ජ්‍යෙdතිෂය ඉතා පුළුල් විෂයයකි. ඒ සම්බන්ධයෙන් විස්‌තර කෙරෙන සංස්‌කෘත ශ්ලෝක ලක්‍ෂ ගණනක් විවිධ සෘෂිවරුන් හා පඬිවරන් අතින් ලියවී තිබේ. ග්‍රන්ථ වශයෙන් මෙන්ම ග්‍රන්ථ වලට ඇතුළත් නොවී පාරම්පරික ජ්‍යෙdතිෂවේදීන් අතර පමණක් භාවිතාවන මෙවැනි ශ්ලෝක අති විශාල ප්‍රමාණයක් අදටද අප සතුව තිබේ. මේවා ක්‍රමානුකූලව හැදෑරීමෙන් ජ්‍යෙdතිෂය පිළිබඳ විධිමත් දැනුමක් ලැබිය හැක. එහෙත් එම කරුණු ජ්‍යෙdතිෂ වේදීන්ට මිස සාමාන්‍ය ජනයාට එතරම් ප්‍රයෝජනයක් නැත.
සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ එදිනෙදා ජීවිතය වාසනාවන්ත සාර්ථක එකක් බවට පත්කර ගැනීමට ජ්‍යෙdතිෂයේ උපකාරය හා පිහිට ලබාගැනීම පමණි. එහෙත් එහිදී ජ්‍යෙdතිෂය පිළිබඳ සාමාන්‍ය තරමේ අවබෝධයක් ඔවුන් තුළ නොමැති නම් එය ඉටුකර ගැනීමට පහසු වන්නේ නැත. ඒ නිසා සාමාන්‍ය ජනතාව ජ්‍යෙdතිෂය යනු කුමක්‌දැයි දැන සිටිය යුතුය.
අප රට සිටින බොහෝ දෙනා හොඳින්ම දන්නා කේන්දරය අපට ජ්‍යෙdතිෂයෙන් ලැබුණ දායදයකි. යමකු මෙලොව උපත ලබන විට අභ්‍යවකාශයේ ග්‍රහ තාරකා පිහිටා තිබෙන ආකාරය දක්‌වන සටහනකට කේන්දර යයි කියමු. හඳහන් දල, කේන්දරභාව කේන්දර ආදී නම් වලින් හඳුන්වන්නේ එම සටහනයි. මෙයට අමතරව යමකුගේ ජීවන තොරතුරු පැවසීමට අවශ්‍ය මහ දශා ශේෂය වැනි වෙනත් කරුණුද එහි ඇතුළත් කර ඇත.
මෙවැනි කේන්ද්‍ර සටහනක් හැම කෙනෙකු ළඟම තිබුණද එය කියවා තේරුම් ගැනීමට ජ්‍යෙdතිෂ දැනුම නොමැති අයකුට කළ නොහැක. ඒ නිසා එහි ඇතුළත් තොරතුරු දැනගැනීමට ජ්‍යෙdතිෂවේදියකු හමු වියට යුතුය. කේන්දර බලවා ගැනීම කියන්නේ මෙවැනි හමුවීමටකටයි.
කේන්දර බලවා ගැනීමට යන විට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් නොමැති වුවහොත් එයින් කිසිම ප්‍රතිඵලයක් ලැබිය නොහැකිය. කේන්දරය බලවා ගන්නේ කිසියම් අරමුණක් සඳහාය. කේන්දරය බලවා ගැනීමෙන් පසු එම අරමුණ ඉටුකර ගත නොහැකි නම් එය බලවා ගත් එකෙන් පලක් නැත. ඒ නිසා කේන්දර බලවා ගැනීමට පෙර මේ කරුණු දැන සිටිය යුතුය.
කේන්දරයක් දෙස බලන ජ්‍යෙdතිෂවේදියකුට පැවසිය හැකි කරුණු බොහෝ තිබේ. ඒවා විස්‌තරාත්මකව විමසා දැනගැනීමට නම් කේන්දරය බලවා ගන්නා තැනැත්තා අවබෝධයකින් කටයුතු කළ යුතුය. කේන්දරයක අංශක 360 ක වෘත්තයක් තිබෙන අතර එය එකක් අංශක 30 ක් වූ ලග්න හෙවත් රාශි 12 ට බෙදා ඇත. එක් රාශියක් 9 ට බෙදා නවාංශක කේන්ද්‍රයක් වෙනම සාදා තිබේ. මෙම කේන්ද්‍ර දෙකේම උපතේදී සිටි ආකාරයට ග්‍රහයින් පිහිටුවා තිබේ.
කේන්ද්‍රයක ඇති එක් එක් භාවයකින් හෙවත් කොටසක් ජීවිතයට බලපාන කරුණු රාශියක් ප්‍රකාශ කළ හැකිවේ. ඒ තුළ ජීවිතයේ හැම දෙයක්‌ම ඇතුළුවී තිබේ. පෞරුෂය ක්‍රියාශීලීත්වය ආත්ම ශක්‌තිය හා ධෛර්යය ධනවත්වීමේ හැකියාව අරමුණ ඉටුකර ගැනීමේ හැකියාව අධ්‍යාපනය රැකියා හා වෘත්තීය කුශලතා විදේශ ගමන් හා එහි වාසය කිරීම ලෙඩ රෝග අනතුරු හා මරණය, සිරගත වීම් හා දඬුවම් සතුරු කරදර, විවිධ ප්‍රශ්න විවිධ බාධා ඇතිවීම්, ආදායම් මාර්ග, සමාජ සම්බන්ධතා පවුල් ජීවිතයේ ගැටලු හා දරුවන්ගේ අනාගතය ආදී අපට තොරතුරු දැනගැනීමට අවශ්‍ය හැම දෙයක්‌ම මේ කේන්ද්‍ර කොටුව තුළ ගැබ්වී තිබේ. ඒ නිසා කේන්දර බලවා ගැනීම යනු හොරෙන් ලඡ්ජාවෙන් කළයුතු බොළඳ ගනයේ කාර්යයක් නොවේ. තමාගේ යහපත කැමති වන හැම කෙනෙක්‌ම කළයුතු බුද්ධිමත් ක්‍රියාවකි.
මෙලොව පහළවූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයන්ද ජ්‍යෙdතිෂය භාවිත කළ අවස්‌ථා තිබේ. බුදු සිරිතට හා කිතු සිරිතටද ජ්‍යෙdතිෂය සම්බන්ධවී ඇත. නැපෝලියන්, හිට්‌ලර්, මහා ඇලෙක්‌සැන්ඩර් වැනි ලොව සසල කළ චරිත සමගද ජ්‍යෙdතිෂය සබඳකම් තිබී ඇත. ඒ නිසා ජ්‍යෙdතිෂය ලැබිය යුතු යමක් තිබේ නම් එය ලබා ගැනීමට දෙවරක් සිතිය යුතු නොවේ.
මේ කෙසේ වුවත් කේන්දරයකට කෙතරම් දෙයක් කළහැකිදැයි හරි හැටි දන්නා අය එතරම් අප අතර සිටින බවක් නොපෙනේ. ඒ නිසා කේන්දරය එළියට ගන්නේ සීමිත අවස්‌ථා කිහිපයකදී පමණි. එය ජීවිතයේ පෙරගමන් කරුවකු කරගන්නේ නැත.
විවිධ කරුණු සම්බන්ධයෙන් නැකැත් සාදවා ගැනීම කරන්නේද එය පිළිගත් සමාජ සම්ප්‍රදායක් වීම නිසා මිසක එයින් අත්වන මහඟු ප්‍රතිඵල පිළිබඳ දැනුමක් හෝ විශ්වාසයක් ඇති නිසා නොවන බව පෙනේ. විවාහය ජීවිතයේ තීරණාත්මක අවස්‌ථාවකි. එය විවාහ වන දෙදෙනාගේ ජීවිතවලට පමණක් නොව තවත් ජීවිත රැසකට කෙලින්ම බලපෑම් ඇතිකළ හැකි සිදුවීමකි. විවාහයක් අසාර්ථකවීම නිසා බිහිසුණු මිනීමැරුම් දිවි නසාගැනීම්, අනාථ භාවයට පත්වීම් හා පවුල් කිහිපයක්‌ම විනාශ වන අවස්‌ථා දිනපතා පාහේ අපට අසන්නට දකින්නට ලැබේ. එය වළක්‌වා ගත හැකි එකම මාවත නිසි පරිදි කේන්ද්‍ර ගලපා ගැනීම හා නැකැත් පිළියෙල කර ගැනීමයි. නමුත් විවාහයේදී ඉතා නොසැලකිලිමත් ලෙස කරන්නේද මේවාය. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ෙ€දවාචකයකි. මෙරට බොහෝ දෙනා නැකතක් නැතිව කිසිවක් නොකරති. මෙසේ ශුභ නැකතින් අකුරු කරන ළමයි ඉගැනීමෙන් නියමිත ප්‍රතිඵලය ලබනවාද කියා විමසා බලා තිබේද? ශුභ නැකතින් අරඹන ව්‍යාපාර කොතරම් බිඳ වැටී තිබේද? මේවා මෙසේ වන්නේ කරන්නන් වාලේ වෙලාවක් ලියාගෙන වැඩ කිරීම නිසාය. ඒවා ශුභ නැකැත් නම් ප්‍රතිඵලය මෙසේ වන්නේ නැත. පැහැදිලි දැනුමක් විශ්වාසයක් නොමැතිව සාදා ගන්නා නැකැත්ද කිසිම යහපතක් උදා නොකරයි.
ශුභ නැකතක් යනු ජ්‍යෙdතිෂ විද්‍යාව තුළ ප්‍රබල සංසිද්ධියකි. ඕනෑම කාර්යයක් සාර්ථක කිරීමේ හෝ බිඳ හෙළීමේ හැකියාවක් එය ආරම්භ කරන වෙලාවට තිබේ. නිශ්චිත වෙලාවක් නැතිව කිසිදෙයක් කෙරෙන්නේ නැත. නැකැත් හැදුවත් නැතත් එය එසේය. මේ අනුව ලෝකයේ ඉහළම ඉංජිනේරු තාක්‌ෂණය යොදා ඉදිකළ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය ගිනිකූරූ හිසක තරම්වත් පුපුරණ ද්‍රව්‍ය නොයෙදා විනාශයට පත්කළ හැකි විය. ටාඡ් මහල්, සීගිරිය හා ඊජිප්තුවේ මහා පිරමීඩ අදත් ලොව මවිතයට පත්කරමින් නිරුපද්‍රිතව පවතී. ඒ නිසා යමක ආරම්භක වේලාව ඉතා ප්‍රබලය. නැකතක් කියන්නේ ඒ නිසාය. එය ශුභ හෝ අශුභ විය හැක. බුදු රජාණන්වහන්සේ පවා බුqදුවීමට සුදුසු දිනයක් නැකතක් වෙලාවක් තෝරාගන්නේ ඒ නිසාය. එසේ නොවේ නම් ඕනෑම දිනයක බුදුවිය හැකිව තිබිණි. සියලු බුදුවරුන් බුදුවන්නේ මේ ශුභ සංයෝගය යෙදෙන දිනකය.
බොහෝ දෙනා කේන්දරය බලවා ගැනීමට යන්නේ විපතක් සිදු වූ පසුවය. යමකු ලෙඩවී මරණාසන්නවූ විට කේන්දර බලා ලැබිය හැකි සහනය අවිනිශ්චිතය. හිත සනසා ගැනීමට බෝධි පූජාවක් තැබිය හැක. එහෙත් රෝගියා මිය යයි. මෙවැනි අපල ජ්‍යෙdතිෂයට අනුව ක්‍ෂණිකව එන අවස්‌ථා අඩුය. ක්‍ෂණික අසනීප හා අනතුරුවලින් මියයැම සිදුවන්නේ ශුභ ග්‍රහයින් මාරක වූ විටය. බොහෝ දෙනා හොඳ කාලයේ කේන්දර නොබලති. නමුත් මාරකයක් තිබිණි නම් ඒ අනතුර ක්‍ෂණිකව මාරකය පැමිණේ. එයින් ගැලවිය හැක්‌කේ කල් ඇතුව කේන්දරය බැලුවොත් පමණි. ඒරාෂ්ටක අපල කාලවල ලෙඩදුක් අනතුරු මාරක පැමිණේ. වයස 19, 29, 39 වැනි ඌන වර්ෂයක්‌ද මේ සමග යෙදුන විට කට්‌ටුබල මාරක යෙදේ. කල් ඇතිව කේන්දරය බලවා ගැනීමෙන් මේවා වැළැක්‌විය හැක. නැත්නම් මාරකය පැමිණේ.
අසනීපයක් හෝ කරදරයක් සිදුවූ විට කේන්දරය බලවාගෙන බෝධි පූජාවක් තැබීමෙන් හෝ යන්තරයක් පැළඳීමෙන් කෙනෙකුගේ අසනීපය සුවවීම හෝ කරදරය දුරුවන්නේ නැත. ඒ සඳහා කේන්දරය තුළින් රෝගයේ හෝ කරදරයේ ස්‌වභාවය හඳුනාගෙන එයට කළයුතු ප්‍රතිකර්ම යෙදිය යුතුය. අපලයට අවශ්‍යදේ කිරීම එහි එක් කොටසක් පමණි.
විභාගය ළංවූ විට කේන්දරය බලවාගෙන බෝධි පූජාවක් තැබීමෙන් ළමයකු විභාගයෙන් සමත් නොවේ. එසේ කළහැකි නම් අධ්‍යාපන ආයතන අවශ්‍ය නැත. ඉගැනීමට අවශ්‍යද නැත. බෝධි පූජාව පමණක් ප්‍රමාණවත්ය. භාරයක් සෙත් කවියක් ප්‍රමාණවත්ය. නමුත් කේන්ද්‍රය බැලීමෙන් කරන්නේ එය නොවේ. ළමයාගේ දුර්වලතා හා ස්‌මරණ ශක්‌තියේ ඇති ගැටලු හඳුනාගෙන ඒවාට නියමිත ප්‍රතිකර්ම යෙදීමය. දක්‍ෂ ජ්‍යෙdතිෂවේදියකුට මේ සඳහා අවශ්‍ය දැනුම තිබේ. ඔහුගේ උපදෙස් අනුව කල් තියා කටයුතු කළ යුතුය. ළමයකු දක්‍ෂ වන්නේ කුමන ක්‍ෂේත්‍රයටද කියා හඳුනාගෙන ඉගැනීම කළ යුතුය. ඔහුට නොගැලපෙන ක්‍ෂේත්‍රයකට යැමෙන් ඔහු අසරණ බවට පත්වේ. මානසික පීඩාවන් නිසා ළමයින්ගේ ඉගැනීම බිඳ වැටේ. දක්‍ෂ ජ්‍යෙdතිෂවේදියකු මේ සියල්ල හඳුනාගෙන නිසි ප්‍රතිකර්ම යොදනු ඇත. එහෙත් ඒ සඳහා ඔහුට අවස්‌ථාව ලබාදිය යුතුය.
රැකියා ලබාගැනීමේදීද මෙවැනි තත්ත්වයක් තිබේ. යමකුට ගැලපෙන ඔහු දියුණුවට පත්වන වෘත්තිය හඳුනාගෙන එයට ඔහු යොමු කිරීමට හා ඔහුට එරෙහිව එන බලවේග හඳුනාගෙන ඒවා වැළැක්‌වීමට අවශ්‍ය උපදෙස් ජ්‍යෙdතිෂවේදියකුගෙන් ලබාගෙන ක්‍රියාවට නැගීමෙන් උසස් ප්‍රතිඵල ලැබිය හැක. ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමටද මෙවැනිම ක්‍රියාමාර්ග අනුගමකය කළ හැකිය. පුද්ගලයා තුළ ඇති දුර්වලතා මගහැරවීම හා විවිධ බාධාවන් හඳුනා ගෙන ඒවා නැතිකර ගැනීමට ක්‍රියා කිරීමෙන් මේවා සාර්ථක කරගත හැකිය. බෝධි පූජා හා වෙනත් ශාන්තිකර්ම වලින්ද මේ සඳහා උපකාරයක් සැලසේ. විවාහ ජීවිතයේ හා සමාජ ජීවිතයේ ගැටලු විස¹ ගැනීමටද කේන්දරය තුළින් හොඳ මග පෙන්වීමක් ලබාගත හැකිවේ. විවාහවීමට පෙර ඒ පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාගැනීමෙන් විවාහය අනතුරට පත්වීම වළක්‌වා ගත හැක. ආපදා කරදර නැතිකරගත හැක.
මේ සියලු කරුණු සලකා බලන විට කෙනෙකුට කේන්දරය බලවා ගැනීමෙන් විශාල යහපතක් උදාකර ගත හැකි බව පෙනේ. එහෙත් වර්තමානයේ එවන් යහපතක් කිසිවකු විසින් ලබන බවක් පෙනෙන්නේ නැත. එයට ප්‍රධාන හේතුවක් වන්නේ කේන්දර බලවා ගන්නා අයගේ නොදැනුවත්කම හා නොසැලකිල්ලයි. සුරයකට මැණික් ගලකට කෙනෙකුගේ දෛවය වෙනස් කළ හැකි යෑයි සිතන්නේ මේ නොදැනුවත්කම නිසාය. එවැනි යන්තරවලින් මැණික් වලින් කිසිවකුගේ ජීවිතය දියුණුවට පත්වූ බවක් අප දැක නැත. ජ්‍යෙdතිෂවේදියකු කරන්නේ එය නොවේ. කෙනෙකුගේ දෛවය ක්‍රියාකරන ආකාරය අනාවරණය කරදී දුර්වලතා සකස්‌කර ගෙන දක්‍ෂතා ඔප් නංවාගෙන බාධක වළක්‌වාගෙන ඉදිරියට යා හැකි ක්‍රියාත්මක සැලසුමක් සකසා දීමයි. අපලවලට යම් ගුප්ත ප්‍රතිකර්ම අවශ්‍ය නම් ඒවා ලබාදිය යුතුයි.
ජ්‍යෙdතිර්වේදී ගුප්තවේදී
පී. සී. පතිරණ