කොලෙස්‌ටරෝල් මට්‌ටු නොකර ප්‍රෙෂර් පෙති බීම ජයග්‍රහණයක්‌ නොවේ


වර්තමාන සමාජයේ බොහෝ පිරිසක්‌ පුරුදු වී ඇති වැරදි ආහාර රටාවන් නිසා තමන් විසින්ම වැළඳ ගන්නා වූ රෝගී තත්ත්වයක්‌ ගැන සහ ඒ සඳහා කළ යුතු ප්‍රතිකාර ක්‍රමයන් පිළිබඳ පාඨකයන් දැනුවත් කිරීමේ අරමුණින් පෑලියගොඩ ගුවන්පාලම අසල රන්පත වෙදමැඳුරේ ආයූර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා සමඟ අප ඒ පිළිබඳව සාකච්ඡා කළෙමු.

* කොලෙස්‌ටරෝල් අද බහුල ලෙස ජනතාව රෝගී කරන ප්‍රධාන රෝග කාරක තත්ත්වයක්‌ බවට පත්ව තිබේ. ඇත්තටම මොනවාද මේ කොලෙස්‌ටරෝල් කියන්නේ මේ තත්ත්වය ශාරීරයේ හට ගන්නේ කෙසේද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක- අප කරා පැමිණෙන බොහෝ රෝගීන් අතුරින් වැඩිම පිරිසක්‌ ගොදුරුව ඇති රෝගී තත්ත්වයක්‌ තමයි අධික මේදය තැන්පත් වීම නැතහොත් ඔබ කියූ මෙම කොලෙස්‌ටරෝල් තැන්පත් වීම. 

ශරීරයට රුධිරය පොම්ප කරන රුධිර නාලවල, ධමනිවල අධික මේදය තැන්පත් වීම තමයි මෙම කොලෙස්‌ටරෝල් ලෙස හඳුන්වන්නේ. 

මෙම කොලෙස්‌ටරෝල් හට ගැනීම විවිධ අයුරින් සිදු වන අතර, ඒ අතරින් ප්‍රධාන වන්නේ ශරීරයේ ජීර්ණ පද්ධතියේ ඇති දොaෂ සහිත භාවයයි. විශේෂයෙන්ම අප ලබා ගන්නා සත්ත්ව වේවා ශාක වේවා මේ ඕනෑම ආහාර වර්ගයක විවිධ ප්‍රතිශතයෙන් මේදය අඩංගුව ඇත. එම මේද කොටස්‌ ජීර්ණයේදී ඇති වන යම් රසායනික පරිවර්තනයක්‌ නිසා කොලෙස්‌ටරෝල් ඇති වීම සිදු වෙයි. මෙම කොලෙස්‌ටරෝල් එක්‌තරා මට්‌ටමකින් රුධිරයේ තිබිය යුතු රසායනික පදාර්ථයකි. ඒවා පවතින ප්‍රමාණයන් අනුව සිරුරට අහිතකර සහ හිතකර ලෙස ක්‍රියා කරයි.

* විශේෂයෙන්ම කොලෙස්‌ටරෝල් සිරුරට අහිත කර තත්ත්වයට පත් වන්නේ කෙසේද?

* ආයුර්වේද වෛද්‍ය රුවන් රන්පත රත්නායක- ආහාර ලබා ගැනීමේදී ඒ සමඟ සිරුරට ලැබෙන මේද කොටස්‌ ජීර්ණයේදී අක්‍රමවත් ලෙස හෝ අවිධිමත් ලෙස රසායනික පරිවර්තනයන්ට ලක්‌ වීමේ ප්‍රතිඵලයක්‌ තමයි කොලෙස්‌ටරෝල් ලෙස හඳුන්වන්නේ. විශේෂයෙන්ම මේදය නිවැරදි ලෙස ජීර්ණය වන්නේ නම් ඒවා ශක්‌තිය ලෙස දේහ ක්‍රියාකාරීත්වයට වැඩ දායක වන අතර, ඉතිරි කොටස්‌ මළ කොටස්‌ ලෙස සිරුරෙන් බැහැර විය යුතුය. නමුත් මේදය නිසි ලෙස ජීර්ණය නොවීමෙන් එම අහිතකර කොටස්‌ සිරුරෙන් බැහැර නොවී රුධිරය සමඟ ගමන් කිරීමේදී ධමනි තුළ තැන්පත් වීම සිදු වේ. එවිට කාලයක්‌ යන විට මෙම කොලෙස්‌ටරෝල් රුධිර නාල තුළ තැන්පත් වීමෙන් ශරීරය උපද්‍රව රැසකට ගොදුරු වීම මෙම රෝගී තත්ත්වයයි.

* මෙම කොලෙස්‌ටරෝල් වැඩි වීම නිසා සිරුරට ඇති වන රෝගාබාධ ගැන සඳහන් කළොත්

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා,

හෘදයෙන් පිටතට රුධිරය ගමන් කරන රුධිර නාලවල මෙම කොලෙස්‌ටරෝල් තැන්පත් වීමෙන් එම නාලවල අභ්‍යන්තර කුහර සිහින් වීම සිදු වේ. එම සිහින් නාල තුළින් පෙර පරිදි රුධිරය සිරුර තුළ ගමන් කිරීමක්‌ සිදු නොවන අතර, එවිට ඒවා නිසි පරිදි ගමන් කරවීමට හෘදයට වැඩි තෙරපුමක්‌ ලබා දීමට සිදු වේ. මෙලෙස නාල වැඩි ගණනක මේ තත්ත්වය ඇති විට හෘදයට වැඩි තෙරපුමක්‌ අවශ්‍ය වන අතර, මේ තත්ත්වය නිසා ඇති වන රෝගී තත්ත්වය වන්නේ අධි රුධිර පීඩනය (පෙෂර්) තත්ත්වයයි. විශේෂයෙන්ම රුධිර පීඩනය 130/85 ට වැඩි වන්නේ නම් ඔවුන් වහා ප්‍රතිකාර සඳහා යොමු විය යුතු වෙනවා. 

කාලයක්‌ තිස්‌සේ හෘදය තුළ ඇති රුධිර නාලවල කොලෙස්‌ටරෝල් තැන්පත් වීමෙන් ඇතරෝමා නමැති තෙල් කැටිති හට ගත හැකි අතර, එවිට රුධිර නාල අවහිර වීමක්‌ සිදුව ඉන් ඔබ්බට රුධිරය ගමන් කිරීමක්‌ සිදු නොවිය හැකි අතර, එවිට හෘදයේ සෛල කොටස්‌a රුධිරය නොමැතිව මිය යැ හැකි අතර, එවිට තද පපුවේ කැක්‌කුමක්‌ ඇති වී එම වේදනාව උරහිසට, අත්වලට, බෙල්ල දෙසට විහිදී යා හැකි අතර, බොහෝ විට මෙහි අවසන් ක්‍රියාවලිය ලෙස හෘදයේ පටක ඇනහිට මරණය සිදු වීම පවා විය හැකියි.

ඒත් සමඟ කොලෙස්‌ටරෝල් ඇති වීම අධික තරබාරුව, අධික මහන්සිය, අලස බව, නින්ද වැඩි වීම හෝ නින්ද නොයැම, ඇඟපත රුදාව වැනි රෝග ලක්‌ෂණද ඇති විය හැකියි.

* මෙම රෝගීන් රෝග නිරෝග කර ගැනීම සඳහා කළ යුතු ප්‍රතිකාරය කුමක්‌ද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීමට තමන්ම ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා සුදුසුම ක්‍රියාදාම වනුයේ වයස 35-40 වන විට ආහාර පාලනය, ව්‍යායාම කිරීම සහ අධික තරබාරුවෙන් මිදී තම රුධිර පීඩන තත්ත්වයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීමයි.

* ආයුර්වේද ප්‍රතිකාර තුළින් කොලෙස්‌ටරෝල් සුව කළ හැකිද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා-

කොලෙස්‌ටරෝල් ඇති වන නියම හේතූන් සොයා බලා ඒවා මුලිනුපුටා දැමීමේ සුවිශේෂ ප්‍රතිකාර ආයුර්වේදය සතුව පවතිනවා.

ආම පාචක නම් වූ ඖෂධ මඟින් රුධිර නාල හෝ ශරීරයේ ඕනෑම තැනක ඇති අධික කොලෙස්‌ටරෝල් තත්ත්වයන් නිවැරදි ලෙස ජීර්ණය කිරීමේ හැකියාව පවතිනවා. එවිට එම දිය වීම ඇරඹෙනා අහිත කර කොලෙස්‌ටරෝල් මෘදු විරේචන මඟින් මළ මුත්‍රා හා දහදිය ලෙසින් සිරුරෙන් පිට කිරීම සිදු කරනවා. ඒ අතරම සිරුරට ලබා දෙන ජීරක එන්සයිම සමබර කරවන ඖෂධ මඟින් ශරීරයට අලුතින් එක්‌ වන මේදය නිවැරදිව ජීර්ණය වීම සිදු වන අතර, ඒවා ශක්‌තිය ලෙස ශරීරයට එක්‌ වීම ඇරඹෙනවා. මෙලෙස ප්‍රතිකාර කිරීම තුළින් ඉතා කෙටි කලකින්ම මේ රෝගය සුව කිරීමේ හැකියාව ආයුර්වේදය සතුව පවතිනවා.

අධි රුධිර පීඩනයෙන් පෙළෙන බොහෝ දෙනා අද එය මර්දනය කිරීම සඳහා පෙෂර් පෙති භාවිතයට පෙළඹී ඇති අතර නමුත් දිගින් දිගටම මෙම පෙති බීම ජයග්‍රහණයක්‌ නොවන්නේ ජීවිත කාලය පුරාම මේ බීමට සිදු වීමත් ඒවා දිගින් දිගටම ලබා ගැනීම නිසා එම රෝගීන්ට තවත් අතුරු රෝගාබාධවලට මුහුණ දීමට සිදු වීමත් නිසාය.

ඕනෑම කාර්යබහුල අයකුට වුවද පහසුවෙන් ලබා ගත හැකි ලෙස නිවැරදිව සකසා ඇති අපගේ ආයුර්වේද ප්‍රතිකාර කිසිම අපහසුතාවකින් තොරව ලබා ගෙන මෙම රෝග නිsට්‌ටාවටම සුව කර ගත හැකි බවද මෙහිදී සිහිපත් කළ යුතුයි.

Post a Comment

0 Comments