ජෛව විවිධත්වය


ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් (Biodiversity) අතිශය පොහොසත් රටකි. ලෝකයේ ජෛවවිවිධත්වයෙන් සාන්ද්‍රණය වූ ස්‌ථාන (Biodiversity Hots Pots) අතුරින් පළමු 25 තුළ ශ්‍රී ලංකාවද අන්තර්ගතවේ. එනම් ඒකක ගණත්වයකින් (භූමි ප්‍රමාණයක) යුත් ප්‍රදේශයකදී හමුවන ජීවී විශේෂ ගණන (ශාක හා සතුන්) ගණනයට ලක්‌කිරීම මගීන් දළ වශයෙන් යම් රටක, කලාපයක, ප්‍රදේශයක ජෛවවිවිධත්වය මැන බැලිය හැකිය.

ජෛවවිවිධත්වය යනු කෙටි සරල විග්‍රහය අනුව යම් පරිසරයක, රටක, කලාපයක, ප්‍රදේශයක දිවිගෙවන විවිධ ජීවීන් ප්‍රමාණයයි. එහෙත් ඒ සඳහා සංකීර්ණ අර්ථ දැක්‌වීම් හා හැඳින්වීම් ඇත. ඒවාට අනුව හුදෙක්‌ ජෛව විවිධත්වය යනු විවිධ ජීවීන් ප්‍රමාණයම පමණක්‌ නොවේ. ජීවීන් ජීවීන් අතර අන්තර් ක්‍රියා, ජීවීන් සහ අජීවී පරිසරය අතර අන්තර් සබඳතා යනාදී වශයෙන් පුළුල් සබඳතාවක්‌ මෙන්ම මෙම විවිධ ජීවීන්, ඔවුන්ගේ පරිසර පද්ධති හා අන්තර් ක්‍රියා තුළින් නිර්මාණය වන ස්‌වභාවික දැ පරිභෝජනයට ගැනීම, ජෛවචක්‍රය, ජල හා වායු චක්‍ර ක්‍රියාත්මක වීම වැනි දැද ජෛව විවිධත්වය ලෙස එකම පද්ධතියක්‌ සේ ඇතැම් විද්‍යාඥයෝ හඳුන්වා දෙනු ලබති. එසේ නම් යම් භූමි ප්‍රදේශයක තිරසාරත්වය ර¹පවතින්නේ එම භූමියේ ජෛව විවිධත්වය මතය. එම ජෛව විවිධත්වය ආරක්‍ෂාකොට තැබීමට වගකිවයුත්තන් ගන්නා ක්‍රියාමාර්ග මතය.

සමස්‌ත ලෝකයේම පරිභෝජන රටාව නිර්මාණය වී ඇත්තේ ජෛව විවිධත්වය මතය. ජෛව විවිධත්වයෙන් ව්‍යqක්‌ත වූ පරිභොජන රටාවක්‌ කිසි ලෙසකින්වත් හෝ කිසිදු තැනකින්වත් හඳුනාගත නොහැකිය. එනම් ලෝවැස්‌සන් සැවොම, සෘජුව හෝ අනියම් ආකාරයෙන් ජෛව විවිධත්වයේ යෑපුම්කරුවෝ වෙති. එනම් ජෛවවිවිධත්වය නොමැතිව අපට ජීවිතයක්‌ නැත යන්න එහි අවසන් නිගමනයයි.

අපරදිග කෙසේ වෙතත්, පෙරදිග රාජ්‍ය සෘජුව ජෛවවිවිධත්වය මත යෑපෙන්නෝ වෙති. ඔවුන්ගේ ජීවන රටාවම ගොඩනැඟී ඇත්තේ ජෛවවිවිධත්ව අත්තිවාරම මතය. ආහාරපාන, බෙහෙත් හේත්, ජීවන වෘත්තීන් ප්‍රවාහනය, ආගම - දහම, සංස්‌කෘතිය, කලාව, ඇදහිලි විශ්වාස මේ මොන යම් දේ සැලකුවද ජෛවවිවිධත්ව වටිනාකමෙන් බැහැරව සිදුකරන්නේ කුමක්‌ද යන්න විමසා බැලීම වටී. මේ සියලු දේ හි පදනම අනිකක්‌ නොව, ජෛව විවිධත්වයමය.

පෙරදිග මිනිසා බොහෝ විට ශාක ආහාර මත යෑපෙන්නෝය. මාංශ ආහාර අනුභවයට ගත්තද මේ දෙකෙහිම පවතින්නේ සෘජු ජෛවවිවිධත්ව පදනමයි. ආහාරවල විවිධත්වය මෙන්ම, ආහාරවල සුලභතාවයද විවිධත්වයද ආහාර සංස්‌කෘතියක්‌ නිර්මාණය කර තිබේ. ආගම දහම, සංස්‌කෘතිකාංග, ඇදහිලි විශ්වාස යන මෙකී නොකී කාර්යවලදී මෙවන් අතිශය වර්ණනීය වූ ආහාර සංස්‌කෘතියක්‌ පෙරදිගහි දක්‌නට ලැබේ. වර්තමානයේදී වස විස, කෘමිනාශක මගින් කෘතිම ආහාර, රසකාරක මගින් පෙරදිග ජනතාව බටහිර ජාතීන්ගේ ගොදුරු බවට පත්වුවද, පෙරදිග ජාතීන්ට තම ලෙඩ දුක සුව කර ගැනීම සඳහා සෘජුවම පිහිටාධාරයක්‌ බවට පත්වූයේ ජෛවවිවිධත්වයමය. නොහොත් ශාක හා සත්ව කොටස්‌ මගින් නිර්මාණය කරගන්නා ලද, අතිශය විශ්වාසදායක හා අත්දුටු ප්‍රතිකාර බවට බඳුන් වූ මෙවන් ශාකසාර, සත්වසාර වෙදකම ජෛවවිවිධත්වයක්‌ නොමැතිව කෙසේවත් බිහි වන්නේ නැත. අද ලෝකයේ සිදුවන්නේ මෙසේ වසර සිය දහස්‌ ගණනක්‌ තිස්‌සේ පෙරදිග ජාතීන් විසින් ප්‍රයෝජනයට ගන්නා ලද පාරම්පරික ඖෂධ සඳහා තමන් විසින් බලපත්‍ර ලියාගැනීමය.

කෙසේ හෝ බටහිර ජාතීන් විසින් පෙරදිග ජාතීන් මත පටවන ලද රසායනික වලින් ඔද්දල්වූ ජන ජීවිතය ගොඩගන්නට දැන් යළිත් එවන් ජාතීන් ජෛවවිවිධත්වයේ නොහොත් පැරැණි ශාක හා සත්ත්ව සාරයේ විශ්වාසය සොයා ගමන් කරනු පෙනේ.

පෙරදිග ජාතීන්ගේ බහුතරය ජෛවවිවිධත්වය පදනම් වූ පරිසර පද්ධති ආශ්‍රිත ජීවන වෘත්තීන්හි නිරත වන්නෝ වෙති. ගොවිකම, ධීවර වෘත්තිය, වෙදකම, සත්ත්ව පාලනය යනාදී ක්‌ෂේත්‍ර රැසක්‌ම ආධිපත්‍යය පෙරදිගට හිමි වුවත්, බටහිර ජාතීන්ද ඊට දෙවැනි නොවී තම කර්මාන්ත ඒ ඔස්‌සේ දියත් කරමින් සිටින්නේ ආහාර, හුදෙක්‌ ජෛවවිවිධත්වයේ පදනම මත නිපදවන නිසාය. එසේම විසිතුරු ශාක හා සත්ත්ව වෙළෙ¹ම, මත්ස්‍ය අපනයනය, මාංශමය ආහාර කර්මාන්තය, ඖෂධ කර්මාන්තය, සත්ත්ව පාලනය, ගොවිපළ කර්මාන්තය වැනි පුළුල් ක්‌ෂේත්‍රයක ජෛවවිවිධත්ව වටිනාකම් ගැන කතා කරති. නොහොත් ජෛවවිවිධත්වය නැති වටපිටාවක්‌, විභවයක්‌ ගැන අපට සිතා ගැනීමටත් අපහසුය. ඊට ප්‍රධාන හේතුව වන්නේ මිනිසා සොබාදහමේ කොටස්‌කරුවකු වීමත්, ඔහුගේ පරිභෝජන රටාව ඒ මත පදනම්ව පිහිටීමත්ය. ජෛවවිවිධත්වයේ විග්‍රහයන් මේ සඳහා කදිම සාක්‍ෂි සපයයි.

ජෛවවිවිධත්වය ප්‍රධාන කොටස්‌ තුනකට බෙදා දැක්‌වේ. ඒ

1. ජාන විවිධත්වය

2. විශේෂ විවිධත්ව හා

3. පරිසර පද්ධති විවිධත්වය 

වශයෙනි. මේ පළමු කොටස්‌ දෙකේදීම විග්‍රහ වන්නේ ජානමය වශයෙන් හා විශේෂ එනම් තනි තනි ජීවියා දක්‌වා පවතින ජීව ලෝකයේ අති පුළුල් වූ විවිධත්වය පිළිබඳවය. වෙනස්‌කම් පිළිබඳවත්, නොහොත් විචිත්‍රත්වය පිළිබඳවය. අනෙක්‌ කරුණින් පැහැදිලි කෙරෙන්නේ ජීවීන් ජීවීන් අතර මෙන්ම ජීවීන් අජීවී පරිසර අතරද අන්තර්ක්‍රියා කරමින් මේ සියල්ල එකම පද්ධතියක්‌ ලෙස මිහිතලයට ලබාදෙන අමිල දායකත්වයත්, එහිදී එකිනෙක බැඳී පවතින ජීව ජීව, ජීව - අජීව යන එකදු පුරුකක්‌ හෝ ඉවත් කිරීමෙන් සිදුවන ජෛව විවිධත්ව විනාශය නොහොත් ජෛවහායනය පිළිබඳ වැදගත්කම්ය. මෙම කරුණ තුළ ජෛවවිවිධත්වය අති පුළුල් ලෙස මිනිසා ඇතුළු අනෙකුත් සත්ත්ව, ශාක සංහතියේ භාවිතයට ගැනීමද විග්‍රහයට බඳුන් වේ.

එබැවින් ජෛවවිවිධත්වය යනු මෙතෙකැයි කියා අත්දෙක දිගහැර විග්‍රහ කළ හැකි දෙයක්‌ හෝ ප්‍රමාණය දැක්‌විය හැකි දෙයක්‌ නොවේ. එය සමස්‌ත ජෛව පද්ධතියේම, ජෛව ගෝලයේම පැවැත්ම පිළිබඳ සාධකය වේ. ජෛවවිවිධත්වය බිඳ වැටුණු තැන ජෛවගෝලයක ස්‌ථාවරතාවක්‌ බලාපොරොත්තු විය නොහැකිය.

එය චක්‍රානුකූලව ලෝකය තුළ සංසරණය වන්නක්‌ බැවින් ජෛවවිවිධත්වය සංරක්‍ෂණය කිරීම, ආරක්‍ෂා කිරීම මේ ජෛව චක්‍රයේම පුරුකක්‌ වන මිනිසා වෙත පැවරී තිබේ. එහෙත් අත්තනෝමතික මිනිසා මේ ජෛවගෝලයේ මේ ජෛවවිවිධත්වයේ පුරුක්‌ ගලවා දමමින් රෝදයක්‌ සේ කැරකෙන ජෛවචක්‍රය "හතරැස්‌" කරන්නට වෙර දැරීමේ ප්‍රතිඵලය ලෙස ලෝකයේ ආහාර, ජලය, ඖෂධ, බලශක්‌තිය ඇතුළු ක්‌ෂේත්‍ර බොහොමයක්‌ තුළ අන්තරායක්‌ ඇතිව තිබෙන අතර ජෛවවිවිධත්වය සුරැකීම සඳහා කතිකාවක්‌ද ගෝලීය මට්‌ටමෙන් සිදුකිරීමට සිදුව ඇත්තේ එසේ අහිමිවන ජෛවතුලනය ආරක්‍ෂා කොට මතු පරපුරේ පැවැත්ම තහවුරු කරනු සඳහාය.

ජගත් කණහැරආරච්චි

Post a Comment

0 Comments