වෙල්ලස්‌ස අරගලය නිසා වැද්දන් බවට පත්වූ උඩරට රදළ පවුල්


1818 වෙල්ලස්‌ස නිදහස්‌ අරගලය ඉංග්‍රීසීන් විසින් මැඬපැවැත්වූ ආකාරය ඉතා නින්දනීය වේ. අද ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිsමිකම්, සුළු ජන අයිතිවාසිකම්, ප්‍රජා අයිතිවාසිකම් ආදී මෙකී නොකී සියල්ල කතා කරන මොවුහු එදා තිරිසනුන් ආකාරයෙන් කටයුතු කළහ. මළ මිනී දෙක තුනක්‌ වැවකට හෝ ගඟකට දමා ඒවා කුණු වී වසංගත රෝග බෝවූ විට බොහෝ දෙනා මියයද්දී ඉතිරි අය ගම දමා ගොස්‌ පණ බේරා ගත්හ. මේ අතර මරණ බය නිසා කැලෑ වැදුණු අය වැද්දන් බවට පත්වූහ. මහියංගන වැද්දන්ගෙන් (ඌවේ) බොහෝ දෙනෙක්‌ එබඳු අය වූහ.

මෑතකදී මියගිය රතුගල වැදි පරපුරේ ප්‍රධානී රන්දුනු වන්නියා නමැති වැදි නායකයා දැන සිටි සුවිශේෂී පුවතක්‌ විය. දැන් එම වරිගයේ නායක සුදු බණ්‌ඩා වන්නියා ද ඒ බව දනී.

ඌවේ දුනු ඊතල හමුදාව (දුනුවායන්) මහනුවර රාජධානිය සමයේදී සුවිශේෂී යුද කාර්යයක්‌ ඉටුකරන ලදී. මේ සම්බන්ධයෙන් සෙසු ප්‍රදේශවලට වඩා ඌව විශේෂත්වයත් දැක්‌වීය. දානිගල වලව්වේ බණ්‌ඩාර ඌව ප්‍රදේශයේද මහා ශූර දුනුවායා විය. ඔහු හා ඔහුගේ කණ්‌ඩායමෙන් සෙංකඩගල නුවර රජුට තම යුද කටයුතු සඳහා ලැබුණේ නොමඳ සහායකි. අද මෙන් වැටුප් හා පහසුකම් ලබමින් නොව හුදෙක්‌ රට වෙනුවෙන් යුද කළ එම රණවිරුවන් සටන් කළේ ආත්ම පරිත්‍යාගයෙනි. තමා උපන් හා තමන් පෝෂණය ලද මහ පොළව තම දරු මුණුබුරු පරම්පරාවන්ටද එසේම උරුමකර තැබීමට ඔවුහු රණබිමට ගියහ. "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි" වැනි චාටු වදන් කියමින් ජාතිය පාවා දුන් දේශපාලනඥයන් සමග මොවුන්ගේ සැබෑ ජාතිප්‍රේමය සස¹ බැලීම වටී.

වෙල්ලස්‌ස අරගලය මැඬපවත්වා ගැනීම අපහසු වන විට ඉංග්‍රීසීහු දරුණු ම්ලේච්ඡයන් ලෙස කටයුතු කළහ. බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාර තැන විසින් මේජර් ජනරාල් මැක්‌ඩොනල්ඩ් ලවා ඌවේ ක්‍රියාත්මක කරන ලද පංචවිධ මර්දන ක්‍රියාවලියක්‌ විය.

1. පල දරන ගස්‌ සියල්ල කපා දැමීම.

2. වයස 18 ට වැඩි පිරිමින් මරා දැමීම.

3. කෙත්වතුවල ඇති අස්‌වනු සියල්ල හා ගෙවල් ගිනිලා පිළිස්‌සීම.

4. වැව් සහ වාරිමාර්ග සියල්ල කඩාබිඳ පුපුරුවා විනාශ කිරීම.

5. හරකුන් මරා අවශ්‍ය ප්‍රමාණය ආහාරයට ගැනීම.

ගස්‌ කැපීම අවශ්‍ය වුණේ කැලෑ වැදුණු මිනිසුන් කැලෑවේ ඇති ගස්‌වල ගඩාගෙඩි කමින් සටන් කිරීම නිසාය. මහනුවර අවට කැලෑවැදුණු මිනිසුන්ට වැසි කාලය එළඹී නැවත යුද්යට එනතුරු ගඩා ගෙඩි කමින් ජීවත් වීමට පළතුරු කැලෑවන් ඇරඹුවේ සෙනරත් රජු විසිනි. ඌවේ ද මෙබඳු කැලෑ ඇති කරන ලදී. පෘතුගීසින් හා ලන්දේසීන් මුහුදුබඩ ප්‍රදේශවල සිට උඩරට ආක්‍රමණය කළ විටදී සිදුවූයේ වැසි සමය එළඹෙනතුරු පසුබසිමින් සිට වැසි සමය එළඹුන විට මුහුණට මුහුණ සටන් කර පලා යැමය. (ගරිල්ලා ක්‍රම) ඇතැම්විට හැංගී සිට පහරදී පලා ගියහ.

ආයුධයක්‌ අතින් ගත් සෑම පිරිමියෙක්‌ම මරා දැමිය යුතු බව බ්‍රවුන්රිග් නියෝගය විය. මින් වසර 50 - 60 ඉහත දීද කැලෑබද ගම්වල වැසියන් ගමනක්‌ යනවිට කැත්තක්‌ අත ඇතිව ගමන් කළහ. කුඹුරට හෝ හේනට යන ගොවියා උදැල්ල, කැත්ත ඇතිව ගියහ. මේවා පහරදිය හැකි ආයුධ ලෙස සැලකිය යුතු බව බ්‍රවුන්රිග් දැන්වීය. ඒ අනුව කැත්ත, උදැල්ල ඇතිව ගමන් කළ ගැමියන් මරා දැමීම යනු සෑම වැඩිහිටි පිරිමියෙක්‌ම මරා දැමීම බවට පත්වුණි.

මිනිසුන් සටන් කරන්නේ උදරය පිරී ඇති විටදීය. යුද හමුදාවක්‌ ගමන් කරන්නේ උදරයෙන් බව ප්‍රකාශ කළ ගැමුණු කුමරු විසින් තිස්‌ස කුමරුන්ට කීවේ දීඝවාපී ප්‍රදේශයට ගොස්‌ කුඹුරු කරවන ලෙසටය. ඒ ඉදිරියේදී යුද හමුදාවට අවශ්‍ය ආහාර සපයා ගැනීමටය. නමුත් පාසලේදී අපට ඉගැන්වූයේ නැපෝලියන් බොනපාට්‌ විසින් මේ බව (හමුදාව උදරයෙන් ගමන් කරන බව) ප්‍රකාශ කළ බවකි. ඒ සමගම පිදුරු හෝ අතු සෙවිලි කළ මැටි ගෙවල්වලටද ගිනි තැබීමට උපදෙස්‌ දුන්නේ නිවැසියන් ගෙවල්වලින් පිට වී පලා යැමට සැලැස්‌වීමටය.

වැව් හා වාරි මාර්ග ක්‍රම කඩා බිඳ පුපුරුවා හැරීම අවශ්‍ය වුණේ වී වපුරා ගත නොහැකිව ජනතාව බඩගින්නේ තබා යටත් කර ගැනීමටය. ඌවේ සහ නැගෙනහිර පළාතේ විශාල ප්‍රමාණයක්‌ වැව් තිබුණි. කුඹුක්‌කන් ඔයෙහි කුඹුක්‌කන් කුමරු විසින් (රාවණගේ සොයුරු) ඉදිකර තිබූ කුඹුක්‌කන් ගල් අමුණ බ්‍රවුන්රිග් උපදෙස්‌ පරිදි මැක්‌ඩොනල්ඩ් විසින් වෙඩි දමා පුපුරුවා හරින ලදී. අක්‌කර 21,000 ක්‌ අයත් මහා වෙල් යායට (අද යාල අභයභූමියේ) ජල සම්පාදනය කළේ එම අමුණෙන් සෑදු ඇළවල් වලිනි. මොනරාගල පොලිස්‌ නිලධාරීන්, ප්‍රදේශයේ දඩයක්‌කරුවන් හා යාල ආරක්‍ෂක නිලධාරීන් දැන සිටින මෙම විනාශ වූ අමුණ සොයා ගැනීමට පුරාවිද්‍යාව ඉමහත් මැලිකමක්‌ දක්‌වයි. ඒ රාවණ යුගයක ඉතිහාසය ඉන් මතුවන නිසාය.

ගවයා ගොවිතැනට සහාය වූ සහ පෝර සපයා දුන් සත්වයෙකිs. ගවයා නැතිවද ගොවිතැන් කළ නොහැක. ගවයන් දුටුතැන මරා දැමීමට නියෝග කළේ එබැවිනි. උන්ගෙන් අවශ්‍යතාවයට ප්‍රමාණවත් මස්‌ද ලබාගත හැක. යුද හමුදාවල ආහාරය ගවමස්‌ය. කෝල්බෲක්‌ කොමිසම විසින් රටේ ආහාර තොග ගණන් ගැනීමේදී හරකුන් සංඛ්‍යාව දැක්‌වූයේ මස්‌ තොගය ලෙසටය.

රාජාධි රාජසිංහ රජු විසින් දානිගෙල වලව්වේ බණ්‌ඩාර නමැති අසහාය දක්‍ෂ දුනුවායාට රනින් කළ දුන්නක්‌ ප්‍රදානය කළේ ගෞරවය උදෙසාය. එමෙන්ම දානිගල වලව්වේ රන්දුනු මහ බණ්‌ඩාර ලෙස ගෞරව නාමයක්‌ ලබාදී ගම්වරයක්‌ද පරිත්‍යාග කරන ලදී. 1818 දී වැඩිමහලු වයසේ සිටි රන්දුනු මහ බණ්‌ඩාරද දේශප්‍රේමී සටන්කරුවන්ට එකතු වී ඉංග්‍රීසින්ට විරුද්ධව තම දුන්න ක්‍රියාත්මක කළේය. මුලදී සාර්ථක වුවද තෑගි මුදල් ලැබූ ඔත්තුකරුවන් විසින් රන්දුනු මහ බණ්‌ඩාර ගැන ඔත්තු ලබාදුන් නිසා ඔහු මරා දමන ලදී. අනතුරුව ඔහුගේ නිවස ගිනි තැබූ කල බිරිඳ හා ළමුන් පලා ගියහ. ඔහුගේ ඉඩකඩම්ද රාජසන්තක කරන ලද අතර කිට්‌ටු ඥතීන්ටද තර්ජනය කර පලා යන්නට සැලැස්‌වීය. ඒ සැමට මහවනය රැකවරණ සැලසීය.

වනාන්තරයට යට වූ මෙම ෙ€දවාචකය මානව විද්‍යාත්මක හා ඓතිහාසික සිද්ධියක්‌ කිරීමට දොස්‌තර ආර්. එල්. ස්‌පිට්‌ල් හා මහාචාර්ය සෙනරත් පරණවිතාන උත්සාහ ගත්හ. කැලෑ වැදුණු රණවිරුවන් මහියංගණ හා බින්තැන්න වැද්දන් ලෙස ස්‌පිට්‌ල් විසින් හඳුනාගෙන ඔවුන්ගේ රසවත් තොරතුරු ඇතුළත් වණ සරණ (Savage Sanctuary) ලිවීය. කට බොරු කීවත් දිව බොරු නොකියන්නා සේ රණවිරුවන්ට පිහිට වූ "වණයේ සරණ" තම කෘතියෙන් එළිදැක්‌වීය. "සැවේඡ් සැංචුවරි" යනු වනචාරී මිනිසුන්ගේ අභය භූමිය යන්නය. මහ වෙල්යාය (අක්‌. 21,000) ඇතුළත් කොටස සතුන්ගේ අභය භූමිය බවට පත්කළ මානව හිතවාදී සුද්දොa බින්තැන්නේ සීතල වන්නිය වනචාරීන්ගේ අභය භූමිය ලෙස දුටුවේය. ඉංග්‍රීසිකාරයකු වුවද එංගලන්තය සහ ක්‍රිස්‌තියානි භක්‌තිකයකු වූද, ඉංග්‍රීසින් කෙරේ බලවත් භක්‌තියක්‌ ඇති පුරාවිද්‍යාඥයකු හා ඉතිහාසඥයකු වූද, මහාචාර්ය සෙනරත් පරණවිතාන හේතු සාධක රහිත පක්‍ෂග්‍රාහී නිගමනයකට එළඹියේය. එනම් කුවේනිගේ දරුවන් දෙදෙනාගෙන් පුලින්දයින් ඇතිවූ බව මහා වංශය කී විට එම පුලින්දයන් යනු වැද්දන් බවට අර්ථ නිරූපණය කිරීමය. මෙසේ අර්ථකථනය කිරීමට ප්‍රමාණවත් කිසිම මූලාශ්‍රයක්‌ හෝ සාක්‍ෂියක්‌ මහාචාර්ය පරණවිතාන විසින් ඉදිරිපත් කර නැත. නමුත් පාසලේ ඉතිහාස පාඩම සමඟ සෑම දරුවකුටම (මා සහිත) උගන්වා ඇත්තේ වැද්දන් යනු කුවේනිගේ දරුවන්ගෙන් පැවතෙන පරම්පරාවන් බවය. වැද්දන් යනු යකුන්ගෙන් පැවතෙන නමුත් ගොවිතැන් පුරුදු වී ගමේ වාසයට නොආ පිරිස බව දැන් ඉතිහාසඥ මතයයි. විජයට පෙර මෙරට ගෝත්‍රික තත්ත්වයෙන් විසූ හෙළයන්ගේ ඉතිහාසය මේ මගින් අප ඇසින් ඉවත් කරන ලදී. "කදිමට නෙළුE බුදුරුවක්‌ නොවැ.... මාවත අනතුරු බාදා කිසිත් නෑ..." ආදී පිරිසිදු හෙළ බස කතා කළ දුනු ඊතල අතින් ගත් තන්තිරිමලේ වැද්දන් මෙම ලියුම්කරුට දක්‌නට ලැබුණේ 1952 දී ඔහුගේ ළමා වියේදීය. මහියංගනේ සිටින පොඡ්ජ, පොඡ්ජ" අඛණ්‌ඩව උසුරුවන අය එබැවින් වැද්දන් විය නොහැක. හෙළ බස වහරණ වැද්දන් තන්තිරිමලයේත් පොඡ්ජ පොඡ්ජ වහරන වැද්දන් බින්තැන්නේ හා මහියංගණයේත් වසන්නේ කෙසේද? තන්තිරිමලයේ ඔරිජිනල් වැද්දන්" හා මහියංගණය අලුත් (1818) වැද්දන් පමණක්‌ ඉතිරි වී ඇත.

ක්‌වේරෝස්‌ පියතුමාගේ (පෘතුගීසි) ග්‍රන්ථයට හෝ ආර්. එල්. ස්‌පිට්‌ල්ගේ හෝ ලයනල් ස්‌ටේ්‍රන්ජර්වේස්‌ගේ ලේඛනවලට හසු නොවූ දෙමළ කතා කරන වෙරළබඩ වැද්දන් කොටසක්‌ 1976 න් පසු (වඩුක්‌කොඩේ සම්මේලනයෙන් පසු) සොයාගෙන ඇත. මේ සොයා ගැනීම කර ඇත්තේ එක්‌තරා ක්‍රිස්‌තියානි සභාවකට අයත් උගතුන්, මානව විද්‍යාඥයන් හා එන්. ජී. ඕ. කාරයන් විසිනි. මේ අය Coastal Veddha) වෙරළබඩ වැද්දා) යනුවෙන් හැඳින්වේ. දෙමළ කතා කරන කිසිවෙක්‌ නැගෙනහිර වෙරළබඩ නොවූ බව 1801 දී ඡේම්ස්‌ කෝඩිනර් ප්‍රකාශ කළේ තංගල්ලේ සිට ත්‍රිකුණාමලයට පයින් ගිය පසුවය. දැන් නැගෙනහිර පළාතේද මලබාරයන් (දෙමළ) පදිංචි කරවීම සුදුසු බව ටොරින්ටන් ආණ්‌ඩුකාර තැන විසින් යටත් විජිත මහ ලේකම්ට (ගේ්‍ර සාමි) දක්‌වන්නේ 1848.08.11 දිනදීය. මහවැව් යටතේ ඉඩම් කට්‌ටි කැඩූ ආකාරය 1856 න් පසු මැනුම්පතිගේ වාර්ෂික වාර්තාවල සඳහන්ය. කන්තලේ වැව යටත පමණක්‌ ඉඩම් කට්‌ටි 6000 ක්‌ කඩා තිබුණි. නමුත් වෙරළබඩින් ගෙන ආ මෙම මලබාර් දෙමළ අය ගොවිතැන් නොදත් අය වෙති. එබැවින් සමහරු දඩයමටද, තවත් සමහරු මාළු ඇල්ලීමටද, තවත් සමහරු ලී කැපීමටද, වෙළෙ¹ම්වලටද ආදී කටයුතුවලට ගියහ. වෙරළබඩ දෙමළ කතා කරන වැද්දා (Coastal Veddha who Speaks Tamil) බිහිවුණේ මෙසේය. නමුත් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් Ph.d (ආචාර්ය) උපාධි ලද ඉතිහාස මහාචාර්යවරුන් සිංහලයාට වඩා පැරැණි දෙමළ කතා කරන වැද්දන් ලෙස මොවුන් හඳුන්වති. කුවේනිගේ දරුවන්ගෙන් වැද්දන් (පුලින්ද) බිහිවූ මහාචාර්ය පරණවිතාන මතයට වඩා මෙය පැරැණි බව ඊළාම්වාදීහු කියති. වසර 3000 ත් පැරැණි දෙමළ නිජබිම "ඔප්පු කිරීමේ" මහා අ (සත්‍ය) සාධකය මෙයයි. කිසිම මානව විද්‍යාඥයෙකුට හෝ ඉතිහාසඥයෙකුට 1818 දී කැලෑ වැදුණු රණවිරුවන්ගෙන් පැවත ආ බින්තැන්න මහියංගන වැද්දන් හමුවී නැත. 
ෙµdනීසාර් සෙµර්තීර් නමැති තමා මහාචාර්යවරියක්‌ බව කියාගත් ස්‌වීඩන් ජාතික කාන්තාව දඹානේ අවුරුදු 8 ක්‌ වැද්දන් සමග ජීවත් විය. වන්නිය ලැත්තන් සමාජයට හඳුන්වා දී ඔවුන් ආදිවාසීන් කළාය. ඇය ආපසු ගියේ දරුවකු ද ලබාගෙනය. කැලෑවට වැදුණු වෙල්ලස්‌ස වාසීන් මෙසේ අපගේ ඇසින් ඉවත් කිරීමට බටහිර විශ්වවිද්‍යාල සමත් විය.

දානිගල වලව්වේ රන්දුනු මහ බණ්‌ඩාරගෙන් පැවතෙන්නන් ඇති බව 2008 පමණ කාලයේදී එළිදරව් වූයේ රතුගල වැදි නායක රන්දුනු වන්නියා මියයැමට ආසන්න අවධියේදීය. ඉන්පසු නායකත්වයට පත්වූයේ රන්දුණු සුදු බණ්‌ඩා වන්නියාය. ඔහු තවමත් එම රැහේ නායකයාය. මෙම ලිපියට නිමිත්ත වූයේ ඔහුගේ නැඟණිය චන්ද්‍රලතා නොවැ. 27 ඉරිදා මිය යැමයි.

මින් වසර 15 කට ඉහත කාලයකදී පමණ අම්පාර සිටි උසස්‌ පොලිස්‌ නිලධාරියකු (ස.පො. අධිකාරි විය හැක) සුදු බණ්‌ඩාගේ නැඟණිය ඇයගේ දෙමවුපියන්ගෙන් (රන්දුණු වන්නියා) ලබාගත්තේ දරුකටම හදා ගැනීමට බව කියමිනි. ඔහු මොරටුවේ වැසියකු වන අතර බර්ගර් ජාතිකයකු විය හැක. වයස අවු. 14, 15 පමණ වියේ වූ ඇයට සිංහල කතාව පුරුදු කර පාසල් නොයවා ගෙදර වැඩටපලට යොදාගත්තේ මෙහෙකාරියක ලෙසටය. නමුත් පොලිස්‌ නිලධාරියා ඇයට හොඳින් සලකා ඇත. ඉඩම් කැබැල්ලක්‌ හා ගෙයක්‌ ඇගේ නමට ලියූ බවත් දැනගන්නට ඇත. විශ්‍රාම යැමෙන් පසු රෝගී තත්ත්වයේ පසුවූ පොලිස්‌ නිලධාරියාට උවටැන් කරන ලද්දේ ඇය විසිනි. මේ නිසා මානුෂික සම්බන්ධතා දියුණු වීමක්‌ ද විය.

පොලිස්‌ නිලධාරියාගේ දරුවන් දෙදෙනා විවාහ වී විදේශගතව සිටි අතර පියාගේ මළගමට ලංකාවට ආහ. සුදු බණ්‌ඩා වන්නියාගේ සොහොයුරියට චන්ද්‍රලතා නමින් උප්පැන්නයක්‌ද සාදා ජාතික හැඳුනුම් පතක්‌ද සකස්‌ කරදී තිබුණි. දැන් චන්ද්‍රලතාව පලවා හැරීමට පොලිස්‌ නිලධාරියාගේ දරුවන් දෙදෙනා උත්සාහ දැරූහ. මේ බව ඇය තම සොහොයුරාට දැනුම් දුන් විට පැමිණ පොලිසියේ පැමිණිල්ලක්‌ද සටහන් කර චන්ද්‍රලතාව මොරටුවෙන් ඉවත් කරගෙන ගියහ. නමුත් ගෙයි මුල්ලේ සිටි මින් සමාජගත නොවී සිටීම නිසා දැන් ඇයට සිංහල සමාජයට මිශ්‍රවිය නොහැක. එමෙන්ම රතුගල වැදි ජීවිතය නුපුරුදු නිසා වැදි ජීවිතයටද පුරුදු විය නොහැක. එවිට කුරුණෑගල පදිංචිව සිටි නිකවැරටිය තෙන්නකෝන් පරම්පරාවට අයත් සරත් තෙන්නකෝන් නමැති (විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකි) මහතෙක්‌ ඇයව සමාජගත කිරීම සඳහා භාර ගත්තේ හුදු පරෝපකාරී ෙච්තනාවෙනි. මෙම ලියුම්කරුට චන්ද්‍රලතා හමුවන්නේ එම තෙන්නකෝන් මහතාගේ නිවසේදීය. ඒ 2005 තරම කාලයේදීය.

ඇය ඉතා නිශ්චල නිශ්ශබ්ද එමෙන්ම සෙමෙන් ක්‍රියාත්මක වන තැනැත්තියකි. අප කියන සියලු දේ ඇයට වැටහුනද ඇගේ කතාව ඉතා සීමිතය. 

මේ ඇගේ කුලෑටි බව නිසා බව කවුරුත් සිතූහ. මාස 4 ක්‌ පමණ කාලයකදී ඇය සිංහල හෝඩිය ඉගෙනගෙන අකුරු ලිවීමට හා වචන කියවීමට ද පුරුදු විය. මුළුගැන්වුණ කුලෑටි ගතිය නිසා ඇය අමුතු ස්‌වභාවයක්‌ ගෙන ඇතැයි අප සිතුවද මෑතකදී හෙළිදරව් වූයේ පෙනහැල්ලේ ආබාධයක්‌ (ඇදුම ගතිය) හා හෘදය වස්‌තුවේද ආබාධයක්‌ තිබූ බවය. ඉක්‌මණින්ම මහන්සි වීම මිස ඒ ඇයගේ කුලෑටි හා මුළුගැන්වුණ ස්‌වභාවය නොවේ. මේ බව අවබෝධ වූයේ ඇගේ මරණ පරීක්‍ෂණයේදීය. එතෙක්‌ මේ සියල්ල ඇගේ ගති ස්‌වභාවය ලෙසම සැලකිණ.

සරත් තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් රතු ගලගමින් ඉඩමක්‌ මිලදී ගෙන කුඩා ගෙයක්‌ද සාදා තලතුනා ඥති කාන්තාවක්‌ සමඟ ඇය එහි පදිංචිකර වූයේ රතුගල ජීවිතයට ඇබ්බැහිව විවාහ වී ජීවිත ස්‌ථාවර කර ගැනීමටය. නමුත් එයද ඉටු නොවීය. මොරටුවේ සිටියදී එම පොලිස්‌ නිලධාරියාගේ ගෙදර වැඩවලට උදව්වට නිතර ආ තරුණයෙකු ඇයව තම දැලට පටලවාගෙන පෙම් සබඳතාවක්‌ තිබූ බව චන්ද්‍රලතා කී බවක්‌ තෙන්නකෝන් මහතා මා සමග පවත්වා ඇත. ඇගේ අමුතු ස්‌වභාවයට එම වෙන්වීමෙන් ලත් කම්පනය හේතුවී ඇත්දැයි ඔහු පරීක්‍ෂාකාරීව ගවේෂණය කළද එය එතරම් තදින් බලපා නැති බව ඒත්තු ගතහැකි විය. මේ සියලු ෙ€දවාදකයන්ට මුහුණ දෙමින් වසර 37 කට ආසන්න ජීවිතයක්‌ ගෙවා චන්ද්‍රලතා මෙම නොවැම්බර් 27 ඉරිදා මියගියාය.

මේ 1818 වෙල්ලස්‌ස නිදහස්‌ අරගලයේදී ඉංග්‍රීසින්ගේ ම්ලේච්ඡත්වයට මුහුණදුන් ඒත් ප්‍රභූ පවුලක කතාවයි. දානිගල වලව්වේ රන් දුනු මහ බණ්‌ඩාරට පමණක්‌ නොව ඔහුගේ හත්වැනි පරම්පරාවටද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සමූහාණ්‌ඩුවේ පාලනය යටත පවා එම අසාධාරණයන් එලෙසම බලපායි. අවුරුදු 198 ට පසුවත් දරුණු වධ හිංසාවට පත්වීම සඳහා මෙම රණවිරුවන් කළ වරද කුමක්‌ද? මේ මෙරට ජනතාව විසින් ඇස්‌ ඇර බැලිය යුතු කරුණකි.

ලංකාණ්‌ඩුව මෙරට සුළු ජන කොටස්‌වලට සිදුවේ යෑයි කියන අසාධාරණයන් ගැන මහ හඬින් කතා කරයි. ජාතිවාදීන් යෑයි සිංහලයන්ට ගොරවයි. ඔරවයි. මෙරට සිදුවූ හා සිදුවන සැබෑ අසාධාරණකම් හා මානව හිමිකම් කඩවීම්වලට ඔවුහු අඳ ගොළු බිහිරි වෘත්තය රකිති. ත්‍රස්‌තවාදී කැරැල්ලක්‌ මර්දනය කිරීමේදී සිදුවූයේ යෑයි කියන යුද අපරාධ (ත්‍රස්‌තවාදය මර්දනය යුද්ධයක්‌ නොවේ) ගැන හමුදා නිලධාරීන්ට දඬුවම් දිමට රජය කැස කවයි. මේ එක්‌සත් ජාතීන්ගේ හා ඇමරිකාවේ යටත් සේවකයන් වී "ගුඩ් බෝයි" කියවා ගැනීමටය.

1815 දී මහනුවර ගිවිසුම සඳහා දෙපාර්ශ්වය වූයේ එංගලන්තයේ තුන්වැනි ජෝර්ඡ් රජු හා සිංහලේ රට වැසියන්ය. ලංකාව නමැති රටක නොව "සිංහලේ" නමැති රටක පාලනය එම රට වැසියන් විසින් එංගලන්ත රජුට පවරන ලදී. සියලු රජ සිරිත් නොකඩවා පිලිපදින්ඩ ඕනෑය..." යනුවෙන් සිංහල රාජ නීති අනුව රාජසිංහ රජවරුන් මෙන් රට පාලනය කිරීමට කොන්ත්‍රාත්තුවක්‌ භාරදුන්නා මිස සිංහලයින් විසින් රට පාවාදුන්නා නොවේ. 

වසර තුනකට පසු 1918 නොවැ. 21 දින බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාර තැන විසින් Declaration (ප්‍රකාශය) නමැති ලියවිල්ලක්‌ මගින් ප්‍රකාශ කළේ ඉංග්‍රීසින් විසින් ඒක පාක්‍ෂිකව ගිවිසුම කඩකල බවය. එනම් ගිවිසුම අවසන් බව ඉදිරියට ඉංග්‍රීසින් මෙරට පරම බලය බවත් සිංහලේ රටවැසියන් හුදු යටත් විජිත වැසියන් පමණක්‌ බවත් ඉන් කියෑවිණි. ඒ අනුව දිසාවේ, මොහොට්‌ටාල, රටේ රාළ, විදානේ වැනි ඉංග්‍රීසින් සමග 1815 දී පත්වීම් ලැබූ දේශීය ප්‍රභූ පැළැන්තිය (රදළ) තනතුරුවලින් පහකර කොමසාරිස්‌ මණ්‌ඩලයක්‌ යටතේ පාලනය වන ආණ්‌ඩුවේ ඒජන්ත (කලෙක්‌ටර්) මගින් ඒ ඒ ප්‍රදේශ පාලනය කිරීම ඇරඹුණි.

මෙසේ 1818 සිට 1948 දක්‌වා 130 අවුරුද්දක්‌ නීති විරෝධී හිතුවක්‌කාර පාලනයක්‌ ඉංග්‍රීසිහු මෙරට ගෙන ගියහ. මෙය උතුරේ පිරිබාහරන්ගේ පාලනයට සමානය. එම පාලනය ත්‍රස්‌තවාදී නම් ඉංග්‍රීසි පාලනයද එම ගොඩටස වැටේ. නමුත් දේශීය උගත් මධ්‍යම පන්තියට ඉංග්‍රීසි මොළයක්‌ සවිකිරීම නිසා ප්‍රභාකරන්ට මෙන් ලේ සෙලවීමට අවශ්‍ය නොවීය. අන්තිමට ඉංග්‍රීසීන්ගේ එම නීත්‍යනුකූල නොවන වෙස්‌ට්‌මිනිස්‌ටර් පාලනය මගින් 1948 දී ලංකා පාර්ලිමේන්තු ශාඛාවක්‌ කොළඹ ඇතිකර ලංකා පාර්ලිමේන්තු පාලනය තම අන්තරාගාමීන් (Successors) බවට පත්හ. ඔවුනට වෙස්‌මිනිස්‌ටරයට විරුද්ධ ප්‍රතිපත්තිවලට යැමට නොහැක. ප්‍රශ්නයකට හේතු සොයා එම හේතුව නැතිකළ විටදී පමණක්‌ ප්‍රශ්නය විසඳෙන බව බුදුහු වදාළහ. 

සූරිය ගුණසේකර

Post a Comment

0 Comments