දස මසක් මව් කුසේ රැඳි මෙලොව එළිය දකින දරුවා දෙමව්පියන්ගේ එකම සම්පතයි. සැබවින්ම විශ්වයේ ශේ්‍රෂ්ඨතම නිර්මාණය වන්නෙත් පුංචි දරුවන්ය. සෑම මවකගේම එකම බලාපොරොත්තුව වන්නේද නිරෝගී පිරිපුන් දරුවකු ඉපදෙනු දැකීමය. කොටින්ම කිවහොත් නීරෝගි පිරිපුන් දරුවකු ලැබීම දෙමව්පියන්ට සැපතකි. එහෙත් යම් යම් හේතු නිසා විකෘතිතාවයෙන් යුත් දරුවන් බිහිවීම සිදුවෙයි.
ඇතැම් ළදරුවන් නොයෙකුත් රෝග නිසා උපතින්ම මන්ද මානසිකත්වයට පත්වෙති. එමෙන්ම උපතට පෙර, දරු උපතේදී හා උපතෙන් පසුවද මෙම තත්ත්වයට පත්වේ. මෙම මන්ද මානසික තත්ත්වයට පත්වන හේතු අතරින් ඉක්‌මනින්ම හඳුනාගෙන ඉන් ළදරුවා මුදා ගත හැක්‌කේ ආජන්ම මන්ද තයිරෝඩිතාවය සඳහා නිසි ප්‍රතිකාර කිරීමෙනි.
මෙම රෝගී තත්ත්වය ඇති වන්නේ තයිරොක්‌සින් නමැති හෝමෝනය ශරීරයේ නොමැති වීමෙනි. මෙහි ඇති බැරෑරුම්කම වන්නේ මෙම තත්ත්වය නිසා දරුවාගේ මොළයේ වර්ධනය අඩුවී මන්ද බුද්ධික තත්ත්වයට පත්වීමය. මේ නිසා දරුවාගේ ශරීර වර්ධනයද බාල වේ. දැනට ලෝකයේ සිදුවන සෑම දරුවන් තුන් දහසකට එක් අයෙකු මෙම රෝගයට ගොදුරු වේ. ඉන්දියාවේ නම් මෙය දරු උපත් දෙදහසකට එක් අයකු වේ. ලංකාවේ සිදුකළ පරීක්‍ෂණවල දත්තයන්ට අනුව දරු උපත් එක්‌දහස් පන්සියයකට එක් දරුවකු මෙම රෝගී තත්ත්වයෙන් පෙළීමේ අවදානමක් පවතී. ඒ පේරාදෙණිය හා කරාපිටිය වෛද්‍ය පීඨයන්හි න්‍යෂ්ඨ§ක වෛද්‍ය ඒකකයන්හි සිදුකළ පරීක්‍ෂණ වලට අනුවය.
පේරාදෙණිය න්‍යෂ්ඨ§ක වෛද්‍ය ඒකකයේ වෛද්‍ය දමයන්ති නානායක්‌කාර මහත්මිය සමග කරාපිටිය වෛද්‍ය පීඨයේ න්‍යෂ්ඨ§ක වෛද්‍ය ඒකකයේ වෛද්‍ය මංජුල හෙට්‌ටිආරච්චි මහතා 2006 වසරේ සිට මේ පිළිබඳ පර්යේෂණ සිදු කළහ. ඒ කෙසේ වුවද 2008 වසරේ සිට මෙහි පර්යේෂණ කටයුතු කරගෙන යැම සඳහා ජාතික පර්යේෂණ සභාව මගින් ආධාර මුදල් ලබාදෙනු ලැබීය.
රටට නිරෝගී බුද්ධිමත් දරු පරපුරක් උරුමකරදීම සඳහා ඇරඹූ මෙකී පර්යේෂණය අද සාර්ථක ප්‍රතිඵල ලබා තිබේ. කෙසේ වුවද අයඩින් ඌණතාවය සහිත ප්‍රදේශවල දරු උපත්වලින් හයසිය දෙනකුට එක් අයකු පමණ මෙම රෝගී තත්ත්වයට ගොදුරු විය හැකි බව පර්යේෂණවලදී අනාවරණය වී තිබේ. ගැබිනි මවක් සහ කිරිදෙන මවක් දිනකට මයික්‍රෝ ග්‍රෑම් 200 ක්‌ද, සාමාන්‍ය පුද්ගලයකු දිනකට මයික්‍රෝ ග්‍රෑම් 150 ක්‌ද ලබාගත යුතුය. අයඩින් ඌණතාවයෙන් වළක්‌වා ගැනීම තුළින් උපදින දරුවා ආජන්ම මන්ද තයිරෝඩිතාවයට භාජනය වීම අවම කර ගත හැකිය.
මෙම රෝගී තත්ත්වය හඳුනා ගැනීමට පහසුකම් නොමැති අවධියේ රෝගය හඳුනා ගැනීම සිදුකරන ලද්දේ රෝග ලක්‍ෂණ වලට අනුවය. නමුත් මෙහිදී දරුවකු ඉපදීමෙන් පළමු මාසය තුළ හඳුනාගත හැක්‌කේ 5% ක් පමණ පිරිසකි. මින් 40% ක පමණ රෝගීන් මාස හයක් පමණ ගතවන තුරු හඳුනා ගැනීමට නොහැකි වීම ප්‍රධාන ගැටලුවක් බවට පත්විය. මේ නිසා එවැනි දරුවන්ට ප්‍රතිකාර ආරම්භ කිරීම ප්‍රමාද විය.
අනෙක් කාරණය වන්නේ මෙම රෝගී තත්ත්වයට ගොදුරුවන ඇතැම් දරුවන් කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වීම නිසා මුල් කාලයේදී හඳුනා ගැනීමට ඉතාම අපහසුවීමය. එහෙත් ලෝකයේ දියුණු රටවල උපදින සෑම දරුවකුම ආජන්ම මන්ද තයිරොයිඩතාවය සඳහා පරීක්‍ෂා කර රෝගය ඇති හෝ නැති බව තහවුරු කරගනු ලැබීය. එම රටවල මෙම පරීක්‍ෂණය සිදුකරනු ලබන්නේ එක්‌දහස් නමසිය හැට ගණන්වල සිටය.
නමුත් දකුණු ආසියාතික රටවල මෙම පරීක්‍ෂණය ඒ ආකාරයෙන් සිදුවන්නේ නැත. මේ වන තුරු උපදින සියලුම දරුවන් රෝගය සඳහා පරීක්‍ෂා කිරීමක් සිදු නොවිණි. තයිරොක්‌සින් ඌණතාවයෙන් පෙළෙන දරුවන් හඳුනා ගැනීම සඳහා එම කටයුත්තට මුල පුරමින් දකුණු පළාතේ උපදින සියලුම ළදරුවන් අදාළ පරීක්‍ෂණයට ලක් කිරීමේ කටයුතු ඉකුත්දා ආරම්භ කෙරිණි. ඒ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කරාපිටිය වෛද්‍ය පීඨයේදී පැවැති උත්සවයකදීය.
මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා විසින් චක්‍රලේඛණයක් නිකුත් කරමින් දකුණු පළාතේ පිහිටි සියලු සෞඛ්‍ය ආයතන දැනුවත් කිරීමටද කටයුතු කළේය. සැබවින්ම දකුණු පළාතේ උපදින සියලුම ළදරුවන්ගෙන් මෙම පරීක්‍ෂණය කිරීමට ඉඩකඩ විවර වූයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ න්‍යෂ්ඨ§ක වෛද්‍ය ඒකකයේ වෛද්‍ය මංජුල හෙට්‌ටිආරච්චි මහතා හා මහාචාර්ය චන්ද්‍රdනී ලියනගේ මහත්මිය විසින් දිගු කලක් තිස්‌සේ මේ සම්බන්ධව කරගෙන ගිය පර්යේෂණවල ප්‍රතිඵල නිසාය.
අපි මේ පර්යේෂණය ගැන වෛද්‍ය මංජුල හෙට්‌ටිආරච්චි මහතා සමග සාකච්ඡා කළෙමු. තයිරොක්‌සින් හෝමෝන ඌණතාවයෙන් පෙළෙන දරුවන් සඳහා ප්‍රතිකාර තිබේද?
ඔව්. ප්‍රතිකාර වශයෙන් තයිරොක්‌සින් හෝමෝනය දිනපතා ලබාදිය යුතුයි. දරුවා ඉපදී මුල් සති කිහිපය තුළ ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් සියලු සංකූලතා වළක්‌වා ගන්න පුළුවන්. හැකි ඉක්‌මනින් ප්‍රතිකාර ආරම්භ කළහොත් ළදරුවාට ඇතිවිය හැකි කායික, මානසික වර්ධන දුබලතා වළක්‌වා ගන්න පුළුවන්. ප්‍රතිකාර නොකළහොත් නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කළ නොහැකි පරිදි කායික මානසික වර්ධනය බාලවෙන්න පුළුවන්.
මේ සඳහා කළ යුත්තේ කුමක්‌ද?
ළදරුවා ඉපදෙන විටදී පිටතින් පෙනෙන රෝග ලක්‍ෂණ නොමැති බැවින් මෙය හඳුනාගත හැක්‌කේ රුධිර පරීක්‍ෂණයකින් පමණයි. ලෝකයේ බොහෝ රටවල ඉපදෙන සෑම ළදරුවකුගෙන්ම ඉපදී පළමු දින කිහිපය තුළ මෙවැනි රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා පරීක්‍ෂණ කරනවා. අපද රෝගය හඳුනා ගෙන ප්‍රතිකාර කළ යුතුයි. එම වැඩපිළිවෙළ අප දකුණු පළාතෙන් ආරම්භ කළා. මෙම සියලු රසායනාගාර පරීක්‍ෂණ කරාපිටිය වෛද්‍ය පීඨයේ න්‍යෂ්ඨ§ක වෛද්‍ය ඒකකය මගින් නොමිලේ සිදුකර දෙනවා. මේ සඳහා මූල්‍යාධාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය හා ජාතික පර්යේෂණ සභාව මගින් සපයනවා.
මේ සඳහා මව්වරු කළ යුත්තේ කුමක්‌ද?
රෝහලේ උපදින ඔබේ ළදරුවා රෝහලෙන් නිදහස් කිරීමට ප්‍රථම ළදරුවාගේ කකුලේ යටි පතුලෙන් ලේ බිංදුවක් ලබා ගැනීමට ඉඩ දෙන්න. එම ලේ බිංදුව පරීක්‍ෂණයට ලක් කිරීමෙන් මෙම රෝගය සඳහා ඇති අවදානම හඳුනා ගන්න පුළුවන්. එම පරීක්‍ෂාව කිරීමට රෝහල් කාර්ය මණ්‌ඩලයෙන් ඉල්ලා සිටීමට ඔබට අයිතියක් තියෙනවා. රුධිර පරීක්‍ෂණයක් මගින් ඔබගේ දරුවා රෝගයට ගොදුරුවී ඇති බවට සැක සහිත වූ විට ඔබට ඒ බව දන්වා නැවත පරීක්‍ෂණයක් මගින් එය තහවුරු කර අවශ්‍ය ප්‍රතිකාර කිරීමට න්‍යෂ්ඨ§ක වෛද්‍ය ඒකකය බැඳී සිටිනවා.
ළදරුවාගෙන් රුධිරය ලබා ගැනීමේදී ඇතිවිය හැකි සංකූලතා මොනවාද?
රුධිරය ලබා ගැනීමට විඳින ලද ස්‌ථානයේ තාවකාලික වේදනාව එම ස්‌ථානයේ සමයට රුධිරය එකතුවීම සහ ඉතා කලාතුරකින් එම ස්‌ථානයේ ආසාදනයක් ඇති වීමට ඉඩ තියෙනවා. එසේ සංකූලතාවයන් ඇති වුවහොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනවා.
මෙම කාර්යයේදී ඔබලාගේ වගකීම ගැන සඳහන් කළහොත්.
අපේ වෑයම වන්නේ රෝගී දරුවන් ගැන ජීවිත කාලය තුළම පසු තැවීම් වැළැක්‌වීමත් රටට නිරෝගී බුද්ධිමත් දරුවෙක් උරුමකර දීමත්ය. එක ලේ බිංදුවක් ලබාදී ඔබේ දරුවාගේ අනාගතය රැක ගන්නා ලෙස අප සියලුම මව්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබගේ දරුවාට මෙවැනි රෝගී තත්ත්වයක් ඇති බව දැන්වුවහොත් නොපමාව අප වෛද්‍ය කණ්‌ඩායම හමුවන්න. වැඩි විස්‌තර වාට්‌ටුවේ සිටින වෛද්‍යවරයාගෙන් විමසන්න.
අලුත උපන් බිළි¹ගේ රුධිරයේ ඔSH පරීක්‍ෂාව මගින් තයිරොයිඩ් ග්‍රන්ථයේ ඌණතාවය කලින් හඳුනා ගැනීමට හැකියාව තිබේ. එවිට නිසි ප්‍රතිකාර කිරීමෙන් දරුවා මන්ද මානසිකත්වයෙන් හා උසින් අඩුවීමෙන් වළක්‌වා ගත හැකිය. මෙවැනි රෝගී තත්ත්වයන්ට ගොදුරුවන දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශාල මුදලක් වැය වන්නේද නැත. වෛද්‍ය පරීක්‍ෂණයට එක් ළදරුවකු වෙනුවෙන් වැය වන්නේ රුපියල් සියයක මුදලක් බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතා කීවේය. මේ සඳහා ලබාදෙන බෙහෙත් පෙත්තක වටිනාකම රුපියලකටත් අඩුය.
ඇත්තෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වන්නේ ළමුන්ගේ පවුල්වල ජීවිත සංවර්ධනය කිරීමක් ළමුන්ගේ අනාගතය වෙනුවෙන් ගත් පියවරක්. මෙකී වැඩපිළිවෙළ ඉදිරියේදී ලංකාව පුරාම ක්‍රියාත්මක වනු දැකීම අපේ එකම පැතුමයි. මහාචාර්ය සුජීව අමරසේන මහතා කීවේය.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ හරි අපූරු කතාවකි. 2010 වසරේ අය වැය යෝජනාවලදී වෛද්‍ය පර්යේෂණ අංශය ගැන සඳහන්ව තිබුණේ පේලි දෙකක් බව අමාත්‍යවරයා සඳහන් කළේය. මේ පිළිබඳ විවිදාත්මක තත්ත්වයක් ඇතිවුණා. පර්යේෂණවල තත්ත්වය මේකද කියා විශ්වවිද්‍යාල වැදගත් පලදායි පරීක්‍ෂණ කරනවා. ප්‍රතිඵලත් ලැබෙනවා. නමුත් අත්හදා බැලීමෙන් පසු ප්‍රගතිය සඳහා ක්‍රියාත්මක වන්නේ නැත. විශ්වවිද්‍යාල හා වෛද්‍ය පීඨ මගින් කරන පරීක්‍ෂණ මාධ්‍ය මගින් ඇගයීමට ලක්‌විය යුතුයි. එම පර්යේෂණ රටේ ජනතාවට දැන ගන්නට ඉඩකඩ විවර කරදීම මාධ්‍යයේ වගකීමක් බැව් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අප රටක් වශයෙන් ඉදිරියට යැමට නම් නව පර්යේෂණ මගින් නව සොයා ගැනීම් විශේෂයෙන්ම අප රටට අදාළ නව දැනුම උත්පාදනය අත්‍යවශ්‍ය දෙයකි. මක් නිසාදයත් නවීන ලෝකයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව වෙත ගමන් කර ඇති සෑම රටක්‌ම එය ඉටුකරගෙන ඇත්තේ වෛද්‍ය පර්යේෂණ ඔස්‌සේ කළ සොයා ගැනීම් වලිනි.
වෛද්‍ය විද්‍යාවට අදාළ නව ක්‍රමෝපායන් ගැන අත්හදා බැලීම් නොදන්නා හෝ දැනට එතරම් සොයා බැලීම් නොකළ වැදගත් ලෙඩ රෝග ගැන සොයා ගැනීම, නවීන ප්‍රතිකාර ක්‍රම, නව ඖෂධ වර්ග අත්හදා බැලීම් යන සියලු දේ සඳහා දැනුම රැස් කළයුත්තේ වෛද්‍ය පර්යේෂණ තුළිනි.
ඉදිරියේදී මෙවැනි පර්යේෂණ කරන විද්වතුන් පර්යේෂකයන් විශේෂ වෛද්‍යවරුන් ඇගයීමට ලක් කිරීම සඳහා ඔවුන්ට සම්මාන ලබාදීමේ පුළුල් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
අප රටේ අවශ්‍ය තරම් දැනුමින් සපිරි පර්යේෂකයින් හා පර්යේෂණ උපකරණ ඇත. අප කළ යුත්තේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී එම පර්යේෂකයන් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීමය.
වෛද්‍ය මංජුල හෙට්‌ටිආරච්චි මහතා
ලලිත් චාමින්ද
Contact Info
Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.
Search This Blog
Categories
Tags
- Astrology Features
- Education
- ENGLISH
- Health Features
- Historical Features
- Nature Features
- Politics in Sri Lanka
- Positive Thinking
- Religious Features
- Sex Education
- Social Features
- Sri lanka Entertainment
- Sri Lankan Tv Channels
- Srilanka Magazine Video Line
- Srilanka Magazine Video Line 01
- Srilanka Magazine Video Line 02
- Srilanka Magazine Video Line 03
- Srilanka Magazine Video Line 04
- Srilanka Magazine Videos
- Srilanka Youth Features
- Srilankan Models
- World Features
- World terrorism
- ආර්තිකය
- කාන්තා
- කෘෂිකර්මය
- තොටගමුවේ රාහුල හිමි
- පාරසරික
- විද්‍යාත්මක
- සංචාරය
How to wash your Hands

Water & Soap

Palm to Palm

Rub Fingers

Rub Thumbs

Back of Hands

Rub Wrists
Popular Posts
සිංහල බ්ලූ ෆිල්ම්
June 03, 2019
ජාතික අක්ෂි රෝහල කොළඹ
May 17, 2019
කවියෙන් නිදහස් සටනට පණ පෙවූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
August 26, 2015





