නිවන් මඟ වෙත
බුදුන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල බුදු දහම මෙලොව හා පරලොව යන දෙලොවම වැඩ පිණිස හේතුවේ. මහරහතුන් වැඩි මඟ ඔස්සේ යමින් අරියඥාන හිමියෝ බොහෝ දෙනාගේ හිත සුව පිණිස ධර්මය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වෑයමක නිරතව සිටිති. බෞද්ධයන්ගේ පරම සැපය වන නිර්වාණ අවබෝධයට ඉවහල් වන මෙම ලිපි මාලාව සෑම සඳුදාවකම පළවේ.
23 වැනි කොටස
දුකත් සැපත් අතර දෝලනය වෙමින් ඉදිරියට ගලා යන්නා වූ මේ සසරෙහි සදාකාලික වූ සැපත සොයා යන්නේ කෙසේ ද? එයට මැනවින් උපකාරී වන්නේ මොනවාද? මේ ලිපියෙහි තවත් එක් අරමුණක් වන්නේ ඔබට එය වටහා දීම යි.
ඉතා දරුණු සතර අපායන් පසුකරමින් අප මෙපමණ දුරක් පැමිණ තිබෙන බව පෙර සඳහන් කළ ඔබට මතක ඇති. අප දන්නා හඳුනන එක්තරා මහත්මයකු සිටියා. ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙක්. දවසේ පැය විසිහතර පුරාම ඔහු රාජකාරියෙහි නිරතවී සිටියා. පිනක් දහමක් කිරීමටවත් ඔහුට වේලාවක් තිබුණෙ නැහැ. ඔහුගේ ජීවිතයේ මැදි වයස පමණ වන විට සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීම ආරම්භ කළා. මේ නිවෙස ඉදිකරමින් සිටින අතරවාරයේදී ඔහු හදිසියේම මිය ගියා. ඔහුගේ මරණයෙන් පසුව අප දන්නා එක්තරා ස්වාමීන්වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කොට බලනවා. ඔහු මරණින් මතු උත්පත්තිය සකස් කරගෙන තිබෙන අයුරු. උන් වහන්සේගේ උතුම් සමාධියට අරමුණ වනවා. ඔහු අඩක් සාදා තිබු නිවෙසෙහි මුල්ගල බදා සිටින බහිරවයකු ලෙස උත්පත්තිය සකස්කොටගෙන තිබෙන බව. “උපාදානා පච්චයා භවෝ....” උපාදානයයි භවය සකස් කරන්නේ. උපාදානය සකස් කරන්නේ කවුරුන් විසින් ද? “තන්හා පච්චයා උපාදානං....” බණ දහමෙන් ඈත් වී සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ඔහුට මරණාසන්න මොහොතෙදී අරමුණු වූයේ ඔහු ඉදිකරමින් සිටි නිවෙසයි.
මේ සිදුවීම කොතරම් නම් අවාසනාවන්තද? මෙපමණ ස්වාමීන් වහන්සේ වැඩ සිටින රටක මෙපමණ පින්කම් සිදුවන රටක ඔහු දක්ෂ වුණේ නැහැ මේ උතුම් මනුෂ්‍ය ජීවිතය නැවත සුගතිය කරා රැගෙන යාමට.
නමුත් ඔබ දක්ෂ වුණා මෙතරම් දරුණු සතර අපායක් අභිභවා මනුෂ්‍ය ජීවිතයක් සකස් කර ගැනීමට. එය දක්ෂභාවයක් පින්වතුනි.
දෙවැනි දක්ෂභාවය ලෙස බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ මිථ්‍යා දෘෂ්ටියෙන් මිදීමයි. මිථ්‍යාදෘෂ්ටික භාවය යනු නරක වචනයක් නොවෙයි. සම්මා දිට්ඨියෙහි විරුද්ධ වචනය වන්නේ මිථ්‍යා දෘෂ්ටියයි. යමෙකු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව හඳුනන්නේ නැතිනම්, කර්මය, කර්ම ඵලය පිළිබඳ හඳුනන්නේ නැතිනම් මරණෙන් මතු නැවත හේතුඵල ධර්මය අනුව උපතක් තිබෙන බව විශ්වාස නොකරයි නම් දානයෙහි ශීලයෙහි ආනිසංස තිබෙන බව විශ්වාස නොකරන්නේ නම් මවුපියන්ට සැලකීමෙන් ආනිසංස තිබෙන බව විශ්වාස නොකරයි නම් ඔහු මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයකු ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.
සම්මා දිට්ඨීයෙන් බැහැර වී මෙවැනි මිථ්‍යාදෘෂ්ටිකභාවයන්ට පත් වූ කෝටි ප්‍රකෝටි ගණන් මිනිසුන් මේ ලෝකයේ ජීවත් වනවාද? ඔවුන් සතර අපායක් පිළිබඳ නොහදුනයි. මේ ජීවිතයෙහි සෝවාන්, සකෘදාගාමි, වැනි උතුම් ඵලයන්ට පත්වීමට හැකි බවට ඔවුන් තුළ දැක්මක් නොමැත. ඒ නිසාම ඔවුන් දුකෙන් දුකට පත්වනවා. ඇතැම් මිථ්‍යාදෘෂ්ටික පවුල් පිටිපස්සෙන් ප්‍රේතයන් බවට පත් වූ ඥාතීන් පවුල් පිටින් සිටිනවා. ඔවුන් පින් අනුමෝදන් කිරීම නොහඳුනයි. ප්‍රේතයන් බවට පත් වූ ඥාතීන් පින් අනුමෝදන්වීම ද නොහඳුනයි. එයට හේතුව වන්නේ මිථ්‍යාදෘෂ්ටිකයන් වන ඔවුන් හඳුනන්නෙ නැහැ ඔවුන්ගේ ඥාතීන් මරණින් මතු නැවත උපදින බව.
දිනක් මා එක්තරා ගම්මානයක පිණ්ඩපාතය වඩිද්දී එක් ගොවි ගෙදරක් ඉදිරියෙහි පිණ්ඩපාතය සඳහා වැඩ සිටියා. ඒ නිවෙසේ සිටි අම්මා කෙනකු දීසියක තබාගෙන කිරිබත් කෑලි දෙකක් මා වෙත පිරිනමන්නට උත්සාහ කළා. එක් කිරිබත් කෑල්ලක් පාත්‍රය තුළට දමද්දි මම අත තබලා ඇයට කියා සිටියා දානය ප්‍රමාණවත් බව.
එවිට එම මෑණියෝ මට පිළිතුරු දුන්නා යක්ෂයන් උදෙසා වෙන් කළ දේ අපි ආපසු නොගන්නා බවට. පාත්‍රයේ පියන වසා මම අභිවාදන සීලිස්ස ගාථාව දේශනා කිරීමට සූදානම් වුණා. ගාථාවෙ මුල් පදය දේශනා කරද්දීම, අපට පින් අවශ්‍ය නොවන බව කියා සිටියා. කොතරම් දරුණු මිථ්‍යාදෘෂ්ටිකභාවයකට ඔවුන් පත්ව තිබෙනවාද? කොතරම් දරුණු අකුසලයක් ඇය විසින් රැස් කරගත්තා ද?
මහා බ්‍රහ්මයා, සක්‍රයා මහා සංඝරත්නයට වන්දනා මාන කරන බව බුදු රජාණන්වහන්සේ දේශනා කරනවා. මහා බ්‍රහ්මයා, සක්‍රයා වැන්නවුන් පවා වන්දනා මාන කරන්නා වූ මහා සංඝරත්නය මිථ්‍යාදෘෂ්ටිකයන් විසින් දකින්නේ යක්ෂයකු ලෙසයි. ඔවුන් කවදා සැනසිල්ලක් කවදා ගැලවිල්ලක් ලබන්න ද පින්වතුනි. එසේ නම් ඔබ මිථ්‍යාදෘෂ්ටිකභාවය අභිභවා මේ උතුම් සම්මා දිට්ඨීයට පත්වී මනුෂ්‍යයකු වන්නට කොතරම් දක්ෂ වී තිබෙනවාද?
තුන්වැනි දක්ෂතාවය වන්නේ ඉන්ද්‍රීය දුර්වලතාවයන්ගෙන් ඔබ අත්මිදීමයි. ඉන්ද්‍රීය දුර්ලතාවයන්ට පත් වූ කොපමණ පිරිසක් මේ ලොවෙහි ජීවත්වනවා ද? බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිම වහන්සේ නමකගෙන් හෝ දැක ගැනීමට ඇතැමුන්ට අවස්ථාව ලැබී නැහැ. සද්ධර්මය ශ්‍රවණය කිරීමට ඇතැමුන්ට අවස්ථාව ලැබී නැහැ. ඇතැමුන්ට නුවණින් මෙනෙහි කිරීමක් නැහැ. ශ්‍රද්ධාව, ප්‍රඥාව කියන කාරණය සකස් කරගැනීමට ඔවුන්ට අවස්ථාව නැහැ.
මෙපමණ දරුණු තත්ත්වයන් පසුකොට ඔබ මේ උතුම් මනුෂ්‍යත්වය ලබන්න දක්ෂ වී තිබෙනවා. ඔබ සතර අපායෙන් මිදුණා. ඔබ මිථ්‍යාදෘෂ්ටික භාවයෙන් මිදුණා. පසුව ඉන්ද්‍රීය දුර්වලතාවයන්ගෙන් බැහැර වී පරිපූර්ණ ධර්මාවබෝධයට අදාළ වූ උත්පත්තියක් ලැබුවා. මේ කාරණා තමා තුළින් තමා දැකීමට උත්සාහවන්ත වන්න. ඔබ ලබා තිබෙන්නේ ශ්‍රේෂ්ඨ උපතක් බව ඔබ නිතර සිහි කරන්න. ඒ ලැබුවා වූ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණයක් කරා රැගෙන යාමට ඔබ දක්ෂ වන්න. මේ ලෝක ධාතුව තුළ ශ්‍රේෂ්ඨ මරණ පහක් තිබෙනවා පින්වතුනි.
එසේ නම් ඔබේ මරණයත් ශ්‍රේෂ්ඨ මරණයක් කරා රැගෙනයාමට ඔබත් උත්සාහවන්ත වන්න.
රාජගිරියේ අරියඥාන හිමි
දෙසූ ධර්ම කරුණු ඇසුරින් සම්පාදිත නවතම ලිපිමාලාව
සටහන - උමේෂා සිරිවර්ධන
දිනමිණ

0 Comments