තමන්ට ලැබි ඇති දේ ගැන සංවේදනයක් සහිත සෑම මනුෂ්‍යයෙක්ම ජයග්‍රාහී ඇස්, කන්, අත, පය ලැබිම හිතන්න පුළුවන් හිතක් ලැබිම, නුවණක් ලැබිම, භාග්‍යයකි. සෑම සාර්ථක ජීවිතයකම රහස පිරිපුන් සිතකි. මනසකි. ජීවිතයට 99ක්ම ලැබිමත් නොලැබිමත් එකක් වෙනුවෙන් හඹා යන අතෘප්තිකර මිනිසා ජය නොලද පුද්ගලයෙකි. ඔහු මානසික සුවය නොදුටුවෙකි.
මේ කාරණයේදී සැපය යන්නද සාකච්ඡා කළ මනාමය. ඒ ජන සමාජය සැපය තේරුම් ගත් හා විග්‍රහ කරන ස්වරූපය තුළ තිබෙන බරපතළ වරද නිසාය. ඒ අනුව සැපය යනු මානසික සැපය හා කායික නිරෝගීතාවය වන්නේය.සල්ලි ඉඩකඩම් ගේ දොර යනු සැපය යයි යමෙක් තේරුම් ගන්නේද දුක ඒ තරමටම ඒ හා බැඳී තිබෙන්නේය.
අපි දෙමහල් තෙමහල් ප්‍රාසාද සැපයකැයි සිතා ඊට ඇලුම් කරන විට දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් ප්‍රාර්ථනා කරන විට ගහක් යට ඉපිද, ගහට යට බුදුව, ගහක් යට පිරිනිවන් පාන, බුදු පියාණන් අපේ ජීවිතයට දර්ශනයක්ය. කමටහනක්ය. උන්වහන්සේ ගහක් යට දුක නැති කරන්නේය. උපදින එක නැති කරන්නේය. එහෙත් අපි ගහක් යටට ගිහින් කොච්චර දේවල් ඉල්ලනවාද?
ප්‍රශ්න යනුද ස්වභාවයකි. අපි එයට මුහුණ දිය යුතුය. ඒ මුහුණ දීම තුළ අපේ චරිත තුළ වැඩෙන වීර්යය, ඉවසීම, ප්‍රඥාව, මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව ආදී සෑම ගුණයක්ම මානසික සැපය නමැති කාරණය හා බැදෙන්නේය.මේ පාරමිතා වටහා ගන්න. ඒ ගැන සැබෑ සංවේදනයක් ගන්න. සැබෑවටම අපි බුදුන් වහන්සේගේ චරිතයවත් දහමවත් සැබෑ ලෙස දැක නැත්තෙමු. ඒ තරම් දුර යන්නත් අවැසි නැත. අපේ අම්මා කොයි තරම් ඉවසිලිවන්තද? නිදිමත ඉවසන, බඩගිනි ඉවසන, ළිප ළඟට ගියාම ගින්දරත් ඉවසන, ළිඳ ළඟට ගිහින් වතුර කළේ උකුලේ තියාගෙන ඒ බරත් ඉවසන අම්මා අපට ගෙනෙන ආදර්ශය කෙතරම් අගනේද?
එවිට ඒ හිතේ තියෙන මෛත්‍රිය දයාව කරුණාව වීර්යය මේවා අවබෝධ නොවෙන නිසයි නොසිතන නිසයි අපි අසාර්ථක වෙන්නේ.දුක අසාර්ථකත්වය කළකිරීම මෙනෙහි කරන්න කරන්න ඒවා මහා වෘක්ෂයක් සේ වැඩී මිනිස් ජීවිත අඳුරු කරන්නේය. මිනිසුන් තමන්ට ලැබුණු දේ ගැන හිමිවුණු දේ ගැන හිතන්න කතා කරන්න සතුටු වෙන්න උත්සහ කරන විට ප්‍රබෝධමත් මනසක් නිර්මාණය වී තව තවත් සාර්ථක දෑ හි නියැලෙන්න උත්තේජනයක් ලැබෙන්නේය.
බුදු දහම අතිශයින්ම සරු ජීවිතයකට අමිල මාර්ගෝපදේශයකි. මූලිකවම පස්පවින් මුදවා ගන්නා කෙනෙක් සඳහා ඒ කාරණාවලට ගොදුරක් වීම මුලින්ම වැළකෙනවා. ඒ ලෙස සියල්ල හේතුවකින් හටගන්නා නිසාය. මම සතුන් නොමරන විට මට අකල් මරණයක් හිමි වීමේ හේතුවක් තියෙන්න බෑනේ.
එසේ මූලික කරුණු පහකින් සුරක්ෂිත වූ පුද්ගලයෙක් ජීවත් විය යුතු විදිහ කලාව බෞද්ධ දේශනා සූත්‍ර සියල්ලකම පාහේ අන්තර්ගතය.සාර්ථක සහ මානසික සුවය රැඳුණු ජීවිතයක් සඳහා පුද්ගලය ඇසුර ජීවත්වන ප්‍රදේශය ධර්මය ශ්‍රවණය කිරීම පිදිය යුත්තන් පිදීම, වැනි කරුණු කාරණාහි බලපෑම මංගල සූත්‍රයෙන් අවධාරණය කරන්නේය.මනුෂ්‍ය ජීවිතයක් පරිහානියට පත් වෙන්නේ කවර කවර නම් කරුණු පදනම් කරගෙනද යන්න පරාභව සූත්‍රයේදී කියා දෙන්නේය.
ලෝකයටම මෛත්‍රී වැඩීමෙන් නිවෙන්න පුළුවන් බව පෙරළා මෛත්‍රිය ආරක්ෂාව ලැබෙන බව සුවපත් මනසක් ලද හැකි බව කරණීය මෙත්ත සූත්‍රයෙන් පසක් කරන්නේය.
“එන්න ඇවිත් බලන්න. ඔබේ බුද්ධියට හදවතට එකඟ නම් පිළිගන්නය කියන” ඒහි පස්සිකෝ, ගුණැති බෞද්ධ දර්ශනය, යහපත් දැක්මෙන්, යහපත් දිවි පැවැත්මෙන්, යහපත් උත්සහයෙන්, යහපත් කර්මාන්තයෙන් යහපතට වැඩී දිවි සරුවන බව ආර්යෂ්ටාංගික මාර්ගයෙන් කියන්නේය. දෙමාපිය දූ දරු සැමියා බිරිඳ අතර තිබිය යුතු සම්බන්ධතාවයන්හි සොබාවය ගැන වටිනා අර්ථ කථනයක් සිඟාලෝවාද සූත්‍රය කරන්නේය.
කෑම කන පිළිවෙල, කතාබහ කරන පිළිවෙල, හිතන පතන පිළිවෙළ සිට ජීවිතයේ උපතේ සිට මරණය දක්වාමත් මරණින් මතුත් මේ සා දැක්මක් මඟපෙන්වීමක් කළ සාරගර්භ දහමක් රඳවා බඳවා තබා ගැනීම්වලින් තොර නිවහල් දහමක් ලොව තවත් නැතැයි කිවමනාය.
ඒ ලැබුණු කමත් භාග්‍යකැයි සිතන්නට හැකිනම් එයින් ඉනික්බිති ජීවිතය දශමයෙන් දශමය හොඳ දේ යහපත් දේ කෙරේ වඩන්නේ නම් නිසැකවම ඔබ දිනූ පුද්ගලයෙකි.
ශාස්ත්‍රපති පිටිගල ධම්මවිනීත හිමි
ප්‍රියංගා කුමාරි ජයකොඩි
ලක්බිම පුවත්පත