දියවැඩියාවට තවත් බෙහෙතක්‌ තුඹ කරවිලවලින්

ප්‍රශ්නය - දියවැඩියා රෝගය සමහන්කර ගැනීම සඳහා ඔබ පසුගිය සතිවල ලබාදුන් අලුකෙසෙල් භස්‌නය සහ කුරුඳු මිශ්‍රණය පිළිබඳව පාඨකයන් දිගටම අපෙන් ප්‍රශ්න කළා.

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - මෙහිදී වැදගත් කාරණයක්‌ කිව යුතුයි. කුරුඳු කුඩු ග්‍රෑම් 10 ක්‌ කිරි වීදුරුවක්‌ සමඟÊමිශ්‍රකර පානය කළ යුතු බව එහිදී කියෑවුණා. එහෙත් එම ගණන මිලිග්‍රෑම් 10 ලෙස නිවැරැදි විය යුතුයි. දැනට ග්‍රෑම් 10 බැගින් ගත් රෝගීන් එය නවත්වා සති 2 ක්‌ සිට ඉන්පසු කුරුඳු කුඩු මිලි ග්‍රෑම් 10 බැගින් කිරි හෝ තේ සමඟ ගත යුතුයි.

ප්‍රශ්නය- අද ඔබ අපට දීමට අදහස්‌ කරන වට්‌ටෝරුව කුමක්‌ද?

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - අද මා කියන්නේ පාරම්පරික බෙහෙතක්‌. මෙය නුවර ප්‍රදේශයේ පාරම්පරික වෙද පොත්වල තිබෙනවා. එහෙත් මේ සඳහා පාවිච්චි කරන්නේ වියළි කලාපයේ සෑදෙන තුඹ කරවිල නමැති ඖෂධීය එළවළුවයි. එසේම අප මෙහිදී මතක්‌ කර සිටිනවා තුඹ කරවිල ගැනීමේදී දැනට වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙන හයිබ්‍රිඩ් වර්ගයේ තුඹ කරවිල ගෙඩිය නොව ගම්බද පළාත්වල පොළවල තිබෙන කුඩා තුඹ කරවිල ගෙඩිය ගන්නා ලෙස. මෙහිදී බාගෙට ඉඳුන තුඹ කරවිල ගෙඩි තුනක්‌ හෝ හතරක්‌ ගත යුතුයි. ඉන් පසු එය බ්ලෙන්ඩරයේ දමා වතුර කෝප්ප භාගයක්‌ දමා හොඳින් ගසාගෙන උදේ හිස්‌බඩ පානය කළ යුතුයි. මෙසේ සතියක්‌ එක දිගට පානය කිරීමෙන් පසු තවත් සතියක්‌ කිරට උයා ආහාරයට ගත යුතුයි. මේ දින 14 න් පසු ඔබට පුළුවන් රුධිර සීනි වාර්තාවක්‌ අරගෙන සීනි අගය පහළ ගොස්‌ තිබෙන හැටි පරීක්‍ෂා කර බලන්න.

මෙය දියවැඩියාව පාලනය කිරීම සඳහා දුන් ඖෂධයක්‌. මම ඔබට ලබන සතියේ දෙන්නේ පාලනය කළ දියවැඩියාව සුවපත් කර ගන්නා වට්‌ටෝරුවක්‌. හැබැයි මේ වට්‌ටෝරු සඳහා අවශ්‍ය කරන නියම බෙහෙත් වර්ග නියම ප්‍රමිතියෙන් ලබා ගත යුතුයි. මා උදාහරණයක්‌ කියන්නම්. බිං කොහොඹ වර්ග දෙකක්‌ තිබෙනවා. ඉන් පළමුවැන්න කඳුවල හැදෙන නියම බිං කොහොඹ. දෙවැනි වර්ගය ගොවිපළවල වගාකරන බිං කොහොඹ. මේ දෙකෙන් නියම ඖෂධීය ගුණය තිබෙන්නේ පළමුවැනි වර්ගයේයි. 

පොල්පලා ගත්තොත් ලංකාවේ පොල්පලා හරි සැරයි. වැඩිපුර බිව්වොත් වකුගඩුවල පටකවලට හානි වෙනවා. එහෙත් ඉන්දියාවේ පොල්පලා හරිම දුර්වලයි. සැර නැහැ. එහෙත් අපි පාරම්පරික බෙහෙත් වට්‌ටෝරුවක්‌ හදද්දී එකතු කර ගත යුත්තේ ලංකාවේ පොල්පලා වර්ගයයි. ඉන්දියානු ආයුර්වේද වට්‌ටෝරුවක්‌ නම් ඉන්දියාවේ පොල්පලා ගුණයි.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සාම්ප්‍රදායික ඖෂධ පද්ධතිය තුළ කරවිලවලට ලොකු තැනක්‌ තිබෙනවා. උදර අමාරුව, බඩ බුරුල්වීම, කැස්‌ස වැනි රෝගාබාධ සඳහා අතීතයේ පටන් කරවිල පාවිච්චි කර තිබෙනවා. ඒ අතරම පිළිකාව වැළැක්‌වීම, ඒඩ්ස්‌ ප්‍රතිකාරයක්‌ ලෙසත් කරවිල යොදා ගැනීමට හැකි බව විද්‍යාඥයන් කියනවා. 

නොමිලේ විවිස්‌තර සඳහා 0753224360/071 22277620/0815736155 අමතන්න.

Post a Comment

0 Comments