අර්ශස්‌ සුව කරන තෙලක්‌ සහ ආලේපයක්‌

රශ්නය - මෙයට සති කිහිපයකට පෙර අර්ශස්‌ රෝගය සහ එය සුව කර ගැනීමට සුදුසු කසාය වර්ග ගැනත් එවැනි රෝගීන් පැවැතිය යුතු ආකාරය ගැනත් අප ඔබ සමඟ සාකච්ඡා කළා. නූතන ජන සමාජයේ විශාල පිරිසකට වධ දෙන මේ රෝගය ගැන තවත් ලිපි පෙළක්‌ පළ කරන ලෙස පාඨකයන් අපෙන් ඉල්ලනවා.

වෛද්‍ය දුමින්ද රණවීර - පසුගිය සති කිහිපය තුළ අප සාකච්ඡා කළේ පාරම්පරික සිංහල වෙදකම මගින් අර්ශස්‌ සුව කරන ආකාරයයි. අද මා ඔබට කියන්නම් ඉන්දියානු ආයුර්වේදය මගින් මේ රෝගය සුව කරන හැටි.

ප්‍රශ්නය - ආයුර්වේදය තුළ අර්ශස්‌ අර්ථකථනය කරන්නේ කොහොමද?

වෛද්‍ය දුමින්ද රණවීර - සතුරකු මෙන් ප්‍රාණය පෙළන රෝගයක්‌ වේද එය අර්ශස්‌ නමින් තමයි ඉන්දියානු ආයුර්වේද වෛද්‍ය ශාස්‌ත්‍රය අර්ශස්‌ රෝගය අර්ථකථනය කරන්නේ. ගුද මාර්ගය, ගුද මුඛය, යෝනි මාර්ගය, ලිංග මාර්ගය යනාදියේ අර්ශස්‌ හටගන්නා බවත් වාතාදී දොෂයන් විසින් සම් මස්‌ මේදය ආදී කොටස්‌ දූෂණය වීම රෝගයට මූල බවත් ආයුර්වේදය පෙන්වා දෙනවා. වැඩි දෙනා නොදන්නවාට සිරුරට වැඩි සැප දීමත් අර්ශස්‌ රෝගයට හේතුවක්‌. මිහිරි හා සිසිල් ආහාර වැඩිපුර ගැනීම, දහවල් නිදා ගැනීම, නිදා ගන්නා විට සුව පහසු මෙට්‌ට භාවිතය. සුව පහසු ආසන පරිහරණය කිරීම සුළං වැදීම යන කාරණාත් අර්ශයට හේතුවන බව ආයුර්වේදයේ එනවා.

ප්‍රශ්නය - අර්ශස්‌ රෝගය සුවපත් කර ගැනීම සඳහා යෝජනා කළ හැකි ආයුර්වේද ඖෂධ මොනවාද?

වෛද්‍ය දුමින්ද රණවීර - රත්නිටුල්, නියඟලා අල, දැත්ත අල, සුවස ලුණු යනාදිය සම සමව ගෙන පෙරාගත් ගව මුත්‍රයෙන් අඹරා ගුද මාර්ග මුඛයෙහි අර්ශස්‌ ගෙඩිවල ආලේප කළ විට සුව වන බව සඳහන් වෙනවා. මෙය සතියකට දින 2 ක්‌ පමණ මාසයක පමණ කාලයක්‌ රාත්‍රි කාලයේදී ආලේප කළ යුතු බව තමයි පුරාණ ග්‍රන්ථවල සඳහන් වන්නේ. 

එසේම තිප්පිලි, මාර ඇට, කොට්‌ටං, සහිඳ ලුණු යනාදිය සම සමව ගෙන වරා කිරෙන් අඹරා අර්ශස්‌ ගෙඩිවල ආලේප කළ යුතු බවත් කියෑවෙනවා. දින 3 කට වරක්‌, රාත්‍රි කාලයේදී මේ ආලේපය කළ යුතු බවත් වෛද්‍යවරයකු ලවා ගුණාගුණ නිරීක්‍ෂණය කරමින් සති හතරක්‌ එක දිගට ආලේප කළ යුතු බවත් කියනවා.

අර්ශස්‌ රෝගය සඳහා ඉතා ගුණදායක තෙල් වර්ගයක්‌ පැරණි ආයුර්වේද පොත්වල සඳහන් වෙනවා. එනසාල්, දැත්තඅල, කනේරු, වළඟසාල්, කළුතුඹ, සහිඳලුණු, රත්නිමුල් මුල් යන ඖෂධ වෙන වෙනම කලං 8 ක්‌ සහ මංචාඩි 12 බැගින් ගෙන අඹරා කල්කයක්‌ හැටියට පිළියෙල කර ගත යුතුයි. ඉන්පසු පිsරිසිදු ජලය නැලි හතරකට වරා කිරි පතක්‌ එකතු කර එයටම තල තෙල් නැලියක්‌ දමා දර ලිපක තබා මදගින්නේ කකාරා ගත යුතුයි. එය පෙරා තබාගෙන දබරැඟිල්ල මතින් හොඳින් තවරා ගුද මාර්ගයේ මුල කොටසේ ඇතුළත ආලේප කළ යුතුයි. මෙය දිනපතාම රාත්‍රියේදී, එක දිගට මාසයක්‌ ආලේප කළ විට අර්ශස්‌ නැති වන බවයි සඳහන් වන්නේ.

මෙහිදී වරා කිරි ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. වරා කිරි කියන්නේ ඖෂධීය ගුණ තිබුණත් විෂ සහිත ද්‍රව්‍යයක්‌. එය අමුවෙන් ඇස්‌වල හෝ සමෙහි ගෑවුණොත් එතැන වන වීමට ඉඩ තිබෙනවා. මේ ගැන අවධානය යොමු කිරීම වැදගත්. විශේෂයෙන්ම මේ හැම තෙලක්‌ම, ආලේපයක්‌ම යෙදීමට පෙර වෛද්‍යවරයකුට පෙන්වා උපදෙස්‌ ගත හැකි නම් යහපත් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. 

(නොමිලේ උපදෙස්‌ සඳහා 0372249276, 0773018158 යන අංකවලින් විමසන්න.)

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us