අමුතු තැන් කපන උමතු පිරිමියෙක්‌


මේ උන්මත්තක කතාවක්‌ නොවේ. උන්මත්තක පාදඩයකු ගැන කතාවකි. 

ඇය රූමතියකි. විද්‍යQත් නාළිකාවක නිවේදිකාවක්‌ ලෙස රැකියාවේ නියුතු ඇය පසුගිය 02දා මහරගම නගර සභාව ආසන්නයේ ගමන් කරමින් සිටියේ සේවයට යාම පිණිසය. ඇය අසළින්ම ගමන්කළේ පාදඩ වනචර මිනිසෙකි. ඔහුගේ කෑදර බැල්ම වැටී තිබුණේ රූමතියගේ පිටුපස පෙදෙසටය. ඉවසාගත නොහී, වනචරයා සාක්‌කුවෙන් අතට ගත් තියුණු බ්ලේඩ් තලයෙන් ඇයගේ පිටුපස පෙදෙස කපා වේගයෙන් දිවගොස්‌ අතුරුදන් විය. 

අවට සිටි මනුෂ්‍යයෝ ඇය රෝහල් ගත කළේය. මැහුම් දහයක්‌ දැමූ තුවාලයක වේදනාවෙන් ඇය අපා දුකක්‌ විඳින්නට විය. 

ඒ සිද්ධිය සිදුවී ගතවූවේ පැයක පමණ කාලයක්‌ පමණි. හැඩකාර නීති සිසුවියක්‌ ගමන්කරමින් සිටියේත් මහරගම නගර සභාව ආසන්නයේමය. අවාසනාවන්ත පාදඩයා ඇයගේද පිටුපස පෙදෙස තියුණු බ්ලේඩ් තලයෙන් කපා දැමීය. අනතුරුව අතුරුදන්විය.

පෙර තරුණියව මෙන් ඇයවද අසල සිටි උදවිය රෝහල් ගතකළේය. ඇගේ තුවාලයට මැහුම් නවයක්‌ දැමීය. 

මේ සිද්ධි සාමාන්‍යකරණයවී තවත් දින කිහිපයක්‌ ගතවිය. 

රුක්‌මල්ගම පදිංචි ඇය, සයමස්‌ ගැබිනියකි. පසුගිය දිනක උදැසන ඇය සේවාස්‌ථානයට යැම පිණිස මහරගමින් ගොඩ වන්නේ 119 බස්‌ රථයටය. යන්තම් බස්‌ රථයේ පඩි දෙකක්‌ ගොඩවූවා පමණි. එක්‌ වරම ඇය වේදනාවෙන් මරහඬ තළමින් බස්‌රථයෙන් බැසීමට උත්සාහ කළාය. ඇයගේ පිටුපස ප්‍රදේශය තියුණු කැපීමකට ලක්‌වී තිබිණි. ඒ ළඟම සිටි මිනිසෙක්‌ බසයෙන් පැන දුවන්නට විය. ඒ අසල සිටි පිරිසට මද දුරක්‌ දුවගොස්‌ මොහුව අල්ලා ගන්නට හැකිවිය. රෝහල් ගතකළ ඇයට මැහුම් අටක්‌ දැමූ තුවාලයක වේදනාව උරුම විය. 

ජනතාව එකතුව පොලිසියට බාරදුන් මිනිසා, මේ සියලු අපරාධවලට වගකිවයුතු වනචර පාදඩයා බවට සමාජ පිළිගැනීමක්‌ ඇතිවන්නේ ඉන් අනතුරුවය.

රක්‌වානේ පදිංචි කැත හිතක්‌ ඇති මේ මිනිසා 40 හැවිරිදි දෙදරු පියෙකි. මහරගම පොළේ නැන්දා කෙනෙකු සමග කරවල විකුණන්නෙකු ලෙසට ඔහුම පිළිගෙන තිබේ. බැලූ බැල්මට කඩවසම් හාදයකු ලෙස පෙනෙන මොහු කිසිම මානසික රෝගයක්‌ සහිත අයෙකු ලෙස නොපෙනෙන බව පොලිසිය පවසයි.

එහෙත්, බරපතළ රෝගී තත්ත්වයක තිබෙන්නේ ඔහුගේ කැත සිතිවිලි බව ජනතා අධිකරණයේදී ඔප්පුවී හමාරය. 

කෙසේ හෝ අසාධාරණයට ලක්‌වූ මාතාවටත් තරුණියන් දෙදෙනාටත් වහාම සාධාරණය ඉටුවිය යුතුයයි අපත් ඔබත් එකහෙළාම ඉල්ලා සිටින බව සත්‍ය කි. (අධිකරණය අනිවාර්යයෙන්ම මේ උන්මත්තකයාට දෙන දඬුවම, මෙවන් දේවල් කිරීමට සිතෙන උන්ටත් සුළු දිය පිටවෙන දඬුවමක්‌ වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.)

මේ සිදුවන්නේ සිදුවිය යුතු දේවල්ද? එහෙත්, ඕනෑම සිදුවීමකට කිසියම් හේතුවක්‌ අනිවාර්යයෙන්ම බලපාන්නේය. ඒ හේතුව සාධාරණ හෝ අසාධාරණ වුවද ඒ තුළින් සිදුවන සිදුවීමේ ප්‍රතිඵලය බාරගත යුතුමය. 

අපට උරුම සංස්‌කෘතියක්‌ මෙන්ම සභ්‍යත්වයක්‌ තිබෙන්නේය. අපගේ හැසිර§ම, ඇඳුම, පැළඳුම තුළින් මේ දේවල් ඔප් නැංවෙන්නේය. ඒවා එසේ තිබියදී, මේ කාලයේ බහුතර කාන්තාවන්ගේ අරුම පුදුම ඇඳුම් විලාසිතා අමුතුය. කාන්තාවන් මේ විලාසිතා ඇඳුම් අඳින්නේ, තමන්ගේ රූප සෝභාව හැකිතාක්‌a වැඩිකර ගැනීමට බව රහසක්‌ නොවේ. මෙසේ රූප සෝභාව වැඩිකර, වැඩිකර, තව තවත් වැඩි කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස සමහර කාන්තාවන්ගේ සැඟවිය යුතු නැත්නම් සඟවා තබා ගත යුතු තැන් නොදැනීම ඉස්‌මතුවීම නිසා ඇඳුම ඇඟට අලවා ගෙන ඇත්දැයි සිතෙන තරමට විකෘතිවී ඇත.

ඒවා බහුතර සමාජයට නම් කිසිම ගැටලුවක්‌ වන්නේ නැත. එහෙත් පෙරකී රක්‌වානේ නරුම රෝගීයා වැන්නවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න කිරීමට නම් ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. එවැනි දැ දැකීමෙන් සිත කුපිත කරගන්නා මේ පාදඩයන්ගේ සිත්, ඔවුන්ට යම් යම් වැරදිකාර යෝජනා ගෙන එන්නේය. අඩු ක්‍රියාකාරීත්වයකින් හෙබි මොළය එක පයින්ම යෝජනාව පිළිගෙන "ඉඩ ලද කොතනකදී හෝ" ක්‍රියාවට නංවන්නේය. 

එවිට සිදුවන්නේ, කවුරුන් හෝ අහිංසක තරුණියක්‌ හෝ කාන්තාවකට කුමක්‌ හෝ බරපතළ අසාධාරණ සිද්ධියකට මුහුණ දීමය. ඉන් අනතුරුව තමන්ගේ වැරදි ඉතාම අඩුවෙන් දකින සමහර කාන්තාවන් පුරුෂ පක්‌ෂයේ සියලු දෙනාට දෙස්‌ තබන්නේ සියලු දෙනාම මෙසේ වෙතැයි කියා නොකියාය. 

අප කාන්තාවන්ගේ හැඩවීමේ හෝ ඇඳුම් විලාසිතා පාවිච්චි කිරීමේ අයිතීන්වලට අනවශ්‍ය අත පෙවීම් කොහෙත්ම කරන්නේ නැත. එහෙත්, තමන්ගේ ආරක්‌ෂාව තමන්ම සපයා ගතයුතු තත්ත්වයක්‌ පවතින බව නම් මතක්‌කර දීමට කැමැත්තෙමු. 

මෙවන් අමානුෂික අශික්‌ත ක්‍රියා සිදුකරන්නේ උන්මත්තකයින්ම විය යුතුය. ඔවුන් හඳුනාගත් වහාම ළඟම ඇති පොලීසියට භාරදීමට නොහැකි නම් අදාළ පනිවුඩය හෝ පොලීසියට ලබාදීම සමාජ වගකීමක්‌ බව සමාජය විසින්ම තේරුම් ගත යුතුව ඇත. 

අමරසිංහ මාලගේ

Post a Comment

0 Comments