අයිස්‌ වැස්‌සක්‌ හැදෙන්නේ කොහොමද


කොළඹින් සැතපුම් 245 ක්‌ ඈතින් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කය තුළ පිහිටි මහවිලච්චිය ගැන අපට රුදුරු මතකයක්‌ තිබේ. ඒ වූ කලී වසර 2007 නොවැම්බර් 26 වැනිදා එම ගමේ වෙල්යායකට එල්ල වූ එල්. ටී. ටී. ඊ. ප්‍රහාරයයි. මේ ප්‍රහාරයෙන් ගොවියෝ තිදෙනෙක්‌ ද එක්‌ ගෙවිලියක්‌ ද මිය ගියහ. ආණ්‌ඩුව වහාම එම ප්‍රදේශය විශේෂ ආරක්‍ෂක කලාපයක්‌ ලෙස නම් කළේය. ඉන්පසුව එම සිද්ධිය ඉතිහාසයට එකතු වූ අතර මහවිලච්චිය රටට අමතක විය.

ඉන්පසු මහවිලච්චිය රටේ ජනයාට වැදගත් ආරංචියක්‌ ගෙනාවේ ගිය අවුරුද්දේ (2015) නොවැම්බර් 20 වැනිදාය. එදා සවස මැදවච්චියේ එක්‌ තැනකට අයිස්‌ වැස්‌සක්‌ වැස්‌සේය. වැස්‌ස ඇදහැළුණු තැන කුඩා දරුවන්ගේ අතිරේක පන්තියක්‌ පැවැත්වෙන කුඩා ශාලාවක්‌ විය. සවස හතරට පමණ ළමයින්ට පෙනුණේ ගොඩනැඟිල්ලේ වහළ මතින් පහළට රූටා පොළොවට වැටෙන කුඩා අයිස්‌ කැට ය. එවිට ළමයි සියලු දෙනා ගොඩනැඟිල්ලෙන් ඈතට ගොස්‌ අහස දෙස බැලූහ. ලස්‌සන දේදුන්නක්‌ අහසෙහි පායා ඇති බවත් වැස්‌ස නිකුත් වන්නේ ඒ තුළින් බවත් ඒ දේදුන්න ටිකෙන් ටික පහත් වන බවත් ළමයි දුටුවාහ. ක්‍රමයෙන් අයිස්‌ වැස්‌ස ධාරානිපාත වැස්‌සක්‌ බවට පත්ව, යළි දුර්වලව පහව ගියේය. වසර 2012 සැප්තැම්බර් 26 වැනිදා ද මෙවැනිම අයිස්‌ වැස්‌සක්‌ දියතලාවට පතිත විය. මේ වැස්‌සත් සමඟම බලවත් කුණාටුවක්‌ හටගත් අතර සමහර නිවාසවල පියෑසි අහසේ පියාඹන්නට වන්හ. ගිය අවුරුද්දේ ඔක්‌තෝබර් 13 වනදා සවස අනුරාධපුරයේ නව නගරයට ද අයිස්‌ වැස්‌සක්‌ කඩා පහත් විය. එහිම ආලංකුලම සහ තිසාවැව ප්‍රදේශවලට අඟලක්‌a පමණ ප්‍රමාණයේ අයිස්‌ කැට පතිත විය. ටිකකින් අයිස්‌ කැට හෙළීම පසෙක තැබූ අහස වැසි ජලය පමණක්‌ මහ පොළොවට විදින්නට විය. එය ධාරානිපාත වැස්‌සකි. පැයකින් අනුරාධපුර නව නගරයම යට විය.

අයිස්‌ වැසි පිළිබඳ ශ්‍රී ලාංකික අත්දැකීමෙහි නුදුරු මතකය අප විසින් එසේ අවදි කරන ලද්දේ ඉකුත් බ්‍රහස්‌පතින්දා (25 දා) සවස්‌ කාලයේදී බියගම ඇතුළු තැන් කිහිපයකට අයිස්‌ වැසි ඇදහැළීම නිමිත්තෙනි. අයිස්‌ වැස්‌සක වැඩිම අවදානම ඇත්තේ මහපොළව මත එළිමහනේ හෝ ගෙවල් තුළ හෝ සිටින අයට නොව ගුවන් යානාවලින් ගමන් කරන අයට ය. දරුණු අයිස්‌ වැස්‌සක්‌ මැදින් ගමන් කරන ගුවන් යානයක ඉදිරිපස වීදුරු අයිස්‌ කැට වැදී කුඩුවීමට ඉඩ තිබේ. යානයේ පියාපත්වල සවිකර ඇති එන්ජින් තුළට විශාල අයිස්‌ කැබලි ඇතුළු වුවහොත් එන්ජිමට හානි සිදුවී යානය කඩාවැටීමට ඉඩ තිබේ. වතුර මිලිලීටර් 250 ක්‌ ද්‍රව තත්ත්වයෙහි පවතින විට එයින් පහර දී මිනිසකු මැරිය නොහැක. අඩුම ගණනේ වතුර මිලිලීටර් 250 කින් මිනිසකුට හෙම්බිරිස්‌සාවක්‌ වුව ඇති කළ නොහැක. එහෙත් එම වතුර මිලිලීටර් 250 අයිස්‌ කැටයක්‌ බවට පත්කර මිනිසකුගේ හිසට පහර දී ඔහු මරා දැමිය හැකිය. වතුර අයිස්‌ බවට පත්වූ විට මාරක ආයුධයක්‌ ලෙස යොදාගත හැකිය. වසර 2014 පෙබරවාරි 11-17 අතර කාලයේදී ඇමරිකාවේ දකුණු වෙරළ ප්‍රදේශයට මෙවැනි දරුණු අයිස්‌ වැසි මාලාවක්‌ ඇතිවිය. ඉන් හටගැනීමට ඉඩ ඇති අනතුරු ගැන බියට පත් වූ ලොව විශාලතම ගුවන් සේවය වූ Deකඒ Aසර ඛසබැs සමාගම ගුවන් ගමන් 2000 ක්‌ අත්හිටුවූයේ ය. තවත් ඇමරිකන් ගුවන් සේවා ගණනාවක්‌ ගුවන් ගමන් 4000 ක්‌ කල් දැම්මේය. අහසින් වැටුණු අයිස්‌ කැට හිසේ වැදීම නිසා පෙබරවාරි 14 වැනිදා පමණක්‌ ඇමරිකානුවෝ 22 ක්‌ මළහ. ගෙවල් දොළොස්‌ ලක්‍ෂයකට විදුලිය නැති විය.

ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ 

වැස්‌සක්‌ හටගන්නේ වලාකුළක ඇති ජල වාෂ්ප එම වලාකුළට තවදුරටත් දරා සිටීමට බැරි තරම් විශාල වී බර වූ විටය. මෙම ක්‍රියාවලිය අධික ශීතලක්‌ යටතේ සිදුවන විට ජල බින්දු අහසේදීම අයිස්‌ කැට බවට පත්වන්නේය. මේ අයිස්‌ කැට Haසක යනුවෙන් හඳුන්වනු ලැබේ. මේ අයිස්‌ කැටය පොළොවට වැටෙන අතර එම ගමන් මගේ තිබෙන සෙසු ජල බින්දු එහි බැඳී ක්‍රමයෙන් විශාල වන්නට පටන් ගනී. මෙය හිම පතනයකට වඩා වෙනස්‌ ය. හිම පතනයකදී පොළවට වැටෙන්නේ කුඩා හිම පියළි පමණි. එහෙත් අයිස්‌ වැස්‌සකදී අයිස්‌ කැටය පොළව බලා එන ගමනේදී ක්‍රමයෙන් විශාල වන නිසා හිම පියල්ලකට වඩා අන්තරාදායක අයිස්‌ වැස්‌සක්‌ නිර්මාණය වීම පිළිබඳව ඉදිරිපත් කළ හැකි ඉතාම සරල තේරුම් කිරීම ඉහත සඳහන් විස්‌තරය ය.

සංඛනාද වෙදගෙවත්ත

Post a Comment

0 Comments