මීට වසර තිස් පහකට පමණ පෙර අප ජ්‍යාමිතියට හා වීජ ගණිතයට බයේ මර හීන දකිමින් සිටිද්දී අපේ සිත් තුළින් ඒ බිය පලවා හැර අපට ගණිතය නම් විෂය ආදරවන්ත මිතුරෙක් බවට පත්කරදුන්නා වූද, අපව ඒ විෂයෙන් උඩින්ම ගොඩදමා දුන්නාවූද, අපේ නිමල් සර් මට මෑතකදී මතක් වූයේ උපදේශන පතා මා සොයා පැමිණි ගංජා උරන්නට ඇබ්බැහි වූ නව යොවුන් පාසල් සිසුවකු නිසාය.
එකල නිමල් සර් කියූ සැණින් නුගේගොඩ පමණක් නොව මුළු බස්‌නාහිර පලාතම හෙල්ලුම් කා හිටියේ ඔහු තුළ තිබූ දක්‍ෂතාවන් නිසා පමණක් නොව අවංක Rජු නිර්භීත සහ කාරුණික පෞරුෂය නිසාය. ඔහු කියන පරිදි එකල ටියුෂන් හෙවත් අමතර ඉගැන්වීම් යනු පිංකමකි. උදව්වකි. සමාජ සේවයකි. එහෙත් දැන් එය සමාජයට ජන ජීවිතයට සහ පාසල් අධ්‍යාපනට Rජුවම බලපාන බලවත් ගැටලුවකි.
එදා නිමල් සර් ඇතුළු බොහෝ අතිරේක පන්ති කළ ගුරුවරුන් සොයා ආවේ පාසලේ සිටි දුර්වල ළමෝය. එසේම බහුතරයක් දුප්පත් හෝ අඩු ආදායම් ලබන දෙමාපියන්ගේ දරුවෝය. ඒ සැමටම ඔවුහු එකාට මෙන් සැලකූහ. මුදල් මුල් කරගෙන ඒ පසුපස හඹායාමෙන් වැළකුන ඔවුහු බොහෝ දරුවන්ට නොමිලේ තම දැනුම ලබා දුන්නෝය.
දැන් එවන් නිමල් සර්ලා නැත. බිහිවන්නේද නැත. ඒ වෙනුවට බහුතරයක් සිටින්නේ දෙමාපියන් ගසා කන දරුවන්ගේ මොළ විකෘති කරන සීනිබෝල මාස්‌ටර් සර්ලාය. පොල් ගෙඩි අකුරු සහිත මාගල් ප්‍රමාණයේ පෝස්‌ටර් වලින් තාප්ප පුරවා නගරයම කැත කරන "මම්මාර ජාතකය" හෙවත් "මමයි පොර" සංකල්පය විදහා දක්‌වන්නෝය. අන් අය අභිබවා යැමට තැත් දරන තමන් ගුරෙකු නොව බොලිවුඩ් නළුවෙකැයි සිතන ෙ-ත්තුකාර මනමාල සීනිබෝල කයිවාරුකාරයෝය.
අද අප රටේ පවතින ටියුෂන් මාµsයාව සුළුවෙන් හැකිය. නොහැක. මතුපිටින්ද පෝස්‌ටර් වලින් රූපවාහිනි දැන්වීම් වලින්ද පෙන්වන සුන්දරත්වය එහි නැත. බහුතරයක් ටියුෂන් පන්ති වල සිදුවන දේවල් සහ ටියුෂන් ගුරාලාගේ පැටිකිරිය දන්නේ නම් දෙමාපියන් තම දරුවන් ටියුෂන් තියා ඒ පැත්ත පලාතෙන් යන්නටවත් දෙන්නේ නැත.
අපි දැන් එදා මා සොයා ආ දරුවාගේ කතාව අසමු. ඔහු අගනුවරට ආසන්න උප නගරයක වෙසෙන කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක අධ්‍යාපනය ලබන සිසුවෙකි. ඔහු තදින්ම ගංජා උරන්නට ඇබ්බැහි වී සිටියි. මුලින්ම ඔහු ගංජා සුරුට්‌ටුවක් දැක ඇත්තේත් එය පානය කර ඇත්තේත් තමන් සවසට අමතර පන්ති යන ගොඩනැඟිල්ල පිටුපස ඇති කුඩා වන ලැහැබ තුළයි. ඒ වෙන කා සමඟවත් නොව තමන්ට අමතර දැනුම ලබා දෙන ටියුෂන් සර් සහ තවත් කොල්ලන් දෙතුන් දෙනෙකු සමඟිනි. එදා සර් තම සිසුන්ට ගංජා යන මත්ද්‍රව්‍ය හඳුන්වා දී ඇත්තේ "බීපං මල්ලි කිසි අවුලක් නැහැ. ඇඟට කිසි හානියක් නැහැ. හොඳට මතක හිටිනව. නිදිවරාගෙන පාඩං කරන්නත් පුලුවනි" කියමිනි.
"අපිටත් ඕනැ වෙලා තිබුණෙ හොඳට මතකෙ හදාගෙන විභාගෙන් පාස්‌වෙන්නයි. ඒත් දැන් අපිට ඕනැ වෙලා තියෙන්නෙ ගංජයි සිගරටුයි මිස විභාග පාස් වෙන්න නෙමෙයි" ඒ මා වෙත ආ නාඹර තරුණයාගේ අදහසයි.
අද අප රටේ සිටින සෑම අමතර පාඩම් ගුරුවරයෙක්‌ම තම සිසුවන්ට ගංජා උරන්නට ටියුෂන් දෙන්නේ නැති වුවද මෙවැනි තව මෝඩ හරකුන් කීප දෙනෙක් ගැනම අපට කරුණු කාරණා වර්තා වී තිබේ. මතට හුරුවූ තරුණ කොලුවා අනේවාසික ප්‍රතිකාර සහ උපදේශනය සඳහා අප සමඟ තවමත් සබඳතා පවත්වන අතර ගංජා ගැන ටියුෂන් දෙන ගුරාටද අපි පසු දිනම නිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට මැලි නොවීමු.
මත්ද්‍රව්‍ය පමණක් නොව නොමනා ලිංගික ඇසුර සමලිංගික සංකල්පය යන දේවල් යනු එතරම් ගණන් ගත යුතු මහා වැරදි නොවන බවත් ඒවා තරුණ වයසේ කෙලි කොල්ලන් අතර පැවතියාට කමක් නැති බවත් "පාඩම් කටයුතු වලට බාධා නොවන අයුරින් ඒවා කළාට අවුලක් නැතැයි" කියා. උගන්වන ටියුෂන් ගුරුවරු අද සමාජයේ එමටවත් සිටිති. ඔවුන් මෙසේ තම සිසුන්ට එවැනි දේ කියන්නේ තරුණ නව යොවුන් සිත් සතන් තමා වෙත ආකර්ෂණය කර තමා වෙතම බඳවා තබා ගැනීමට බව අපි දනිමු. එසේ බැඳුණු කල සිසුවා වෙනත් පන්තියක් වෙත නොයයි.
"මචං උඹත් වරෙන්කො අපේ පන්තියට. උඹලගේ සර් වගේ මූණ රෆ් කරගත්ත බකපුස්‌සෙක් නෙමේ අපේ සර් කාරයා. එල බුවෙක් මෑන් අපිට එකෙන්ම බොක්‌කටම වදින්නයි කතා කරන්නෙ. µqල් ඕපන් මයින්ඩඩ්. හැංගි හොරා නැහැ කෙළින් කතාව. පොර දෙන ටි්‍රබල් එක්‌ස් සෙක්‌ස් ටෝක්‌ස් වලට කොල්ලන්ට වඩා කෙල්ලොයි චූන් වෙන්නෙ...."
මෙහෙම කියමින් සිසුවා තව තවත් තම මිතුරු සිසුවන් මේ පන්තිය වෙත ගෙන ඒමට කටයුතු කරයි. ගුරුවරයාගේ ආදායම තව තවත් තරවෙයි. පමණක් නොව දෙපැත්ත කැපෙන චූන් කතා වලින් මේ ගුරා තවත් දෙයක් කර ගනී. ඒ හෝර්මෝන මෝරන සුලු, ස්‌පර්ශයට පවා හැඟීම් ඇවිස්‌සෙන, නාඹර ගැටිස්‌සියන්ගේ රස නහර අවදි කර සෙක්‌ස් යනු සාමාන්‍ය දෙයක් බව පෙන්වා ඔවුන් කාමසේවනයට පොළඹවා ගැනීමයි. ඒ තුළින් එම අහිංසක මුව පොව්වන් වැනි දැරියන් අපහරණයට ලක් කර අනාගතයම අන්ධකාරයට ඇද දැමීමයි.
"මං කවදහරි ඕක අහුවෙච්චිදාක ඕකගෙ මොළේ කාලා ලේ බොනව... මගේ නංගිට කරපු අපරාදෙට, කෙල්ල අහුවුණා, මුගෙ සුරංගනා කතා වලට. අපිත් හිතුවා දෙන ටෝක් වලට මෙයා බෝධිසත්තයෙක් කියල. පැණි බේරෙන වදන් දීලා බඳින්නම කියල පොරොන්දු වෙලා අන්තිමට මගේ නංගිගෙ ජීවිතයම විනාස කරල ඒකිව පිස්‌සියෙක් කරල මූ පැන්නනෙ. දැන් අන්තරස්‌දාන වෙලා මූ මේ වගේ කෙල්ලො හත අටක්‌ම අනාථ කරපු එකෙක් කියලයි දැන් අපට ආරංචිය"
ඒ තවත් කපටි වනචර සල්ලාල ටියුෂන් ගුරකුගේ උගුලකට හසුවුණ දැරියකගේ අයියා කෙනෙක් මගේ මිතුරෙක් සමඟ කළ ආවේගිශීලී කතාවක කොටසකි. ඔහු එය පටිගත කරගෙන ඇති අතර මට එය අසන්නට සැලැස්‌වීය.
එමෙන්ම අපට නිරතුරු තොරතුරු සපයන ගම්පහ සුමල් ඔහු දන්නා ටියුෂන් ගුරුන් ගැන බොහෝ දේ පවසා සිටි අතර මේ ඉන් එක් කාරණාවකි.
"පන්සල් වත්තේ ක්‌ලාස් කරන අහවල් සර් වයස වුණාට නාකි මනමාලයා. පොඩි කෙල්ලො පේන්න බැහැ. ඔයා මගේ දුවෙක් වගේ කියල මුලින්ම කෙල්ලන්ව අල්ලල නළල ඉඹිනව. ඊට පස්‌සෙ ටිකෙන් ටික පිළිවෙළට කෙල්ලගෙ විස්‌වාසෙ දිනා ගන්නව. අම්මල තාත්තල පවා හිතන්නෙ මෙයා ගාව තියෙන්නේ දරු පෙමක් සෙනෙහසක් කියලයි. ඇයි හැට පැන්න නාකියෙක්‌නෙ. හැබැයි මාසයක් යන්න ඉස්‌සසෙල්ල මෙයා කෙල්ලව ඔපිස් එකේ පොඩි කාමරයට ගන්නව. හැබැයි එක දෙයක්. මූ දරුවන්ට භයානක අපරාද කරන්නේ නැහැලු. ඒත් ඉතින් පුංචි ළමයින්ගෙ හිත් කොච්චර කැඩෙනව ඇද්ද වෙන මොනා පරිස්‌සං වුණත්....?"
මා දන්නා එක් ටියුෂන් පන්ති ගුරුවරයෙක් සිටී. ඔහු තම පෝස්‌ටරයට දමන්නේ අදාළ වර්ෂයේ උසස් පෙළින් හා සාමාන්‍ය පෙළින් දිවයිනේ ඉහළම සාමාර්ථය ගත් සිසුවාගේ හෝ සිසුවියගේ රූපයයි. එමෙන්ම ඔහුගේ හෝ ඇයගේ නම සහ පාසල් විෂය ධාරාව වැනි දේද පැහැදිලිව ලොකුවට මුද්‍රණය කරයි. එහෙත් මෙම ගුරුවරයාගේ පන්තියට මේ දරුවා කිසිදිනක පැමිණ අකුරක්‌වත් ඉගෙනගෙන නැතිවාසේම කිසිකලෙක ඇසින්වත් දැක නැත. මෙම ගුරුවරයා මෙන්ම තවත් ගුරුවරු බොහෝ දෙනෙක් මෙම ක්‍රමවේදය අනුගමනය කරන අතර ඉන් ඔවුන් බලාපොරොත්තු වන්නේ දකින කියවන අයගේ ආකර්ෂණය දිනාගෙන තම පන්තිය වෙත වැඩි වැඩියෙන් සිසුන් ඇද ගැනීමයි. එවිට බොහෝ දෙමවුපියන් හිතන්නේ "ආ අර දරුවත් ඒ හතරක් ගත්තේ මෙතුමාගේ පන්ති ගිහිල්ලයි. අනේ අපේ එකාවත් මේකට දාලා අඩුගානේ ඒ දෙකයි බී දෙකයි හරි අරන් දෙනවා" කියායි
සමහර ගුරුන් තම පෝස්‌ටර් වලට පෙනී සිටින්නේ ටයි කෝට් දමාගෙනය. තවත් අය අතේ පයේ හා බෙල්ලේ රත්තරන් පොරවගෙන සිටිති. මුහුණ පුරා රැවුල වවාගත් අයත්, පොන්aටින් කට්, ලෙනින් කට් කැපූ අයත්, එමටය. තවත් අය අඩ නිරුවතිනි. තවත් අය රූමත් කාන්තා රූප, ජනප්‍රිය පුද්ගලයන්ගේ මුහුණු, කුඩා දරුවන්ගේ රූප හෝ ටියුෂන් දෙන විෂයට කිසිසේත්ම අදාළ නොවන රූප යොදති. ඒ අතර බෲස්‌ලි, බොබ්මාලි, ෙච්, බ්‍රා කේස් එකට අසුවුනු එන්රිකේ දීපිකා පදුකෝන්, ෂාරුක් ඛාන් වැන්නෝ වෙති. ජිම් ගොස් හොඳින් මස් පිඬු වඩා ගත් අත් බාහු දෙක කිහිල්ලේ මයිල් පේන ලෙස උඩට ඔසවාගෙන ශෘංගාරය මවනවා යෑයි සිතා භීබත්ස්‍ය හෙවත් පිළිකුල් රසය මවන තම රූපය සහිත පෝස්‌ටරයකින් සිසුන් අමතන ගුරෙකු මම මෑතකදී දිටිමි. ඇත්තටම ඔහු මානසික රෝගියෙකුම විය යුතුය.
මහා පරිමාණයේ ටියුෂන් පන්තිවල කාඩ් කපන අය සමහර විට ගුරාලාට වඩා ඉහළින් දඟලති. ඔවුන් හැසිරෙන්නේ එහි ප්‍රින්සිපල් මෙනි. ඔවුන්ද බොහෝ විට මාන බලන්නේ අසරණ කොල්ලෙක් හෝ අහිංසක කෙල්ලෙක් ගෙන් අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගන්නටය. කාඩ් කපන අයට වදින චාන්ස් බොහෝ බව මා අත්දැකීමෙන් දන්නේ මෙයට වසර තිහකට පමණ පෙර මාද බන්ධුල සර්ගේ නුගේගොඩ ඉකෝන් පන්තියේ කාඩ් කපා ඇති නිසාය. ඒ ගෙදරින් දෙන ටියුෂන් ගාස්‌තුවෙන් චිත්‍රපට බලා සිගරට් බී, බන්ධුල සර්. ඉදිරියේ "අනේ සල්ලි නැතිවුණා සර් අපි දුප්පත් ඈයෝ කියා" පින්සෙණ්‌ඩු වූ විට අපට වඩා මැස්‌මොරයිස් බන්ධුල සර් "එහෙනං ගිහින් ටිකට් කපලා කට්‌ටිය ඔක්‌කොම ඇතුළට ආවාට පස්‌සේ උඹලත් වරෙල්ල හැබැයි ඇතුළෙ කෑගහල හෙම අහුවෙන්නෙ නැහැ" කියා අවවාද කරනවාද මට තාම මතකය.
ළමයින්ට හොඳම දේ කියන ස්‌ලෝගනය අපි සෑම රජයකින්ම සෑම ජනපතිවරයෙක්‌ගෙන්ම සෑම අගමැතිවරයෙක්‌ගෙන්ම සෑම අධ්‍යාපන ඇමතිවරයෙක්‌ගෙන්ම අසා ඇත්තෙමු. එහෙත් ළමුන්ට ඒවා කොතෙක් දුරට ලැබෙනවාදැයි අපට පැනයකි.
මිත්‍ර ශ්‍රී කරුණානායක
0 Comments