ප්රශ්නය - අද අප ඔබ සමඟ කතා කරන්නේ ඇසේ සුද හටගැනීම නමැති අක්ෂි රෝගය ගැනයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව ලෝක ජනගහනය මුහුණපාන අඳ භාවයට 51% ක් වගකිවයුතු වන්නේ ඇසේ සුද හටගැනීමයි. වසර 2010 සංඛ්‍යා ලේඛනවලට අනුව කෝටි 2 ක ජනගහනයක් ඇසේ සුද හටගැනීම නරක අතට හැරී අන්ධභාවයට පත්වුණා. විවිධ වෛද්‍ය විද්‍යාත්මක හේතූන් මත ලෝක ජනගහනයේ ආයු කාලය වැඩිවීමත් සමඟම ඇසේ සුද සහිත රෝගීන් ප්‍රමාණයේ වැඩිවීමත් තිබෙනවා. මොකක්ද මේ රෝගය?
වෛද්‍ය වික්‍රමආරච්චි - ඇසේ කාචය තුළ වළාකුළු ස්වභාවයක් හටගැනීමත් ඒ නිසා දෘෂ්ටිය අඩු වීම තමයි සිදු වන්නේ. මේ තත්ත්වය දිගටම පැවතුණොත් ඇස්a අන්ධ වීම හටගන්නවා. ආයුර්වේදයේදී මෙය හඳුන්වන්නේ තිමිර හැටියටයි. පාරම්පරික වෙදකමේදී සහ සාමාන්‍ය ජන ව්‍යවහාරයේදී ඇසේ සුද කීවම කවුරුත් දන්නවා. ඉතා කලාතුරකින් කුඩා ළමයින්ටත් මෙය වැළඳුනත් වැඩි වශයෙන්ම මෙය හටගන්නේ වැඩිහිටි වියපත් අය තුළයි. කෙනෙක් මහලු වන විට ඔහුගේ හෝ ඇයගේ සිරුරේ නහර ඝන වෙනවා. ඒ වගේම අප වයසට යන විට ඇසේ කාචයේ කිසියම් අඳුරු ඝන බවක් ඇතිවීමට පටන් ගන්නවා. මෙසේ කාචයේ කොටසක් අඳුරු වුණාම එය තුළින් අලෝකය ගමන් නොකරන නිසා දෘෂ්ටි ස්නායුවට (Optic Nerve)) බැරි වෙනවා මොළයට ආලෝක සංඥ ලබා දෙන්නට. ඔබ දන්නවා ඇස තිබුණට අපට පෙනෙන්නේ මොළයෙන් බව. ඇසෙන් යවන ආලෝක සංඥ මොළයේදී රූප බවට පරිවර්තනය වෙනවා. එහෙත් ආලෝක සංඥව හරියට මොළයට නොගියහොත් මොළයට බැහැ ඒ සංඥවලට අදාළ පින්තූරය හදා ගන්නට. ඒ නිසා ඇසේ සුද තිබෙන කොට දෘශ්‍ය බාධා හටගන්නවා. ඇසේ කාචය තුළ සුද සම්පූර්ණ වශයෙන්ම බැඳුනාම සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා. සුද ඇස් දෙකටමත් එනවා. හැබැයි එක සමානව ඇස් දෙකේම සුද හට ගන්නේ නැහැ. එක් ඇසක තත්ත්වය අනෙකට වඩා හැම විටකම නරකයි. ආයුර්වේදයට සහ පාරම්පරික සිංහල වෙදකමට අනුව විවිධ වර්ගවල "සුද" තිබෙනවා.
ප්රශ්නය - මේ රෝගය හටගන්නේ කොහොමද?
වෛද්‍ය වික්‍රමආරච්චි - ආයුර්වේදයට අනුව නම් මෙය වාත දොaෂයක්. වාත කෝප වීම නිසා තමයි හට ගන්නේ. රෝගය හටගැනීමට තවත් කාරණයක් වන්නේ මහළු වියයි. මහළු වියේදී අක්ෂි කාචයේ රසායනික සහ ප්‍රොටීන සංයුතියේ වෙනස්කම් හටගන්නවා. එසේ විෂම වූ ප්‍රොටීන අනු සහ රසායනික අනුවල තැන්පත් වීම නිසා සුද හට ගන්නවා. ඒa එක විධියක්.
ඊළඟ විධිය තමයි පිටතින් එන ආගන්තුක දෙයක් අක්ෂි කාචය තුළට ඇතුළුවීම. මේ අනුව සමහර අක්ෂි සැත්කම්වල අතුරු ඵලයක් ලෙස සුද හටගන්නවා. උදාහරණයක් ලෙස ඇසට සිදු කරන ලේසර් සැත්කම්. (Peripheral iridotomy) ග්ලුකෝමාව සඳහා කරන සැත්කම්, (Trabeculetomy) යනාදිය නිසා ඇසේ සුද හට ගැනීමේ අවදානම වැඩියි. අධෝරක්ත කිරණවලට ඇස නිරාවරණය වන මාධ්‍යවලින් වෙල්ඩිං වැඩවලදීත් මේ රෝගය හටගැනීමේ අවස්ථාව තිබෙනවා.
මේ අතර මවට ගර්හනී කාලයේදී ජර්මන් සරම්ප, (Rubella) රෝගය වැළඳෙනවා නම් ඇඟෙන් බිහිවන දරුවා ඇසක් හෝ ඇසට සුද මතුවීමේ රෝගයට ලක් වෙනවා.
දිගු කලක් තිස්සේ රසායනික විෂකාරකයන්ට ඇස් නිරාවරණය වුණාමත් ඇසේ සුද හටගන්නවා. Prednisone, cortisone වැනි ස්ටිරොයිඩ් ඖෂධ වර්ග, බෙහෙත් පෙති හෝ ඇසට දමන දියර ලෙස දිගු කලක් පාවිච්චි කළොත් ඇසේ සුද මතු වෙනවා. නිධන්ගත ශ්වසන රෝගයක් වන ඇදුම සඳහා පාවිච්චි කරන ස්ටිරොයිඩ් වර්ග දිගුකාලීනව පාවිච්චි කළාමත් ඇසේ සුද එනවා.ඒ අතර දුම් බොන්නන්ට ඇසේ සුද හටගැනීමේ අවදානම ඉතාම ඉහළින් තිබෙනවා.
0 Comments