නිතර මුත්‍රා පහවන්නේ දියවැඩියාවට නොවෙයි


ප්‍රශ්නය - පුරස්‌ථිත ග්‍රන්ථිය නමැති ඉන්ද්‍රියේ පිහිටීම, එමගින් කෙරෙන කාර්යය සහ එය ඉදිමීමෙන් හට ගන්නා ශාරීරික තත්ත්වයන් ගැන පසුගිය සතියේදී අප සාකච්ඡා කළා. අද ඔබ අපට කියන්න පුරස්‌ථිත ග්‍රන්ථය ඉදිමීමෙන් ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද කියලා.

වෛද්‍ය පුෂ්පකුමාර - රෝග ලක්‍ෂණ රැසක්‌ම තිබෙනවා. ඒවා එකින් එක විස්‌තර කරන්නම්. 

1. මුත්‍රා පහවීමේ අවශ්‍යතාව නිතර ඇතිවීම. එනම් දිනකට 8 වතාවකට වඩා මුත්‍රා කිරීමට අවශ්‍ය වීම.

2. මුත්‍රා පහවීමට හටගන්නා අවශ්‍යතාව එකෙනෙහිම ඉටු කිරීමට සිදුවීම. එනම් එම තත්ත්වය පාලනය කර ගැනීමට බැරි ඒම. 

3. මුත්‍ර පහ කරන විට අවධිමත් ගතියක්‌ ඇති වීම. 

4. දුර්වල ලෙස, එක දිගට නොව කඩින් කඩ මුත්‍ර පහවීම.

5. මුත්‍ර පහකිරීමෙන් අනතුරුව තවදුරටත් කොටස්‌ වශයෙන් මුත්‍ර වෑස්‌සීම.

6. රාත්‍රි නින්දේදී මුත්‍රා පහවීම.

7. මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාව හට ගත්තද මුත්‍ර පිට නොවීම .

8. මුත්‍ර පහ කිරීමෙන් පසු තවත් ස්‌වල්පයක්‌ ඉතිරි බව හැඟී යැම සහ එය පහ කර ගැනීමට බැරි වීම.

9.ශුක්‍රානු පිටවීමේදී අධික වේදනාවක්‌ ඇතිවීම සහ මුත්‍ර පහ කිරීමේදී අධික වේදනාවක්‌ ඇතිවීම.

10. මුත්‍රාවල වර්ණය වෙනස්‌ වීම දුඟඳක්‌ හැමීම.

ප්‍රශ්නය - මේ සඳහා ප්‍රතිකාර කරනවිට අතුරු ආබාධ ඇති වන බව සමහරු කියනවා. ඒවා දරා ගැනීමට බැරි තරම් දුෂ්කර වත් කියෑවෙනවා.

වෛද්‍ය පුෂ්පකුමාර - ආයුර්වේද නොවන වෛද්‍ය ක්‍රම මගින් ප්‍රතිකාර ගන්නා විට අතුරු ආබාධ බහුල වශයෙන් ඇති වෙනවා. එහෙත් ආයුර්වේදය මගින් ප්‍රතිකාර කරන විට එය 100% ක්‌ම ශාකසාර ප්‍රතිකාරයන් නිසා අතුරු ආබාධ නැහැ. වෙනත් ක්‍රමවලදී හටගන්නා අතුරු ආබාධ මෙසේයි.

1. බිබිලි, කුෂ්ට සහ දද හට ගැනීම.

2. ඇඟ කැසීම.

3. හුස්‌ම ගැනීම අපහසුව

4. හෘද ස්‌පන්දනය අවිධිමත් වීම.

5. ලිංගික ප්‍රාණවත් වීම මහත්සේ වේදනාකාරී වීම සහ එම වේදනාව පැය කිහිපයක්‌ තිබීම.

6. ඇස්‌, මුහුණ, දිව, තොල්, උගුර, අත්, පාද, වළලුකර හෝ හෘදයේ පහළ කොටස්‌ ඉදිමීම.

7. හුස්‌ම ගැනීමේ හෝ ගිලීමේදි දුෂ්කරතා ඇතිවීම

8. එක්‌වරම නැඟී සිටින සමහර අවස්‌ථාවල හිස කැරකිල්ල හෝ ක්‌ලාන්ත ගතියක්‌ දැනීම. 

9. පෙනීම තාවකාලිකව නැතිවීම හෝ අඩුවීම

10. ඇස්‌ බොඳවීම

11. ශ්‍රවණය නැතිව යැම හෝ අඩුවීම.

12. ලිංගික කටයුතුවල යෙදෙනවිට පපුවේ වේදනාව, හිසේ කැරකිල්ල, හිසේ වේදනාව. ඔක්‌කාරය ගතිය හටගැනීම.

(පුරස්‌ථි ග්‍රන්ථය විශාල වීම වැළැක්‌වීමට ආයුර්වේදය යෝජනා කරන ප්‍රතිකාර ලබන සතියේ)

සාකච්ඡා කළේ 
සංඛනාද වෙදගෙවත්ත

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us