කාලෙකින් තාත්තගෙන් ප්‍රශ්නයක් ඇහුවා
“තාත්තේ ඇයි හැමතැනම
දේශපාලනය...
දේශපාලනය...කියන කතා?
අමුතු උත්තරයක්..
එපා ආපහු අහන්න
අම්මේ මොකද්ද?
පුතේ මිනිසා දේශපාලන සත්ත්වයෙක්
කියලා දාර්ශණිකයෙක් ලියලා තියෙනවා
තාත්තේ තරවටු කරන්න එපා
මේ හැම මාමෙක්ම
රංඩු වෙන්නේ ඒ තරම්ම
සත්තු හින්ද ද?
ඔබ හිතාවි මේ කවිය තලතුනා කවියෙකුගේ නිර්මාණයක් කියා.එහෙත් ඔබ මෙන්ම මමත් සිතූ සිතුවිල්ල බොරු කළ මේ කවියේ උරුමක්කාරයා තාමත් අටවියැති නොදරුවෙක්. එහෙත් ඔහු අසිරිමත් දරුවෙක්.දිගු කතාවකට පෙර මේ හුරුඹුහුටි කවියාගේ තවත් කවියක් රසවිඳිමු.
ජීවිතය ගැන
ආදරය ගැන
පුණර්භවය ගැන
හැමෝම කියන දේ
අහලා තියෙනවා
ඒ ගැන මට තේරෙනවා
දුක සතුට දෙකම
අරගෙන ජීවිතය
උඹ අපූරු අකීකරු පුත්‍රයෙක්
පුංචි මටත් රිද්දන්න පටන් අරන්..
ඒත් මාව රිද්දන්න එපා කියන්න බෑ
රෑ තවත් නොනිදා ඉන්න
දැන් මට නැහැ අවසර
හිතන්නෙමි මම
තව නුඹ ගැන
උදෙන්ම ලියලා එවන්නම්
හිතවත් කමට
තවදේ නුඹ ගැන
ඔබට කුමක් හිතෙනවාද? නැවත කියමි, මේ අට වියැති හුරුඹුහුටි කවියෙක්.
ඉකුත් වසරේ කෙළවර ඔක්තෝබරයේ දවසක මේ හුරුඹුහුටි කවියාගේ පළමු කවිපොත ඒදඬු පාලම එළි දැක්වූවා. රත්න ශ්‍රී විජේසිංහ, කපිල කුමාර කාලිංග යනාදී දැවැන්තයින් වේදිකාවේ ඉදිරිපිට සිටිය දී චමත්ක කවීන් නැමති මේ හුරුඹුහුටි කවියා ස්තූති කතාවේදී මෙහෙම කීවා.
“මම කවි ලියනකොට සමහරු අහනවා මේවා ලීවේ මම ද කියලා. මම චිත්‍ර අඳිනකොට අහනවා මේවා ඇන්ඳේ මම ද කියලා.ඒත් මම නටනකොට අහන්නෙ නෑ ඒ නටන්නේ ඔයාම ද කියලා”
අපූරු කවියාගේ ඉස්තරම් කවිගැන සාංකාවක් වෙත්නම් එවැන්නන්ට හීන් සීරුවේ ටොක්කක් අනින්න එදා චමත්ක සමත් වුණා. සත්තකින්ම චමක්ක චමත්කාරජනක කවියෙක්.
ඔයා ගැන විස්තර කරන්නේ කොහොමද?
මම චමත්කව කතාබහට එකතු කැර ගත්තේ එහෙම. හේ බෙහෙවින්ම ප්‍රියමනාප ආදරණීය දරුවෙක්.
“මම චමත්ක කවීන් බණ්ඩාර. ඉන්නේ මහනුවර. අධ්‍යාපනය ලබන්නේ විද්‍යාර්ථ විද්‍යාලයේ 4 ශ්‍රේණියේ. වයස අවුරුදු 8යි”
පුංචි කාලෙදිම කවියෙක් වුණා නේද?
“ඒක මට තාම තේරෙන්නේ නැහැ. මම කවියෙක් කියලා මට දැනිලා නැහැ. හැබැයි මම කවියට ආදරෙයි. ඒ ආදරය මාව යම් යම් නිර්මාණ වලට පොළඹවන්න ඇති. මට දැණුන දේ දැණෙන දේ පදවලට පෙරලුවා. ඒත් ඒවා කවි කියලා කියුවේ මගේ දෙමාපියන්, ගුරුවරුන් හා දැන් මගේ නිර්මාණ කියවන ආදරණීය හැමෝම”
විශ්වාස කරන්න මේ හුරුඹුහුටි උත්තර මුඛරිවට ලබා දෙන්නේ ඒ හුරුඹුහුටි කවියාම බව. ආපසු කියමි, මතක තබා ගන්න, ඔහු අටහැවිරිදි දරුවෙක්.
කවි ලියන්න පෙළඹුණේ කොහොමද?
ඒ මගේ ඊළඟ ප්‍රශ්නය
“දස මට හරියටම මතක නැහැ. අම්මයි තාත්තයි් කියන විදියට මුල්ම කවිය මම කියල තියෙන්නේ වයස අවුරුදු 3යි මාස 6 දී විතර. මගේ තාත්තා මම එදා ඒ කියපු කවියේ ඉඳලා මේ වෙනතුරු මම කියපු කවි පොතක සටහන් කරලා තියනවා. දැන් නම් මමම හිතන දේ ලියලා තියනවා.
මතක හැටියට මුල්ම කවිය මොකක්ද?
කුහුලින් බරව මම ඇසුවා.
අද හවසට අපි හමුවේදෝ
එතකොට මම කවි කියාවි
එතකොට ඔබ කවි ලියා
ඔබ ඒ කවි අසාවි සතුටු වේවි
අප වෙන්ව යාවි
මේ කවිය කියද්දි ලියපු කඩදාසි කෑල්ල තාමත් අලවලා තියනවා, ඒක අදත් තියනවා.
ඒ දවස්වල මේ කවි ලියද්දී ගුරුවරු මොකක්ද කීවේ ?
“මුලින්ම ගුරුවරු පුදුම වුණා. මේ පද ලීවේ ඔයාද කියලා ඇහුවා. සමහර වෙලාවට මම චිත්‍ර ඇන්දම ආපහු හරවලා එවලා තියනවා, මම නෙවේ ඇන්දේ කියලා. ඒත් පහු කාලෙක ඒ හැම දෙනාම තේරුම් ගත්තා මට මොකක් හරි හැකියාවක් තියනවා මේ නිර්මාණ කරන්න කියලා”
දැන් ඔයාගේ කවි බලන අය මොකද කියන්නේ?
“ඇත්තෙටම සතුටුයි. ගොඩක් අය මේ නිර්මාණ බොහෝමයක් අගය කරනවා. නැන්දලා මාමලා මට එවන ලියුම් ඒ වගේම අන්තර්ජාලයෙන් එවන පණිවිඩ මම නැවත නැවත කියවලා බලනවා. ඒ අයගේ හිත්වල මම ගැන ඇති ආදරය සෙනෙහස මට හොඳටම දැනෙනවා. ඒ වගේම මට ඒ දේවල් එක්ක හිතට ලොකු වගකීමක් දැනෙනවා. ඒ නිසාම ඉදිරියේදී මා අතින් හොඳ නිර්මාණ බිහිවිය යුතුයි කියන හැඟීම ඇති වෙනවා. මොකද ඒ හැම දෙනෙක්ම ලොකු ආදරණිය පවුරක් වගේ මගේ දිහා බලන් ඉන්න නිසා”
මේ හැකියාවන් ගැන ප්‍රශ්න කරන අයත් ඇති නේද?
බොහොමයක් දෙනා තුළ පවතින ප්‍රශ්නය මමත් ඇහුවා.
‘ඇත්තටම. අදටත් ඉන්නවා. මගේ මේ හැකියාව මොන තරම්ද කියලා මම දන්නෑ. මගේ හිතට එන කල්පිතයක් හරි හිතට දැනෙන සිතිවිල්ලක් හරි මම ලියුවා. එච්චරයි. මගේ චිත්‍රත් එහෙමමයි. මට හිතට එන දේ මම අඳිනවා. වෙලාවකට දැන් මට හිතෙනවා එහෙම ප්‍රශ්නයක් කාටවත් හිතෙන් නැත්නම් ඒකත් ප්‍රශ්නයක් නේද කියලා.’
පුංචි කවිකාරයාගේ උත්තරය මා නිරුත්තර කළා.
ඒ නිසාමද එදා පොත එළිදක්වනදා ඔයා අරවගේ කතාවක් කීවේ?
‘මට පොඩි හිත් රිදීමක් තිබුණා, පුංචි කාලේ ඉඳලම මගේ නිර්මාණ මගේමද කියලා සමහරු අහපු වෙලාවට දැනෙන දේවල් වලින්. සමහරු එහෙම අහලා මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. වෙලාවකට මට ලොකු උත්සාහයක් දරන්න වෙනවා මේක මගේම යි කියන්න. ඒත් මම උඩරට නැටුම් හරි දැන් ඉගෙන ගන්න වයලීන් පාදක කොටසක් හරි ඉදිරිපත් කරද්දී අර ප්‍රශ්නය කවුරුත්ම අහන්නේ නැහැනේ. ඒකයි ඒ කතාව මම කීවේ”
පොතක් එළි දක්වන්න උනන්දු කළේ කවුද?
මගේ පාසලේ විදුහල්පති අජිත් එදිරිසිංහ සර්ගේ දිරිගැන්වීම ප්‍රධාන හේතුවක් වුණා. මම අවුරුදු 7 දී මුල් කවි නිර්මාණ එකතු කරලා කවි අත් පිටපතක් ලියුවා. ඒකට මම නම දැම්මේ ‘මගේ කවි මට දෙන්න’ කියන නම. පසුව ‘ඒදඬු පාළම’ බිහිවුණා. මේ පොතේ මගේ නිර්මාණ 41ක් තියෙනවා.
ලියවුණු හොඳම කවිය මොකද්ද?
විවරණ කවිය. එක සංවේදී සිදුවීමක් අහන්න ලැබුණු නිසා මම ලියුවේ. මාතරදී එක්තරා පියෙක් තම දෙදරුවන් නිල්වලා ගඟට විසිකොට දිවිනසා ගැනීමේ පුවත පාදක කැරගෙන චමත්ක විවරණ කවිය ලියා තිබුණා.
චමත්ක ක්ශේත්‍රයේ ප්‍රවීණයින් ඇසුරු කිරීමටත් පෙළඹිලා.මේ අපූරු කවියාගේ නිසඟ හැකියාවන් ඒ ප්‍රවීණයින් පවා විමතියට පත් කළ අවස්ථා බොහෝයි.
වෙන අයගේ කියවන්න ලැබුණු මතක හිටින කවිය මොකක්ද?
මම එහෙම ඇසුවා.
මහගම සේකරයන්ගේ ගම අමතකයි කවියත්, රත්නශ්‍රී මාමගේ මව් නැති මව්බිම කවියත් මම කියවපු මතකම හිටින කවි.
පොත පත කියනවාද ?
ටිකක් විතර, ඒත් කීපයක් කියවලා තියෙනවා. ඒ හැර තවත් කිහිපයක් බාගෙට කියවලා තියනවා. ඉතුරුවෙන කාලයෙදී මම චිත්‍ර අඳින්න වෙන් කරගන්නවා.ආසාවෙන් කියවපු පොත් තමා පොල්පිති හරකා, අඹ යාහළුවෝ කියන පොත්.
කලාව කෙරෙහි පවත්නා උනන්දුව අඩු යැයි කියවෙන කාලයක, ඊටත් වඩා කවිය හා සාහිත්‍ය සමාජයෙන් වේගයෙන් දුරස් වෙතැයි කතාවක් පවතින කාලයක මේ අසිරිමත් කවියා පුදුමාකාර ආදර්ශයකි.අතිශය කෘතහස්ත කවියෙකුගේ ලක්ෂණ ඕණෑවටත් වඩා සපුරා ඇති මේ අටහැවිරිදි අරුම කවියාට යහමින් පිපෙන්නට ඉඩහසර තනා දීම වගකීමකි.
රංජිත් කුමාර සමරකෝන්
ලක්බිම පුවත්පත

0 Comments