සමාජ වෙබ් අඩවි පෙත්සම් කලාව


'අලුත් කලාවක්‌ සොයා ගත්ත මං දියුණු වෙන්න ඕනැනම් නිකන් ඉන්නෙපා කොහොම කොහොමහරි ගහපල්ලා බං පෙත්සම්' ශ්‍රී ලංකාවේ සිටි ජනප්‍රිය විකට නළුවකු මෙන්ම දක්‌ෂ ගායකයකු වූ ෙµ්‍රඩී සිල්වා මහතා විසින් අසූවේ දශකයේදී ගායනා කරන මෙම ගීතය ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය. මෙම ගීතය රචනා කරන ලද්දේ ද ජනප්‍රිය නිවේදකයකු මෙන්ම ජනප්‍රිය ගීත රචකයකු වූ ප්‍රේමකීර්ති ද අල්විස්‌ මහතා විසිනි. ඔහුද සිය රාජකාරී ජීවිතයේදී නොයෙකුත් පළිගැනීම්වලට ලක්‌වූ අයෙකි. එනිසා මෙම ගීතයට පාදක වූයේ ඔහුගේ ජීවිත අත්දැකීම් විය හැකිය.

'කෙනෙක්‌ දියුණුවී ඉහළට යනවා බලා ඉන්නට බැරිනම් කරවටටම දාපියව් තොප්පියක්‌. ලෝකේචාරේ ඒකයි බං' යෑයි කියා එම ගීතයෙහි පෙත්සමේ ස්‌වභාවය සත්‍ය ලෙසම පවසා ඇත.

පෙත්සමකින් කෙනෙකුගේ රැකියාව අහිමි කළ හැකිය. දේපළ අහිමි කළ හැකිය. පවුල් ජීවිත අවුල් කළ හැකිය. එනිසා බොහෝ දෙනා පෙත්සම්වලට බියවෙති.

පෙත්සම් බොහෝවිට ලියනු ලබන්නේ නිර්නාමිකවය. තමාගේ අත්අකුරු හඳුනා ගැනීමට බැරිවන ලෙස මුල් කාලයේ ලියූ පෙත්සම ඉන් පසු ටයිප් කර සකස්‌ කරනු ලැබීය.

තැපැල් මගින් හෝ නාඳුනන පුද්ගලයකු අත බෙදාහරිනු ලැබූ පෙත්සම් කලාව වර්තමානයේ ලියෑවෙන්නේ අන්තර්ජාලය ඔස්‌සේය. එනම් සමාජ වෙබ් අඩවි (Sදජස්‌ක ඇඉsසඑe) ඔස්‌සේය. ඒ අනුව පෙත්සම් කලාව, අන්තර් ජාලය ඔස්‌සේ ඉදිරියට ගොස්‌ ඇත.

මෙම සමාජ වෙබ් අඩවි මගින් ප්‍රචාරය වන තොරතුරු හොඳට මෙන්ම නරකටද පුද්ගලයින්ට බලපානු ලබයි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වීමට බලපෑ ප්‍රධාන සාධකයක්‌ වූයේ සමාජ වෙඩ් අඩවි බව හෙළි විය. ඉන් ප්‍රචාරය වූ තොරතුරු ඉතා ඉක්‌මනින් ලොව පුරා පැතිර යන්නට ගතවූයේ තත්ත්පර කිහිපයකි.

ඒ අතරම පසුගියදා මාළබේ ප්‍රදේශයේදී මාර්ග නීති කඩකරමින් සුපිරි මෝටර් රථයක්‌ පැදවූ කාන්තාවක්‌ පොලිස්‌ පරීක්‍ෂාවට ලක්‌වීමේදී ඇය හැසිරුණු විලාසය වීඩියෝගත කළ පුද්ගලයකු සමාජ වෙබ් අඩවියක්‌ වෙත මුදා හැරීම නිසා එය අතිශය ජනප්‍රියත්වයට පත්විය. එපමණක්‌ නොව මෙම වීඩියෝ පටය නිසා යටපත්වී නීතිය ක්‍රියාත්මත නොවීමට ගිය සිද්ධියක්‌ මතුවීමටද මෙම වීඩියෝපටය හේතු විය.

මෙම ධනවත් කාන්තාව පොලිස්‌ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ අපහාස කරමින් එක්‌ නිලධාරියකුගේ යතුරුපැදියේ හෙල්මටයද රැගෙන ගියාය. පසුව ඇයගේ සැමියා රාත්‍රියේ තලංගම පොලිසිය වෙත පැමිණ සිද්ධිය සමථයකට පත්කර ගැනීමට උත්සාහ ගෙන තිබූ අතර ඒ සඳහා පොලිස්‌ නිලධාරියකුට රුපියල් තිස්‌පන්දහසක්‌ පමණ වැයකර රාත්‍රී සමාජ ශාලාවක සංග්‍රහයක්‌ ද ලබාදීමට පියවර ගෙන තිබුණු බව වාර්තා වේ.

මේ සියල්ල ව්‍යර්ථ වූයේ සමාජ වෙබ් අඩවිය වෙත මුදාහැරුණු වීඩියෝපටය නිසාය.

මේ ආකාරයෙන් කුරුණෑගල ප්‍රදේශයෙන් මීට මාස කිහිපයකට පෙර සමාජ වෙබ් අඩවියකට මුදාහැරුණු වීඩියෝ පටයක තිබුණේ තරුණියක විසින් ප්‍රසිද්ධියේ කුරුණෑගල බස්‌ නැවතුම්පළේදී කම්මුල් පහර දෙමින් අපහාස කරන සිද්ධියකි.

එම සිද්ධියද යටපත්වීමට යා නොදී මතුව විත් අදාළ තරුණිය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක වූයේ සමාජ වෙබ් අඩවි නිසාය.

මෙම තත්ත්වය මත වර්තමානයේ ඉතාම ප්‍රබල පෙත්සම් කලාව බවට පත්ව ඇත්තේ සමාජ වෙබ් අඩවිය. මෙය හොඳට නරකට දෙකටම භාවිතාවීම අතිශය භයානකය.

තම නිරුවත් ඡායාරූප සමාජ වෙබ් අඩවියක පළවීම නිසා සිය දිවි හානිකරගත් පාසල් ශිෂ්‍යාවන් කිහිප දෙනකු ගැන ද පසුගිය දිනවල අපට වාර්තා විය.

ජනප්‍රිය නිළියන් සම්බන්ධ විවිධ අසත්‍ය තොරතුරු පළකරමින් මඩ ගැසීමේ කලාවක්‌ද සමාජ වෙබ් අඩවි හරහා ඉතා සීග්‍රව පැතිර යයි.

එනිසා හොඳට නරකට දෙකට කට කියූ අතීත ඔවදන වර්තමානයේ පැවසීමට සිදුවන්නේ හොඳට නරකට දෙකට සමාජ වෙබ් අඩවි කියායි.

කඩදාසි කොළයක බොඳවූ පෑනකින් අපැහැදිලි අකුරින් ලියා නිර්නාමිකව යෑවූ අතීත පෙත්සම් කලාව වර්තමානයේ තාක්‌ෂණය සමඟ දියුණුවී වීඩියෝ පට සමඟ සමාජ වෙබ් අඩවි ඔස්‌සේ ප්‍රචාරය වේයෑයි කියා කිසිවකුත් නොසිතන්නට ඇත. නමුත් එය දැන් සිදුව ඇත. එපමණක්‌ නොව එය වර්තමානයේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇත.

එනිසා ෙµ්‍රඩී සිල්වා ගායකයා සහ ප්‍රේමකීර්ති ද අල්විස්‌ ගීත රචකයා වර්තමානයේ ජීවතුන් අතර සිටියා නම් ඔවුනගෙන් නිර්මාණය වන ගීතය වනුයේ 'අලුත් කලාවක්‌ සොයා ගත්ත මං දියුණු වෙන්න ඕනෑ නම් නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි දාපන් දාපන් වීඩියෝ සමාජ වෙබ් අඩවි වෙත' යෑයි කියාය.

* උපාලි ද සේරම්

Post a Comment

0 Comments