සාංගික දානයට මස්‌ මාංශ අකැපද.....

පිං අනුමෝදන් වීමට හැකියාවක්‌ ඇත්තේ යම් යම් සුළු ප්‍රේත හෝ භූත භවවල ප්‍රතිසංධිය ලබාඇත්නම් බව ශ්‍රී මුඛ දේශනාවලද සඳහන්ය. එසේ වනුයේද සුගතියකට යැමට යන්තමින් හෝ පින උදානොවුන කොට්‌ඨාසයන්ටය.

පංචශීලය සිඳලමින් ලබාදෙන දානයකින් පමුණුවාලිය හැක්‌කේ පව් සමුදායක්‌ පමණි. එය සිඟන්නකුගෙන් උනුබත් ඉල්ලන්නාක්‌ මෙන් වන හිස්‌ දෙයකි. උතුම් අභය දානය එහි නොමැත. මරල දානය එහි ඇත. බොහෝ දානමය පිංකම් ගෙවල්වලදී කෙරෙන එසේම මා දැක ඇති දෙයක්‌ නම් දානය පිළිගැන්වීමට පෙරම මස්‌-මාලු, බිත්තර ආදී පුලුටු වර්ග සහ මත්පැන් වීදුරුවක්‌ද තබා වත්තේ කෙලවරක ප්‍රේත ගොටුවක්‌ තැබීය. මෙයින් සිදුවන එකම දෙය නම් ප්‍රේත, භූත කොට්‌ඨාස බුරුතුපිටින් දාන නිවසට ලංවීමයි. අප විසින් සිදුකරන ලද ඉතා සත්‍ය සමීක්‍ෂණ, පරීක්‍ෂණ වලින් සොයාගත් කරුණු කාරණා මෙසේ ලියා දක්‌වමු.

රසවත් කිරීමට ඇති තරම් තුනපහ, රසකාරක දමා මස්‌ මාංශ ආදී පිළිහුඩු දෑ සකස්‌කර සුවඳයයි දෙයක්‌ පෘථග්ජන නාසයට දැනීමට දානය වශයෙන් සකස්‌කර දානයට පිළිගැන්වීමට ලැහැස්‌තිකර තබා ඇතැයි සිතමු. පෙරකී පෙරේත ගොටුවට අනායාසයෙන් ඇදීඑන ප්‍රේත, භූත, කුම්භාණ්‌ඩයන් අනිවාර්යයෙන්ම එකී දානයට සකස්‌කර ඇති පිළිහුඩු වර්ගද අනවසරයෙන්ම ඉඳුල් කරති. වෙනම පෙරේත ගොටු තැබුවත් නොතැබුවත් අපට නොපෙනෙන ලෝකයේ නිරතුරුව සැරිසරන අශූචිවලවල් වැනි ඉතා අපිරිසිදු ස්‌ථාන තම නිවස්‌න කරගත් ප්‍රේත, භූත කොට්‌ඨාස ආරාධනයකින් තොරවම පැමිණෙන තිරිසන් සතුන් මෙන් පැමිණ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට දානය පළිගැන්වීමටත් පෙරම එකී වර්ග ඉඳුල් කරමින් තම ආහාරය සපයා ගනිති. එසේම මස්‌ මාංශ පිළිගන්වල තිබෙන මරණ බියෙන්, අෙ¹aනාවන්, වෛරයෙන් මියයෑවූ සත්ව කොට්‌ඨාසවල ප්‍රානකරුවන්ද පලඟන්වල බහා ඇති තම ශරීර වටා බ්‍රමණයවෙති. ඔවුන්ද බොහෝවිට ඉහතකී අසුර කොට්‌ඨාසවල උපත ලබා සිටීමටද බෙහෙවින් ඉඩකඩ ඇත. එසේ වන්නේ ඔවුන් ඉබේ මියගිය අය නොවන නිසාත්, බලයෙන්, වධයෙන් මරණ මංචකයේදී වෛරයෙන්, ක්‍රෝධයෙන් මියගිය අය වන නිසාය.

මෙකී දානය වෙනුවෙන් පිං ලබා ගැනුමට පැමිණෙන නොපෙනෙන ඥතියාද ප්‍රේත, භූත කොට්‌ඨාසවල උපත ලබා ඇත්නම් බොහෝවිට සිදුවන්නේ මෙකී ඉඳුල් කරන ලද පිළිහුඩු වර්ග වළ¹ පින් අනුමෝදන් කරන ශක්‌තියෙන් මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ආදී සුගතිවල ඉපදීම නොව එකී ඥතීන්ගේ ප්‍රේත, අසුර භව තවතවත් බලවත් වීමය.

මෙසේ සත්දිනෙන්, මාසතුනෙන්, වසරෙන් වසර නොදැනුවත්ව ලබාදෙන පිළිහුඩු දානමානවලින් සිදුවනුයේ තම භවවලට ආශා කරන මියගිය ඥතීන් සමග රැස්‌වන භූත කොට්‌ඨාස තවතව පෝෂණය වීමය. මොවුන් එකී භවවලම රැඳී සිටීමට බලවත් ආශාවක්‌ දක්‌වන නිසා මෙවන් දාන ක්‍රමවලින් පිං ලබා මොවුන් සුගතිවලට ආගමනය වන්නේ නැත.

බ්‍රහ්ම, දිව්‍ය ලෝකවල සත්ව මාංශ නොමැත. මොවුන් ඉතා සුපිරිසිදු අයවලුන් වන හෙයින් පිළිහුඩු වළ¹ දේවතාවන්ට එවන් පිනක්‌ අනුමෝදන් වීමට ළඟටවත් ඒමට අපහසුය. දෙවියන් නොමැතිව පිනක්‌ අනුමෝදන් වීමක්‌ද නොමැත. එවිට එකී භූත ප්‍රේත කොටස්‌ වලට සිදුවන්නේ තම නම අඬගැසෙන විට එම දානමාන ස්‌ථානයන්ට පැමිණ පිළිහුඩු ආඝ්‍රාන ලබා සිත්සේ බලවත්වී පිටත් යැමය.

මෙම නොපෙනෙන දෑ නොදැකම දානය දෙන්නන් තමන් විශාල පුන්‍ය කර්මයක්‌ කරගත්තා යෑයි උද්දාමයට පත්වෙති. එසේම බොහෝ දාන ගෙවල්වල නොවෙනස්‌ව සිදුවන දෙයක්‌ නම් මත්පැන් බෝතල් ගජරාමෙට කඩාගෙන දාන අවස්‌ථාවට පෙරත් පසුවත් නිවැසියන් සහ ඥති මිත්‍රාදීන් එම නිවෙස්‌ තුළම මස්‌මාංශ කටගැස්‌මට ගනිමින්, මත්පැන් පානය කිරීමය. පෙර සඳහන් කළ පිරිදිම පියෑවි ඇසට නොපෙනුනද මෙයද ප්‍රේත, භූත, අසුර කොටස්‌ විශාල සංඛ්‍යාවක්‌ බුරුතුපිටින් ඇදී ඒමට කරන නොනිල ආරාධනාවක්‌ය.

සැදැහැවතුනි· බැනර් ගැසීමෙන් හෝ මෙවන් දානමාන දීමෙන් නිවන් සැප ලැබීමට නොහැක. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවල එවන් දෑ කිසිසේත් නොමැත. බුදු, පසේබුදු, මහරහත් වශයෙන් තුන්තරා බෝධියකින් එක්‌තරා බෝධියකින් පමණි තෘෂ්ණා රහිත නිවන් මගට පිවිසිය හැක්‌කේ.

මවක්‌ තම එකම පුතු වෙනුවෙන් දිවිපුදා කෙරෙන සෙනෙහස, මෛත්‍රිය මෙන් සියලු සතුන්ට නොවෙනස්‌ මෛත්‍රිය දැක්‌වීමට උතුම් කරණීය මෙත්ත සූත්‍රය අනුසාරයෙන් ශ්‍රී මුඛ දේශනාවෙන් ඉගැන්වූ සම්බුදු පියාණන් එකී මවට සිය පුතුගේ දිවිතොර කිරීමට උපදෙස්‌දේද ප්‍රශ්ණයකි. සම්බුදු පියාණන්ගේ ධර්මයේ ප්‍රථම පියවර මෛත්‍රියයි. මේ සඳහා සම්බුද්ධ චරිතයේද උදාහරණ කොතෙකුත් ඇත. එය එසේ නොවන්නේනම් සතුන් මරා මරවා ඒවා අනුභවකරමින් තම නිවෙස්‌ තුළ සත්ව රුධිරය ඉසිමින් බිලිපූජා හා සමාන දෑ කරන අන්‍යලබ්ධිකයන්ටද නිවන් දැකිය හැක.

අද ඇතැම් දායක භවතුන් ලබාදෙන්නේ දානය නොවේ. "චයිනීස්‌ ලන්ච්ය" ඒවා ලබාගෙන තෑන්ක්‌යූ, බොහොම ස්‌තූතියි හොඳ දිවා ආහාරයක්‌ යෑයි පවසනවා හැරෙන්නට පිං යෑයි දෙයක්‌ ලබාදීමක්‌ ගැන අපට සිතීමටවත් අපහසුය. අපට පෙනෙන සැටියට ඉදිරි කාලයකදී මෙවන් දාන තවත් දියුණුවට පත්වී එළිපිට. මත්පැන් බෝතලයක්‌ද චයිනිස්‌ දානයට එක්‌වීමට බොහෝදුරට ඉඩකඩ ඇත. මේ අයුරින් දානවලදී මුල් සිල්පද කැඩෙන්නේනම් පස්‌වෙනි සිල්පදයද සිඳනු ලැබුවහොත් උතුම් සම්බුද්ධ ධර්මය කොතැනින් කෙලවර වේද? බුද්ධිමත් සැදැහැවතුනිෘ

වර්තමානයේ බොහෝ සැදැහැවතුන් සිතනුයේද මම නොමරමි, අනුන් ලවා මරවාගෙන කමි, මාහට පව්නැත, පව්කාරයා මරන්නාය, නොකළ යුතු වෙළ¹ම කරන්නාය. මිලදී ගන්නා, උයන්නා, බෙදන්නා පින්කාරයාය.

එසේම මම මත්පැන් පානය නොකරමි. එහෙත් දානයට එන ඥති මිත්‍රාදීන්ට මත්පැන් පොවමි. පව්කාරයන් මත්පැන් පෙරන්නන්ය, වෙළ¹ම් කරන්නන්ය, පානය කරන්නන්ය, මා බේරිලාය. එය එසේ සිදුවේද? සුපින් වතුනි. මෙය විසිඑක්‌වන සියවසයි. සිතන්නට සිතක්‌ ඔබට ස්‌වභාවයෙන් පිහිටා ඇත.

ආචාර්ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය මිහිපාණෝ
මෛත්‍රී ධර්මායතනය, බෙලිගල (සබරගමුව).

Post a Comment

0 Comments