බුදුදහම සිත මුල්කැරගත් එකම දහමයි. සිත නැති තැන සිතීමක් නැත. සිතීමෙන් තොර පැවැත්මක්‌ද පුද්ගලයාට නැත. අපගේ සිතීම වැරැදි වනවිට දුවල වනවිට පැවැත්මද වැරැදි වෙයි. දුබල වෙයි. මේ විවරණය කළ යුතු නොවේ.
එහෙත් සිත යනු කුමක්‌ද? සිත ඇතිවූයේ කෙසේද ? සිත පවත්නේ කොහිද? සිත හටගත්තේ කිකලද? යනුවෙන් කෙනකුට ප්‍රශ්න කළ හැකිය. මෙයින් සිත ඇතිවූයේ කිකලද යන්නට කෙටි පිළිතුරක් දිය හැකිය. කාලය යනු අනිත්‍යතාව නිසා සිතේ ඇතිවන සංකල්පයකි. ඒ ගැන කිව හැක්‌කේ එපමණි. සෙසු ප්‍රශ්නවලට පිළිතුරු දිය හැක්‌කේ සත්වයා ඇතිවූයේ කෙසේද යනු කිව හැකියකුට පමණි. සිත ඇත්තේ සත්වයා තුළ හෙයිනි. සත්වයා නිර්මාණය වී ඇත්තේ සොබාදහමිනි.
සොබාදහම නම් පංච මහා භූතයන්ගේ හා පංච නියාමයන්ගේ සමතුලිත ක්‍රියාකාරීත්වයයි. සබාදහමේ මුල සොයාගත් කල ඉහත ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇත. බටහිර විද්‍යාඥයන් වලිකන්නේ ඒ සඳහා විය හැකිය. විහින් මුළාවීම කෙතරම් අපූරුද?
බුදුදහම පුද්ගලයාට මඟපෙන්වන්නේ සිත නැති කර ගැනීමටයි. පංච උපාදානස්‌කන්ධයේ හට නොගැනීම යනු සිත ආහෝසිවී යැමයි. සසරින් හෙවත් නැවත නැවත හටගැනීමෙන් මිදීමට සැබවින්ම කැමැතිවන්නෝ සසරේ තතු හරිහැටි වටහා ගැනීමේ හැකියාව ඇත්තෝයි. මගේ දහම පැනවතුන් සඳහා යෑයි බුදුරදුන් වදරා ඇත්තේ මොවුන් ලක්‌කොට ගෙනයි.
පංච උපාදාස්‌කන්ධය එකම ක්‍රියාසන්තයෙකි.ඒ තුළ නොවෙනස්‌ව පවතින 'මම' යෑ මාගේ යෑ යි ගත හැකි කිසිත් නැත. ඒ දිගින් දිගට පවතින්නේ කර්මානුරූප චිත්ත ශක්‌තිය ඇසුරුකොටගෙනයි. සිත නැතිවිට සියල්ල අහෝසි වේ. මේ පුද්ගලයා සබඳවැ සිදුවන්නකි.
බුදුදහම අනුව සිත පවත්නේ අවිද්‍යාව නිසාය. අවිද්‍යාව නම් චතුරාර්ය සත්‍යය නොදැනීමයි. අවිද්‍යාව රැකී පවත්නේ මම දෘෂ්ටිය, මම කටුව තුළයි. 'මම' කටුව බිඳී ගිය තැන අවිද්‍යාව නොපවතී. පටිච්චසමුප්පාදය, ආර්ය අෂ්ටාංගික මාර්ගය හා එකොළොස්‌ගින්න විනිවිද අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‌ෂණය පසක් කිරීමත් මම කටුව බිඳ හැර අවිද්‍යාවෙන් මිදීමේ මඟයි.
මමත්වයෙන් කැරෙන්නේ ලොබය, දොaසය, මෝහය, මානය ආදී කෙලෙස් බැමි දැඩි කිරීමයි. සසරින් මිදීමේ අදිටන ඇති සිතෙක ඒ බැමිබිඳ හැරීම සඳහා බලවත් වෑයමක් තිබිය යුතුය. ඒ සඳහා සහජ බුද්ධි ශක්‌තියක් තිබීම මහා වාසනාවෙකි. සපඤ්ෙඤාaනරෝ සීලේ පතිට්‌ඨාය යනුවෙන් බුදුරදුන් වදරා ඇත්තේ මේ හෙයෙනි. එහෙත් පුද්ගලයාට මෙහිලා මහත් බාදාවක් වෙයි. එනම් කාමරාගයයි. ඒ ජීව ලෝකයේ පැවැත්ම සඳහා
සොබාදහමින් ඇතිවී තිබෙන්නකි. ඒ වරදක් පාපයක්, කිලුටක් හැටියට ගතහොත්
වන්නේ මුලාවෙකි. අවුලෙකි. තැවුලෙකි. පිරිහීමෙකි. කළ යුතු වන්නේ ඉවැසිල්ලෙන් මනා සිහිනුවණින් නිසි අයුරු හසුරුවා ගැනීමයි. මෙතැනදී ආශ්වාදයට පමණක් නොව ආදීනවයට හා නිස්‌සරණයට දසිත යොමු කිරීමට හුරුවිය යුතුය. ගිහි මිනිසුනට ඒ එපා කරවනු සඳහා බණකීම, උපදෙස්‌දීම ඔවුන් නොමඟ යෑවීමකි. නුවණින් කළ යුතු දේ නුනුවණින් කරන්නට පෙළඹවීම කෙතරම් වචංනික ක්‍රියාවක්‌ද?
බුදුදහම අනුව යන පුද්ගලයා විසින් මනුෂ්‍ය සංඥව හා ධර්ම සංඥව වඩා ගැනීමත් සොබාදහමින් පැහැදිලි වන ජීවන දර්ශනය විමැසුම් නුවණින් වටහා ගැනීමක් කළ යුතු වෙයි. එයින් නිවැරැදි අර්ථවත් සාධාරණ සමානාත්මතා දිවි පැවැත්මට මඟපෑදෙයි.
බුදුදහම සිත මුල්කොට ගත් දහම බැව් සැබවි. එහෙත් සිතට කයේ බලපෑම මහත් වන හෙයින් කය අමතක කළ හැකි නොවේ. අනෙක් අතට කයෙන් වැහැරී වැ සිත්වල හමුවීමක් ගැන සිතීමට ද නොහැකිය. සිහිනෙන් වුව කයේ සබඳතාවෙන් තොරව සිත නොපවතී. එසේ වුවද නොපණවැ කුණුවී හෝ අළුවී හෝ ගිය කයක් සසරේ නැවත හමුවීමක් නම් නොවේ. සසරේ නැවැත හමුවීම පතන්නවුන් මේ කරුණ නොසිහි කරන සේය. සතිසම්පජ්ඤ්ඤය ඇවිරෙන තැනෙකි මේ. හිස් මුලාවකට නොවැටීමට මේ කරුණ සිහියේ රඳවා ගැනීම මහත් පිටුබලයක් වනු නියති.
පෙර තිබූ දෙයක් එලෙස මැ නැවැත ඇති නොවන නිසාත් සිත් දෙකක බැඳීමට දෙයක් නොමැතිවැ නොහැකි නිසාත්, සිතට සිහි නුවණ ලබාදීමේ සවියක් කයකට නොමැති නිසාත් එක් සම දෙසිතක් ඇතිවිය නොහැකි නිසාත් නැවැත හමුවීමට පැතීම මුලාවක් මැයි.
පුනගේහං න කාහසී, සචිත්ත පරියෝ ද පනං යන බුදු වදනින් පැවැසෙන්නේ සිත කයෙන් මිදීම හෙවත් සිත සපුරා නිවීයැමයි. නැතිවී යැමයි.
හැම ආගමකින් මැ පාහේ කැරෙන්නේ වඩා සුවදායක වඩා සතුට දනවන නොබිඳෙන කයක් තනා ගැනීමට පුද්ගලයා පෙළැඹැවීමයි. බුද්ධාගම මිනි බැහැරි නොවේ. වදන් හරඹයෙන් කරුණු වසංකොට ඇත.මේ සඳහා පින පෙරට දමා ඇත. මේ බුදුදහම වරදවා ගැනීමෙන් සිදුවූවකි. එහෙත් එ අරුම නොවේ. පුහුදුන් සමාජයෙක ඒ අනිවාර්යෙන් සිදුවන්නකි. ඇලීම, බැඳීම, මැනීම, ගැටීම, මුලාව එහි ජීවය වන හෙයිනි.
යහපත් සමාජයකින් තොරවැ දහම් මඟ යන්නවුන් බිහි නොවන හෙයින් ලෞකික සමාජයට වැඩවන ඉතා බොහෝ කරුණු බුදුරදුන් දරා ඇත. ඒ මෙත්තා, මුදිතා, කරුණා, උපේක්‌ඛා යන සිව්බඹ විහරණය නිසයි.
අද ලෞකිකත් ලෝකෝත්තරත් නොවන අමුතුම මගක් මේ රටේ තැනී ඇති සෙයක් පෙනෙන්නට ඇත. ඒ බටහිර වානිජ සංස්‌කෘතියෙන් හා විද්‍යා ශිල්පීය නිපුණතාවෙන් වූ අසිරියෙකි. බටහිර වානිජ අධ්‍යාපනය එයට බලකරුවවී ඇත. මේ විවරණ කරන්නට යැම විද්‍යාත්මක දැනුමින් තොර පටු නිම්වළල්ලක් තුළ ජීවත්වන අඳ බාලයකුගේ වැඩක් හැටියට සැලැකෙන්නට බැරි නැත. එයින් නිහඬ විය යුතුව ඇත.
න. හෙළ ඇසිරි : divaina.com

0 Comments