකයෙකු වූ හියුං සාන් නාලන්දා විශ්වවිද්‍යාලය ගැන මෙසේ සඳහන් කර තිබේ.
"මෙහි බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා දහස් ගණනක් නේවාසිකව ශිල්ප ශාස්‌ත්‍ර හැදෑරූහ. ඔව්හු සියල්ලෝම බොහෝ දක්‌ෂකම් හා උගත්කම් ඇත්තෝ වූහ. ඓතිහාසික තොරතුරුවලට අනුව මෙහි අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව පහළොස් දහසකට ආසන්නය. ආචාර්ය මණ්‌ඩලය එක්‌දහස් පන්සිය දෙනෙකුගෙන් සමන්විත විය. විශ්වවිද්‍යාලය වටා සුවිසල් තාප්පයකි. ඇතුළත දේශනශාලා, භෝජන ශාලා, නේවාසිකාගාර, සංඝාවාස, විහාර ගෙවල් හා පොකුණු ආදිය තිබුණි.
භාරතයේ සිසුන් පමණක් නොව චීනය, ජාවා, ශ්‍රී ලංකාව ආදී රටවල සිසුන් දහස් ගණනක් ද මෙහි අධ්‍යාපනය ලබා තිබේ. ධර්මපාල නමැති ලාංකික භික්‌ෂුව කලක් මෙම විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය දරා තිබේ.
ථෙරවාදය, මහායානය, බ්‍රාහ්මණ ආගම, දර්ශනය ආදී සියලුම විෂයන් මෙහි විෂය මාලාවට ඇතුළත්ව තිබිණි. භාෂා දොළහක් පිළිබඳව හසල දැනුමක් තිබූ මහාචාර්ය ශීල සාදු හිමියෝ කලක් මෙහි කුලපති වශයෙන් සේවය කර තිබේ.
කි. මී. 10 ක් දිගින් හා කි. මී. 5 ක් පළලින් යුතු භූමි භාගයක අද මෙම විශ්වවිද්‍යාලයේ නටබුන් දැකගත හැකිය. මෙහි ගොඩනැඟිලි සියල්ල උසස් ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව ඉදිකර තිබුණි.
ගුප්ත රාජ්‍ය සමයේ එනම් බුද්ද ගුප්ත, තථාගත ගුප්ත, හර්ෂ වජ්‍ර යන රජවරුන්ගේ රාජ්‍ය සමයන්හිදී ද, පස්‌වැනි, නව වැනි ශතවර්ෂයන්හි රජ කළ කුමාර ගුප්ත, දේවපාල යන රජවරුන්ගේ රාජ්‍ය සමයන්හිදී ද නාලන්දාව ඉතා දියුණු මට්‌ටමකට පත්ව තිබී ඇත.
පුරා වසර හයසියයක පමණ කාලයක් තිස්‌සේ මෙම විශ්වවිද්‍යාලය තුළින් ප්‍රාඥයින් දහස් ගණනක් බිහිවී තිබේ.
චීන දේශාඨකයකු වූ හියුං සාන්ද මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇත. හෙතෙම දර්ශනය, තර්ක ශාස්‌ත්‍රය, වියරණ, වෛද්‍ය විද්‍යාව සහ අතර්ව වේද යන විෂයයන් හදාරා තිබේ. එකල මෙහි හිමිදිරියේ සිට රාත්‍රිය දක්‌වා ධර්ම සාකච්ඡා පැවැති බව හියුං සාන් සඳහන් කරයි. හියුං සාන්ට මෙම විශ්වවිද්‍යාලය මගින් "මෝක්‌ෂ දේව" යන ගෞරව නාමයද ලබාදී තිබුණි. හියුං සාන්ගේ පසු තවත් චීන සහ කොරියන් දේශාඨකයන් එකොළොස් දෙනකු විශ්වවිද්‍යාලය නැරඹීම සඳහා පැමිණ තිබේ. අසීට් සිං නමැති වන්දනාකරුවාද බොහෝ කලක් මෙම විශ්වවිද්‍යාලයේ නැවැතී සිටි බැව් හියුං සාන්ගේ ලේඛනවල සඳහන් වේ.
ඇතැම් ශාස්‌ත්‍රපීඨ මහල් දහයක් උසටද, තවත් සමහරක් මහල් හතරක් උසට ද ගොඩනඟා තිබුණි.
ලොවට ප්‍රාඥයින් දහස් ගණනක් බිහි කළ මෙම විශ්වවිද්‍යාලයේ අවසානය ඉතාමත්ම ෙ€දජනකය. ක්‍රි.ව. 1192 දී මොහොමඩ් බක්‌තියාර් මෙම ප්‍රදේශයේ බලවතා බවට පත්විය. ඔහු පන්දහසක සේනාවක් මෙහෙයවා නාලන්දා විශ්වවිද්‍යාලය ගිනිබත් කරවීය. ශිෂ්‍ය භික්‌ෂූන් වහන්සේ දහස් ගණනක් දන් වළඳමින් සිටියදීම ජීවිතක්‍ෂයට පත්වූහ. විශ්වවිද්‍යාලය එකම ගිනි ගොඩක් බවට පත්විය. මෙහි මහා පරිමාණයේ පුස්‌තකාල ගණනාවක් තිබුණු අතර, ඒවා මාස හයක් තිස්‌සේ ගිනි ගනිමින් තිබුණු බැව් පැවසේ. එසේම ධාන්‍ය ගබඩා මාස තුනක් තිස්‌සේ පිළිස්‌සෙමින් තිබී ඇත. මෑතකදී මෙම භූමියේ කරන ලද කැණීම්වලදී එසේ දැවී ගිය ධාන්‍ය කොටස් සහ මිනිස් ඇටසැකිළි ගණනාවක් හමුවී තිබේ.
මෙහි ගොඩනැඟිලි සියල්ල ඉදිකර ඇත්තේ තද රත් පැහැති ගඩොලිනි.
නාලන්දා විශ්වවිද්‍යාලය ගිනිබත් කොට ගිහි පැවිදි ශිෂ්‍යයන් දහස් ගණනක් මරුවසඟයට යෑවූ මොහොමඩ් බත්තියාර් නමැති පාපතරයා ගංවතුරකට හසුවී ජීවිතක්‍ෂයට පත්විය. 1199 දී බෙංගාලය යටත් කර ගැනීමෙන් අනතුරුව තිබ්බතය ආක්‍රමණය කිරීම සඳහා ඉන්දියාව හා තිබ්බතය හරහා තිබූ දැවැන්ත ගංගාව තරණය කිරීමේදී හිටිහැටියේ ගලා ආ ගංවතුරකින් සිය සේනාවත් සමඟම ඔහුට මෙම ඉරණම අත්වූ බැව් පැවසේ.
නාලන්දා විශ්වවිද්‍යාල භූමියේ පුරාවිද්‍යා කෞතුගාගාරයක් පිහිටුවා තිබේ. එය 1971 වසරේදී ආරම්භ කරන ලද්දකි. මෙහි දුර්ලභ ගණයේ ලිපි ලේඛන හා බුද්ධ ප්‍රතිමා රැසක් දක්‌නට ලැබේ.
මෙකී ලිපි ලේඛන සියල්ලම කැණීම්වලදී හමුවූ ඒවාය. මයුර, ගුප්ත සහ වෙනත් රාජ්‍ය සමයන්හි හින්දු සමාජයේ සංස්‌කෘතික ලක්‌ෂණ විදහා දක්‌වන අංග රැසක් මෙම කෞතුගාගාරයට ඇතුළත්ව තිබේ.
තඹ තහඩු, තඹ කාසි, ශිලා ලේඛන, ගඩොල් මත ලියෑවුණු ලේඛන, ඉපැරණි වළං සහ පිළිස්‌සී ගිය සහල්ද මෙහි ප්‍රදර්ශනය සඳහා තබා ඇත.
නාලන්දා විශ්වවිද්‍යාලය යළි ගොඩනැගීම පිළිබඳව ඉන්දීය රජයේ දැඩි අවධානය යොමුවී තිබේ.
ඒ සම්බන්ධයෙන් වූ පනතක් ද නොබෝදා ඉන්දීය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති අතර මේ පිළිබඳව පෙරමුණ ගෙන කටයුතු කරනුයේ නොබෙල් ත්‍යාගලාභී ඉන්දීය විද්වතෙකු වන ආචාර්ය අමර්ටියා සෙන් මහතාය.
මේ පිළිබඳ වාර්තාවක් 2010 අගෝස්‌තු 5 වැනි දින ඔයෑ Hසබාම පුවත්පතෙහි පළවී තිබුණි.
එහි සඳහන් වන අන්දමට විශ්වවිද්‍යාලය යළි ගොඩනැඟීමට තීරණය කර ඇත්තේ අදියර ගණනාවකිනි. මේ සඳහා දැනට ඉන්දීය සැලසුම් කමිටුව මගින් වෙන්කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි පනහකි. එහෙත් ඒ සඳහා ගණන් බලා ඇති ඇස්‌තමේන්තුගත වියදම ඉන්දියානු රුපියල් කෝටි 1005 කි.
රණවීර මනුකුලසූරිය