සොරයිසිස්‌ පාලනය කරන්න පුළුවන්


සමේ පොතු ගැලවීම, ඉදිමීම, ඉදිමුන තැන්වල දැවිල්ල හට ගැනීම සිදු වෙනවා. මේ රෝග තත්ත්වයට අපි මුලදී කියන්නේ සොරයිසිස්‌ කියලා විතරයි. එතැනදී ආත්‍රයිටිස්‌ පදය එකතු වන්නේ නැහැ. පොතු කබර කියන ග්‍රාම්‍ය නමකුත් මෙයට කියනවා. සොරයිසිස්‌ තත්ත්වය උග්‍ර වූ විට ඒ තැන ආත්‍රයිටිස්‌ තත්ත්වයකුත් හට ගන්නවා. එවිට අප කියනවා සොරයිසිස්‌ ආත්‍රයිටිස්‌ කියලා.

වසර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය. 

වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි

ප්‍රශ්නය - පසුගිය සති තුළ අපි ආත්‍රයිටිස්‌ ප්‍රභේද කිහිපයක්‌ ගැන සාකච්ඡා කළා. ආත්‍රයිටිස්‌ ප්‍රභේද සිය ගණනක්‌ තිබෙන බව ඔබ පවසා තිබුණා. සාමාන්‍ය ආත්‍රයිටිස්‌ ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌, ප්‍රති පර්වදාහය හෙවත් සෙප්ටික්‌ ආත්‍රයිටිස්‌ සහ කුඩා ළමුන්ට වැළඳෙන ආත්‍රයිටිස්‌ යනාදිය සමාජයේ බහුල ලෙස පැතිරී ගිය ආත්‍රයිටිස්‌ ප්‍රභේද බව ඔබ කියා තිබුණා. මෙයට අමතරව බහුල ලෙස වැළඳෙන තවත් ආත්‍රයිටිස්‌ ප්‍රභේද තිබෙනවාද? 

වෛද්‍ය වික්‍රමාරච්චිඃ ඔව්ෘ ඒත් අද මා සාකච්ඡා කරන්නට අදහස්‌ කරන්නේ සොරයිසිස්‌ ආත්‍රයිටිස්‌ නැමැති රෝග තත්ත්වය ගැනයි. බහුල ලෙස දකින්නට ලැබෙන රෝගයක්‌ නොවූවත් වැළඳෙන අයට මෙය මහත් පීඩාවක්‌ ගෙන දෙන රෝගයක්‌. මෙය ශරීරය මතුපිට සහ සම යට ප්‍රදාහ තත්ත්වයක්‌. මේ මගින් සමේ පොතු ගැලවීම, ඉදිමීම, ඉදිමුන තැන්වල දැවිල්ල හට ගැනීම සිදු වෙනවා. මේ රෝග තත්ත්වයට අපි මුලදී කියන්නේ සොරයිසිස්‌ කියලා විතරයි. එතැනදී ආත්‍රයිටිස්‌ පදය එකතු වන්නේ නැහැ. පොතු කබර කියන ග්‍රාම්‍ය නමකුත් මෙයට කියනවා. සොරයිසිස්‌ තත්ත්වය උග්‍ර වූ විට ඒ තැන ආත්‍රයිටිස්‌ තත්ත්වයකුත් හට ගන්නවා. එවිට අප කියනවා සොරයිසිස්‌ ආත්‍රයිටිස්‌ කියලා. ප්‍රදාහ ආත්‍රයිටිස්‌ කියන නමත් යොදනවා. සොරයිසිස්‌ රෝගය හැමටම හැදෙන්නෙත් නැහැ. HLA -B27 කියන පටක වර්ගයෙන් ශරීරය නිර්මාණය වුණ අයට විතරයි මේ රෝගය හැදෙන්නේ. මේ පටක වර්ගය ඉතාම ඉක්‌මනින් රෝගීවන පටක විශේෂයක්‌.

ප්‍රශ්නය - මෙය සුව කළ හැකි රෝගයක්‌ද?

වෛද්‍ය වික්‍රමාරාච්චි - මෙය නිට්‌ටාවට සුව කිරීම දුෂ්කරයි. හැබැයි අපේ වෙද පරම්පරාව සොයාගත් සම මතුපිට ආලේප කරන ඖෂධ, මහා හරි තෛලය සහ කසාය වර්ග කිහිපයකින් මෙය පාලනය කරගන්න පුළුවන්.

ඊළඟට රෝගියා කළ යුත්තේ ඒ පාලනය වත්වාගෙන යැමයි. ඒක කරන්න පුළුවන් ආහාරයෙන්. ඇඟ නිවන බෙලි මල්, සව්, බාර්ලි වගේ පානවර්ග සහ ශරීරයේ උණුසුම් ගුණය මැඩ පවත්වන පලා එළවළු සහ සැර නැති මාළු වර්ග ආහාරයට ගැනීම, නිතර ශරීරය පිරිසිදුව තබා ගැනීම, ආතතිය අඩු කර ගත හැකි පරිදි භාවනා ක්‍රමවලට යොමු වීම වැනි දේවල්වලින් රෝගියා තම ජීවන විලාසිතාව සකසා ගත යුතුයි. මත්පැන් හා දුම් පානයෙන් රෝගියා සම්පූර්ණයෙන්ම වැළකීම ඉතාම වැදගත්.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය වික්‍රමාරච්චි - රෝගය හටගත් ස්‌ථානය දැවිල්ල වීම එතැන ඉදිමීම, සන්ධි එකක්‌ හෝ වැඩි ගණනක්‌ නැමීමට හෝ දිග හැරීමට බැරි වීම සොරයිසිස්‌ ආත්‍රයිටිස්‌ රෝගයේ පොදු ලක්‍ෂණයන්. මේ රෝගය වැළඳෙන තැන රතු පැහැ ගැන්වී ඉදිමීම සිදුවන අතර ඒ තැන් ස්‌පර්ශ කළ විට අධික රස්‌නයක්‌ දැනෙනවා. එය ශරීරයේ සෙසු තැන්වල උණුසුමට වඩා ගොඩක්‌ වැඩි උණුසුමක්‌. මෙයට හේතුව පෙර ලිපිවල සඳහන් කළ පරිදි ආත්‍රයිටිස්‌වලින් ආසාදනය වූ තැන විශිෂ්ට ගුරුත්වය වැඩි වීමයි. රෝගය හැදෙන අයගේ සන්ධිවලින් එකේ සිට හතරක ප්‍රමාණයක්‌ රෝගය හැදී පළමු හය මාසයේදී ආසාදනය වෙනවා.

අනෙකුත් ආත්‍රයිටිස්‌ ප්‍රභේදවලදී ශරීරයේ සන්ධි ආසාදනය වීමට මූලික තැනක්‌ ලැබුණත් සොරයිසිස්‌වලදී දත්වල, ඇඟිලි, නියපොතු, ඇඟිලිවල හම යනාදියත් ආසාදනය වී ඉදිමෙන්නට පටන් ගන්නවා. එවිට නියපොත්ත ඇඟිල්ලේ ප්‍රතිවිරුද්ධ පැත්තට නෙරා ඒම සිදු වෙනවා. හිස සහ නාභි ප්‍රදේශවල හම පොතු වශයෙන් ගැලවෙන්නට පටන් ගන්නවා. කොන්දේ මුල වේදනා දෙන්නට පටන් ගන්නවා.

ඊළඟට රෝගියාට මහන්සිය දැනෙන්නට පටන් ගන්නවා. සමහරවිට මේ මහන්සිය දින සති ගණනක්‌ එක දිගට පවතිනවා. ඒ නිසා වැඩ කරන්නට බැරි තත්ත්වයක්‌ හටගෙන විවේක ගන්නට සිදු වෙනවා.

ප්‍රශ්නය - මේ රෝගය හටගන්නේ ඇයි?

වෛද්‍ය වික්‍රමාරච්චි - මෙයට හේතුව හරියාකාරවම කියන්නට බැහැ. හැබැයි ජානමය උරුමයෙන් මේ රෝගය එන අවස්‌ථා තිබෙනවා. මගේ අත්දැකීම් හැටියට ආහාර සහ ජීවන රටාව යන දෙකේ අවුලත් මේ රෝගයට හේතුවක්‌ විය හැකියි.

ප්‍රශ්නය - මෙය චර්ම රෝගයක්‌ ලෙස පෙනී යන නිසා බෝවීමේ ප්‍රවණතාවක්‌ තිබෙනවාද?

වෛද්‍ය වික්‍රමාරච්චි - නැහැ. කිසිසේත්ම නැහැ. මෙය දියවැඩියාව, රුධිර පීඩනය වගේ බෝ නොවන රෝගයක්‌.

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments