මේ ළමා ලිංගික අපරාධ සමාජ විකෘතියක්‌


සමස්‌ත ළමා පරපුරේ අනාගත ගමන් මග සිහිපත් කරන විශ්ව ළමා දිනය උදාවීමට තව ඇත්තේ දින කිහිපයකි. එහෙත් අද අපේ දරුවෝ මහා ෙ€දවාචකයකට මුහුණ දී සිටිති. අපේ දරුවන්ට අද මුහුණ දීමට සිදුව ඇති ළමා ලිංගික අපරාධ පිළිබඳ ශෝචනීය භීතිකාවයි ඒ.

අපේ දරුවන් මේ ෙ€දවාචකයෙන් බේරාගත හැක්‌කේ කෙසේද? සමාජ විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික වියතෙකු මෙන්ම ප්‍රකට ගත්කතුවරයකු හා ප්‍රවීණ දේශකයකු ද වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකරයන් සමග ඒ පිළිබඳ අප කළ මේ සාකච්ඡාවයි මේ.

අපේ දරුවන් ගැන හුඟක්‌ සංවේදී සිදුවීම් රාශියක්‌ අසන්නට ලැබෙන කාලයක්‌ මේක. ඒ වගෙම මව්පියන් හැටියට පෙනී සිටින වැඩිහිටියනුත් අද එක්‌තරා අර්බුදකාරී සමාජ වටපිටාවකයි ජීවත් වෙන්නෙ. අද පවුලේ දරුවන් හා දෙමාපියන් අතරත්, පවුලේ දරුවන් පුද්ගලිකවත් විශාල අර්බුදයකට ලක්‌ වී ඇති බව පේනවා. මේ තත්ත්වය ඔබ සමාජ විද්‍යාත්මකව විග්‍රහ කරන්නෙ කොහොමද?

මේ තත්ත්වය අපට අංශ කිහිපයකින් විග්‍රහ කරන්න පුළුවන්. එකක්‌ ලිංගිකත්වය පිළිබඳ අද තිබෙන උත්කර්ෂවත් උනන්දුව. මිනිසා ලබන උත්කෘෂ්ට සැපත ලිංගික තෘප්තියයි කියන මිථ්‍යාවට අද මුළු සමාජයම තල්ලූ කරල තිබෙනව. වයස්‌ තරාතිරමකින් තොරව පාසල් සිසුවාගේ සිට මහල්ලා දක්‌වාම ලිංගික ආශාවන්ගෙන් භරිත වුණු සමාජ වපසරියක්‌ අද ඇතිවෙලා තිබෙනවා. ඊට මූලික හේතුව ලිංගිකත්වය සම්බන්ධව පවතින සමාජ ධර්මතාවල පැවතුණු වලංගුතාව අද හීන වී යාමයි. 

වර්තමාන සමාජය තුළ ලිංගික ජීවිතය පිළිබඳ මේ පවතින අසීමිත අවශ්‍යතාවට නැතහොත් නොතිත් ආසාවට හේතුව කුමක්‌ද?

සමාජයක්‌ තුළ එබඳු තත්ත්වයක්‌ ඇතිවෙන්නේ පුද්ගලයින් තුළ ඇති මානසික හුදකලා බව, පවුල් සංස්‌ථාවේ බිඳවැටීම්, පවුල තුළ දරුවන් හුදකලාවීම සහ බිඳුණු පවුල් ඇතිවීම වැනි කාරණා නිසයි. වර්තමාන අපේ සමාජය තුළ මේ කරුණු වගේම කෙසේ හෝ කොහෙන් හෝ ලිංගික තෘප්තිය ලබාගැනීම සහ සැමියාගෙන් හෝ බිරිඳගෙන් පරිබාහිරව ලිංගික අවශ්‍යතා සොයායැම සාධාරණීකරණය කරන තැන් අද වැඩිවෙලා තියෙනවා. අද සිදුවන ළමා අපචාරවලට පසුබිම් වන්නේ මෙන්න මේ මානසික පසුතලයයි.

අද කුඩා දරුවන්ට ලිංගික අතවර කර ඔවුන් මරා දැමීම සාමාන්‍ය සිදුවීමක්‌ බවට පත්වී තිබෙනවා පමණක්‌ නොවෙයි, ඒ අපරාධ බොහොමයක්‌ තුළ අතිශය අමානුෂික විකෘතිමය ස්‌වභාවයකුත් දකින්නට තිබෙනවා. ළමා අපරාධ මේ තරම් බිහිසුණු ලෙස වර්ධනය වුණේ කොහොමද?

වර්තමාන සමාජයේ වේගයෙන් සිදුවන නවීකරණය මෙහි එක පැත්තක්‌. නවීකරණය කියන්නෙ සමාජ ක්‍රියාවලියක්‌. ඒක ඇතුළෙ මිනිසුන්ගෙ ආකල්ප, සිතුම් පැතුම්, ආසාවන් සියල්ල තියෙනවා. අපට නවීනත්වයක්‌ විදිහට පෙනෙන මේ නවීකරණය තුළම කිසියම් විකෘතියකුත් තිබෙනවා. අද ඉන්න බොහෝ තරුණ තරුණියන් තුළත් මේ විකෘති නවීකරණය අපට පෙනෙනවා. පච්ච කෙටීම කියන උදාහරණය ගන්න. පැරන්නොත් පච්ච කෙටුවා නවීනයොත් පච්ච කොටනවා. පැරන්නො පච්ච කෙටුවෙ zඅම්මා බුදු වේවාZ zමරුවා සමග වාසේZ වැනි කිසියම් අර්ථාන්විත යෙදුම්. නමුත් නවීනයො වැඩිදෙනා පච්ච කොටන්නෙ විසකුරු සතුන් වැනි ගොරහැඩි රූප. එයින් පෙනෙන්නෙ නවීකරණය තරුණ මනස විකෘති කර තිබෙන අයුරුයි. එදා අද ගායකයො දෙස බලන්න. එදා ගායකයො ඇඳුමෙන් පැලඳුමෙන් පවා බොහොම පිළිවෙළක්‌ තිබුණු අය. අද ගායකයො බොහොම දෙනෙක්‌ කොණ්‌ඩෙ පාට කරල, ඇඟේ යකඩ කෑලි එල්ලගෙන අත්වල යකඩ වළලු දාල නහයෙත් කරාබුවක්‌ දාපු අය. එදා අද ගායකයො දෙස බලන විට මේක වෙනසක්‌ නෙමෙයි විකෘතියක්‌. මේ විකෘතියම තමයි අද අපි කම්පා වන ළමා ලිංගික අපචාර සිදුකරන්නෙත්. 

මේ සමාජ විකෘතිය කොහොමද ළමා ලිංගික අපරාධ සමග සම්බන්ධ වෙන්නෙ?

බලන්න මුළු රටම කම්පා වුණු සේයා දුව මරල තියෙන විදිය. එය සාමාන්‍ය ලිංගික අපරාධයක්‌ නෙමෙයි. විකෘතියක්‌. තව තැනක රත් කරපු කඩුවකින් තාත්තා තමාගෙම දූල දෙන්නගෙ කකුල් පුච්චනවා. මේක විකෘතියක්‌ නෙමෙයිද? තරුණ ස්‌වාමි පුරුෂයා තම බිරිඳයි දරුවයි මුහුදට තල්ලු කරල ගෙදර ඇවිත් සැහැල්ලුවෙන් නිදාගෙන ඉන්නවා. පියවි සිහි බුද්ධියක්‌ ඇති කෙනෙකුට මේවා කරන්න පුළුවන්ද? මේ එහෙම් පිටින්ම විකෘතියක්‌. තව තැනක අවුරුදු තිස්‌පහක පුද්ගලයෙක්‌ පාසල් දැරියකගෙ ගවුම යටින් කැමරාවක්‌ අල්ලල ඡායාරූප ගන්නවා. ලිංගිකත්වය තුළ අද තිබෙන විකෘති නවීකරණයයි මේ.

මේ විකෘතිය නිසා සමාජ විරෝධීන් බවට අද පත්වී සිටින අපරාධකරුවන් විනාශ කිරීම සඳහා මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු බවට අද බොහෝ දෙනෙක්‌ තර්ක කරනවා. මරණ දඬුවම යළි ගෙනඒමෙන් මේ අපරාධ වළක්‌වන්න පුළුවන්ද?

අපරාධකරුවන්ට දඬුවම් දිය යුතුයි. එසේ නොවුණත් ලෝක ධර්මතාව මගින් හෝ ඔවුන්ට දඬුවම් හිමිවෙනවාමයි. නමුත් මරණ දඬුවම නැවත ගේන්න, ගෝල්ෙµaස්‌ එකට ගෙනත් මුන්ට වෙඩි තියල දාන්න, එහෙම බැරිනම් අපට බාරදෙන්න ආදී වශයෙන් උද්ඝෝෂණය කරන අයගේ උද්ඝෝෂණවලින් නම් මේ තත්ත්වය කවදාවත් නැතිවෙන්නෙ නෑ. පුද්ගලයෙක්‌ ඉලක්‌ක කරගෙන zහුදකලාZ සිදුවීම් ටිකක්‌ ගැන හිතල මරණ දඬුවම ක්‍රියාත්මක කරල ඒ මරණ දඬුවමට බියෙන් මේ අපරාධ යළි සිදු නොවෙයි කියල හිතනව නම් ඒක මුලාවක්‌. මේක පුද්ගලයෙක්‌ පිළිබඳ ප්‍රශ්නයක්‌ නෙමෙයි. අද මුළු සමාජයම දරුණු කාම රැල්ලකට ගසාගෙන යන විකෘති ක්‍රියාවලියකට ගොදුරු වී ඇති බව තේරුම් අරගෙන ඒ සඳහා සමස්‌තමය විසඳුමක්‌ අවශ්‍යයි. එසේ නැතිව මරණ දඬුවම දීල මේක නවත්වන්න බෑ.

ලෝකෙ වැඩිපුරම ස්‌ත්‍රී දූෂණ සිදුවන රට ඉන්දියාව. එක්‌ අවස්‌ථාවක මුළු ඉන්දියාවෙම තියුණු අවධානයට ලක්‌වුණු ස්‌ත්‍රී දූෂණයකට සම්බන්ධ වූ පුද්ගලයා අල්ලාගෙන යම් පිරිසක්‌ ඔහුගේ ලිංගේන්ද්‍රිය කපල දැම්මා. මාධ්‍ය ඔස්‌සේත් එය පෙන්නුවා. ඒත් ඉන්දියාවෙ ස්‌ත්‍රී දූෂණ අඩුවුණේ නෑ. මැදපෙරදිග රටවල මෙබඳු අපරාධවලට මොනතරම් දරුණු දඬුවම් දෙනවද? ඒ රටවලත් මේ අපරාධ අඩුවෙලා නෑ. මේ අපරාධ අඩුකළ හැක්‌කේ මේ විකෘතිමය සමාජ පසුබිම නිර්මාණය කරන බලවේග විනාශ කර දැමීමෙන් පමණයි. වරදකරුවන් විනාශ කිරීමට වඩා වැදගත් වන්නේ ඔවුන් බිහිකරන බලවේග විනාශ කිරීමයි.

මේ සම්බන්ධයෙන් මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය වෙත පැවරෙන වගකීම ඔබ දකින්නෙ කොහොමද?

අපේ රටේ මේ වර්තමාන ගැටලුවට එක එල්ලේම ජනමාධ්‍ය බැඳී සිටිනවා. අද ඇතැම් දෘෂ්‍ය මාධ්‍ය විවිධ සංගීත ප්‍රසංගවලට කුඩා දැරියන් සිරුරේ බොහෝ තැන් නිරාවරණය වූ විචිත්‍ර ඇඳුම් අන්දවා ඉදිරිපත් කරනවා. කැමරා පවා වැඩිපුර එල්ල කරන්නෙ ඔවුන්ගෙ රහස්‌ ප්‍රදේශවලට. මේවායින් සිදුවන විශාලම හානිය නම් ලිංගිකත්වය පිළිබඳ පවතින චකිතය හා සංයමය ක්‍රමානුකූලව සිඳී ගොස්‌ එය සාමාන්‍ය දෙයක්‌ බවට සාධාරණීකරණය වීමයි. ඊළඟට ළමා ලිංගික අපචාර සිදුවීම් ඇතැම් ජනමාධ්‍ය තුළින් උලුප්පා පෙන්වන ආකාරය ද තවත් සමාජ ගැටලු රාශියක්‌ නිර්මාණය කරනවා. එක්‌වරෙක ජනමාධ්‍ය කියන්නේ අපරාධකරුවා ඇගේ සීයා බවයි. තවත් වරෙක පියා බවයි. තවත් වරෙක අසල්වැසි තරුණයෙක්‌ බවයි. මෙයින් අදාළ චරිත දැඩි සමාජ ලේබල්කරණයකට ලක්‌ වෙනවා. දැනටමත් ඇතැම් දියණිවරුන් තම පියා කෙරෙහි බියෙන් පසුවන බව දනවන පුවතක්‌ පසුගියදා අපට කියවන්නට ලැබුණා. මේවා නිසා බලගතු සමාජ අර්බුද නිර්මාණය වෙනවා.

මේ ප්‍රශ්නයට විසඳුමක්‌ සොයන්න පටන් ගත යුත්තේ කොතැනින්ද?

වර්තමාන සමාජයේ සැබෑ ස්‌වරූපය තේරුම් නොගෙන මේ ප්‍රශ්නයට උත්තර සොයන්න බෑ. අද බොහෝ දෙනෙක්‌ අපේ සමාජයේ සැබෑ ස්‌වරූපය තේරුම් ගන්නෙ වැරදි විදිහටයි. අද තියෙන්නෙ එක්‌ පැත්තකින් පශ්චාත් යුද සමයක්‌. වසර 30 ක්‌ තරම් දිගු කාලයක්‌ යුද්ධයක්‌ පැවති රටක සමාජ ආර්ථික දේශපාලන කඩාවැටීම් අනිවාර්යයි. එමනිසා සමාජය ප්‍රතිනිර්මාණය කළ යුතුයි. එහිදී සිදුකළ යුතු පූර්ව අවශ්‍යතා රාශියක්‌ තිබෙනවා. අද ඒවා ඉටුවෙනවද? 

අනෙක්‌ කාරණය Êවසර දහයක්‌ වැනි කාලයක්‌ පුරා මේ රටේ හැම ආයතනයක්‌ම දැඩි ලෙස දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵලයි අද අපි මේ විඳින්නෙ. පාසැල් හා ආගමික ආයතනවලින් පවා අපේක්‌ෂා කරන සේවය හරි හැටි ඉටුවෙනවද? ඒ නිසා මේ විකෘතිතා මතුව එන්නේ මේ සමාජ පරිසරය තුළම කැකෑරෙන පිරිස අතරින් බව අප තේරුම් ගත යුතුයි. මිනිසුන්ට වඩා යන්ත්‍ර සූත්‍ර සමඟ සම්බන්ධතා පවත්වන සමාජයක මානව සබඳතා ගිලිහී යැම සාමාන්‍ය දෙයක්‌. එබඳු සමාජයක්‌ දරුවන් මල් කැකුළු ලෙස දකින්නේ නෑ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකර

සාකච්ඡා කළේ 
පාලිත සේනානායක

Post a Comment

0 Comments