ලෝපළ ආනවිලුන්දාව තෙත් බිම අනතුරේ


ලොව දුර්ලභ ගණයේ වටිනා ජෛව විවිධත්වයෙන් පූර්ණ තෙත්බිම් සහිත කුරුලු පාරාදීසයක්‌ වන ආනවිලුන්දාව රම්සා තෙත් බිමක්‌ ලෙස අන්තරය විසින් නම්කර ඇතත් අපේම හිත්පිත් නැති මිනිස්‌ පරපුර දිනෙන් දින මෙහි සැබෑ වටිනාකම විනාශකර දමන්නේ ජාතියේ මතු පරපුර වෙනුවෙන් අල්පමාත්‍රයක හෝ ළැදියාවක්‌ හදවත් තුළ නොමැති පිපාසිත මිනිසුන් රැළක්‌ ලෙසිනි. ඔවුන් වැව් ගොඩකර නොයෙක්‌ ආකාරයේ ඉදිකිරීම් සිදු කිරීම්, රක්‌ෂිතය හෙළි පෙහෙළි කර ඔවුන්ගේ නිජබිම සකසා ගැනීම, හොර මත්පැන් පෙරීම එහි විෂ ද්‍රව්‍ය ජලයට මුදාහැරීම විවිධ පක්‍ෂීන් දඩයම් කිරීම මින් කීපයක්‌ වන අතර, වටිනා දැව මහා පරිමාණයේ දැව ජාවාරම්කරුවන් විසින් කපාගෙන යැම. වැලි, මැටි, පස්‌, ගෙනයැම ජාවාරම්කරුවන්ගේ සොර තිප්පලවල ලෙස පරිහරණය කිරීම මින් කිහිපයක්‌ය. දිනෙන් දින මෙය ප්‍රචලිත වීමෙන් ප්‍රදේශයේ ජෛව විවිධත්වයට හානි සිදුවීම ශීඝ්‍රයෙන් සිදුවේ. පුරාණයේ අපේ මුතුන් මිත්තන් මෙම වනාන්තරය ආරක්‌ෂා කළේ මහා බලඇති රුක්‍ෂ දේවතාවුන් වහන්සේ වැඩ සිටි නිජබිමක්‌ ලෙසිනි. ආනවිලුන්දාව තෙත් බිමක්‌ හෝ කුරුලු පාරාදීසයක්‌ ලෙස නම් කිරීමට ප්‍රථමයෙන් මෙය මහ එම්, සත්ත්වයන්. එනම් ගෝනුන්, මුවන්, ඉත්තෑවන්, වල් ඌරන්, කිඹුලන්ගෙන් ගහන වනාන්තරයකි. කාලයාගේ ඇවෑමෙන් දිනෙන් දින මිනිස්‌ සන්හතියකාරත්වයෙන් මෙම වන සතුන් පරිභෝජනය සඳහා විවෘත වීමත් සමඟ මෙය කුරුලු පාරාදීසයක නිජබිමක්‌ බවට පත්විය. ආනවිලුන්දාව රක්‌ෂිතයේ වැව් සංකීර්ණය ඓතිහාසික වටිනාකමකින් යුතු වාරි සැලසුමකි. එකිනෙකට සම්බන්ධ වැව් පහකින් හා පරිවාරක වැව් දෙකකින් සමන්විතව මෙම වැව් පද්ධතිය පිහිටා ඇත. මෙම වැව් පද්ධතිය මහා පරාක්‍රමබාහු රජ සමයේ ඉදිකළ වාරි පද්ධතිය බව අපේ ඉපැරණි මුතුන් මිත්තෝ පවසති.

සුරුවිල වැව, ආනවිලුන්දාව වැව, මයියාව, මරදන්සෝලේ, පිංකට්‌ටිය වැව, වෙල්ලාල සහ ඉරක්‌කාවෙල ලෙස හැඳින්වේ. මේ වැව් පද්ධතිය අතීතයේ නියං කාලවලදී ජලය රැස්‌කර ගැනීමට භාවිත කර ඇති බව විශ්වාසය. වැසි ජලය රැස්‌කර තැබීමෙන් කුඹුරු අක්‌කර 500 ක්‌ පමණ යල මහ කන්නය සාරවත් කර ඇති බව පැවැසේ. මෙම වැව් අතර ඇති බන්ට්‌වලින් කුඹුරු දෙපස ගම්මානවලට යැමට හැකිය. පසු කාලයේ ඩී. ඇස්‌. සේනානායක මහතා විසින් මෙම වාරි ජලය වැව් පද්ධතිය සුරැකීමට විශාල වෙහෙසක්‌ දරා ඇත. නිල්වන් කෙත්යාය නික්‌මීමත් සමඟම කිවුල්a දිය දහරට ගස්‌ වැල් පද්ධතිය හුරුවීමත් සමඟ ලුණු මිශ්‍ර ජලයට කිවුල්දිය දහර සමඟ කඩොලාන, දියකිරිල්ල, තෙල් පඳුරු වර්ග සමඟ ලවණ දිය දහරා ගලා බසී. ආනවිලුන්දාව ජෛව විවිධත්ව වනෝද්‍යානයෙහි වට පරිමාව හෙක්‌ටයාර එක්‌දහස්‌ තුන්සිය අනූහතකින් සමන්විත වන අතර (1397) මෙම භූමියෙහි දැනට නිදහසේ සැරිසරන පක්‍ෂීන් වර්ග විශාල වශයෙන් සැරිසරන වසන්ත සෘතුවේදී විදේශවලින් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන පක්‍ෂීන් වර්ග විශේෂ 170 ක්‌ පමණ මෙම පරිසරය තුළ නිරීක්‍ෂණය කර ඇත. එයින් පක්‍ෂීන් 70 ක්‌ පමණ විශේෂයෙන් මුහුදු තීරයෙන් මෙම වනෝද්‍යානයට ඇතුළු වේ. ඒ වගේම උරග ගනයේ සතුන් 30 ක්‌ පමණ, මේ නිජබිම සංක්‍රමණය කරති. මිරිදිය මත්ස්‍යයන් විශේෂ 30 ක්‌ පමණ, කිවුල් දිය මසුන් 20 ක්‌ පමණ, උභය ජීවීන් විශේෂ 10 ක්‌ පමණ, සමනල වර්ග 74 ක්‌ පමණ මේ වන විට හඳුනාගෙන ඇති බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

මෙහි ප්‍රධාන වශයෙන් දැක ගැනීමට හැකි වනුයේ පක්‍ෂීන් වර්ගය. නානාප්‍රකාර වර්ණයන්ගෙන් පිරිපුන් දැකුම්කලු පක්‍ෂීන් නොයෙක්‌ මිහිරි කන්කලු නාදය රැස්‌කර ගස්‌ මුදුනේ සිට තාලයකට මෙන් හඬ නගති. ඕලු. නෙළුම්, මානෙල් මලින් සපිරි නිල්වන් වැව් තාවුල්ලේ එකිනෙකාට තුරුළුව මුහුණන තාරාවන් පේළි, හංස ජෝඩු ඔවුන්ගේම ලෝකයක සැරිසරති. සුන්දර ආනවිලුන්දාව රැම්සා නෙත්බිම් කලාපය විහඟුන්ගේ ආලකමන්දාවක්‌ බඳුය. මේ අප රටේ ඉදිරි අනාගත හැරවුම් සංචාරක පුරවරයයි. එසේම වයඹ පුරවරයේ නව පිබිදීමේ ලෙසද ඉලක්‌කය ද මේ සංචාරක කර්මාන්තයමය. එසේ නම් මේ සුන්දර අභය භූමිය සහ ආනවිලුන්දාව සහ විල්පත්තු අභය භූමියන් තම දරුවන් මෙන් ආරක්‌ෂා කිරීම අපේ වගකිවයුත්ත වී පෙළ ගැසී සිටිය යුතු යුගයක තම මාපියන් මරා දමන අයුරින් සතර වර්ගයා විනාශ කරන අයුරින් දිනෙන් දින සිදුකරන මේ අහස පොළොව නූහුලන මහා පරිමාණ ජාවාරම ගැන මමත්වයෙන් මිදී මොහොතක්‌ සිතා බලන්න. අපේ ගහකොළ, සතා සීපාවා, ස්‌වාභාවික පරිසරය ආරක්‌ෂා කර ගැනීමට අපගේ පරිසරවේදීන්ට සහයෝගය දක්‌වන ලෙස සකස්‌කර ගත යුතුව ඇත.

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් කලාපය වයඹ මුහුදු තීරයේ මාඔයෙන් ආරම්භ වන බස්‌නාහිර මුහුදු තීරයෙන් උතුරු දෙසට හැරී හලාවත මුතුපුරය ලෙස ඉතිහාසයේ නම් දරා ඇති සුන්දර මුහුදු තීරයක්‌ වන මුතුපංතිය ගම්මානයෙන් ආකර්ෂණීය ඓතිහාසික කලපු තීරයක්‌ හා මනරම් කඩොලාන බිම් තීරුව ඔස්‌සේ කිවුල් දිය දහරා ද කොළඹ පුත්තලම අධිවේගි මාර්ගයෙන් කොළඹ සිට 91 වැනි සැතපුම් කණුවෙන්ද ආනවිලුන්දාව ජෛව විවිධත්ව රැම්සා තෙත් බිම් කලාපය නොහොත් කුරුලු පාරාදීසය නැරඹීමට පැමිණිය හැකිය.

අතීතයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම රජතුමන් වූ විජය රජුගේ බෑණනුවන් කෙනෙකු වූ 6 වැනි පරාක්‍රමබාහු කුමාරයාණන්ට ඉන්දියාවෙන් බිසවුන් වහන්සේ කෙනෙක්‌ ගෙන එද්දී එකල පුත්තලම් දිස්‌ත්‍රික්‌කයේ , මුතුපන්තිය වන මෙම ස්‌ථානයට පිරිවර කාන්තාවන් 20 දෙනකු සමඟ මහ සයුරෙන් ගොඩබැස්‌සේ ද මුතුපන්තිය වෙරළ තීරයට බව ඉතිහාසයෙහි සඳහන් වේ.

මෙවන් ජෛව විවිධත්වයෙන් සපිරි සුන්දර වන උද්‍යානයක්‌ ආරක්‌ෂා කර ගැනීම වෙනුවට අද මෙම වන උද්‍යානය ඉදිරිපිට විශාල ධනස්‌කන්ධයක්‌ වියදම් කර ඉදිකර ඇති මානෙල්වත්ත සත්ත්ව ගොවිපළ වසා දමා මහා පරිමාණයේ සෙවිලි තහඩු කම්හලක්‌ ඉදිකිරිම අපගේ වටිනා ශ්‍රී විභූතිය වනසා දැමිමේ තවත් එක්‌ පියවරක මංසලකුණක්‌ සේ අද ඒ ප්‍රදේශයේ ජනතාව වටහා ගැනීමෙන් පසු. දිවා රෑ නොතකා සර්ව ආගමික නායකයන් ඇතුළු ගම්වාසීන් එම ඉදිකරමින් පවතින කර්මාන්ත ශාලාව ඉදිරිපිට සාමකාමී ලෙස උද්ඝෝෂණයක නිරතවී සිටිති. මෙ කර්මාන්ත ශාලාව ඉදිකිරීමට පසුගිය මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩු සමයේ පුත්තලම් දිස්‌ත්‍රික්‌කය පුරා නගර 03 ක ඉදිකිරීමට සැලසුම් කළද, පරිසර හිතකාමී ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීම හේතුවෙන් එම රජයේ හිටපු අමාත්‍යවරුන් විසින් මෙම ආනවිලුන්දාව ප්‍රදේශය බලහත්කාරයෙන් විශාල ජනතාවක්‌ සේවය කළ පරිසර හිතකාමී මානෙල්වත්ත සත්ත්aව ගොවිපළ වසා දමා බලපුළුවන්කාරකමින් මෙම ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු කර්මාන්ත ශාලාව ඉදිකර ඇත. මේ වන විට යහපාලනයක්‌ සහිත පවතින නව රජයෙන් පරිසරයට, තම ගම්දනව්වට ආදරය කරන ගම්වාසීන් ඉල්ලා සිsටින්නේ තවත් රතු පස්‌වලක්‌ බිහිකිරීමට ඉඩ නොදී ආනවිලුන්දාව ගම් ඇතුළත් රක්‌ෂිතයේ ජෛව විවිධත්වය රැක ගැනීමට ක්‍රියා කරන ලෙසයි.

ඡායාරූප හා විස්‌තරය
කමල් ප්‍රියංකර

Post a Comment

0 Comments