වන ගහනයෙන් යුත් මහා ඝන වනාන්තරයන්හි වෙසෙන වන සතුන් මෙන් මිනිසා ද තිරිසන් ගති ඇති සත්ත්වයෙකු ලෙසින් ම ජීවත් වූ බැව් මානව ඉතිහාසය පෙන්වා දෙයි. සතුන් අතර විවිධ වෙනස්‌කම් පවතින අතර චින්තන කාර්යයෙහි යෙදිය හැකි එකම සත්ත්වයා වන්නේ මිනිසාය. මිනිස් සත්ත්වයා අනෙක් සතුන් අතුරින් වෙන්ව ක්‍රියා කිරීමට පටන් ගැනීමෙන් පසු වනාන්තරය ඔහුට ඇවැසි ලෙසට කපා කොටා පුළුස්‌සා කලඑළි කර ගන්නට සමත් වූහ. එබඳු ක්‍රියා කාරකම් කිරීමට වෙනත් කිසිම සත්ත්වයෙකුට අද වනතුරුම හැකියාවක් ලැබී නැත. එයින් පැහැඳිලි වන්නේ ලෝකයේ සිටින එකම සබුද්ධික සත්වයා මිනිසා බවය.
කලානුක්‍රමයෙන් සමාජගත සත්වයෙකු බවට පත්වීමෙන් පසු අවට ලෝකය ගැන විමසීමේදී අව්ව - වැස්‌ස, සුළඟ, ඉර - හඳ තරු පර්වත ගංගා ඇළ දොළ යනාදී පරිසර පද්ධතිය පිළිබඳ දැඩි විමතියටත් ගැඹුරු විමර්ශනයටත් ඔහු පෙළඹුණේ නිරායාශයෙනි.
එහි ප්‍රතිඵලයක් හැටියට පරිසරය වටහා ගැනීමට උත්සාහ කිරීමේදී විවිධ පුද්ගලයන් විසින් කරන ලද කාල්පනික අදහස් මත ඇදහිලි හා විශ්වාස රැසක් ලෝකයට බිහි වී තිබේ. දිගු කාලීන ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසට බිහි වූ එම ඇදහිලි හා විශ්වාස සමහරක් පසුව ආගම් බවට පරිවර්තනය විය. සාමාන්‍ය මිනිස් චින්තනය උපරිම ලෙස හැඩගස්‌වාගත් අය පසුව බුද්ධිමතුන් ලෙස සමාජයේ පිළිගැනීමට ලක්‌වූහ. එසේම ඔව්හු චින්තකයන් දාර්ශනිකයන් හා සත්‍ය ගවේශකයන් ලෙස හඳුන්වන්නට පුරුදු වූහ. එසේ බලන කල ලෝකය පුරාම විවිධ විෂය ක්‍ෂේත්‍ර යන්ගෙන් විශාරදත්වයට පත් සුවිශේෂී පිරිසක්‌ද වෙති.
ඒ අතර මේ ලෝකය හා විශ්වය පිළිබඳ විවිධ මතවාද ප්‍රකාශ කළ පිරිස් ද බොහෝ වූහ. මෙසේ ගැඹුරු වූ චින්තන ධාරාවක අග්‍රඵලය වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ එතෙක් ලොව පැවැති සමස්‌ත චින්තකයන් ඉක්‌මවා යමින් අතිශයින් විශිෂ්ට වූද, ගැඹුරු වූ ද ලෝකයේ නියම යථාර්ථය පැහැදිලි කර දීමට සමත් වූහ. කරුණු එසේ වුවද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ලද ධර්මය වටහා ගැනීමට උන්වහන්සේගේ බුද්ධිය හා සමාන වූ බුද්ධිය ඇති පිරිස් සමාජයෙහි විරල වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස බුද්ධ දේශනාව වෙනත් අයගේ අදහස් උදහස් වලින් ව්‍යාකූලත්වයට පත්විය. කාලයාගේ ඇවෑමෙන් එය එසේ සිදුවිය හැකි බව සද්ධර්ම විලෝපනය හෙවත් බුදු දහමේ යථාර්ථය වැසීයන බව බුදුරදුන් විසින් ම දේශනා කොට තිබේ.
බුදුරජාණන් වහන්සේ ප්‍රථම මංගල ධර්ම දේශනය ලෙස මෙම යථාර්ථවත් ධර්මය ලොවට පැහැදිලි කළේ ඇසළ පොහෝ දිනයක දීය. වෙසක් සඳ පෑයූදාක ලෝකයේ යථාර්ථය තමන් වහන්සේ අවබෝධකරගත් නමුත් මාස දෙකක පමණ කාලයක් ගතවන තුරු එය අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට ප්‍රමාද වී තිබේ. ඒ පිළිබඳ කරුණු විමසීමේදී ධර්ම ගම්භීරතාවය නිසා එම උතුම් ධර්මය අන්‍යයන්ට වටහා දීම සඳහා භාෂාවක් යොදා ගැනීමේ අපහසුතාව මෙන්ම බුද්ධි පරිපාකයට හෙවත් චින්තනයේ උපරිම තලයට පැමිණි පුද්ගලයන් සොයා ගැනීමේ දුෂ්කරතාව ද පැවැති බැව් පැහැදිලිව දක්‌නට ලැබේ.
බුද්ධඥානය යනු "ලෙකෙ ඨිතො ලොකෙ අනුප ලිප්තො " ලෝකයෙහිම ජීවත් වෙමින් එම ලෝකයට නොබැඳී නොඇලී සිටීමයි. එම අතිශයින් චමත්කාර ජනකවූ ගැඹුරු ධර්මය කෙනෙකුට වටහා දීම කවර භාෂාවකින් හෝ කළ නොහැකි බව පැහැදිලිය.
එම දහමේ ස්‌වභාවය වෙනත් ලෙසකින් උදාහරණයකින් දක්‌වතොත්, "පැදුරක වාඩිවී සිටියදීම එයින් නොනැගිට එම පැදුර හකුළා තබන්න." කෙනෙකුට මෙසේ කිව හොත් එය උම්මාදනීය පුද්ගලයෙකුගේ පිස්‌සු කතාවක් ලෙස සිතා ඔහුගෙන් ඉවත් වීමට උත්සාහ කරනු ඇත.
ඒ තරමටම මිනිස් ව්‍යවහාර භාෂාවන්ගෙන් ලෝක යථාර්ථය ප්‍රකාශ කිරීම අපහසුය. එබැවින් බුදුහු තමන් වහන්සේට දැනුන සුවය හෙවත් නිවන් රසය එකල ව්‍යවහාර භාෂාවේ නිෂේධාර්ථක පද යොදාගනිමින් ලෝකයාට කියා දීමට උත්සාහ ගෙන ඇති අයුරු දක්‌නට ලැබේ.
"නිබ්බාන තන්හාව නැති - විරාග රාගය නැති. "නගතිං" යන කෙනෙක් නැති නයිතිං" ඉන්න කෙනෙක් නැති න අප්පවත්තං" පැවැතීමත් නැති න අණරම්මන මෙවෙතං" අරමුණු නැති ආදී වශයෙන් කියා දී ඇත. එහෙත් නිවණ යන්න එදා මෙදාතුර වටහාගත් පිරිස සමස්‌ත සත්ත්ව ප්‍රජාව සමග සසඳා බලන කල ඉතාමත් අල්ප වෙති.
පඤ්ඤා වන්තස්‌සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්‌ස මාගේ මේ දහම ප්‍රඥාවන්තයන්ට මිස ප්‍රඥාව අඩු අයට නොවේ යෑයි බුදුහු පැහැදිලිවම දේශනා කොට වදාළේ ගැඹුරු වූ ප්‍රඥා දහමක් නිසාය.
මේ ලෝකය නිරන්තරයෙන් අන්ත දෙකක් කරා ඇදෙමින් - බැඳෙමින් පවතී. එසේ වූ ද්වන්ධඩචාරී ලෝකයෙහි දෘෂ්ටීන්ට නොවැටී හික්‌මීමෙන් යුක්‌තව දර්ශන සම්පන්නව හෙවත් යථාර්ථය දකින සුළුබවින් යුක්‌ත විය යුතුය. සාමාන්‍ය වශයෙන් ගත් කල මෙම ලෝකය හොඳ - නරක, පව- පින ශීත - උෂ්ණ ආදී වශයෙන් දෙආකාරයකට නතු වෙමින් පවතී. එබැවින් සාමාන්‍ය සත්ත්වයෝත් බුද්ධිය නොමේරූ මනුෂ්‍යයෝත් මෙම අන්ත දෙකින් කවර හෝ අන්තයකට ලැදිව කටයුතු කිරීමට පෙළඹීම නිසා ඉපදෙමින් මැරෙමින් මේ සංසාරයෙහි දිගින් දිගටම ගමන් කෙරෙති.
"පුඤ්ඤ පාප පහීනස්‌ස" පින් පව් යන දෙකම අත් හළ "මඡ්කූටිමා පටිපදා" මැදුම් පිළිවෙත ඔස්‌සේ සිතන්නටත් ක්‍රියා කරන්නටත් හැකි පුද්ගලයාට නිබ්බාණං පරමං සුඛං" පරම සැපත වූ නිවන ලැබේ.
මැදුම් පිළිවෙත යනු අතිශය සියුම් වූද ගැඹුරු වූද ධර්මයකි. කඳු මුදුනෙක සිටින කෙනෙකුට එහි පහළින් සිටින අය මැනවින් දැක ගත හැක්‌කාසේ මැදුම් පිළිවෙත අනුගමනය කිරීමෙන් නිවන් දුටු පුද්ගලයාට මේ ලෝකයේ උපදින මැරෙන සතුන්ගේ ස්‌වභාවයද හොඳින් ම දැක ගත හැකිවේ. එබැවින් මේ මුළු ලොවම ක්‍රියාත්මක වන යමකය හෙවත් හොඳ නරක වශයෙන් දෙපැත්තට බෙදා වෙන් කිsරීමේ රටාවට කොටු වී සිටින තාක් සසරින් ගැලවීමක් සිදු නොවේ. බුදුරදුන් පෙන්වා දෙන ලද යථාර්ථය උන්වහන්සේ දුටු ආකාරයටම හඳුනා ගැනීමට තරම් සියුම් වූ ඥාන ශක්‌තියක් තිබිය යුතුය.
දේශකයා හා ශ්‍රාවකයා, වශයෙන් දෙපසට බෙදී ධර්මය කියා දෙන්නා හා ධර්මය අසන්නා වශයෙන් දෙදෙනෙකු සිටින තාක් කල් එම මැදුම් පිළිවෙත හඳුනා ගත නොහැකිය. එබැවින් දේශකයාත් ශ්‍රාවකයාත් එක්‌කෙනෙක් බවට පත්වීම හෙවත් අන්ත දෙකෙන් මිදීම අත්‍යවශ්‍යය. එසේ වූ කල ධර්මය අවබෝධ කරගත හැකි වේ.
මේ ලෝකය හුදු මායාවෙන් වැසී ඇති බැවින් එම මායාවෙන් නොමිදුණු කෙනා එහිම රැඳෙනුවිනා ලෝක යථාර්ථය හඳුනා නොගනී. එක ජංවාද්විජංවාපි" මව්කුසෙන් ඉපදීම මෙන්ම මායාවෙන් හෙවත් සිහින ලෝකයෙන් මිදීමෙන් දෙවැනි උපතක් ලෙස සත්‍ය දැන ගත යුතුය. එබැවින් ධර්මගාමිභීරතාවයෙන් යුක්‌ත යෑයි බුදුහු මෙම ධර්මය හඳුන්වා ඇත්තේ එහෙයිනි. තරාදියක තැටි දෙක දෙස බලා සිටින තාක් කල් එම තැටි දෙකේ උස් පහත් වීම මිස එහි සමබරතාවය හරි හැටි දැක ගත හැකි නොවේ. එහෙත් තරාදියේ තුලාව දෙස බැලීම තුළින් තරාදියේ සමබරතාවය හරි හැටි හඳුනාගත හැකිය. එසේම ලෝකයෙහි දුක සැප දෙක ගැන නොව දුක සැප උපදින හේතුව හා එහි ප්‍රතිඵලය දෙස බැලීම මගින් තථාගත හෙවත් ඇතිතතු හරි හැටි හඳුනාගත හැකිය.
නාට්‍යයක නළු නිළියන්ගේ රංග විලාශයන් රස විඳිය හැකිය. එය ඕලාරිකය. එහෙත් එම නාට්‍යයේ තේමාව කුමක් දැයි නළු නිළියන් තුළින් හඳුනා ගත හැකිය. නාට්‍ය ප්‍රේක්‍ෂකයන් අතළොස්‌සක් දෙනා නාට්‍ය තේමාව වටහා ගැනීමට උත්සාහ ගන්නාක් මෙන් ලෝක යථාර්ථය හඳුනා ගැනීමට උත්සාහ ගන්නේ සබුද්ධික ස්‌වල්ප දෙනෙකි. එසේ වුවද ද්වය නිස්‌සිත ලෝකයෙහි හොඳ නරක පින් පව්වල ඇලී ගැලී විසීමට උනන්දු වන පිරිස බහුල වෙති. මේ ලෝකයෙහි පවත්නේ හේතු ඵල දෙක මගින් මෙහෙය වන ක්‍රියාවලියක් පමණි. එය හඳුනාගත හැක්‌කේ මැදුම් පිළිවෙත හෙවත් හේතුවක් ඵලයක් හඳුනා ගැනීමෙන් මිස ක්‍රියා ප්‍රතික්‍රියාවන් මගින් විහිදෙන හොඳ නරක පසු පස ගමන් කිරීමෙන් නොවේ. හොඳ නරක පවත්නේ විඤ්aඤාණයේය. විඤ්ඤාණස්‌ස නිරොධෙන විඤ්ඤාණයෙන් මිදීම නිවනයි.
ශාස්‌ත්‍රපති සාලිය අමරසිංහ

0 Comments