ප්‍රශ්නය - ගර්භනී සමයේදී ජර්මන් සරම්ප හෙවත් රුබෙල්ලා රෝගය වැළඳෙන කාන්තාවන් ප්‍රසූත කරන දරුවන්ගේ ඇසේ සුද මතුවීම සිදුවිය හැකි බව පසුගිය සතියේදී ඔබ සඳහන් කළා. ඒ වගේම දිගු කාලීනව ස්‌ටිරොයිඩ් ඖෂධ, බෙහෙත් පෙති වර්ග හෝ ඇසට දමන ඖෂධීය දියර පරිහරණය කළාමත් ඇදුමට බෙහෙත් වශයෙන් දෙන ස්‌ටිරොයිඩ් වලිනුත් සුද හටගන්නා බව ඔබ සඳහන් කළා. සුද මතුවීමට බලපෑ හැකි තවත් කාරණයක් ලෙස ඔබ දැක්‌වූයේ දුම් බීමයි.
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඒ වගේම තවත් වැදගත් දෙයක් තිබෙනවා සඳහන් කළ යුතු. මනුෂ්‍යයකුගේ ඇසේ සුද හට ගැනීමේ අවස්‌ථා හතරක් තිබෙනවා.
1. එනම්, වියපත් වීම නිසා හටගන්නා සුද
2. උපතින් හට ගන්නා සුද නොහොත් බිලිsඳකු උපදින විටම ඇසේ සුද සහිතව ඉපදීම. (මෙය හට ගන්නේ ඉහත සඳහන් කළ රුබෙල්ලා රෝග තත්ත්වය, දරු ගැබ තුළ හට ගන්නා වෙනත් ආසාදන තුවාල වීම්, ගර්භාෂය තුළ කලලය වර්ධනය වීමේදී හටගන්නා අසම්පූර්ණතා හේතුවෙන්.)
3. ද්විතීය තත්ත්වයේදී ඇතිවන සුද, මෙය දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් නිසා හට ගන්නවා. එසේම අප පසුගිය සතියේ සාකච්ඡා කළ පාරජම්බුල කිරණ ඇසට පතිත වීම, විකිරණයන්ට ඇස නිරාවරණය වීම යන තත්ත්වයන් නිසාත් ද්විතීයික සුද හට ගන්නවා.
4. ව්‍යාධි තත්ත්වය තුළ හටගන්නා සුද. මෙය ඇතිවන්නේ ඇස තුවාල වීමෙනුයි.
තවත් වැදගත් යමක් කිව යුතුයි. සිගරැට් බොන අයට විතරක් නෙමෙයි බේබද්දන්ටත් සුද ඇතිවනවා.
ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?
වෛද්‍ය වික්‍රමාරච්චි - ඔබේ දෘෂ්ඨිපථය හැම විටම බොඳ වීම, එහෙමත් නැත්නම් ඇස ඉදිරිපිට වලාකුළක් වැනි බාධාවක් ඔබට පෙනෙනවා. එසේම අවිදුර දෘෂ්ඨ§කත්ත්වය (ළඟ පෙනීම, දුර නොපෙනීම) ඇති වනවා. මෙය වැඩිපුරම ඇතිවන්නේ මහලු අයටයි. ඔබ දකින වර්ණ වෙනස් ලෙස පෙනීමට පටන් ගන්නවා. රාත්‍රි කාලයේදී රිය පදවන විට ඉදිරියෙන් එන රථයේ ආලෝකය නිසා මීදුම් පටලයක් වැනි යමක් හටගන්නා බව ඔබට දැනෙනවා. ඔබේ ඇස ඉදිරිපිට තිබෙන වස්‌තුන් දෙගුණව පෙනෙනවා. මෙය Dදමඉකැ ඩසිසදබ ලෙසයි හඳුන්වන්නේ. කණ්‌ණාඩි පළඳන අයටත් කන්ටැක්‌ට් ලෙන්ස් පළඳන අයටත් ඒවායින් හරියට නොපෙනෙන බවත් හැඟෙනවා. මේවා තමයි මූලික රෝග ලක්‍ෂණ
ප්‍රශ්නය - මෙය සුවපත් කරන්නට පුළුවන්ද?
වෛද්‍ය වික්‍රමාරච්චි - වෙනත් වෛද්‍ය ක්‍රමවලින් ඒ සඳහා සැත්කම් නිර්දේශ කළත් අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රම අනුව නම් පිටතින් බෙහෙත් බැඳීමෙන් මෙය සුව කළ හැකියි. අපේ වෙදපොත් සහ මූලාශ්‍රවල හරියට ඇසේ සුදට බෙහෙත් බැඳීම කළ යුතුයි. මේ බෙහෙත් බැඳීම සිදුවන්නේ ඇසට නොව පාදයේ මහපට ඇඟිල්ලටයි. වම් ඇසේ සුදට දකුණු පාදයේ මහපට ඇඟිල්ලටත්, දකුණු ඇසේ සුදට වම් පාදයේ මහපට ඇඟිල්ලටත් බෙහෙත් බඳිනවා. සමහරු මේ ගැන ඇහුවම පුදුම වෙනවා. එහෙත් මෙය තමයි පාරම්පරික දැනුම නූතන කාය ව්‍යච්ඡේදන විද්‍යාවේදී සොයා ගෙන තිබෙනවා කෙනෙකුගේ වම් ඇසේ ස්‌නායු දකුණු පාදයේ මහපට ඇඟිල්ල සමගත්, දකුණු ඇසේ ස්‌නායු වම් පාදයේ මහපට ඇඟිල්ල සමගත් සම්බන්ධ බව. ඇසේ සුද ඇතුළු රෝග තිබෙන විට ඇස තුළට බෙහෙත් දැමීම බරපතළ අවදානමක් නිසා අපේ පැරැණි වෛද්‍යවරු සොයා ගත්තා අක්‍ෂි ස්‌නායුවට සම්බන්ධ වන බෙහෙත් බැඳීමට පහසුම තැන පාදයේ පහපට ඇඟිල්ල බව. මේ ක්‍රමවේදය සහ ඇසේ සුද තිබෙන රෝගීන්ට සුදුසු ආහාර විහරණ ගැන ලබන සතියේ කියන්නම්.
මේ පිළිබඳ නොමිලේ උපදෙස් සඳහා
0713464276/ 0759061771 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව
0 Comments