බෞද්ධ දර්ශනය මෙලොව පරලොව යන දෙලොවෙහිම අභිවෘද්ධිය පිණිස දේශක දර්ශනයකි. බුදු දහමේ මූලික පරමාර්ථය වනුයේ සසර දුකින් අත්මිදීමේ මාර්ගය පෙන්වා දීමයි. මූලික අභිමථාර්ථය නිවන් මඟ සාධනය වුවද ලෞකික ජීවිතය අර්ථවත්ව ගත කිරීමට අවශ්‍ය වන කරුණු සියල්ල ද නොඅඩුව බුදු දහම තුළ අන්තර්ගත වේ. බෞද්ධ දර්ශනය පිළිබඳ හරිහමන් අවබෝධයක් නොමැති භෞතිකවාදී, අතළොස්සක් චින්තනිකයන් ප්‍රකාශ කරනුයේ බුදු දහම අසුබවාදී දර්ශනයක් බවය. මෙලෙස ඔවුන් නිගමනය කිරීමට පෙලඹෙනුයේ බුදු දහම ලෝකයේ පවතින අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන යථාර්ථය අනාවරණය කිරීම නිසා බව හැඳිනිය හැකිය. එමෙන් ම උපත නැති කිරීමට උපදෙස් දෙන දර්ශනයක් ලෙස ඔවුහු බුද්ධ දර්ශනය අරුත් ගන්වන අතර එමඟින් මානව සංහතියේ අවසානය සනිටුහන් වෙතැයි නිගමනයටද පැමිණෙති. මෙසේ බෞද්ධ දර්ශනය පිළිබඳ අඩු තක්සේරුවට පැමිණෙන මෙම චින්තනිකයන් යම්යම් ලෞකික විෂය පථයන් පිළිබඳ උගතුන් විනා සසර, සසර දුක පිළිබඳ අල්පමාත්‍ර අවබෝධයක් නොමැත්තෝය.
සසර දුක පිළිබඳ නිසි අවබෝධයක් ඇති කිසිවකු හෝ අඛණ්ඩ භව ගමනක නියැළීමේ රුචි නොකරයි. මන්ද එය සත්වයාගේ අතිශය දුකට හේතුවක් වන බැවිනි. එවැනි බියකරු සසරක දුක නැති කිරීමෙහි මඟ කියාදෙන බුද්ධ දර්ශනය අසුබවාදයක් යැයි යම් අයෙකු නිගමනය කරයි නම් එය හුදෙක් ඔහුගේ හෝ ඇයගේ දෝෂයක් විනා බෞද්ධ දර්ශනයෙහි වරදක් ලෙස දැකිය නොහැකි ය. වෛද්‍යවරයකු ළඟට පැමිණෙන උග්‍ර රෝගාබාධයකින් පෙළෙන පුද්ගලයකු හට එම රෝගියාගේ පවතිනා රෝගයේ අවදානම පිළිබඳ පැවැසීමෙන් එම රෝගියා බියට පත් විය හැකිය.
නමුදු රෝගියා හට එවැනි මාරාන්තික රෝගයක් ඇති බව දැනුවත් කිරීමක් නොකළහොත් එම රෝගය පිළිබඳ තැකීමක් නොකොට එයින්ම මරණයට හෝ මරණාසන්න දුකකට පත් විය හැකිය. බුදු දහම ද එවැනිය. සසරෙහි පවතින යථා ස්වභාවය පෙන්වීම තුළ මිනිසා සසර පිළිබඳ පසුගාමී වුවද එය හුදෙක් මානවයාගේ යහපත සඳහා හේතුකාරක වේ. එහෙයින් බුදුදහම අසුබවාදයක් නොව සර්ව සුබවාදයක් ලෙස සැලකිය යුතු වේ. කෙසේ හෝ බුදුදහම පරලොව සඳහා ම දේශිත දහමක් යැයි කියා ගන්නා අය හට බෞද්ධ දර්ශනය උභයලෝක සාධනයෙහි පවතින දහමක් ලෙස සපථ කරන දේශනයක් ලෙස දීඝනිකායේ පාථික වග්ගයේ සිඟාලක සූත්‍රය පෙන්වා දිය හැකි ය.
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසෙහි ඒකායන අරමුණ වනුයේ සසර දුකින් මිදීමයි. එනම් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමයි. එය පහසු කටයුත්තක් නොවන අතර දැඩි වීර්යකින් ලද යුත්තකි. නිර්වානගාමී පිළිවෙතෙහි ගමන් කරනා ගිහි පිරිසගේ දෙලොව සුබ සාධනය පිණිස පවතින කරුණු රාශියක් මෙම සූත්‍රයෙහි අන්තර්ගත වේ.
බෞද්ධ සමාජය තුළ ගිහි විනය වශයෙන් හඳුන්වන සිඟාලෝවාද සූත්‍රය බුදුරදුන් සිඟාලක නම් තරුණයකු අරභයා දේශනා කරන ලද්දකි. සිය පියාගේ අවසාන ඉල්ලීම මත අලුයම පිබිද තෙත කෙස් හා තෙත වස්ත්‍ර සහිතව දිශාවන් නමස්කාර කරනු ලැබූ සිඟාලක තරුණයාහට ආර්ය විනයෙන් නිවැරදිව සදිසාවන් නමස්කාර කරනු ලබන අයුරු මෙම සූත්‍රය තුළ පෙන්වා දී ඇත.
ගෘහපති පුත්‍රය යම් හෙයකින් ආර්ය ශ්‍රාවකයාගේ කර්ම ක්ලේශ හතර ප්‍රහීණ වෙත්ද, සතර කරුණකින් පවුකම් නොකරයි ද, භෝග විනාශ මුඛ සය සෙවනය නොකරයි ද හෙතෙම මෙසේ තුදුස්ලාමක කර්මවලින් පහ වූයේ සදිසාවන් වසාලනුයේ දෙලෝ ජය ගැන්ම පිණිස පිළිපන්නේ වෙයි.
මෙලොව පරලොව, සුබ සාධනය උදෙසා ඇවැසි කරුණු රාශියක් මෙහිදී පෙන්වා දෙන අයුරු මෙසේ දැක්විය හැකි ය.
මෙහිදී ප්‍රථමයෙන් නුවණත් සත්ත්වයා බැහැරකරනු ලබන සත්ත්වයා කිලිටි කරනු ලබන කර්ම හතරක් පෙන්වා දෙනු ලැබේ.
කම්ම කිලෙස හතර
i සතුන් මැරීම
ii සොරකම් කිරීම
iii කාමයන්හි වරදවා හැසිරීම
iv බොරුකීම
පුහුදුන් සත්වයා කරුණු සතරක් හේතු කොට ගෙන පවුකම් කරනු ලබයි. එම කරුණු සතර සඳහා සතර අගති යැයි කියනු ලැබේ. මේ සතර අගතියට යම් අයෙකු පිළිපන්නේ නම් හෙතෙම කළුවර පක්ෂයෙහි චන්ද්‍රයා මෙන් ඔහුගේ යසස පිරිහෙනු ලබයි.
සතර අගති
I කැමැත්ත නිසා පව් කිරීම
ii ද්වේශය නිසා පව් කිරීම
iii බය නිසා පව් කිරීම
iv මෝඩකම නිසා පව් කිරීම
ස්ථීර නැති ලොව අස්ථීර ජීවිතයක් ගත කළද ජීවිතය පවත්වාගෙන යාමට නම් භෝග සම්පත් ඉපැයිය යුතුවේ. එසේ මහත් වෙර වීර්යෙන් උපයා සපයා ගන්නා ධන ධාන්‍ය විනාශ විය හැකි ධන විනාශ මුඛ හයකි.
භෝග විනාශ මුඛ හය
I. මත් පැන් පානය කිරීම
II. සූදුව
III. අලසකම
IV. පවිටු මිතුරන් ඇසුරු කිරීම
V. අවේලාවන්හි මහ මඟ හැසිරීම
VI. නිතර නැටුම් ගැයුම් බැලීමට යාම
මදයට ප්‍රමාදයට හා ධන හානියට තුඩු දෙන නුවණැති මිනිසුන් විසින් ගරහනු ලබන මත් ද්‍රව්‍ය ගැනීමෙහි ආදීනව.
මත් පැන් බීමෙහි ආදිනව හයකි
I. වස්තුව වැනසීම
II. කෝලහල, නඩු හබ ඇතිවීම
III. රෝග හට ගැනීම
IV. නරක නාමයක් පැතිර යාම
V. ලැජ්ජාව නැති වී යාම
VI. නුවණ දුබල වීම
තම ජීවිතයද අඹුදරුවන්ගේ ජීවිතය ද අනතුරෙහි යොමා නොකල්හි වීදි සංචාරය කිරීම නිසා මිනිසාහට ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වේ.
නොකල්හි වීදි සංචාරයේ ආදීනව
I. තමාගේ ආරක්ෂාව නොමැතිවීම
II. තමාගේ ධනය ආරක්ෂා රහිත වීම
III. අඹුදරුවන්ගේ ආරක්ෂාව නොමැතිවීම
IV. සැකකටයුතු පුද්ගලයකු වීම
V. නොකළ වරදට හසු වීම
VI. බොහෝ කරදරවලට මුහුණ දීමට සිදු වීම.
නැවැත නැවැත නැටුම් ගැයුම් ආදියට යොමු වීම තුළ තමා සතු ධන විනාශය සිදු වේ.
නිතර නැටුම්, ගැයුම් කරා යාමේ ආදීනව
i. නැටුම් ඇති තැන් සෙවීමට සිදු වීම
ii. ගැයුම් ඇති තැන් සෙවීමට සිදුවීම
iii. වැයුම් සෙවීම
iv. කථා කීම් ඇති තැන් සෙවීම
v. අත්තාලම් ගැසීම
vi. කළ පිඹීම් ආදිය ඇතිතැන් සෙවීමට සිදු වීම
තමා සතු ධනය සූදුවට යොමු කිරීම තුළ ජිවිතය අවාසනාවන්ත ඉරණමකට බඳුන් කරගනු ලබන පිරිස් සමාජය තුළ බහුලව දක්නට හැකිය. මෙසේ සූදුවට හුරුවීම තුළ පුද්ගලයා සතු ධනය විනාශ වීම නිතැතින්ම සිදු වේ.
සූදුවට හුරුවීමේ ආදීනව
i. දිනූ විට සතුරන් ඇතිවීම
ii. පැරදුණු විට ශෝකය ඇති වීම
iii. ඇස් පනාපිට රැස් කර ගත් ධන විනාශය
iv. ඔහුගේ වචනය විශ්වාස නොකිරීම
v. මිතුරන්ගෙන් අවමන් ලැබීම
vi. ආවාහ විවාහවලදී නුසුදුස්සකු වීම
සමාජගත ජීවිතයක් ගත කරනු ලබන මිනිසා හට තනිව ජීවත් වීම පහසු නොවන අතර සමාජශීලී මිනිසාහට ඇසුරු කිරීමට සිදු වන නානත්ත කායා නානත්ත සංඥා ඇති මිනිසුන් අතර පවිටු මිතුරන් හඳුනා ගැනීම වැදගත් වේ.
පාප මිතුරන් ආශ්‍රයේ ආදීනව
i. සූදු කාරයින්
ii. සල්ලාලයින්
iii. බේබද්දන්
iv. බොරුකාරයින්
v. වංචාකරුවන්
vi. අපරාධකරුවන්
මෙවැනි පුද්ගලයන් ඇසුරු කිරීම නිසා පුද්ගල පරිහානිය නිතැතින්ම සිදු වෙන අතර එය මෙලොව වශයෙන් මෙන්ම පරලොවටද බලපවත්වනු ලබයි.
දියුණුවිය හැකි යම් කර්මාන්තයක නියැළෙන පුද්ගලයෙකු තුළ පැවැතිය යුතු ක්‍රියාශීලී බව නැති කරන සුලු උපන් භෝගයන් නසන නූපන් භෝගයන් නූපද්දවන අලස සහගත වැඩ අතපසු කරනු ලබන කරුණු හයකි.
අලස කමේ ආදීනව
i. ඉතා ශීත යැයි වැඩ අතපසු කිරීම
ii. ඉතා ඌෂ්ණ යැයි කටයුතු අතපසු කිරීම
iii. හවස් වෙලා යැයි කාර්යයන් පමා කිරීම
iv. ඉතා උදය යැයි කටයුතු අතපසු කිරීම
v. ඉතා කුසගිනි යැයි වැඩ අතපසු කිරීම
vi. වැඩියෙන් ආහාර ගත්තා යැයි කටයුතු පමා කිරීම
කර්ම ක්ලේශ හතර හා සතර අගති යන පුද්ගල පාරිසුද්ධියට එරෙහිවන කරුණු අට ද මිනිසාගේ යහපත නසන, භෝගයන් ගේ විනාස මුඛ හයක් පෙන්වා එකී කරුණු හය සඳහා එකිනෙකෙහි කරුණු හය බැගින් ධන විනාස මුඛ හතෙළිස් දෙකක් මෙහි අන්තර්ගත වේ. මෙකී සදොස් ක්‍රියාපටිපාටියෙන් යුක්තව යම් අයෙකු කටයුතු කරනු ලබයි ද හෙතෙම ස්වකීය පරිහානිය සියතින්ම සිදු කරගනු ලබයි. එමෙන්ම මෙලොව පිරිහීමට පත් වන තැනැත්තා පරලොවද පිරිහීමට පැමිණීම නිරායාසයෙන්ම සිදු වේ. මෙසේ මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාරී වන මේ කරුණු යම් අයෙකු පැහැර හැරීම තුළ ඔහුගේ හෝ ඇයගේ ව දිවිය මෙන්ම පරලොව දිවිය ද පිරිහීමට ලක් වේ.
හල්මිල්ලකුලමේ
සුජාතඤාණ හිමි
හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරවාසී
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි
විශ්වවිද්‍යාලය

0 Comments