2015 වසරේ පළමු පොහෝ දිනය වන අද ඔබගේ අවධානය යොමුවිය යුතු කරුණු කීපයක් සිහිපත් කරවීමට අපි අදහස් කරමු. ඒ අනුව ඔබ කෙබඳු පුද්ගලයෙක්‌දැයි නිගමනය කිරීමට ඔබටම පවරමින් බුදුදහමේ එන පුද්ගල විග්‍රහයක් සංක්‍ෂිප්තව ඔබට ඉදිරිපත් කරන්නෙමු.
අංගුත්තර නිකායේ තික නිපාතයේ එන පරිදි මෙලොව පුද්ගල වර්ග තුනක් දැක්‌වේ. ඒ එක් ඇසක් ඇති (එකැස් කණා), දැසක් ඇත්තා හා අන්ධයා යනුවෙනි.
මෙලොව සිටින යම් පුද්ගලයෙක් කුසල් හා අකුසල් වෙනස නොදන්නේද තමන්ගේ භෝග (සම්පත්) වර්ධනය කර නොගන්නේද හේ ලෞකික හා
ලෝකෝත්තර යන දෙතැන්හිම පරිහානියට පත්වූ අන්ධයෙකි. තව අයෙක් තම දියුණුව උදෙසා කැප වුවත් ඔහු අධර්මයෙන් ජීවත් වෙත්ද ඔහු නුවණැස අඳ වූවෙකි. එකැස් කණකු ලෙස ඔහු හැඳින්විය හැකිය. උපභෝග පරිභෝග සම්පත් ධර්ම පිළිවෙත අනුව වර්ධනය කරන කුසල අකුසල හෙවත් හොඳ-නරක පිළිබඳ මනා අවබෝධයෙන් යුතු පුද්ගලයා දෙඇස් ඇත්තෙකි.
අප මෙම පුද්ගල වර්ගීකරණය දැක්‌වූයේ ඔබ පිළිබඳ ඔබට විමසා බැලීමට මෙන්ම එමගින් ඔබ මුහුණදෙන මේ අලුත් වසර තුළ ඔබගේ චර්යාව සකසා ගැනීමටය.
අද සමාජය තුළ දෑස් ඇති බොහෝ දෙනකු මේ විග්‍රහය අනුව විමසා බැලීමට දැන් ඔබට හැකිවනු ඇත. මෙම සමාජය තුළ ඇස් ඇති අය සේ සිටින සමාජ මතු මහලට නැගගත් බොහෝ දෙනකුගේ හැසිරීම් කෙතරම් ගර්හිත තත්ත්වයකට පත්ව තිබේද?
මේ විනයක් නැති අසංවර සමාජයක් බවත් සියලු යහගුණ දම් බිඳ වැටී ඇති යුගයක් බවත් විවිධ අයගෙන් ප්‍රකාශ වේ. එහෙත් එසේ කියන කී දෙනෙක් දෑස් ඇත්තන් ලෙස දැක්‌විය හැකි වෙත්ද?
සිත, කය, සංවර කර ගැනීම සීලය ලෙස සරලව ගතහොත් අද සමාජය තුළ ඒ සංවර සීලය විනාශ වී තිබෙන බව පැහැදිලි නොවේද?
අද සමාජය ගැටුම්වලින්ද වෛරයෙන්ද ඇළලී ගොස් තිබේ. ජනමාධ්‍ය ඔස්‌සේ එබඳු අවස්‌ථා සමාජයේ අවධානයට යොමු කළත් ඒවා ගැන තැකීමක්‌ද නැත.
පුද්ගල මනස තුළ වැඩෙන අසතුට, ආශාව සමාජ ගැටුමක් දක්‌වා වර්ධනය වන බව බෞද්ධ සූත්‍රවලද නිදසුන් සහිතව පෙන්වාදී තිබේ. ප්‍රචණ්‌ඩ සිත බිහිසුණු වනයක් වැන්න. තම අරමුණු දිනාගැනීම උදෙසා සමාජය තුළ වාද විවාද කිරීම, අවි-ආයුධ ගැනීම, සටන් කිරීම බුද්ධ කාලීන සමාජය තුළද සිදුවිය. කලහ, විවාද සූත්‍රයේ දැක්‌වෙන පරිදි ශෝක, පරිදේව, මාත්සර්ය, මාන, අභිමාන, කේලාම් බස් යනාදිය ගැටුම්වලට මුල් වේ.
මේ දාර්ශනික විග්‍රහය අදට සාපේක්‌ෂව සරලව ගතහොත් ඔබ වටා තිබෙන සමාජ වාතාවරණය ඉතා නිවැරැදිව ඔබට පසක් වනු ඇත. කෙනෙක් ඔබට විනිශ්චයට ඉඩ නොදෙති. ඔබ ඔහුම දිනා ගැනීමට කරුණු දක්‌වති.
මෙහිදී ඔබට ප්‍රඥ ඇසක් නොමැති නම් ඔබ වල්මත් වන්නෙහිය. මිනිසා බෙදා වෙන් කරන්නේ වැඩියෙන්ම භෞතික ආශාවන් බව කියති. දෘෂ්ටි වාද, මතවාද, පුද්ගල මනසට ඇතුල් කරන්නෝ ගැටුම්වල මැවුම්කරුවෝ නොවෙත්ද?
බුදුන්වහන්සේද වරක් 'අලියා හා අන්ධයෝ' උපමා කතාව දක්‌වමින් සත්‍යය පිළිබඳ සමාජ දැක්‌ම විග්‍රහ කළ සේක. තම නැණ පමණින් වැටහෙන දේ සත්‍යය නොවන බව එහිදී බුදුහු වදාළහ.
සමාජයක් තුළ කිසියම් දෘෂ්ටිවාදයක්, මතවාදයක් තහවුරු කළ හැකි වන්නේ ඒ සමාජය තුළ අන්ධයන් බහුලවීම නිසා බව මේ අනුව ඔබට වැටහී යා යුතුය.
ආගමික, සමාජ හා දේශපාලන ගැටුම්වලට ප්‍රධාන හේතුව මේ අන්ධභාවයම නොවේද? සාමූහික පුද්ගල කොටස් අතර එකමුතු බවක් ඇතිකිරීම සඳහා ආධ්‍යාත්මික හරයක් සඳහා අවධානය යොමුවිය යුතු බව බෞද්ධ පිළිගැනීමය. මිනිස් කුසලතා අගය කෙරෙන සාධාරණ හා සමානාත්මතා ගුණය සමාජගත කිරීම ගැටුම් නිරාකරණයට මාර්ගය බවද එහිදී අවධාරණය කර ඇත.
මේ නිසා මෙම අභිනව වසර තුළ ඇස් ඇත්තකු ලෙස ක්‍රියාකිරීමට අධිෂ්ඨාන කරගන්න. කියන දේ හොඳින් අසා කරුණු විමසා බලා සත්‍ය අසත්‍ය තේරුම් ගැනීමට ප්‍රඥසම්පන්නවීම ඔබට අයත් කාර්යයකි. නියම බෞද්ධයා, නිවැරැදි දැක්‌මක් ඇති සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ගුණයෙන් යුතු අයෙකි.
2015 වසර ඔබට යහපත් වසරක් වන්නේ ඒ බුදුමඟ අනුව ක්‍රියාකිරීමෙන් පමණි.
divaina.com

0 Comments