කවදාවත් රජ නොවන චාල්ස්‌ කුමාරයා


නූතන ලෝකවාසී ජනයා වැඩියෙන්ම දන්නා චාල්ස්‌ලා දෙදෙනෙක්‌ වෙති. ඉන් පළමුවැන්නා චාල්ස්‌ ඩාවින් ය. දෙවැන්නා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස්‌ කුමාරයා ය. චාල්ස්‌ ඩාවින් යනු ඉතා අමාරුවෙන් ඉගෙනගෙන, ඉතා අමාරුවෙන් විභාග පාස්‌ කර ඉතා අමාරුවෙන් සමුද්‍ර ගවේෂණවල යෙදී පරිණාමවාදය නමැති ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය ලෝකයට හඳුන්වා දුන් විද්‍යාඥයාය. චාල්ස්‌ කුමාරයා යනු එළිසබෙත් රැජනගේ වැඩිමහල් දරුවා ලෙස ඉපිද එංගලන්තයේ වැඩිම ගාස්‌තු අය කරන පාසලට බැඳී මහජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලබා කිසිදු රැකියාවක්‌ නොකර ජීවත් වන කෙනෙකි. බුද්ධිමතුන් අතර චාල්ස්‌ ඩාවින්ට ලොකු තැනක්‌ තිබේ. ඒ අතර මධ්‍යකාලීන රාජකීයත්වයට ලොල් වූ අය චාල්ස්‌ කුමාරයාට ප්‍රිය කරති. ඩයනා ස්‌පෙන්සර් සමග විවාහවීමෙන් ඔහු 1981 දී ලෝකවාසී ජනයාගේ අවධානයට ලක්‌ විය. සැබැවින්ම එහිදී සිදුව තිබුණේ ඩයනාගේ සුන්දර රූප සෝබාවට ලැබුණ අවධානයෙන් කොටසක්‌ ඇය පසෙකින් සිටගෙන සිටි චාල්ස්‌ කුමාරයාට ද ලැබීමය. මෙයට වසර 36 කට පෙර චාල්ස්‌ ඩයනා විවාහ මංගල්‍යය මාධ්‍ය මගින් පෙන්වන ලද්දේ සුරංගනා කතාවක කොටසක්‌ හැටියටය. ඒ සුරංගනා කතාව කඩාකප්පල් වන්නේ 1996 දී චාල්ස්‌ හා ඩයනා දික්‌කසාද වීමෙනි.

එය සමහරුනට දරා ගැනීමට තරම් අපහසු විය. විශේෂයෙන්ම එංගලන්තයේ කොලනි හැටියට තිබී පසුව නිදහස ලද ලංකාව වැනි රටවල ජනයා මේ සිද්ධියෙන් මහත් සේ ශෝකයට පත් වූහ. 1997 දී ඩයනා මිය ගියාය. ඇය මියගියේ හදිසි අනතුරකිනි. බ්‍රිතාන්‍ය රජ පවුල විසින් ඇය මරවන ලද බවට සැකයක්‌ අදටත් තිබෙන අතර මේ සැකය පසුපස යන ගවේෂකයෝ අදටත් වෙති. වසර 2005 දී චාල්ස්‌ කුමාරයා සිය දිගුකාලීන පෙම්වතියක වූ කැමිලා පාකර් සමග විවාහ වෙයි. වසර 12 ක විවාහ ජීවිතයක්‌ ඇය සමඟ ගත කරන ඔවුහු පසුගිය සතියේදී දික්‌කසාද වීම සඳහා ලන්ඩනයේ උසාවියකදී දික්‌කසාද නඩුවක්‌ ගොනු කරයිs. මෙය එංගලන්ත රජ පවුල පිළිබඳ අලුත්ම ආරංචියයි.

*******************

21 වැනි වේල්ස්‌ කුමාරයා ලෙස හඳුන්වනු ලබන චාල්ස්‌ කුමාරයා රාජකීය ලෝකය තුළ වාර්තාගත චරිතයකි. 1948 දී උපන් ඔහු 1978 සිට අද දක්‌වාම බලා සිsටින්නේ රජවනු පිණිසය. එය අවුරුදු 40 කට ආසන්න කාලයකි. වැඩිම කාලයක්‌ රජවීමට බලා සිටි තවත් එක්‌ චරිතයක්‌ එංගලන්තයේ සිටියාය. ඒ වූ කලී නෙදර්ලන්තයේ සොµsයා කුමරිය ය. ඒ 1630 උපන් ඇයට බ්‍රිතාන්‍ය කිරුළට සෘජු උරුමයක්‌ තිබූ නමුත් 1714 ජුනි 8 වැනිදා මියයන තුරුත් රජ වීමට බැරි විය. ඇය රජවනු පිණිස අඩුම ගාණේ අවුරුදු 50 ක්‌ බලා සිටියාය. ඇගේ මරණයෙන් මාස 2 කට පසු එවකට සිටි එංගලන්ත රජු මියගිය අතර කිරුළ පුරප්පාඩු විය. ඔටුන්න හිමි සොµsයා කුමරිය මියගොස්‌ තිබූ නිසා ඊළඟට සිටි උරුමක්‌කාරයාට එංගලන්ත කිරුළ හිමි විය. චාල්ස්‌ රාජ කුමාරයා සිය තරුණ ජීවිතය පටන් ගත්තේ කීර්තිමත් ශිෂ්‍යයකු හෝ ආධුනික වෘත්තීය වේදියකු ලෙස නොව ප්‍රේමවන්තයකු ලෙසිනි. ඔහු මුලින්ම පෙම් කරන්නේ ස්‌පාඤ්ඤයේ බ්‍රිතාන්‍ය තානාපතිගේ දියණියට ය. ඔහුගේ ඊළඟ පෙම්වතිය වන්නේ 8 වැනි වෙලිංටන් ආදිපාදවරයාගේ දියණිය වූ ඡේන් වෙල්ස්‌ලි ආර්යාවය. මෙයින් පසු ඔහු එක දිගට පෙම්වතියන් තිදෙනකු ඇසුරු කළේය. ඔහු මෙවැනි ප්‍රේමා ලෝකයකට යොමු කළේ ඔහුට මවු පාර්ශ්වයෙන් සීයා කෙනකු වන මවුන්ට්‌ බැට්‌න් සාමිවරයා ය. බ්‍රිතාන්‍ය ආණ්‌ඩු කාලයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය යුවරජ වූ මවුන්ට්‌ බැට්‌න් සිය සුරූපී බිරිය වූ එඩ්විනා මවුන්ට්‌ බැට්‌න් පෙන්වා ශ්‍රී නේරුගෙන් වැඩගත් බවට කටකතාවක්‌ තිබේ. මවුන්ට්‌ බැට්‌න් සහ එළිසබෙත් රැජනගේ පාර්ශ්වය ජර්මානු ජන්මයකින් පැවැත එන අය ය. දෙවැනි ලෝක යුද්ධයට පෙර ඔවුන්ගේ පෙළපත් මාධ්‍ය බැටන්බර්ග් ය. යුද සමයේදී හිට්‌ලර්ට විරුද්ධව යුද වැදීමට සිදුවූ බැවින් රාජකීය ප්‍රතිඥවක්‌ මගින් සිය ජර්මන් ජන්මය සහ පෙළපත අත්හළ එංගලන්තයේ බැටන්බර්ග්වරු එය මවුන්ට්‌ බැට්‌න් ලෙස වෙනස්‌ කර ගත්හ. කෙසේ වුවද වරක්‌ මවුන්ට්‌ බැට්‌න් සාමිවරයා සිය 16 හැවිරිදි මිනිබිරිය වූ ඇමැන්ඩා නමැති දැරිය චාල්ස්‌ට යෝජනා කර දෙදෙනා ඉන්දියානු සංචාරක නිරත කිරීමට සැලසුමක්‌ යෙදුවේය. එහෙත් දැරිය බාල වයස්‌කාරියක වීම නිසා ඇගේ පියා මෙන්ම චාල්ස්‌ගේ පියා වූ පිලිප් කුමාරයා ද එයට විරුද්ධ වූහ. (චාල්ස්‌ගේ පි යා ගී්‍රක ජන්මයක්‌ සහිතව ඩෙන්මාර්කයේ රජ පවුලේ උපන් කෙනෙකි.) අන්තිමේදී චාල්ස්‌ තනිවම ඉන්දියානු සංචාරයට නික්‌ම ගියේය. 1979 දී චාල්ස්‌ ඉන්දියාවේ සිටියදීම අයර්ලන්ත ගරිල්ලෝ මවුන්ට්‌ බැටන් සාමි ද ඔහුගේ සහෝදරියකද , ඇමැන්ඩාගෙ බාල සහෝදරයා ද සංහාරය කළහ. මේ නිසා බියගත් ඇමැන්ඩා, රජ පවුලට සම්බන්ධ වීම ප්‍රතික්‍ෂේප කළාය.

චාල්ස්‌ කුමරුට මුල්වරට ඩයනා කුමරිය හමුවන්නේ 1979 දීය. ඔහු ඇය සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇති කර ගන්නේ 1980 දීය. චාල්ස්‌, ඩයනා සමග විවිධ ගමන් යන්නට පටන් ගත් විට එමගින් ඩයනාගේ හොඳ නමට කැළලක්‌ විය හැකි බව පිලිප් කුමාරයා සිය පුත්‍රයාට අනතුරු හැඟවීය. වහාම ඩයනා විවාහ කර ගැනීමට චාල්ස්‌ තීරණය කළේය. 1981 ජුලි 29 දා ඔවුහු විවාහ වූහ. එය ලොව පුරා රූපවාහිනී මගින් සජීවීව විකාශනය කරන ලදී. ලොව වැඩිම පිරිසක්‌ සජීවීව නරඹන ලද විවාහ මංගල්‍යය එය ය.

චාල්ස්‌ ඩයනා යුවළගේ වයස්‌ පරතරය අවුරුදු 13 කි. විවාහයෙන් වසර 5 ක්‌ තුළ ඩයනා දෙදරු මවක්‌ වූ අතර චාල්ස්‌ සිය පැරණි පෙම්වතියක වූ කැමිලා පාකර් නැවත ඇසුරු කරන්නට විය. ඒ අතර ඩයනා ද පෙම්වතුන් ඇති කර ගත්තාය. 1992 දී රාජකීය යුවළ දික්‌කසාද වන බව එවකට සිටි අගමැති ජෝන් මේජර් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ට කීවේය. ඒ අතර, 1989 දී චාල්ස්‌ හා කැමිලා අතර දුරකථනය ඔස්‌සේ ඇතිවූ ප්‍රේම සංවාදයක්‌ බ්‍රිතාන්‍ය පුවත්පතක පළ විය. ඩයනා සහ චාල්ස්‌ 1996 දී දික්‌කසාද වූහ. 1997 දී සිය මුස්‌ලිම් පෙම්වතා වූ ඩෝඩි අල්µයිඩ් සමග පැරිසිය හරහා යමින් සිටි ඩයනා මෝටර් රථය හැපී මිය ගියාය. එම සිද්ධියෙන් වසර 8 කට පසු 2005 දීA චාල්ස්‌ සහ කැමිලා පාකර් විවාහ වූහ. ඩයනාට ලැබුණු රාජකීය මංගල්‍යයක්‌ කැමිලාට ලැබුණේ නැත. එයට හේතුව චාල්ස්‌ මෙන්aම කැමිලා ද දික්‌කසාද වූ අය වීමය. ඔවුන්ගේ විවාහය දවසක්‌ කල් ගියේය. එයට හේතුව විවාහය සිදුවීමට නියමිත දිනයේදී දෙවැනි පාවුළු පාප් වහන්සේගේ අවමඟුල පැවැතීමය. පසුදින ඔවුහු විවාහ වූහ.

විවාහයේ මුල් අවුරුදු කිහිපය ආදරය සහ අනුරාගය මැද්දේ ගෙවී ගිය නමුදු ක්‍රමයෙන් එය දෙදරන්නට වූයේ චාල්ස්‌ගේ පැරණි පෙම්වතියක බව කියන බාබරා ස්‌ටේ්‍රසන්ඩ් නමැති ඇමරිකන් ගායිකාව නැවත වතාවක්‌ චාල්ස්‌ගේ ජීවිතයට ඇතුළු වීම බව දැනට කටකතාවක්‌ වශයෙන් ප්‍රචාරය වෙමින් පවතී. චාල්ස්‌ හා බාබරා මුල්වරට ප්‍රේම සම්බන්ධයක්‌ පටන් ගෙන ඇත්තේ 1974 දීය. ඉන්පසු වසර 20 ක්‌ එම සම්බන්ධය අත්හැරී තිබුණි. 1994 දී එය සියලු දෙනාටම හොරෙන් යළි පටන් ගන්නා ලද්දේය. 

මේ සියල්ලෙන්ම පෙනී යන්නේ චාල්ස්‌ගේ ජීවිතය පුරාම ඔහුගේ පැරණි පෙම්වතියන්a හොල්මන් කරන බවය. එහෙත් මෙවර ලෙහෙසි වන්නේ නැත. මන්දයත් කැමිලා පාකර් දික්‌කසාද වන්දිය වශයෙන් ඩොලර් මිලියන 300 ක්‌ ඉල්ලා ඇති නිසාය.

සෙක්‌ස්‌ටස්‌ රබන්කිකි`ද

Post a Comment

0 Comments