කොහිල කැඳවලින් අර්ශස්‌ සුවය


මෙයට වසර 3700 කට පෙර කල අර්ශස්‌ ප්‍රතිකාර ගැන විස්‌තර කෙරෙන පැපිරස්‌ පතක්‌ ඊජිප්තුවෙන් හමුවෙලා තිබෙනවා. ඇකේෂියා (Acaeia)නමැති මධ්‍යධරණී ශාක වර්ගයේ පත්‍ර ගෙන ඒවා අඹරා බඳුනක දමා කකාරා ගුද මාර්ගය තුළට ඇතුළු කර තැබීමෙන් අර්ශස්‌ හෙවත් භගන්ධරා රෝගය නිට්‌ටාවටම සුව වන බව එම පැපිරස්‌ පත්‍රයේ සඳහන් වෙනවා. ක්‍රි.පූ. 460-370 අතර ජීවත් වූ ග්‍රීක වෛද්‍යවරයකු සහ නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටිස්‌ගේ බෙහෙත් වට්‌ටෝරු එකතුවේ අර්ශස්‌ රෝගයට බෙහෙත් සඳහන් වෙලා තිබෙනවා. 

ප්‍රශ්නය - මොනවද මේ අර්ශස්‌?

වෛද්‍ය දිස්‌න රණවීර - මෙය, මෙයට අවුරුදු 3700 කට පෙරත් වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කෙරුණු බවට ඉපැරණි ලිත ඉතිහාසයේ තිබෙන රෝගයක්‌. බෝ නොවන රෝග අතර වඩාත්ම වේදනාකාරී රෝගවලින් එකක්‌ හැටියට අර්ශස්‌ හඳුන්වන්න පුළුවන්. ක්‍රි.පූ. 1700 දී, එනම් මෙයට වසර 3700 කට පෙර කල අර්ශස්‌ ප්‍රතිකාර ගැන විස්‌තර කෙරෙන පැපිරස්‌ පතක්‌ ඊජිප්තුවෙන් හමුවෙලා තිබෙනවා. ඇකේෂියා (Acaeia)නමැති මධ්‍යධරණී ශාක වර්ගයේ පත්‍ර ගෙන ඒවා අඹරා බඳුනක දමා කකාරා ගුද මාර්ගය තුළට ඇතුළු කර තැබීමෙන් අර්ශස්‌ හෙවත් භගන්ධරා රෝගය නිට්‌ටාවටම සුව වන බව එම පැපිරස්‌ පත්‍රයේ සඳහන් වෙනවා. ක්‍රි.පූ. 460-370 අතර ජීවත් වූ ග්‍රීක වෛද්‍යවරයකු සහ නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටිස්‌ගේ බෙහෙත් වට්‌ටෝරු එකතුවේ අර්ශස්‌ රෝගයට බෙහෙත් සඳහන් වෙලා තිබෙනවා. 

ප්‍රශ්නය - ඔබ ඒ කිව්වෙ මේ රෝගයේ ඉතිහාසය. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ පර්යේෂණාත්මකව ප්‍රතිකාර කෙරෙන මේ රෝගය නිට්‌ටාවට සුවපත් කරන්න පුළුවන්ද?

වෛද්‍ය දිස්‌න රණවීර - සියයට සියයක්‌ම පුළුවන්. සාමාන්‍යයෙන් සිදුකෙරෙන්නේ සැත්කමක්‌ මගින් අර්ශස්‌ ගෙඩි කපා ඉවත් කිරීම. එහෙම නැතිව පාරම්පරික සිංහල වෛද්‍ය ක්‍රමයට අනුව කසාය, තෙල්, ගුද මාර්ගයේ තැන්පත් කරන කුඩු වර්ග මගින් මේ රෝගය සුව කළ හැකියි. මෙය අපේ අත්තරගම වෙද පරම්පරාව සතු වෙදකමක්‌ 1948 ජීව අත්තරගම පරම්පරාව සහ එහි නූතන පරම්පරාව වන මා මේ වෙදකම කරනවා. තවත් වැදගත් යමක්‌ සඳහන් කළ යුතුයි. අත්තරගම නූතන වෙද පරම්පරාව බිහිවන්නේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මූලික කරගෙන. අර්ශස්‌ කියන්නේ කෙනකුගේ සිරුරේ උණුසුම් හෙවත් "ගිනියම" පදනම් කරගත් රෝගයක්‌. එක එක විදියට මෙය හැදෙනවා. සමහරුන්ට ලේ යනවා. තව සමහරුන්ට මළ බද්ධය වැළඳෙනවා. සමහරුන්ගේ ගුද මාර්ගය ඉවසන්න බැරි තරම් දැවිල්ල ගන්නවා. තව සමහරුන්ගේ ගුද මාර්ගය අර්ශස්‌ ගෙඩි නිසා අවහිර වෙලා මළපහ කරගන්න බැරි වෙනවා. මෙය ගුදය ආශ්‍රිත රෝගයක්‌ නිසා මුත්‍රා මාර්ගයටත් බලපෑම් ඇති වනවා. සමහරු මේ රෝගය ගැන කියන්න ලඡ්ජයි. ඒ ගැන වෛද්‍යවරයකු එක්‌ක කතා කරන්න ලඡ්ජයි. විශේෂයෙන් කාන්තාවන් මේ රෝගය සඟවාගෙන දුක්‌ විඳීමේ ප්‍රවණතාවක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - මෙයට වයස්‌ සීමාවක්‌ තිබෙනවද?

වෛද්‍ය දිස්‌න රණවීර - නැහැ. පුංචි ළමයාටත්, තරුණයාටත් මහලු අයටත් මේ රෝගය එකසේ හැදෙනවා. මෙය ජානවලින් එන්නත් පුළුවන්· මවුපියන්ගෙන් අයකුට තිබුණොත් දරුවන්ට මෙය ඇතිවිය හැකියි. එසේම නිතරම අධික උෂ්ණ ආහාර ගැනීමෙනුත් මේ රෝගය හැදෙන බව අපේ පාරම්පරික වෙදකමේ කියෑවෙනවා. ඉස්‌සො, දැල්ලො, බලමාළු, බල කරවල වැනි අධි පෝෂ්‍ය සහ විවිධ ඇසිඩ් වර්ග අඩංගු මත්ස්‍ය වර්ගත්, හරක්‌ මසුත් නිතර කන අයටත් මේ රෝගය වැළඳීමේ ඉඩකඩ වැඩියි. රෝගය උත්සන්නවෙලා නිතර නිතර ලේ යන්න පටන් ගත්තාම රෝගියා රක්‌තහීනතාවයෙන් පෙළෙනවා.

ප්‍රශ්නය - අර්ශස්‌ රෝගයට මත්පැන් බලපාන බව ඔබ කිව්වා. ඒ කොහොමද?

වෛද්‍ය දිස්‌න රණවීර - මත්පැන් විතරක්‌ නෙමෙයි සියලු ආකාරයේ මත්ද්‍රව්‍ය මෙයට බලපානවා. මත්පැන් කියන්නේ පානය කරන සැණින් දිවේ සිටම ශරීරයට උරාගන්න දෙයක්‌. එවිට ශරීරයේ සෛල විකෘති වෙනවා. ගුද මාර්ගය කියන්නේ ඉතා සියුම් පටක තිබෙන ප්‍රදේශයක්‌. එවැනි තැනක සෛල විකෘතියක්‌ හටගත්තොත් එමගින් එතැන ගෙඩි ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒවා අර්ශස්‌ ගෙඩි අනෙක්‌ කෙනෙක්‌ මත්පැන් බිව්වට පස්‌සේ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ගන්නෙ නැහැ. ඔවුන් කන්නේ තෙල්, සෝස්‌ සහ කෘත්‍රිම රසකාරක දමා පිළියෙළ කර බැදුණු ආහාර. ඒවා ශරීරයට ඉතාම අහිතකරයි. මේ අතර සමහරු කියනව ඌරුමස්‌ සීතල ආහාරයක්‌. ඒ නිසා අර්ශස්‌වලට හොඳයි කියලා. මෙය පල් බොරුවක්‌.

ප්‍රශ්නය - අර්ශස්‌ සහ මළබද්ධය එකක්‌ පසුපස එන රෝග බව කියනවා...

වෛද්‍ය දිස්‌න රණවීර - අර්ශස්‌ කියන්නේ එක ලෙඩක්‌. මළ බද්ධය කියන්නෙ තව ලෙඩක්‌. හැබැයි අර්ශස්‌ හැදුණාම ගුද මාර්ගය තුළ ගෙඩි හටගෙන එය අවහිර වෙනවා. එවිට මළපහ කරගැනීමට රෝගියාට බැරි වෙනවා.

ප්‍රශ්නය - අර්ශස්‌ රෝගයට ගෙදර හදාගත හැකි අත්බෙහෙත් තිබෙනවද?

වෛද්‍ය දිස්‌න රණවීර - කොහිල අල කැඳ අර්ශස්‌වලට ඉතාම ප්‍රත්‍යක්‍ෂ බෙහෙතක්‌. මෙය හදන හැටි මෙහෙමයි. අඟලක්‌ ගනකම අඟල් දෙකක්‌ දිග කොහිල අලයක්‌ අරගෙන පිරිසිදු කරගන්න. ගොටුකොළ මිටක්‌ සහ පොතු ඉවත් කරගත් රතුළුEනු ගෙඩි පහකුත් ගන්න. මේවා වංගෙඩියක දමා කොටමින් වතුර කෝප්ප භාගයක්‌ පමණ එකතු කරන්න. එහෙම නැත්නම් බ්ලෙන්ඩරයක දමා බ්ලෙන්ඩ් කරන්න. ඉන්පසු ඉස්‌ම ටික පෙරා හෝ මිරිකාගෙන එළඟිතෙල් මේස හැඳි භාගයක්‌ දමා ළිපේ තබා රත්කර ගන්න. නිවුණු පසු පානය කරන්න. හිස්‌බඩ සතියකට දවස්‌ දෙක තුනක්‌ මෙය පානය කරනවා. සති හතරක්‌ තුළ ලැබෙන ගුණය ඔබ දැනගන්න.

(නොමිලේ උපදෙස්‌ සඳහා 0372249276, 0773018158 යන අංකවලින් විමසන්න.)

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments