යම්තම් බහ තෝරන වියේ දී සිනාසෙන කතා කරන දරුවා දෙමව්පියන්ට කොතරම් සතුටක් ගෙනදෙනවාද? නමුත් ඒ හුරතල් හිනාව, කතාව ක්‍රමයෙන් අඩුවී දෙමව්පියන්ට, සමවයසේ වෙනත් දරුවන්ට දක්‌වන ලෙන්ගතුකම නැති වී, තම කිරිකැටියා කිසිවෙකු සමඟ නොදොඩන, හුරතල් නොවන වෙනම ලෝකයක තනිවුණු සිඟිත්තෙක් බවට පත්වුණොත් දෙමව්පියන් එය කෙසේ දරාගන්නද? ඇතැම් කිරිකැටියන් වසරක් දෙකක් ගතවනවිට පත්වෙන මෙම තත්ත්වය වෛද්‍යවරුන් හඳුන්වන්නේ ඔටිසම් රෝගය ලෙසයි.
ඔටිසම් වර්තමානයේ දරුවන් අතර වැඩිවශයෙන් දක්‌නට ලැබෙන රෝගයකි. වසරක් පමණ වනතුරු සාමාන්‍ය දරුවන් ලෙස වැඩෙන මෙම දරුවන් ශාරීරික හා මානසික වර්ධනයේ නොයෙක් ගැටලු පෙන්වීම මෙම රෝගයේ මූලික ලක්‌ෂණයයි. දරුවා කතා කිරීම පමා වීම හෝ ඇති වූ කතා කිරීමේ හැකියාව ක්‍රමයෙන් අඩුවීම, ඇසට ඇස නොබැලීම, දරුවාගේ නම කතා කළ විට ප්‍රතිචාර නොදැක්‌වීම, ඇඟිල්ලෙන් යමක් පෙන්වූ විට දරුවා ඊට ප්‍රතිචාර නොදැක්‌වීම මෙන්ම තමාට අවශ්‍ය දේ ඇඟිල්ලෙන් නොපෙන්වීම, පරිසරය වෙනස් වූ විට එයට ප්‍රතිරෝධයක් දැක්‌වීම, එකම දේ නැවත නැවත කිරීම, හේතුවකින් තොරව හැ`ඩීම හෝ සිනහවීම, අර්ථ විරහිත ශබ්ද නැගීම හෝ වචන කීම, සම වයසේ අන් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට නොදැනීම, නිබඳව අත් සෙළවීම, හිස වැනීම, එක තැන කැරකීම, ඇඟිලි තුඩුවලින් ගමන් කිරීම, බිය පිළිබඳ අවබෝධයක් නැතිවීම ආදී රෝග ලක්‌ෂණ රැසක් මෙම දරුවන් පෙන්නුම් කරති.
ඔටිසම් වැළඳුනු දරුවන් දහස් ගණනක් සමඟ වසර දහයකට අධික කාලයක් කටයුතු කර ඇති වෛද්‍ය සුදත් දම්සිංහ මහතා මේ පිළිබඳ සාර්ථක ක්‍රමවේද රැසක් මේ වනවිට අනුගමනය කර ඇත. මෙම නව ක්‍රමවේදයන් පිළිබඳ දෙමව්පියන් සහ වැඩිහිටියන් දැනුවත් කිරීමේ අරමුණින් පසුගියදා අප වෛද්‍ය සුදත් දම්සිංහයන් සමග ඔටිසම් රෝගයෙන් දරුවන් මුදාගැනීමට හැකි එම නව ක්‍රමවේදයන් පිළිබඳ කතා බහ කළෙමු.
ඔටිසම් කියන්නෙ දරුවන්ට ළමා වියේදී ඇතිවන ස්‌නායු වර්ධනීය මානසික ගැටලුවක්. මේ පිළිබඳ අද කාලයේ දෙමව්පියන්, වැඩිහිටියන් මෙන්ම අධ්‍යාපන ක්‌ෂේත්‍රයේද, සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ ද ඉහළ දැනුවත්වීමක් තිබෙනවා. ඇත්තවශයෙන්ම එය තිබිය යුතුයි. ඊළඟට අවශ්‍ය වන්නේ ඒ සඳහා කළ යුතු මැදිහත්වීම සඳහා දැනුවත් වීමයි.
අප සමඟ කතා බහ අරඹමින් වෛද්‍ය සුදත් දම්සිංහ මහතා දෙම්පියන් මේ සඳහා මැදිහත්වීමේ වැදගත්ම පැහැදිලි කළා.
මෙහිදී ප්‍රධානම ඉලක්‌ක කාණ්‌ඩය වන දරුවාගේ දෙමව්පියන් වැඩිහිටියන් ඔටිසම් චිකිත්සාව සඳහා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඔටිසම් රෝගය යනු කුමක්‌ද? දරුවාගේ තිබෙන ගැටලු මොනවාද? ඒ සඳහා සිදුකළ යුතු දේ මොනවාද ආදී වශයෙන් මෙම පුහුණුව ලබාදිය යුතු වෙනවා.
මේ රෝගය සමග කරන සටනේදී කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳ පත්‍රිකා ක්‍රමය දෙමාපියන් අනුගමනය කළ යුතු එක් ක්‍රමවේදයක්. ඒ පිළිබඳ ඔහු පැහැදිලි කළේ මෙහෙමයි.
දරුවා පෙන්වන දුබලතා නිසි ලෙස හඳුනාගෙන ඒවාට ගැලපෙන ක්‍රියාකාරකම් සිදුකිරීම ක්‍රියාකාරකම් පත්‍රිකා ක්‍රමයේ අරමුණයි. මෙමඟින් ඉතා පහසුවෙන් දරුවා සමග කටයුතු කළ හැකි වටපිටාවක් ගොඩනගාගත හැකි වෙනවා.
ඔටිසම් චිකිත්සාව සඳහා අලුතෙන් හඳුන්වා දී ඇති මෙම ක්‍රියාකාරකම් පත්‍රිකා ක්‍රමවේදය මගින් දරුවා වෙනුවෙන් දෙමව්පියන් වැඩිහිටියන් කළ යුතු දේ පියවරෙන් පියවර ලබාදෙනවා. ඇසට ඇස බැලීම, අන්තර් ක්‍රියා සිදුකිරීම, අවධානය බෙදාගැනීම, ශ්‍රව්‍යමය අවබෝධය, විවිධ සංජානන සංකල්ප, කථන චිකිත්සාව හා වෘත්තීය චිකිත්සක ක්‍රමවේදයන් අවශ්‍ය දෑ මෙන්ම සංවේදන අන්තර්ග්‍රහණය, හැසිරීම පාලනය ආදී විවිධ චිකිත්සක අරමුණුවලට අයත් වූ ක්‍රියාකාරකම් මෙම ක්‍රමය මගින් නිතිපතා ක්‍රමානුකූලව දෙමව්පියන්හට ලබාදෙනවා. එමෙන්ම එම ඉලක්‌ක දරුවා නිසි පරිදි අත්පත් කරගන්නේදැයි අධීක්‌ෂණය කිරීම ද මෙම මැදිහත්වීමේ ක්‍රමවේදයට ඇතුළත් වෙනවා.
දෙමව්පිය පුහුණුව හා ක්‍රියාකාරකම් පත්‍රිකා යන සාධක එකතු වූ විට ඔටිසම් දරුවන් සුවපත් කරගැනීම සඳහා ඉතාමත් ප්‍රබල ක්‍රමවේදයක් නිර්මාණය වන බව වෛද්‍ය සුදත් දම්සිංහයන්ගේ අදහසයි. 071 6812524 සහ 0716812522 දුරකතන අංක ඇමතීමෙන් මේ නව ක්‍රමවේදයන් පිළිබඳ නොමිලේ උපදෙස් ලබාගැනීමටත් පුළුවන්.
Öපාලිත සේනානායක
0 Comments