සිරෝසිස්‌ රෝගයට ප්‍රත්‍යක්‍ෂ දේශීය කැඳ වර්ගයක්‌


ප්‍රශ්නය පසුගිය සතියේදී සිරෝසිස්‌ රෝගයේ මූලික තත්ත්වයන් ගැන අප ඔබ සමග සාකච්ඡා කළා. හෙපටයිටිස්‌ වැනි රෝගවලින් සහ මධ්‍යසාර නමැති විෂ ද්‍රව්‍යය මගිනුත් වෙනත් විෂ කාරක මගිනුත් අක්‌මාව හානි වන හැටිත් සිරෝසිස්‌ හටගන්නා හැටිත් අප එහිදී සාකච්ඡා කළා. ඔබේ පාරම්පරික ඖෂධ ක්‍රමය මගින් සිරෝසිස්‌ සුව කළ හැකිද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ස්‌ථිර වශයෙන්ම ඔව්. මා දෙන ඖෂධ වර්ග නිසි ලෙස පාවිච්චි කර සුදුසු ආහාර ගැනීමෙන් මෙය සුව කළ හැකියි. ඊට කලින් මා ඔබට කිව යුතුයි මේ රෝගය නිසා විනාශයට පත්වන අක්‌මාව නමැති ඉන්ද්‍රිය කොතරම් වැදගත්ද කියලා. ශරීරයේ සමහර ඉන්ද්‍රීන් තිබෙනවා ඒවා නැතිව ජීවත් වෙන්න බැහැ. හදවත, පෙනහළු, වකුගඩු වැනි ඉන්ද්‍රීන් ශරීරයට අත්‍යවශ්‍යයි. හැබැයි මේ ඉන්ද්‍රීන් නිශ්ක්‍රීය නම් එහි කාර්යය කළ හැකි යන්ත්‍ර තිබෙනවා. උදාහරණයක්‌ හැටියට කෘත්‍රිම හදවත් තිබෙනවා. එය බද්ධ කරගෙන සෑහෙන කලක්‌ ජීවත් විය හැකියි. එසේම වකුගඩුවල කාර්යය කරන රුධිර පෙරහන් යන්ත්‍ර තිබෙනවා. ඒවාට ශරීරය සම්බන්ධ කර රුධිරය පෙරා ගනිමින් සෑහෙන කලක්‌ ජිවත් විය හැකියි. පෙනහළු දුර්වල නම් කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර තිබෙනවා. හැබැයි මේ කිසිවක්‌ දීර්ඝකාලීන නැහැ. දැන් අපි ගනිමු අක්‌මාව. අක්‌මාව කරන කාර්යය කළ හැකි කිසිදු ස්‌ථාවර යන්ත්‍රයක්‌ මා දන්නා තරමින් නම් නැහැ. කෘත්‍රිම අක්‌මාව යන්ත්‍ර තිබුණත් මාස 2 කට වඩා ඉන් වැඩක්‌ ගන්න බැහැ. ඇස්‌ දෙක නැති වුණොත් පෙනීම නැහැ වගේම අක්‌මාව නැති වුණොත් ජීවිතයක්‌ නැහැ. අක්‌මාව කරන කටයුත්තට ආදේශ කරන්න පුළුවන් යන්ත්‍රයකුත් නැහැ. අක්‌මා බද්ධයක්‌ කළ හැකි නමුත් එය ඉතා දුෂ්කරයි. 

කාබෝහයිඩේ්‍රට්‌ ප්‍රොaටීන්, ඇමයිනෝ අම්ල සහ ලිපිඩ යන සංඝටක ශරීරයට සම්බන්ධ වීමේ ක්‍රියාවලිය තුළ වැදගත් වැඩ කොටසක්‌ කරන ඉන්ද්‍රියක්‌ තමයි අක්‌මාව. සංස්‌ලේෂණ ක්‍රියාවලියක්‌ තුළින් ග්ලයිකෝජන් පිෂ්ඨය ග්‍රෑම් 100 ක්‌ රඳවාගන්නට අක්‌මාවට පුළුවන්. අවශ්‍ය අවස්‌ථාවලදී මේ ග්ලයිකෝජන්, ග්ලූකෝස්‌ බවට පරිවර්තනය කර රුධිරයට මුදා හරින්නට අක්‌මාවට හැකියි. ඊට අමතරව ඉන්සියුලින් සහ තවත් හෝමෝන ගණනාවක්‌ සම්බන්ධයෙන් අක්‌මාව ක්‍රියාකාරී වනවා. එයට අමතරව අක්‌මාව මගින් සිදු කරන මෙහෙවර මෙසේයි.

1. ග්ලූකෝස්‌, විටමින් Aල විටමින් Dල විටමින් ඊ12, විටමින් ණල යකඩ, තඹ යනාදිය ගබඩා කර තබාගෙන අවශ්‍ය අවස්‌ථාවේදී ශරීරයට මුදා හරින්නට අක්‌මාවට පුළුවන්.

2. ප්‍රතිශක්‌තිකරණ ක්‍රියාවලියේදී අක්‌මාව විශාල දායකත්වයක්‌ දෙනවා

3. රුධිර පට්‌ටිකාවල තිබෙන වැදගත්ම ප්‍රොaටීනය වන ඇල්බියුමින් නිෂ්පාදනය කරන්නෙත් අක්‌මාවයි. 

4. රුධිර ධාවනය වැඩි වීමට බලපාන ඇන්ජියෝටෙන්සිනෝජන් නමැති හෝමෝනය නිෂ්පාදනය කරන්නේත් අක්‌මාවයි.

සිරෝසිස්‌ රෝගයේ අවස්‌ථා දෙකක්‌ තිබෙනවා. පළමුවැනි අවස්‌ථාවේදී සිරෝසිස්‌ රෝගය ඇඟ ඇතුළේ තිබුණත් රෝගියාට ඒ බවක්‌ දැනෙන්නේ නැහැ. ඒකට හේතුව සිරෝසිස්‌ නිසා අක්‌මාවේ සෛලවලින් කොටසක්‌ විනාශවෙලා ඉතිsරි කොටස විනාශ නොවී තිබෙන අවස්‌ථාවයි. නිරෝගී සෛල විසින් ශරීරයට අවශ්‍ය කටයුතු කරලා දෙනවා. මේ නිරෝගී සෛල ටිකක්‌ විනාශ වුණාම රෝගය පිට දානවා. 

ප්‍රශ්නය - මේ සඳහා සුදුසු පාරම්පරික ප්‍රතිකාරයක්‌ අප ඔබෙන් බලාපොරොත්තු වෙනවා.

වෛද්‍ය වික්‍රමාරච්චි - සිරෝසිස්‌ රෝගයට අත් බෙහෙත් හොඳ නැහැ. නිතරම සුදුසු වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත යුතුයි. හැබැයි ඒ අතර එම ඖෂධ සමඟ නොගැටී පරිහරණය කළ හැකි ඉතාම ගුණදායක කැඳ වර්ගයක්‌ හදා ගන්නා හැටි කියන්නම්.

වැටකේ බඩ, කටුඉඹුල් පොතු, ඔලිඳ කොළ කොටා යුෂ නැලියක්‌ ගෙන දෙහි ඇඹුල් පතක්‌ සහ හොඳම කිතුල්පැණි පතක්‌ ගෙන හීනටි හාල් අඹරා, මේ සියල්ල දමා කැඳ පිස දිනපතා පානය කළ යුතුයි. සාදා ගැනීමට දුෂ්කර වුවත් මෙය සිරෝසිස්‌ රෝගයට අත්දුටු පාරම්පරික ඖෂධයක්‌.

වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments