ප්රශ්නය - අද අප ඔබෙන් විමසන්නේ පාදවල හටගන්නා රෝගී තත්ත්වයක් ගැනයි. මේ රෝග තත්ත්වය තුළදී පා ඇඟිලි සහ ඇඟිලි පුරුක් දරුණු ලෙස ඉදිමෙනවා. මෙය ආත්රයිටිස් තත්ත්වයක්ද?
වෛද්‍ය වික්‍රමාරච්චි - මෙය පාදශෝථය ලෙස ආයුර්වේදය තුළත් ඨදමඑ ලෙස බටහිර වෛද්‍ය විද්‍යාව තුළත් හැඳින්වෙන ආත්රයිටිස් තත්ත්වයක්. මේ ඉදිමුම මුලදී එක දිගටම දීර්ඝකාලීනව පවතින්නෙ නැහැ. ඇතැම් දිනෙක, ඇතැම් වෙලාවක ඉදිමීම පටන්ගෙන පැය 12 ඉක්ම යැමට පෙර සම්පූර්ණයෙන්ම ඉදිමී අතිශය වේදනා ගෙනදෙන තත්ත්වයකට ඇඟිලි පත්වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවේ ඇතැම් පොත්වල මේ රෝගය ගැන කියන්නේ යක්ෂයා විසින් පාදය ආක්‍රමණය කිරීමක් හැටියටයි. පාදයේ පහළ කොටස සමග විලුඹ ප්‍රදේශය සන්ධි වන තැන මේ නිසා ඉතා දරුණු ලෙස වේදනා ගෙන දෙනවා. ආත්රයිටිස් වගේම වකුගඩුවල ගල් හටගැනීම සහ මුත්රාවාහිනි පද්ධතියේ ආබාධ නිසාත් මෙසේ පා ඇඟිලි ඉදිමීම සිදුවෙනවා.
ප්රශ්නය - මේ රෝගය වැළඳෙන්නේ කවර හේතුවක් මතද?
වෛද්‍ය වික්‍රමාරච්චි - පාදශෝථය නමැති රෝගය කොයි විදියට ආවත් කොයි තැනක මතු වුණත් එයට බලපාන කාරණය වන්නේ රුධිරයේ තිබෙන යූරික් අම්ලය (Uric Acid) ස්ඵටික බවට පත් වී ඉහළ ප්‍රමාණයන්ගෙන් රුධිරය තුළ තැන්පත් වීමයි. මෙවිට රුධිරයේ තිබෙන යූරියා ප්‍රමාණය ඉහළ යන අතර වකුගඩු මගින් ඒවා නිසි ලෙස පෙරීමද සිදුවන්නේ නැහැ. මෙය ශරීරයට අහිතකර ආහාර, ජානමය උරුමය යනාදිය නිසා හැදෙන්නත් පුළුවන්.
පාදශෝථය හටගත් විට වැඩි වශයෙන්ම ඉදිමී පීඩාවට පත් වන්නේ පාදයේ මහපටඇඟිල්ලයි. ඒ එක්කම යටි පතුල, වළලුකර යනාදියත් ඉදිමෙන්නට පුළුවන්. රාත්රියේදී පැය දෙකේ සිට හතර දක්වා කාලයක් තුළ ඉදිමුන තැන් වේදනා දෙන අතර ශරීරයේ උණුසුම පහළ බහිනවා. මහන්සිය සහ අධික උණ යන රෝග ලක්ෂණත් විටින් විට මතුවනවා. සාමාන්‍යයෙන් පාදශෝථ රෝගයෙන් පෙළෙන අයගෙන් 12% ක් එම තත්ත්වයට පත්ව ඇත්තේ අපත්‍ය ආහාර නිසයි. විශේෂයෙන්ම බේබද්දන්ට මේ රෝගය හැදෙනවා. එසේම සීනි අධික පාන වර්ගත් මස් සහ මාළු වැඩියෙන් අනුභව කරන අයටත් මේ රෝගය හැදෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවේ කියෑවෙන පරිදි කෝපි, විටමින් සී. එළකිරිවලින් සෑදූ ආහාර වර්ග සහ ව්‍යායාම මගින් මේ රෝගය අඩු කරගත හැකියි.
ප්රශ්නය - මේ රෝගය සුවපත් කරගත හැකිද?
වෛද්‍ය වික්‍රමාරච්චි - මුලින්ම කළ යුත්තේ රෝගය සුවපත් කර ගැනීමට උනන්දු වීම නොව එය පාලනය කර ගැනීමයි. යමක් මර්දනය කිරීමට පෙර පාලනය කර ගත යුතුයි. ඒ නිසා ප්‍රථමයෙන්ම ඔබ ආහාරයට ගන්නේ මොනවද කියන එක සළකා බැලිය යුතුයි. ඔබ මත්පැන් හා දුම්වැටි පානය කරනවානම් එය වහාම අත්හැර දැමිය යුතුයි. ඊළඟට කැල්සියම් බහුල ආහාර වලින් ඉවත් විය යුතුයි. පලා වර්ග සහ රනිල භෝග (බෝංචි යනාදිය) වලින් මේ කාර්යයේදී සෑහෙන සේවයක් ඉටුකර ගන්නට පුළුවන්. ඒ එක්කම මහා හරි තෛලය දිනපතාම දෙවරක් හෝ තුන් වරක් ආසාදිත ස්ථානවල හොඳින් ගා සම්බාහනය කළ යුතුයි. මහා හරි තෛලය කියන්නේ ඇට මිදුළුවලටම කි¹බහින තෛලයක්.
තවත් වැදගත් යමක් කියන්නම්. පාදශෝථය කියන්නේ ඉතා පැරණි ඉතිහාස පොත්වල පවා කියෑවෙන රෝගයක්. මෙයට "සියලු රෝග අතර අගරජු" යනුවෙන් වගේම "සියලු අගරජුන්ගේ රෝගය" කියන නමත් කියනවා. සමහරු කියනවා මෙය ධනවතුන්ගේ රෝගය කියලා. ඒ කියන්නේ හොඳට කාල - බීලා ඉන්න අයට මෙය හැදෙනවා. ක්‍රි.පූ. 2600 දී එනම් මෙයට වසර 4600 කට ඉස්සර ලියන ලද ඊජිප්තු ලේඛනවල මේ රෝගය ගැන ලියෑවී තිබෙනවා.
ගී්රක වෛද්‍යවරයකු මෙන්ම නූතන වෛද්‍ය විද්‍යාවේ පියා හැටියට සැළකෙන හිපොක්රටිස් ක්‍රි. පූ. 400 දී ලියූ වෛද්‍ය ග්‍රන්ථයේ මේ රෝගය ගැන ලියෑවී තිබෙනවා.
සාකච්ඡා කළේ
අශේන් රඹකොස්වැව
0 Comments