සොරයිටික්‌ ආත්‍රයිටිස්‌ රෝගියා පැවැතිය යුතු හැටි මෙන්න


ප්‍රශ්නය - අද අප ඔබ සමග කතා කරන්නේ සොරයිටික්‌ ආත්‍රයිටිස්‌ ගැනයි. අප මේ ලිපි පෙළ ආරම්භක අවධියේදීත් මේ ගැන කතා කළා...

වෛද්‍ය වසන්ත උදය ජීව - ඔව්. එහෙත් වෛද්‍ය දැනුම කියන එක දිනෙන් දින වර්ධනය වෙනවා. ඉස්‌සර වගේ නොවෙයි. නූතන ආයුර්වේදය තුළ ඉතා ගැඹුරු පර්යේෂණ සිදු වෙමින් පවතිනවා. නූතන විද්‍යාව මගින් සොයාගත් ඉස්‌තරම්ම උපකරණ මේ පර්යේෂණ සඳහා යොදාගෙන ඖෂධ නිපදවීම සිදු වෙනවා. ඒ නිසා ලෙඩ රෝග පිළිබඳ දැනුම දිනපතාම අලුත් වෙනවා. කොහොම වුණත් මේ සාකච්ඡාව පටන් ගන්නට පෙර වැදගත් යමක්‌ කිව යුතුයි. අප කවර බෙහෙතක්‌ වුව පරිහරණය කළ යුත්තේ සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මතයි. මොකද සෑම ඖෂධයක්‌ම අක්‌මාවට බලපානවා. ඒක හරිම තීරණාත්මක බලපෑමක්‌ පරිස්‌සමින් බෙහෙත් නොකළොත් අක්‌මාව නරක්‌ වෙනවා.

ප්‍රශ්නය - මොකක්‌ද සොරයිටික්‌ ආත්‍රයිටිස්‌ කියන්නේ?

වෛද්‍ය වසන්ත උදයජීව - මෙය ප්‍රදාහ තත්ත්වයක්‌. ආත්‍රයිටිස්‌ රෝගයේ අවසන් අදියරවලදී රෝගියාගේ සන්ධි ආශ්‍රිත ප්‍රදේශවල හටගන්නා තත්ත්වයක්‌. මෙය නිදන්ගත රෝගයක්‌.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - ඇඟිලිවල වේදනාව, ඇඟිලි ඉදිමීම සහ අවසානයේදි ඇඟිලි විකෘති වීම හටගන්නවා. පාදය සහ ආශ්‍රිත සන්ධිවල වේදනාව හටගන්නවා. කොන්ද රිදෙන අතර එයට හේතුව සන්ධිවල හට ගන්නා වේදනාවයි. 

රෝගයට හේතුව - ශරීරයේ සෛලවලට ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය විසින් පහර දෙනු ලැබීම තමයි මෙයට ප්‍රධාන හේතුව. මෙය ඇති වන්නේ ඇයිද කියන එක හරියාකාරව සොයාගෙන නැහැ. මෙය ධඑද සපපමබැ තත්ත්වයක්‌. එයට අමතරව ජානමය හේතු, ජීවත් වන විදිය හෙවත් විහරණය යන කාරණා නිසාත් මෙය ඇති විය හැකියි. විශේෂයෙන් සොරයිසිස්‌ කියන රෝගයට සම්බන්ධ ඉතිහාසයක්‌ තිබෙන අයට සොරයිටික්‌ ආත්‍රයිටිස්‌ හැදීමට තිබෙන ඉඩකඩ ඉතා වැඩියි.

ප්‍රශ්නය - ආයුර්වේදය මෙය අර්ථ දක්‌වන්නේ කොහොමද? 

වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදයේ හැටියට මෙය කුෂ්ට රෝගයක්‌ . කුෂ්ට රෝග 18 වර්ගයක්‌ ආයුර්වේදයේ එනවා. එයින් මහා කුෂ්ට රෝග යන වර්ගයට අයත් රෝග 7 ක්‌ තිබෙනවා. ක්‍ෂුද්‍ර කුෂ්ට රෝග හෙවත් සුළු කුෂ්ට රෝග 11 ක්‌ තිබෙනවා. ආයුර්වේදයේ එන හැටියට සොරයිටික්‌ ආත්‍රයිටිස්‌ තිබෙන රෝගියකු කටයුතු කළ යුත්තේ මෙහෙමයි.

1. පිරිසිදු ජලය ඇති තරම් පානය කරන්න.

2. සම මත ආලේප කරන සුවඳ විලවුන් සහ දහදිය ගඳ නසන deදාදර්බඑs වලින් වැලකෙන්න.

3. ලැක්‌ටික්‌ අම්ලය මිශ්‍ර කළ ආලේපන වර්ග පමණක්‌ සම මත යොදන්න.

4. දුම්පානය, මත්පැන් පානය, දුම්කොළ සැපීම වහාම නවත්වන්න. 

5. බදින ලද කෑම අත්හරින්න. තෙල් අඩුවෙන් යොදා ගෙදරදී පිසින ලද සරල ආහාර පමණක්‌ ගන්න.

6. කොළ පැහැති එළවළු, සලාද, ආහාරයට ගන්න.

7. ටින් කෑම සහ බෝතල් කළ සිසිල් බීම පානය නවත්වන්න.

8. දෙහි, දොඩම්, නාරං වැනි පළතරු ගන්න.

8. රෝගය වැළඳී ඇති ස්‌ථානය තුවාල වීමට ඉඩ නොදෙන්න. 

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us