ඉංගී්රසි ජාතිකයින් විසින් අපේ රටේ තේ වගාවක් වශයෙන් ආරම්භ කර මේ මාසය වනවිට වසර 150 ක් සම්පූර්ණ වේ. ඡේම්ස් ටේලර් විසින් 1867 වසරේදී තේ වගාව ආරම්භ කරන ලදී.
මීට වසර ගණනාවකට පෙර තේ වගාව අප රටේ ප්‍රධනතම ආදායම් මාර්ගය බවට පත්ව තිබුණි. එහෙත් දැන් එය තුන්වෙනි තැනට පත්ව ඇත. හැදෙන ගහේ දල්ල කඩා ආදායම් ලබන එකම ගස තේ ගසයි. ඒ වගේම මාසයක් තුළදී වරින්වර මුදල් ලබාගත හැකි එකම වගාවද තේ ගසයි. ඒ නිසා තේ වගාව සම්ප්‍රදායික තේ වගාවෙන් බැහැරව පර්යේෂණාත්මක තේ වගාවට නැඹුරු විය යුතු කාලය එළැඹ තිබේ.
සාර්ථක තේ වගාවක් පවත්වා ගෙන යාම සඳහා මූලධර්ම දහයක් හඳුන්වා දී ඇත. ගොවිපල කළමනාකරණය, පරිසර පද්ධති සංරක්ෂණය, වනජීවී ආරක්ෂාව, ජල සංරක්ෂණය, සේවකයින්ට සාධාරණව සැලකීම, රැකියාවට සම්බන්ධ සෞඛ්‍ය හා ආරක්ෂාව, සමාජ සම්බන්ධතා, ඒකාබද්ධ භෝග කළමනාකරණය, පාංශු කළමනාකරණය සහ සංරක්ෂණය, ඒකාබද්ධ කසළ කළමනාකරණය යන කාරණා දහයයි.
ගොවිපල කළමනාකරණය
තේ වගාවේදී ගොවිපල කළමනාකරණය ඉතා වැදගත්ය. දින හතක් හෝ අටක් වැනි කාල පරතයක් තුළදී තේ ගසේ දලු නෙළා ගන්නා නිසා ඒ තත්ත්වයෙන් හොඳ දලු අස්වැන්නක් නෙළා ගැනීමට නම් තේ ගස හොඳින් නිරෝගීව පවත්වා ගත යුතුය. එසේ තේ ගස හොඳින් ආරක්ෂාකර ගන්නේ නම් මාසයක දී තේ අක්කරයකින් තේ දලු කිලෝ 800 ක් හෝ 1000 ක් නෙළාගත හැකිය. ඒ තත්ත්වයෙන් තේ ගස පවත්වා ගැනීමට නම් තේ ගස නිසි කලට කප්පාදු කළ යුතුය. එමෙන්ම වල් පාලනය කළ යුතුය. දලු නෙළීම ක්‍රමවත්ව හා නිසි කලට කළ යුතුය. වල් නාශක භාවිතා කර වල් පාලනය කිරීම මඟින් යම් කාලයක් තුළදී ගස ඉක්මණින් දිරායාමට පත්වන නිසා වල් නාශක භාවිතය නොකළ යුතුය. වල් නෙළීම අනුමත කරන නමුත් දැන් ඊටත් වඩා හොඳ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එනම් තේ ඉඩමේ වල් කපා දැමීමයි. මේ සඳහා තණකොල කපන යන්ත්‍රයක් භාවිතා කළහැක. වල් නෙළීම මඟින් ටිකෙන් ටික ක්‍රම ක්‍රමයෙන් පස සේදී යාමට ලක්වන හෙයිනි. කපනු ලබන වල් නැවත තේ ගසට පොහොරක් වේ.
තේ ඉඩමේ සිදු කරනු ලබන කාර්යයන් සටහන් මගින් තබාගැනීම හොඳ ක්රමයකි. ඒ අනුව නැවත තේ කප්පාදුව හා පොහොර යෙදීම කළ හැක. එමෙන්ම තේ වගාවට මාසයක් තුලදී කරන ලද වියදම් හා මාසය තුළ ලැබූ ආදායම ගලපාගත හැකිවනු ඇත. පෙහොර යෙදීම නිසිකලට ක්‍රමවත්ව කළ යුතුය. වැඩියෙන් දලු ලබාගැනීමේ අරමුණ ඇතිව නිතර නිතර පෝර යෙදීම හා වැඩිපුර යෙදීම නොකළ යුතුය. එය අනවශ්‍ය මුදල් නාස්තියකි.
තේ වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට උනන්දු වන තරමටම තේ ඉඩම හොඳින් නඩත්තු කිරීමටද උනන්දුවක් දැක්විය යුතුය. ඒ නිසා පරිසර පද්ධතිය සංරක්ෂණ කළ යුතුය. තේ ඉඩම සෝදා පාළුවට ලක් නොවීමට වගබලා යුතුවාක්a මෙන්ම පරිසරයේ ගැවසෙන සත්ත්ව ප්‍රජාව කෙරෙහිද සැලකිලිමත් විය යුතුය. ගහ කොළ ඇළ දොළ, සතා සිව් පාවා, ආදිය පරිසරයයි. මේ සියල්ලම අපට යම්කිසි මෙහෙයක් සිදු කරයි.
ගංඟා ඇළ දොළ ආසන්නයේම තේ වගා කිරීම නිසා පස සෝදා යාමට බොහෝ ඉඩකඩ ඇත. ඒ නිසා ඇළ දොළ ආසන්නයේ යම් භූමි ප්‍රමාණයක් අතහැර තේ වගාකළ යුතුය. ඇළ දොළ ආසන්නයේම වගාකිරීම නිසා වගාවට බෙහෙත් ඉසිමේදී ඒවා ජලයට මිශ්රවීමට බොහෝ ඉඩකඩ ඇත.
විවිධ වර්ගවල කුරුල්ලන් කෘමීන් ආහාරයට ගන්නා නිසා ඔවුන්ද අපගේ මිතුරෝය. ගෙම්බන්, තළගොයා වැනි සතුන්ද තේ වගාව තුළදී අපට උපකාර කරති. ඒ නිසා වනජීවීන් කෙරෙහිද අප සැලකිලිමත් විය යුතුය. තේ ඉඩමේ සිටින වේයන්, පණුවන් අපේ සතුරෝය. ඔවුන් වනජීවින් විසින් ගොදුරු කරගනී.
තේ වගාව කිරීමේදී ජල සංරක්ෂණය කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. කාණු පද්ධති සකස් කර නඩත්තු කිරීම තුළින් මෙය කළහැක. අධික වර්ෂා කාලයේදී මෙයින් යහපත් සේවයක් ලැබේ. සේවකයින් කෙරෙහිද අවධානය යොමුකර පහසුකම් සලසාදීම වගේම කෙටි විවේක ලබාදීමද වැදගත්ය. තේ වගාවේදී වල් නාශක ඉසින්නේ ඔබ නම් සෞඛ්‍ය කෙරෙහි දැඩිලෙස අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා සේවකයෙකුගේ පිහිට ලබාගන්නේ නම් ඔහුගේ සෞඛ්‍ය කෙරෙහිද සැලකිලිමත් විය යුතුය. ඒ නිසා මුඛ ආවරණ, අත් ආවරණ, පා ආවරණ හා හිස් ආවරණයක්ද අනිවාර්යයෙන් භාවිතා කළ යුතුය. අත්පා, මුව නිරාවරණය වීම මතින් වකුගඩු ආබාධ පිළිකා, ශ්වසන ආබාධ, ලිංගික බෙලහීනතා හා වෙනත් රෝගාබාද ඇතිවිය හැකිය. වල් නාශක ඉසීම වෙනුවට වල් නෙළීම සිදුකිරීම බොහෝ යහපත්ය. මුදල් ඉතිරියක් මෙන්ම වල් නෙළිSම තුළින් තේ ගසට කාබනික පොහොරද ලැබේ. තේ ඉඩම මනාව නඩත්තු කර ගතහොත් වල් සෑදීම සීමාවේ. තේ ඉඩම නිතරම පිරිසිදුව තබාගැනීම බොහෝ ප්රයෝජනවත්ය. එමගින් තමන්ට සිදුවිය හැකි අනතුරුද වළක්වා ගත හැකිය.
ක්‍රමානුකූලව සෙවන ගස් සිටුවීමද ඉතා වැදගත්ය. වරින්වර ඒවා කපා දැමීමෙන් තේ ගසට කාබනික පොහොර ලැබේ. මීළඟට වැදගත් වනුයේ තේ දළු නෙලීම හා තැන්පත් කිරීමයි. කලට වෙලාවට තේ දලු නෙළිSම කළ යුතුය. හොඳම කා පරතරය දින පහත් හතත් අතරය. මේ තුළින් මාසයකට අඩුම තරමින් වාර හතරක් දලු නෙළාගත හැකිය. එහිදී ගස මට්ටමට තබාගත යුතුය. ගසේ මුදුන උස් කිරීමට ඉඩ නොතබන්න. පේලි අතර පරතරය මඟ හැරෙන සේ වටේ දලු ඉතිරි කරමින් දලු නෙළාගත යුතුය. එමගින් පොළොවේ හිස් ඉඩ ආවරණය වේ. වල් සැදීමද නතරවේ. තේ ඉඩමෙන් නෙළාගත් දලු ඉතා පිරිසිදු ආවරණය වූ ස්ථානයක තැන්පත් කළ යුතුය.
අව් රශ්මියෙන් වළක්වා ගත යුතුය. ගෝනිවල හෝ කවරවල බහා තැබීම නොකළ යුතුය. නෙළාගත් දලු අස්වැන්න ඔබේ ධනයයි. සම්පතයි. ඒ නිසා පිරිසිදු ආවරණය කළ ස්ථානයක දමා අවුස්සා දැමිය යුතුය දළු අතර වාතාශ්‍රය සැලැස්වීම එමගින් සිදු කෙරේ. දැඩි අව් රශ්මිය තිබෙන දිනවලදී යම් කිසි ආවරණයක් දමා වසා දැමීම වරදක් නොවේ.
මාසයේ දින ගණනින් වැඩි දින ගණනක් අස්වැන්න ලබාගත හැකි වැවිලි භෝගය තේ බව මතක තබාගන්න. තේ කම්හලින් ඔබට ලැබෙන් මුදලින් අඩුම තරමින් සියයට තිහක්වත් තේ ඉඩමේ නඩත්තුව සඳහා යෙදවීමට වගබලා ගත යුතුය. නිසි කලට පොහොර යෙදීම, කප්පාදු කිරීම, කාණු ගොඩදැමීම, ගල්වැටි නඩත්තු කිරීම කළ යුතුය.
එවර්ගී්රන් සමූහ ව්‍යාපාරයට අයත් තල්ගස්වල හොරනිගල්ලේ එවර්ගී්රන් තේ කම්හලේ ශ්‍රවණාගාරයේදී තේ දලු සපයන කුඩා තේ ඉඩම් හිමියන් සඳහා පැවැති සම්මන්ත්‍රණයකදී සිදුකළ දේශනයක් ඇසුරින් මෙම ලිපිය සකස් කරන ලදී.
* ගුණපාල කාරියවසම් - මාපලගම
0 Comments