ලියුකේමියාව සුව කරන නෙල්ලි, අරළු, ඉඟුරු, ගම්මිරිස්‌


වසර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය. 

වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි

ප්‍රශ්නය - ප්‍රධාන ලියුකේමියා වර්ග දෙක සහ ලියුකේමියා රෝගයේ ස්‌වභාවයත් එමගින් ශරීරයේ හට ගන්නා විපර්යාසයන්, ලියුකේමියා රෝගයේ ඉතිහාසය සහ එයට හේතු ගැනත් පසුගිය සතියේ අප කතා කළා. ප්‍රධාන ලියුකේමියා වර්ග දෙක තවත් කොටස්‌වලට බෙදෙන බව බටහිර වෛද්‍යවරයෙක්‌ අපට දන්වා එවා තිබෙනවා. පාරම්පරික වෙදකමේ ඒ ගැන සඳහන් වන්නේ කොහොමද?

වෛද්‍ය වික්‍රමාරච්චි - ප්‍රධාන ලියුකේමියා වර්ග දෙක තුළ තවත් උප වර්ග 5 ක්‌ තිබෙන බව බටහිර වෛද්‍ය විද්‍යාවේ කියනවා. ඒ ඒ රෝග සහ ඒවායේ ස්‌වභාවය මෙසේයි.

1. Acute Myeloid Luekemia

2. Acute Lymphoblastic Leukemia

3. Chronic Lymphocytic Leukemia

4. Chronic Myelogenous Leukemia

5. Hairy Cell Leukemia

1. Acute Myeloid Leukemia ලෙස හැඳින්වෙන ලියුකේමියාව උග්‍ර තත්ත්වයක්‌. එය හටගන්නේ ඇටමිදුලුවලයි. රුධිරයෙහි මූල සෛල නිෂ්පාදනය කරන්නේ ඇටමිදුලු තුළයි. මේවා නොමේරූ සෛල වන අතර මේරූ සෛල බවට පරිවර්තනය වෙනවා. මේ 

සෛල තුන් වර්ගයයි. පළමු වර්ගය මගින් ශරීරයේ පටක තුළට ඔක්‌සිජන් සහ වෙනත් ද්‍රව්‍ය ගෙනයනවා. දෙවැනි වර්ගය වන සුදු රුධිරානු මගින් ආසාදන සහ ප්‍රතිශක්‌තිකරණය නැති කරනවා. තුන්වැනි සෛල වර්ගය තමයි රුධිර පට්‌ටිකා. රුධිරය කැටි ගැසෙන්නට බලපාන්නේ එයයි. පට්‌ටිකා නැත්නම් රුධිරය හැම තැනින්ම වෑස්‌සෙනවා. මේ වර්ගයේ ලියුකේමියාවේ ප්‍රධාන ලක්‍ෂණ වන්නේ නිරන්තර උණ, විඩාව, රුධිර වහනය යනාදියයිs. වයස 60 ඉක්‌ම වූ පිරිමි අයට මෙය වැළඳීමේ අවකාශය වැඩියි.

2. Acute Lymphoblastic Leukemia

 මෙය වහාම ක්‍රියාත්මක වී ප්‍රතිකාර නෙකළහොත් උග්‍ර තත්ත්වයට පත් වෙනවා. මෙහිදී සිදුවන්නේ සුදු රුධිරානු විශාල වශයෙන් නිෂ්පාදනය වීමයි. ලියුකේමියා සෛල වශයෙන් මේ සෛල හැඳින්වෙනවා. මේ සෛලවලට ආසාදන සමග තියුණු ලෙස සටන් කරන්නට බැහැ. මේ සෛල වර්ධනය වනවිට ශක්‌තිමත් සුදු රුධිරානු රතු රුධිරානු සහ පට්‌ටිකාවලට තිබෙන ඉඩකඩ නැති වෙනවා. මෙය මධ්‍ය ස්‌නායු පද්ධතිය දක්‌වා පැතිර යැමට ඉඩ තිබෙන පිළිකා තත්ත්වයක්‌. වයස 70 පසු කළ පිරිමි අයට මෙය වැළඳීමට ඉඩ තිබෙනවා. කලින් රෝග තත්ත්වයට අදාළ රෝග ලක්‍ෂණ තමයි මූලික වශයෙන් මෙයටත් බලපාන්නේ. ඊට 

අමතරව හුස්‌ම ගැනීමේ අපහසුව, සම යටින් රුධිරය වහනය වීම, සිරුරේ බර අඩුවීම සහ කුසගින්න අඩුවීම, ශරීරයේ අස්‌ථි සහ උදරය වේදනා දීම, ගෙල, අත් යට, උදරයේ සහ යටි බඩේ වේදනාවක්‌ නැගීs ගැටිති වැනි ගෙඩි හට ගැනීමත් මෙහි ලක්‍ෂණයක්‌. 

ලියුකේමියා තවත් වර්ග තුනක්‌ පිළිබඳව අපට සාකච්ඡා කිරීමට තිබෙනවා. එය ලබන සතියට කල් තබා ආයුර්වේදය සහ පාරම්පරික සිංහල වෙදකම මේ රෝගය දකින ආකාරයත් එයට ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ඖෂධ වර්ග ගැනත් මෙතැන් සිට සාකච්ඡා කරමු.

වෙනත් වෛද්‍ය ක්‍රමවලදී පිළිකාවට ප්‍රතිකාර කරන විට Traget Treatment ක්‍රමයට යොමුවෙනවා. එනම්, හරියටම පිළිකා සෛලය බලා එය විනාශ කරනවා. එහෙත් විනාශ වූ ඒ සෛලවල කුණ දිගටම ශරීරයේ තිබෙනවා. මේ නිසා ආයුර්වේදය සහ පාරම්පරික සිංහල වෛද්‍ය ක්‍රමය මගින් පිළිකා සෛලයට පමණක්‌ නොව මුළු ශරීරයටම ප්‍රතිකාර කිරීම සිදු වෙනවා. මෙය අප හඳුන්වන්නේ Holistic (සාකල්‍යවාදී) ප්‍රවේශයක්‌ හැටියටයි. අප යොදාගන්නා ශාඛසාර බලපාන්නේ සකල ශරීරයටයි.

ලියුකේමියාවට ප්‍රතිකාර කිරීමට ගන්නා සිංහල /ආයුර්වේද ශාඛසාර ඖෂධය ගැන හැඳින්වීමක්‌

1. අශ්වගන්ධ පැලෑටිය - Withniya Somnifera ලෙස හැඳින්වෙන මේ පැළය සතුව රුධිරයෙහි විෂ නසන ගුණය තිබෙනවා. විඩාව, ආතතිය, ඇඟේ දුර්වලකම, සමඟ සටන් කර පරදවන්නට මේ පැළෑටියට පුළුවන්. 

2. කහ - මෙය විෂ බීජ නාෂක ගුණය තිබෙන ස්‌වාභාවික ශාකයක්‌. ප්‍රතිශක්‌තීකරණය වර්ධනය කරන්නටත් මෙයට පුළුවන්.

3. තුල්සි -  Ocimum Sanctum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන තුල්සි ගස තුළ විෂබීජ නාශක ගුණය ඉහළින්ම තිබෙනවා. ශරීරයේ තිබෙන විෂ ඉවත් කරන්නට තුල්සි ශාක සාරවලට පුළුවන්. ශ්වසන අපහසුතා, හිසේ කැක්‌කුම, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස යනාදියටත් මෙය ඉතා හොඳ ඖෂධයක්‌.

ඊට අමතරව නෙල්ලි, අරළු, ඉඟුරු, තිප්පිලි, ගම්මිරිස්‌ යන ද්‍රව්‍ය ලියුකේමියා ප්‍රතිකාරය සඳහා අප යොදා ගන්නවා. පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමට මා සාදන ලද මහා හරි තෛලය තුළ ඉහත සඳහන් ඖෂධ ඇතුළු තව ඖෂධ රැසක්‌ තිබෙනවා. 

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා0759061771 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments