ලෝකයේ අලංකාරම මුදල් නෝට්‌ටු අතර ඔබ දන්නා මුදල් නෝට්‌ටුවකුත්


අතේ කීයක්‌ තියෙනවද...? යන ප්‍රශ්නය මේ මොහොතේ ඔබට තිබෙන ලොකුම ප්‍රශ්නය විය හැකිය. අතේ තියෙන කොලේ හැටියට ලෝකේ කැරකෙනවා කියා සමහර ත්‍රීරෝද රථ සිය පිට පැත්තේ සනිටුහන් කරගෙන සිටින්නේ මුදල අද සමාජයට කර තිබෙන බලපෑම නිසාය. 

හුවමාරු මාධ්‍යන්ගෙන්a මුදලට මාරු වූ මානවයා ධනවාදය විසින් ගෙනැවිත් ඇති දුර කොපමණ ද කිවහොත් නූතන මිනිසා, හෝමෝ සේපියන් කැපිටලිසම් යනුවෙන් සමහර සමාජ විද්‍යාඥයෝ විසින් හඳුන්වනු ලබති. ගල් කැබැලි, සිප්පි කටු, සත්ත්ව හම්, ලුණු මුල් කාලීන මුදල් වශයෙන් භාවිත කළත්, ලෝහ භාවිතය වැඩි දියුණු වීමත් සමඟ කාසි භාවිතය සඳහා මිනිසා පෙළඹුණි. ඉන් පසු මුදල් පෙරහැර සඳහා එක වන්නේ නෝට්‌ටුය. චීනය විසින් මුදල් වෙනුවට මල්බෙරි පොතු භාවිතා කිරීම මුදල් නෝට්‌ටුවේ ආරම්භයට ඉතාම සමීප භාවිතය ලෙස දැක්‌විය හැකිය. දැනට භාවිතයේ පවතින නෝට්‌ටු මුදල් 17 වැනි ශත වර්ෂයේ එංගලන්තයෙහි පැවැති ලිත කුවිතාන්සි නිකුත් කිරීම තුළින් විකාශනය වූවකි. ශ්‍රී ලංකාවේ මුල්ම නෝට්‌ටුව සේ සැළකෙන පතාග නෝට්‌ටුව ක්‍රි. ව. 1785 පමණ නිකුත් කර ඇති බවට සාධක පවතී. මෙසේ මුදල් ප්‍රථමවරට අපට හඳුන්වා දෙන ලද්දේ ලන්දේසීන් විසිනි. සරල ලෙස පතාංගය යනුවෙන් හැඳින්වුව ද එය හැඳින්වූයේ ක්‌රෙලඩිට්‌ බී්‍රවන් හෝ කෑස්‌ - නෝට්‌න් ලෙසය.

ක්‍රි. ව. 1870 ට පෙර පැවැති සියලු කාසි හා නෝට්‌ටු වර්ග අහෝසි කර ක්‍රි. ව. 1872 ජනවාරි මස පළමුවැනි දින සිට ශ්‍රී ලංකාව තුළ රුපියල් ශත ක්‍රමය ආරම්භ විය. ලංකාවේ මුල්ම නෝට්‌ටු මුදල් මුද්‍රණය ලංකාණ්‌ඩුවෙන් සහ පෞද්ගලික බැංකු මඟින් විදේශීය රටක මුද්‍රණය කර ඇති බව සැළකේ. මහ බැංකුව ආරම්භයට පෙර මුදල් කොමසාරිස්‌ මණ්‌ඩලය විසින් 1947 දී රුපියල් 1000 සහ 10,000 වැනි නෝට්‌ටු බැංකු ගනුදෙනු සඳහාත්, රුපියල, රුපියල් දෙක වැනි නෝට්‌ටු සාමාන්‍ය ගනුදෙනු සඳහාත් නිකුත් කර ඇත.

මුදල් නෝට්‌ටුවේ කතාව සරල ලෙස ගෙන හැර දක්‌වන ලද්දේ එදා පතාංගයෙන් උපත ලද ශ්‍රී ලංකාවේ මුදල් නෝට්‌ටුව අන්තර්ජාතිකව දිනා ගෙන තිබෙන තත්ත්වය ගැන කියන්නටය. 


ලෝකයේ ප්‍රමුඛ පුවත් වෙබ් අඩවියක්‌ වන ප්සක දබකසබැ විසින් ලෝකයේ සිත් ගන්නා මුදල් නෝට්‌ටුව කුමක්‌දැයි යන්න තෝරා තිබේ. සංචාරක කටයුතු වලදී තමන් සිත් ගත් මුදල් නෝට්‌ටු එකතු කිරීම බොහෝදෙනාගේ සිරිතය. කාලයක්‌ යන විට එහෙ මෙහෙ දමා තිබෙන එවැනි සිත්ගත් නෝට්‌ටු අතරින් අලංකාර නෝට්‌ටුව එහිදී ඔවුන් විසින් තෝරාගන්නා ලද බව සඳහන්ය. පාලකයන්, සහ ස්‌වභාධර්මය නිරූපිත අලංකරණය සහ නූතන ආරක්‌ෂණය යන කාරණා සඳහා විශේෂ ඇගයීමක්‌ ලබා දෙමින්. ලෝකයේ මෙතෙක්‌ භාවිත වූ නෝට්‌ටු 19 ක්‌ අලංකරණය අතින් ප්‍රමුඛතාව සඳහා නම් කරන්නට ප්සක දබකසබැ තීරණය කර තිබූ අතර පහත දැක්‌වෙන්නේ එම නෝට්‌ටු දහනවයය. අපට ආඩම්බරයක්‌ එක්‌ කරමින් ඔබ හොඳින් දැක පුරුදු නෝට්‌ටුවක්‌ ද ඒ අතර තිබේ.

ඔසිත අත්තනායක

Post a Comment

0 Comments