ප්රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡා කළේ Ulcerative Collitis හෙවත් අන්ත්‍ර ප්‍රදාහය ගැනයි. මෙය සරල ලෙස හඳුන්වන්නේ බඩවැලේ තුවාල ලෙසයි. අන්ත්‍ර ප්‍රදාහය, මහාන්ත්‍රය හෙවත් මහ බඩවැලේ ඇති වන රෝගී තත්ත්වයක්. මෙහි රෝග ලක්ෂණ ලෙස රුධිරය සහිත පාචන තත්ත්වය, උදරයේ වේදනාව, විඩාව, ශරීරයේ බර අඩුවීම, සන්ධි ඉදිමීම, ආහාර අරුචිය, මහබඩවැල ඉදිමීම, රක්තහීනතාව හට ගැනීම, නිතර මළ පහ කිරීමට අවශ්‍ය වීම, මුඛය තුළ සහ සම මත තුවාල හටගැනීම, කුෂ්ඨ රෝග තත්ත්වයක් ඇතිවීම දැක්විය හැකි බව ඔබ පැහැදිලි කර දුන්නා. මෙය ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිද?
විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - ගුද විද්‍රදිය වැනි ඉතාම නරක රෝග තත්ත්වයකුත් ආයුර්වේදය මගින් සුව කළ හැකි නම් Ulcerative Collitis වැනි රෝගයක් සුව කිරීම කිසිදු ප්‍රශ්නයක් නොවෙයි. Irritable bowl syndrome කියන්නේ බඩවැල ආශ්‍රිතව ඇති විය හැකි මීටත් වඩා නරක තත්ත්වයක්. එය පවා සුව කරන්නට ආයුර්වේදයට පුළුවන්.
ප්රශ්නය - ඒ රෝගය ගැන අපට විස්තර කරන්න.
විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - 1BSහෙවත් ඉරිටබල් බවල් සින්ෙඩ්‍රාම් රෝගය සිංහලෙන් හඳුන්වන්නේ ග්‍රහණි රෝග නමිනි. මෙහි ඇති ඉතාම ප්‍රකට රෝග ලක්ෂණය තමයි ආහාරයක් ගත් සැනින් මළ පහ කිරීමට සිදුවීම. මෙහිදී ආහාර ජීර්ණ පද්ධතියේ සහ ගුද මාර්ගයේ ක්‍රියා කලාපය ගැන පැහැදිලි කළ යුතුයි. ආහාර ජීර්ණයේ අවසන් කොටස තමයි මළ පහකිරීම. මෙහිදී ඝන වශයෙන්, අර්ධ ඝන ද්‍රව්‍යයක් වශයෙන්, දියරමය තත්ත්වයෙන් මළ පහවෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේදී දිරවන ද්‍රව්‍ය ගුදය වෙත පැමිණීමෙන් පසුවයි මළපහ වන්නේ. මනුෂ්‍යයන් සාමාන්‍ය වශයෙන් දිනකට කිහිපවතාවක් දිනකට වතාවක්, සතියකට කිහිප වතාවක් යනාදී වශයෙන් මළ පහ කරනවා. මහාන්ත්‍රයේ තිබෙන මාංශපේෂි මගින් දිරවන ද්‍රව්‍ය පහකට තල්ලු කරන අතර එවිට එම ද්‍රව්‍ය ගුදයට ළඟා වෙනවා. මේ ආකාරයෙන් ම නොදිරවූ ආහාරත් ගුද මාර්ගය කරා ළඟා වන අවස්ථා තිබෙනවා. ඒ නොදිරවූ ආහාර කොටස් මහබඩවැලේ තිබෙන මාංශ පේෂි මගින් පහතට තල්ලු කිරීම නිසයි. ග්‍රහණි රෝගය හෙවත් ඉරිටබල් බවල් සින්ෙඩ්‍රාaමය ලෙස හඳුන්වන්නේ බඩේ මහාන්ත්‍රයේ මාංශ පේෂීන් නොකල්හි ක්‍රියාත්මක වී නොදිරවූ ආහාර ගුද මාර්ගයට තල්ලු කර දැමීමයි.
ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවාද?
විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - මූලික රෝග ලක්ෂණ තමයි ආහාරයක් ගත් සැනින් බඩ රිදෙන්නට පටන් ගෙන කුස තුළ පෙරළියක් හටගන්නවාක් වැනි තත්ත්වයක් නිර්මාණය වීම. සමහරුන්ට මේ රෝගය තිබෙන විට බඩ පිපුම හට ගන්නවා. මේ රෝගය බරපතළ ලෙස තිබෙන අයට කාංසාමය තත්ත්වයක් ඇති වෙනවා. 1BS රෝගය තිබෙන පිරිමින් හා ගැහැනුන්ගෙන් තුනෙන් එකකට ලිංගික දුර්වලතා ඇතිවන බව සොයාගෙන තිබෙනවා.
ප්රශ්නය - මේ රෝගය හට ගැනීමට හේතුව මොකක්ද?
විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාත්මක වන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය මගින් නිකුත් කරන සංඥවලට අනුවයි. මෙය අප හඳුන්වන්නේ Gut brain axis යනුවෙන්. ආහාර උගුරෙන් පහළට යන විටම මොළයෙන් සංඥවක් ආවොත් ආහාර මහාන්ත්‍රය දිගේ පහළට තල්ලු කර මළ මාර්ගයට යවන්න කියලා. එය එසේම සිදු වෙනවා.
0 Comments