ලිංගික අධ්‍යාපනය පාසලෙන් පටන් ගනිමු


දිවයින පුවත්පතේ පළවූ ප්‍රධාන පුවතක ශීර්ෂ පාඨය වී තිබුණේ ''ගතවූ මාස 6 තුළ ඒඩ්ස්‌ වැළඳුණු පාසල් සිසුන් 23ක්‌'' යන්නයි. එහිදී අදාළ පුවත වාර්තාකර තිබුණේ ''කම්පාවෙන් යුතුව වාර්තා කරමු'' යන ශීර්ෂ පාඨයද සහිතවය. එම පුවතට අනුව පසුගිය වර්ෂයේදී ඒඩ්ස්‌ වැළඳුණු පාසල් සිසුන් 22ක්‌ වාර්තාවී ඇති අතර මෙම වසරේ මුල් මාස 6 තුළ පමණක්‌ ඒඩ්ස්‌ වැළඳුණු පාසල් සිසුන් 23ක්‌ වාර්තාවී ඇත. ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්‌ මර්දන වැඩසටහනේ අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා තවදුරටත් ස`දහන් කර ඇති පරිදි මෙම වසරේ මුල් කාර්තුව තුලදී මෙරටින් ඒඩ්ස්‌ රෝගීන් 100ක්‌ වාර්තාවී ඇති අතර ඉන් 23ක්‌ පාසල් සිසුන්ය. ප්‍රතිශතාත්මකව අවධානය යොමුකරනවිට පෙනීයන්නේ මෙම වසරේදී මෙරටින් වාර්තාවූ සමස්‌ථ ඒඩ්ස්‌ රෝගීන්ගෙන් පාසල් සිසුන්ගේ ප්‍රතිශතය 23%ක්‌ බවය. ඒ පිළිබ`දව වඩාත් අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ එම අගය වර්ෂයෙන් වර්ෂය වර්ධනය වීමේ ප්‍රවණතාවයක්‌ පැවතීමය.

දස මසක්‌ මව් කුසේ සිට මවගේ පෝෂණයෙන් වර්ධනය වූ දරුවා මෙලොවට බිහිවීමෙන් පසුව තම දෙමාපියන්ගෙන්, වෙනත් ඥාති වැඩිහිටියන්ගෙන් හා පාරසරික ප්‍රතිචාර හ`දුනාගනිමින් නොවිධිමත් අධ්‍යාපනයක්‌ ලබයි. දණගාමින් ඔබ-මොබ ගිය දරුවා පුටු මේස අල්ලාගනිමින් නැගිටීමට වෙරදරා තම පියගේ ඇ`ගිල්ලේ එල්ලී යමින් ඇවිදීමට හුරුවේ. මෙසේ ශාරීරිකව වර්ධනය වෙත්ම ළමුන් විධිමත් අධ්‍යාපන වෙත යොමුකිරීම මෙරට සම්ප්‍රදාය වේ. ඒ අනුව වයස අවුරුදු 4 සම්පූර්ණවත්ම පෙරපාසල් වෙත ඇතුළත් කර අක්‌ෂර භාවිතය පිළිබ`ද මූලික දැනුම හා පරිසරය හ`දුනාගැනීම ආදීවූ පාසල් අධ්‍යාපනයට අවශ්‍ය මූලික අඩිතාලම දමනු ලබයි. ඉන්පසුව වයස අවුරුදු 6 සම්පූර්ණවත්ම දරුවන් පාසල් වෙත යොමුකරනු ලැබේ. එතැන් සිට වයස අවුරුදු 17, 18 සීමාවේදී උසස්‌ පෙළ විභාගයට පෙනී සිටිනතුරු දරුවන්ගේ කාලය ගතවන්නේ පාසල තුළය. ඒ අනුව විමසා බලනවිට මෙරට දරුවන් ශාස්‌ත්‍රීය හා සමාජයීය දැනුම ලබාගැනීමේ අරමුණින් වසර 12ක පමණ කාලයක්‌ ගතකරන හා ජීවිතය පිළිබ`දව අවබෝධය ලබාගැනීමේ කේන්ද්‍රස්‌ථානය ලෙස හ`දුන්වාදිය හැක්‌කේ පාසලයි.

පුංචි දෙපා පොඩි තබමින් ගෙදර ඔබ-මොබ දුව පැන ඇවිද ගිය මල්වැනි දරුවන් තම ළමා අවධියේ වැඩිම කාලයක්‌ ගත කරන්නේ පාසල් තුලය. එසේම ඔවුන් නව යොවුන්වියට පා තබන්නේ ද පාසල් අධ්‍යාපනය අතරතුරදීමය. නිවසේ සුන්දර හා ආරක්‌ෂිත වටපිටාවෙන් මිදී සංකීර්ණ හා විෂම සමාජයට විවෘතවීමේ කාලය එලබෙන්නේ පාසල් අවධිය තුළම බව පෙනේ. ඒ අනුව එම සංකීර්ණ සමාජයට මුහුණදීමට හැකිවනසේ දරුවන්ගේ ශාස්‌ත්‍රීය හා සමාජයීය දැනුම තරකිරීමට පාසලට ප්‍රමුඛ වගකීමක්‌ හිමිවේ. මෙරට පාසල් අධ්‍යාපනයේ අන්තර්ගත විෂය මාලාව දෙස අවධානය යොමු කිරීමේදී ගණිතය, විද්‍යාව, ආගම, ඉතිහාසය, ඉංග්‍රීසි හා වෙනත් භාෂා, තාක්‌ෂණික විෂයයන් හා සෞන්දර්ය විෂයන් ආදී වශයෙන් විෂයන් රාශියක්‌ ඇති බව හ`දුනාගත හැකිය. තවද එම විෂයන් අතර පුරවැසි අධ්‍යයනය, ජීවන නිපුණතා හා සෞඛ්‍යය යන විෂය ක්‌ෂේත්‍ර ත්‍රිත්වය ද හ`දුනාගත හැකිය. එහිදී පුරවැසි අධ්‍යයනය හා ජීවන නිපුණතා විෂයයන් මගින් සමාජය පිළිබ`දව යම් දැනුමක්‌ ලබාදෙන අතර සෞඛ්‍යය විෂය මගින් එදිනෙදා ජීවිතයේදී වැදගත්වන මූලික සෞඛ්‍ය කරුණු පිළිබ`දව සරල අවබෝධයන් ලබාදේ. නමුත් මෙහිදී පෙනීයන කරුණ වන්නේ මෙම විෂයයන් ත්‍රිත්වය තුළින්ම නූතන නව යොවුන් සිසුවාට අවශ්‍ය සමාජයීය දැනුම නිසිලෙස නොලැබෙන බවය.

යුරෝපීය අධ්‍යාපන ක්‌ෂේත්‍රයේදී නව යොවුන්වියට පිවිසෙන ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ආරම්භ කරනුයේ පාසල තුළදීමය. ඒ අනුව ලිංගිකත්වය යනු කුමක්‌ද, එහි සමාජයීය හා පෞද්ගලික වැදගත්කම, ලිංගික ක්‍රියාවලිය, උපත් පාලනය, ලිංගික රෝගවලින් ආරක්‌ෂාවීමේ වැදගත්කම හා ක්‍රම උපායන් යන කරුණු පිළිබ`දව අධ්‍යාපනයක්‌ ලබාදේ. නමුත් ඒ ආකාරයෙන් මෙරට නව යොවුන්වියට පිවිසෙන දරුවන්ට පාසල් අධ්‍යාපනයේ ඇති සෞඛ්‍ය විෂයයෙන් හෝ දැනුමක්‌ ලබාදීම සිදුවේද යන්න ගැටලුවකි. දැඩි සංස්‌කෘතික බැ`දීම්, සම්ප්‍රදායයන්, සිරිත් විරිත්, වැඩිහිටි ගෞරවය හා සමාජයීය සීමාවලින් යුතු මෙරට ජන සමාජය තුළ ලිංගිකත්වය යන මාතෘකාව ප්‍රසිද්ධියේ හා සාමූහිකව සාකච්ඡා නොකරන මාතෘකාවක්‌ වී තිබේ. ඒ අනුව මෙරට නව යොවුන් දරුවන්ට නිවසේදී එවන් අධ්‍යාපනයක්‌ කිසිසේත්ම නොලැබී යයි. එයට හේතුව ලිංගිකත්වය කුණුහරුපයක්‌, අසභ්‍ය දෙයක්‌ හා නොහික්‌මුණු දෙයක්‌ ලෙස මෙරට පවුල් සංස්‌ථාව තුළ මුල් බැසගෙන ඇති නිසාවෙනි. එම නිසාවෙන් මෙරට ජන සමාජයේදී ලිංගිකත්වය පිළිබ`දව නව යොවුන් දැරියකට දෙමාපියන්ගෙන් ලැබෙන එකම අවවාදය හා උපදේශය වන්නේ පිරිමි ළමුන් සමඟ සම්බන්ධතා ඇති නොකරගන්නා ලෙයසි. එනම් පාසල් ජීවිතයේදී ආදර සම්බන්ධතා අනවශ්‍ය බවයි. නව යොවුන් පිරිමි දරුවන්ට ලිංගිකත්වය පිළිබ`දව එබදු තරමක හෝ තරවටුවක්‌ හෝ උපදේශයක්‌ ලැබෙනවාද යන්න පවා සැක සහිතය. ලිංගිකත්වය පිළිබ`ද තමන් අසලම සිටින තම දෙමාපියන්ගෙන් අංශු මාත්‍රයක හෝ දැනුමක්‌, උපදේශයක්‌ නොලැබෙන නව යොවුන්වියේ පසුවන ළමුන්ට එම මගපෙන්වීම ලබාදිය හැකි ප්‍රමුඛතම මගපෙන්වන්නා වන්නේ පාසලයි. නමුත් මෙරට පාසල් අධ්‍යාපනය තුළ ඇති සෞඛ්‍යය පාඩමින් පවා නව යොවුන් පාසල් ළමුන්ට ලබාදෙන්නේ ලිංගිකත්වය පිළිබ`ද ඉතා සරලවූත් න්‍යායාත්මකවූත් කරුණු ස්‌වල්පයක්‌ බව පෙනේ. එයට හේතුව වන්නේ ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ කතා නොකළයුතු දෙයක්‌ යන ජන සමාජගත මතය සෞඛ්‍ය විෂයටද බලා ඇති නිසාවෙනි.

නව යොවුන්වියට එලබෙන දරුවන් එම අවධියේදී සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා විරුද්ධ ලිංගිකයන් වෙත ආකර්ෂණය වීම, කණ්‌ඩායම් ලෙස ඒකරාශිවීම හා සමාජයීය වශයෙන් ලැබෙන අවධිමත් තොරතුරු ඔස්‌සේ ලිංගිකත්වය පිළිබ`දව කුතුහලයකින් පසුවේ. නමුත් ඒ පිළිබ`ද නිවැරදි අවබෝධයක්‌ තමන්ගේ නිවසෙන් හෝ තම පාසලෙන් නොලැබෙන බැවින් විවිධ සමාජ මාධ්‍යයන් ඔස්‌සේ ලැබෙන තොරතුරු අනුව ලිංගිකත්වයේ ස්‌වරූපය වටහාගැනීමට නිසැකයෙන්ම පෙලබේ. නූතනයේ පාසලෙන් ලැබෙන අධ්‍යාපනයෙන් සෑහීමකට පත්නොවන දෙමාපියන් තම දරුවන්ට වඩාත් හො`ද අධ්‍යාපනයක්‌ ලබාදී තරගකාරී විභාගයන්ගෙන් ඉහළ සාමාර්ථ ලබාගැනීමට අවශ්‍ය අතිරේක දැනුම ලබාදීම වෙනුවෙන් දරුවන් අතරේක පන්ති (එමඑසදබ ජක්‌ss) ස`දහා යොමුකරනු ලැබේ. මෙම හේතු=වෙන් දහවල් 1.30ට පාසලෙන් පිටවන පාසල් සිසුන්ගේ ඊළග නවාතැන වන්නේ නගරාශ්‍රිතව පිහිටා ඇති අතිරේක පන්තිය. පාසල තුළ දැඩි විනය නීති මාලාවකට යටත්ව සිටින සිසුන් තම නිදහස උපරිම ලෙස භුක්‌තිවි`දීමට තෝරාගන්නේ අමතර පන්ති වේලාවයි. මගතොටේදී, බස්‌ නැවතුමේදී, බස්‌ රථයේදී මෙන්ම පන්තිය තුළදී මෙම නිදහස උපරිම ලෙස භුක්‌තිවි`දින සිසුන් ඒ තුළින් ජීවිතයට නව්‍ය අත්දැකීsම් එකතුකරගනී. එම අත්දැකීම් අතර සුදුසු හා නුසුදුසු දේවල් විය හැකිය. 

තවද නූතනයේ තොරතුරු තාක්‌ෂණය ඉතා දියුණු මට්‌ටමක පවතින අතර ස්‌මාර්ට්‌ ජංගම දුරකථනයක්‌ (sප්රඑ චයදබැ), පරිඝනකයක්‌ (ක්‌ච-එදච) හෝ ටැබ් (ඒඉ) එකක්‌ භාවිතා නොකරන පාසල් සිසුවෙකු සොයාගැනීමට අපහසු තරම්ය. එසේම මෙම නවීන උපංග භාවිතාකරන සියලුම සිසුන් පාහේ සමාජජාලා වෙබ් අඩවි (ඩසඉeරල ෙaජැඉදදනල sනහචැ) වල සැරිසැරීම එකම විනෝදාංශය බවට පත්කරගෙන ඇත. මේ තුළින් ඔවුන් නව දැනුම රාශියක්‌ එකතු කරගනී. ඒ අතරතු=ර නව යොවුන්වියේ පසුවන දරුවන් තමන්ට කුතුහලයක්‌ව පවතින ලිංගිකත්වය පිළිබ`ද තොරතුරු සෙවීමටද පෙලබේ. ඒ අනුව සීමාවක්‌, මගපෙන්වීමක්‌ නොමැතිව අක්‍රමවත් ලෙස ලැබෙන මෙම දැනුම හරහා ඔවුනගේ මනස විකෘතිවීම හා ඒවාට ඇබ්බැහිවීම සිදුවේ. ඒ අනුව තොරතුරු තාක්‌ෂණය දියුණු, සංකීර්ණ හා විෂම සමාජ වටපිටාවක්‌ පවතින මෙවන් අවධියක ලිංගිකත්වය කුණුහරුපයක්‌ ලෙස සලකා එම විෂයයෙන්a පාසල් සිසුන් තව දුරටත් ඈත්කර තැබීමට උත්සාහ කිරීම විහිළුවක්‌ බව පෙනේ.

පාසල් අධ්‍යාපනයෙන් පසු එලබෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබ`දවද මෙහිදී මදක්‌ අවධානය යොමුකිරීම වටී. උසස්‌ අධ්‍යාපනය ස`දහා විශ්වවිද්‍යාලයට ඇතුළත්වන සිසුන්ට පළමු වසරේ සිට අවසාන වසර දක්‌වා ඉගෙනීමට සිදුවන විෂය ඒකක සංඛ්‍යාව 50කට ආසන්නය. සමාසික පරීක්‌ෂණ, මධ්‍යවාර පරීක්‌ෂණ, නිබන්ධන, පැවරුම්, ඉදිරිපත්කිරීම් (චරුseබඒඑසදබ), ස්‌වාධීන නිබන්ධ හා ප්‍රායෝගික පුහුණුවීම් ඔස්‌සේ තම උපාධිය හදාරන මෙරට සමස්‌ථ විශ්වවිද්‍යාල සිසුන්ට ලිංගික අධ්‍යාපනයක්‌ ලබාදෙන පොදු ක්‍රමවේදයක්‌ ඇතිකර නොමැති බව පෙනේ. සමාජ විද්‍යාව හෝ මනෝ විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන්ට එහි ඇතැම් විෂය ඒකක තුළදී ලිංගිකත්වය පිළිබ`දව කරුණු ඉගැන්වීමක්‌ සිදුවුවද උසස්‌ අධ්‍යාපනයට හිමිකම් පාන කලා, වාණිජ, ඉංජිනේරු හා වෙනත් විෂය ක්‌ෂේත්‍රයන්ට අයත් සමස්‌ථ සිසු ප්‍රජාවට යථාර්ථවත් ලිsංගික අධ්‍යාපනයක්‌ ලබාදෙන විෂය ක්‌ෂේත්‍රයක්‌ සකස්‌වී නොමැති වීමට බලපා ඇත්තේද මෙරට සාම්ප්‍රදායික මතදාරි ආධිපත්‍ය බව පෙනේ. මේ අනුව පැහැදිලි වන්නේ මෙරට දරුවන්ට තම නිවසේදී හෝ නව යොවුන් වියේ දරුවන්ට පාසලේදි හෝ තරුණ ප්‍රජාවට විශ්වවිද්‍යලයේදී ලිංගිකත්වය පිළිබ`ද නිරවුල් හා විවෘත දැනුමකට ඉඩහසර නොලැබෙන බවයි.

ශ්‍රී ලංකාව වනාහි යුරෝපිය රටක්‌ නොවන බව සැබෑවකි. නමුත් අප මනාව වටහාගත යුතු කරුණ වන්නෙ මේ වනවිට යුරෝපීය සංස්‌කෘතිය මෙරට සමාජය ආක්‍රමණය කර ඇති බවය. එහිs යහපත් මෙන්ම අයහපත් ලක්‌ෂණද ඇත. එබැවින් සාම්ප්‍රදායික මතවාදවලට එලබ සිටිමින් ලිංගිකත්වය යනු නව යොවුන් පාසල් සිසුන්ට නුසුදුසු ඔවුන් දැනනොගතයුතු කරුණක්‌ ලෙස සලකා කටයුතු කිරීමෙන් සිදුවන්නේ ඔවුන්ට ඒ පිළිබ`දව නිවැරැදි දැනුමක්‌ නොලැබීමය. එවන් වටපිටාවකදී නව යොවුන්වියේ පසුවන සිසුන් සමාජජාලා වෙබ් අඩවි මගින් මෙන්ම සමාජයීය කණ්‌ඩායම් හරහා ලබාගන්නා අවිධිමත් හා සීමා රහිත ලිංගික දැනුමේ පෙළඹවීමත් හෝමෝන ක්‍රියාකාරිත්වය මගින් ජීව විද්‍යාත්මකව ඇති කරන්නාවූ පෙළඹවීම් මගින් අනිසි ලිංගික ක්‍රියාවලට යොමුවී රෝගීන් බවට පත්වීම වනාහි මෙරට අනාගතය අ`දුරේ හෙලීමකි. මෙම වසරේ මාස 6කදී පාසල් සිසුන් 23කට ඒඩ්ස්‌ වැළදී ඇති බව වාර්තාවී ඇත්නම් එයින් අප අවබෝධ කරගත යුත්තේ ඒඩ්ස්‌ නොවැලඳුණ නමුත් පාසල් වයසේ පසුවන තවත් කොතරම් සිසුන් පිරිසක්‌ ලිංගික ක්‍රියාවල නිරතවනවා ඇත්ද යන්නය. පාසල් යන නව යොවුන් අවධියේ පසුවන මෙරට සියලුම සිසුන් ලිංගික ක්‍රියාවල නිරිත නොවුවද ඒ පිළිබ`ද කුතුහලාත්මක කථිකාවක්‌ ඔවුන් අතර බව පවතින බව වටහාගත යුතුය. එසේ නම් ලිංගිකත්aවය යනු වර්තමාන නව යොවුන් පාසල් සිසුවාගෙන් ඈත්කර කුණුහරුපයක්‌ ලෙස සැලකිය යුතු විෂයක්‌ නොවන බව අධ්‍යාපන බලධාරීන් වටහාගත යුතුය. ඒ අනුව මෙරට නව යොවුන් දරුවන්ට පාසල් අධ්‍යාපනය තුළදීම ලිංගිකත්වය පිළිබ`දව නිවැරැදි හා යථාර්ථවත් අවබෝධයක්‌ ලබාදීමට සුදුසු කාලය එලබ ඇති බව පැවසීම යුක්‌ති සහගතය.

කේ. උදේනි අරුණසිරි

Post a Comment

0 Comments