කුකුළු පාලනය


ශ්‍රී ලංකාවේ සත්ව පාලකයන් අතර ඉතා ප්‍රචලිත ව්‍යාපාරයකි. එහෙත් සතුන්ගේ සෞඛ්‍යාරක්‍ෂිත බව කෙරෙහි සැලකිල්ලක්‌ නොදැක්‌වීමෙන් එම කුකුළන් අතර විවිධ රෝග ව්‍යාප්ත වේ. මේ නිසා ඇතැම් කුකුළු ගොවිපළ හිමියන්ට විශාල වශයෙන් පාඩු සිදුවේ. ඇතැම් විට තමන්ගේ ගොවිපළවල් වසා දැමීමට පවා සිදුවේ.

නිරෝගී සතුන් සහිත කුකුළු ගොවිපළක්‌ පවත්වාගෙන යැම සඳහා කුකුළු ගොවිපළ හිමියන්ට කුකුළන්ට වැළඳෙන රෝග පිළිබඳව සාමාන්‍ය දැනුමක්‌ තිබීම අත්‍යවශ්‍යය.

කුකුළන්ට වැළඳෙන රෝග

* වෛරස්‌ රෝග

* බැක්‌ටීරියා රෝග

* පරපෝෂිත රෝග

වෛරස්‌ රෝග

වෛරස්‌ මගින් වැළඳෙන රෝග සඳහා ප්‍රතිකාර නොමැති බැවින් ගොවිපළවලට රෝගය ඇතුළුවීම වැළැක්‌වීම සඳහා ගත යුතු සෑම සනීපාරක්‍ෂක පියවර ගත යුතුය.

රැනිකට්‌ රෝගය - රෝග ලක්‍ෂණ

* අධික ලෙස සුදු හා කොළ පාටට මළ පහවේ.

* කැස්‌ස, ආශ්වාස, ප්‍රාශ්වාස අපහසුතාව සහ පාද කොරවීම

* සියලුම වයස්‌වල සතුන්ට වැළඳේ

* එන්නත් නොකළ විට මරණ සංඛ්‍යාව 90% - 100% වේ.

* ඉතා ඉක්‌මනින් පැතිර දින 5 - 6 කින් රැළ විනාශ විය හැකිය.

* රෝගය වැළඳීමෙන් පසු ප්‍රතිකාර නැත.

රෝගය වළක්‌වා ගැනීම

* පළමු එන්නත වයස සති 3 දී දෙන්න.

* දෙවැනි එන්නත වයස මාස 3 - 4 දී දෙන්න.

* රෝගය පැතිරීම වැළැක්‌වීම සඳහා සනීපාරක්‍ෂක උපදෙස්‌ අනුගමනය කිරීම.

* බිත්තර දමන කිකිළියන් සඳහා වයස සති 30 දී පමණ නැවත එන්නත් කළ හැක.

මරෙක්‌ස්‌ රෝගය - රෝග ලක්‍ෂණ

* වයස මාස 2 - 8 ත් අතර සතුන්ට වැඩි වශයෙන් වැළඳේ.

* හදිසියේම රෝග ලක්‍ෂණ දක්‌නට ලැබේ.

* කෑම අරුචිය බර අඩුවීම.

* කකුල් පණ නැතිවීම, තටු කඩා වැටීම, සුදු මැළිවීම හා මරණය.

* මරණ ප්‍රතිශතය 5% - 60% දක්‌වා විය හැකිය.

රෝග වැළැක්‌වීම

* එන්නත් කිරීම වයස දින 1 කදී.

* කුඩා පැටවුන්ට රෝගය බෝවීම වැළැක්‌වීම සඳහා මරෙක්‌ස්‌ රෝගය නොමැති ස්‌ථානයක කුඩා පැටවුන් සති 4 ක්‌ වයස්‌ වනතුරු ඇති කළ යුතුය.

* සියලුම බිත්තර දමන කිකිළි පැටවුන් අභිජනන ගොවිපළ.

* ගොවිපළවලින් නිකුත් කිරීමට පෙර මෙම එන්නත දිය යුතුයි.

ගම්බෝරෝ රෝගය - රෝග ලක්‍ෂණ

විශේෂ ලක්‍ෂණයක්‌ වනුයේ රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම දින 4 - 5 ක කෙටි කලකට සීමාවීමයි.

* වයස සති 3 - 15 ත් අතර පැටවුන්ට රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි.

* හදිසියෙන්ම පැටවුන් මලානික හා අප්‍රාණිකත්වයක්‌ පෙන්නුම් කරයි.

* පැටවුන් තමන්ගේම පිටුපස පෙඳ කොටසට කොටා ගන්නා ස්‌වභාවයක්‌ පෙන්නුම් කරයි.

* දියර සහිත සුදු පැහැ පාචනය.

* කෑම ගැනීම අඩුවීම.

* අධික ලෙස ජලය පානය කිරීම.

* වෙව්ලීම හා අවසානයේ හිස බිම තබා අඩපණව වැතිර සිටීම.

රෝග වැළැක්‌වීම

* එන්නත් මගින් (පශු වෛද්‍ය උපදෙස්‌ අනුව)

* අභිජනන ගොවිපළවල මව්පිය සතුන් එන්නත් කිරීම මගින් පැටවුන් රෝගයට ගොදුරුවන වයස්‌ සීමාවේදී මෙම රෝගයට භාජනය වීමෙන් තරමක්‌ දුරට ආරක්‍ෂා කරයි.

* දිනක්‌ වයසැති කුකුළු පැටවුන් නිකුත් කරන අභිජනන ගොවිපළේ මව්පිය සතුන් සඳහා නිසි පරිදි ගම්බෝරෝ රෝගය සඳහා එන්නත් කරන්නේද යන්න විමසා දැනගන්න.

කුකුළු මස්‌තිෂ්ක ප්‍රදාහය - රෝග ලක්‍ෂණ

* දෙමව්පිය සතුන්ගෙන් (බිත්තරය තුළින්) මෙම රෝගය පැටවුන්ට වැළඳිය හැක.

* වයස සති 2 ත් 5 ත් අතර පැටවුන්ට වැළඳේ.

* රෝගී සතුන් මලානික වීම.

* ස්‌නායු ආබාධ ඇතිවිය හැක.

* බෙල්ලෙහි වෙව්ලීම් ස්‌වභාවය.

* සිටගෙන ඉඳීමේ අපහසුව ඇති වී සමහරවිට ඉඳගෙන සිටිනු දක්‌නට ඇත.

* අවසානයේ වැතිර සිට පෑගීම නිසා, ආහාර ගැනීමට, ජලය බීමට යා නොහැකි තත්ත්වය නිසා මරණය ඇතිවේ.

* මෙම රෝගය නිසා 30% - 60% අතර සතුන් සංඛ්‍යාවක්‌ මිය යා හැකිය.

රෝග වැළැක්‌වීම

* සනීපාරක්‍ෂක කටයුතු

* එන්නත් කිරීම මගින්

* මව්පිය පරම්පරාව සුදුසු වයසේදී (සති 12 - 14) එන්නත් කළ යුතුය.

* ඉන්ෙµක්‌ෂන් බ්‍රොන්කයිටීස්‌

රෝග ලක්‍ෂණ

* සෑම වයසක සතුන්ටම රෝගය වැළඳිය හැකි නමුදු පැටවුනට පමණක්‌ ස්‌වසන මාර්ගය අසාදන ලක්‍ෂණ පෙන්නුම් කරන අතර අධික මරණ අනුපාතයක්‌ ද දැකිය හැකිය.

* කැස්‌ස කිවිසුම් යැම, සොටු දියර ගැලීම.

* හුස්‌ම ගැනීමේදී ස්‌වාස නාලයේ අසාමාන්‍ය ශබ්දයක්‌ ඇතිවීම.

* සමහර විට අත්වල තෙත ගතිය සහ මුහුණ ඉදිමීම.

* පැටවුන් එකින් එකට ළංවී සිටීම.

* මීට අමතරව මෙම වෛරසය මගින් පැටවුන්ට වකුගඩු ආසාදනයද කිකිළියන්ගේ ප්‍රජනන පද්ධතියෙහිද ආසාදනයක්‌ ඇති කරයි.

* බිත්තර දමන කිකිළියන්ට රෝගය වැළඳුන විට බිත්තර නිෂ්පාදනය ඉතා අඩුවීමත්, බිත්තරයේ ප්‍රමාණය කුඩාවීම, බිත්තර කටුවේ ඝනකම අඩුවීම, සුදු මදය දියාරු ගතියෙන් යුක්‌ත වීම.

රෝග වැළැක්‌වීම

* හොඳ සනීපාරක්‍ෂක කටයුතු මගින්.

* එන්නත් මාර්ගයෙන්.

චිකන් ඇනිමියා රෝගය

රෝග ලක්‍ෂණ

* දෙමව්පිය සතුන්ගෙන්ද පැටවුන්ට වැළඳිය හැකිය.

* සාමාන්‍යයෙන් වයස සති 1 - 6 ත් අතර පැටවුන්ට වැළඳේ.

* රෝගී සතුන් මලානික වී රක්‌තහීනතාවයෙන් පෙළේ.

* රෝගය වැළඳුන පසුව සතුන්ගේ හමෙහි/ කටුමුල බැක්‌ටීරියා ආසාදන තුවාල ඇතිවී ඉතා ඉක්‌මනින් මරණයට පත්වේ.

* රියෝ වෙරසය මගින් වැළඳෙන රෝග.

රෝග ලක්‍ෂණ

* වෛරසය මගින් හන්දි ආසාදනය සහ වැඩීමේ ඌනතාවය ඇති කරයි.

* එකම වයසේ සතුන්ගේ වැඩීම විවිධාකාරව දක්‌නට ලැබේ.

* වයස සති 5 ක්‌ පමණ දක්‌වා සතුන්ට හන්දි ආසාදනය ඇතිවිය හැක.

* එම සතුන් කොරවී ඇවිදීමට අපහසු ගතියක්‌ පෙන්නුම් කරයි.

රෝගය වැළැක්‌වීම

* මව් සතුන්ට එන්නත ලබාදී තිබීම.

* ගොවිපළ ඉතා හොඳ සනීපාරක්‍ෂක කටයුතු.

* කුකුල් වසූරිය

රෝග ලක්‍ෂණ

* කරමලේ තැල්ලේ හා ඇස්‌ අවට තද කළු පැහැති ගැටිති දක්‌නට ලැබේ.

* කිකිළියන්ගේ බිත්තර නිෂ්පාදනය අඩුවීම.

රෝගය වැළැක්‌වීම

* එන්නත් කරවා ගැනීමෙන් කුකුළු වසූරිය වළක්‌වා ගත හැක. සති 5 - 6 වයස්‌වූ විට පළමු වරට සහ වයස මාස 4 දී (බිත්තර දැමීමට පෙර) දෙවැනි වරට බෙහෙත් එන්නත් කිරීම, බැක්‌ටීරියා රෝග.

පුල්ලෝරම් සහ උණ සන්නිපාතය.

වයස දිනක්‌ සිට මසක්‌ දක්‌වා පැටවුන්ට වැළඳේ.

රෝග ලක්‍ෂණ

* කෑම අරුචිය

* පැටව් එක ගොඩට රොක්‌ වෙති.

* සුදු පාචනය.

* විශාල ප්‍රමාණයක්‌ මරණයට පත්වේ.

ඉහත සඳහන් රෝග ලක්‍ෂණ කුකුළු ගොවිපළේ ඇත්නම් පශු වෛද්‍යවරයා හමුවී උපදෙස්‌ ලබා ගන්නා ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස්‌ දෙයි.

යෝක්‌ සැක්‌ රෝගය - රෝග ලක්‍ෂණ

* වයස දින 1 - 7 දක්‌වා පැටවුන්ට වැළඳේ.

* පිම්බුණු උදරය සහ නාභිය කබොලු සහිතව තිබෙනු දක්‌නට ලැබේ.

* පැටව් කුඩා වී අසනීප තත්ත්වයන් පෙන්වීම.

* මරණ සංඛ්‍යාව ඉතා ශීඝ්‍රයෙන් වැඩිවේ.

රෝග වැළැක්‌වීම

පැටවුන්ට වයස දින 1 - 5 දී දක්‌වා ප්‍රතිජීවක ඖෂධ ලබාදිය යුතුය.

කොරැයියා (සෙම් ප්‍රතිශ්‍යාව)

රෝග ලක්‍ෂණ

* නාස්‌ පුඩුවලින් දියරයක්‌ වැගිරෙයි

* කැස්‌ස හා කිවිසුම් ඇතිවේ.

* අස්‌ අවට ඉදිමී, ඇස තුළ චීස්‌ වැනි කහපාට ඝන ද්‍රව්‍යයක්‌ එකතුවේ.

මෙම රෝගය මුලින්ම හඳුනාගතහොත් ප්‍රතිකාර කළ හැක. රෝගය වැළ\qණු සතුන් රැළෙන් ඉවත් කිරීම සුදුසුය. පශු වෛද්‍ය නිලධාරි හමුවී කොරැයියා රෝගය පිළිබඳව උපදෙස්‌ ලබාගන්න.

තොරතුරු සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන අංශය.

සටහන - බමුණාකොටුව - නන්දනසිරි 

ශාන්ත කුමාර

Post a Comment

0 Comments