දියවැඩියාව සුව කරන මැල්ලුමක්‌ හා චූර්ණයක්‌


පසුගිය සති ගණනාව පුරාම අප ඔබට දියවැඩියා රෝගයට ප්‍රත්‍යක්‍ෂ ඖෂධ වට්‌ටෝරු සහ භස්‌න ලබා දුන්නා. අප දුන් අලු කෙසෙල් භස්‌නය බෙහෙවින් පලදායි බව පසුගිය සති කිහිපය පුරා ලද දුරකථන ඇමතුම් දහස්‌ ගණනකින් පැහැදිලි වුණා. අද අප ඔබට දෙන්නේ විශේෂ මැල්ලුමක්‌ සහ චූර්නයක්‌. මේවා දියවැඩියාවට ඉතාම ප්‍රත්‍යක්‍ෂයි.

මැල්ලුම - මේ සඳහා අවශ්‍ය වන්නේ නවසි වර්ගයට අයත් පොල්මලක්‌. නවසි සොයාගන්න බැරි නම් සාමාන්‍ය පොල් මලක්‌ වුණත් යෝග්‍යයි. හැබැයි මෙය අනිවාර්යයෙන්ම ඉහිරිලා නැති නොමේරූ පොල් මලක්‌ විය යුතුයි. ඉන්පසු මෙයින් ස්‌වල්පයක්‌ ගෙන හීනියට ලියා සාමාන්‍ය මැල්ලුමක්‌ හදනවිදිහට හදලා දිනකට වරක්‌ බැගින් සති 2 ක්‌ අනුභව කළ යුතුයි. පොල්මල කැබලි කරලා කෙසෙල් කොළවලින් ඔතලා ශීතකරණයේ දමා සතියක්‌ පමණ තබා ගත හැකියි.

චූර්ණය - ඉතා හොඳින් මෝරපු අත්තික්‌කා කිලෝ 3 ක්‌ අරගෙන මදය සූරා අව්වේ වියලා පිටි බවට පත් කර ගත යුතුයි. ඉන්පසු එයින් තේ හැන්දක්‌ බැගින් පිරිසිදු මී පැණි තේ හැන්දක්‌ සමග කලවම් කර දිනපතා උදේ සවස අනුභව කළ යුතුයි.

මේ ප්‍රතිකාර යන අතර දියවැඩියා රෝගියකුට අනුමත වූ ආහාර පමණක්‌ ගත යුතුයි. පළමු සතිය අවසානයේදී රුධිර සීනි පරික්‍ෂා කිරීමෙන් එහි ගුණය ඔබට බලාගත හැකියි.

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

නොමිලේ විවිස්‌තර සඳහා 0753224360/
071 22277620/0815736155 අමතන්න.

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us