ආත්‍රයිටිස්‌ හැදුණාම කළ යුතු දේ මෙන්න

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගීන්ට ගුණදායක ආහාර සහ හානිදායක ආහාර ගැන නැවත වරක්‌ දැනුවත් කරන ලෙස පසුගිය සතියේ අපගේ පාඨකයන් අපෙන් ඉල්ලීමක්‌ කළා.

වෛද්‍ය වසන්ත උදයජීව - ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කරන විට ආහාර සතුව විශේෂ කාර්යභාරයක්‌ තිබෙන බව සඳහන් කළ යුතුයි. ආත්‍රයිටිස්‌ රෝගීන් අනුභව කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු ආහාර තමයි හරක්‌ මස්‌, ඌරු මස්‌, එළුමස්‌, බැටළු මස්‌, කිරි ආහාර වර්ග, රසායනික ද්‍රව්‍ය සහ කෘතිම වර්ණක යොදා කල්තබා ගැනීමට හැකි ලෙස සකස්‌ කළ ආහාර, සීනි, පිටි වර්ග, වෙනත් පැණි රස වර්ග, සිසිල් බීම, ඉස්‌සො, දැල්ලො, කකුළුවෝ වැනි ආහාර, චීස්‌, වම්බටු, තක්‌කාලි වැනි ආහාර. මෙමගින් ඇති කරන ප්‍රතික්‍රියා මගින් සන්ධිවල ඉදිමුම, ප්‍රදාහය තව තවත් දරුණු කරන බව මතක තබාගත යුතුය. එසේම ආත්‍රයිටිස්‌ රෝගීන්ට ගුණදායක ආහාර ලෙස Omega 3 වර්ගයේ තෙල් සහිත මත්ස්‍ය වර්ග, කහ, ඉඟුරු, ඔලිව් තෙල්, දෙහි, දොඩම්, නාරං වර්ගයේ පලතුරු වර්ග, පලා වර්ග, ගෝවා මල්, ඇපල්, ලීක්‌ස්‌, ලූනු සහ ග්‍රීන් ටී සැළකෙනවා.

ප්‍රශ්නය - අද ඔබ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මොනවද?

වෛද්‍ය උදයජීව - අපේ ශරීරය කියන්නේ ජීව විද්‍යාත්මක යන්ත්‍රයක්‌. එය විවිධාකාර සන්ධිවලින් එකිනෙක බැඳී තිබෙනවා. මේ යන්ත්‍රය ගැන බාහිර වෛද්‍ය ලෝකයේ මෙන්ම ආයුර්වේදයෙත් දිනපතාම අලුත් පර්යේෂණ පැවැත්වෙනවා. නවීන ලෝකය තුළ රෝග නිශ්චය සඳහා භාවිතා කරන අති නවීන යන්ත්‍ර සූත්‍ර තිබෙනවා. මේ යන්ත්‍ර ආධාරයෙන් ආයුර්වේද වෛද්‍ය විශේෂඥයන් විවිධ රෝග ගැන පර්යේෂණ පවත්වනවා. අද අප සාකච්ඡා කරන්නට යන්නේ ආත්‍රයිටිස්‌ රෝගය සම්බන්ධයෙන් කළ එවැනි පර්යේෂණ පත්‍රිකාවක්‌ (Reserch Paper) ගැනයි. මේ පර්යේෂණ පත්‍රිකාවට අනුව ආයුර්වේදය පිළිබඳ පෞරාණික දැනුම එසේම තිබියදී නවීන කෝණයකින් විමසා බැලීමක්‌ සිදු වෙනවා. ඒ පත්‍රිකාවේ හැටියට ආත්‍රයිටිස්‌ රෝගියා ආහාර සහ විහරණය කළ යුත්තේ පහත සඳහන් ආකාරයටයි. 

1. නිසි වේලාවට ආහාර ගන්න. හැබැයි ඒ ආහාර දිරවීමට ඉතාම පහසු ආහාර විය යුතුයි. පිපිඤ්Æ, පතෝල, වැටකොළු වැනි එළවළු වර්ග ඉතාම යෝග්‍යයි. 

2. අස්‌ථි, මාංශපේශි, කාටිලේජ යනාදිය වර්ධනය සඳහා සුදුසු ආහාර ගන්න. 

3. නැවුම් ආහාර පිසූ සැණින් උණු උණුවේ පරිභෝජනය කරන්න. පරිප්පු සුප්, මුංඇට සුප් වැනි දේ, කුඩු කළ ඉඟුරු, සුදු ළුEනු, ගම්මිරිස්‌, උළුහාල්, කොත්තමල්ලි, කහ යනාදිය යොදා ආහාරයට ගන්න.

4. එළගිතෙල්වල පොඟවන ලද රටඉඳි අස්‌ථි වර්ධනයට ඉතාම සුදුසු බව මතක තබා ගන්න. ප්‍රධාන ආහාර වේල් තුනෙන් පසු ගිතෙල්වල පෙඟවූ රටඉඳි 1 බැගින් ආහාරයට ගන්න.

5. කුළුබඩු වැඩියෙන් යෙදූ ආහාර, පැසවීමට ලක්‌කළ ආහාර, මත්පැන්, දුම්බීම, කඩවල්වල තිබෙන තෙලෙන් බැදපු ක්‍ෂණික ආහාර සහ ටින් කළ ආහාර පරිහරණයෙන් වළකින්න.

6. ව්‍යායාම කරන්න. ඒ ව්‍යායාම සන්ධිවලට බර දෙන ව්‍යායාම නොවිය යුතුයි. නිතරම නිදහසේ ඇවිදීම වැනි දෙයකට ව්‍යායාම සීමා කරන්න.

7. ශීත දේශගුණයට නිරාවරණය වීමෙන් වළකින්න. ශීත කළ බීම වර්ග, අයිස්‌ක්‍රීම් යනාදිය ගැනීමෙන් වළකින්න.

8. නොපිසින ලද මුං බීජ, බෝංචි වර්ග, නිවිති, කඩල, ලොකු බෝංචි ඇට, අර්තාපල් යනාදිය කෑමෙන් වළකින්න. මේ ආහාරවලින් වාතය කෝප වෙනවා.

9. දශමුලාරිෂ්ඨය, ජලය සමඟ මිශ්‍රකළ රස්‌නාදි ක්‌වාථය යනාදිය වෛද්‍ය උපදෙස්‌ මත පරිහරණය කළ විට සන්ධි වේදනාව සමනය වෙනවා.

Post a Comment

0 Comments